Thursday, November 2, 2017

ගිණි කූරු මලකට වඩා

මෙතරම් කල් යාවියයි මමවත් සිතුවේ නැති තරම් .කාලයත් මෙච්චර ඉක්මනට යාවි කියල නොසිතුන තරම් .එත් එහෙම උනා .සෑම දිනකම පායන හිරුමෙන් නිශ්චිත වූ ගෙවුණු බලාපොරොත්තු ඔබ හමුවේ කුමක් වේ දැයි මම නොදනිමි .
සතුටට කෙළවරක් නැත .සැහැල්ලුවට ඔහේ පාවී යන ගිනිකූරු මලක් වගේ මේ ජීවිතය ගෙවෙනවානම් ?ඔහේ නිසොල්මනේ සැහැල්ලුවට මද පවනේ වුවද ගහගෙන යන .එක වෙලාවකට එක අතකට එන.තවත් වෙලාවකට තවත් අතකට එන තෙරක් නොපෙනෙන ඉමවුව්වක් කරා යාමට සිතුන වාර අනන්තය .මම පැහැපත් බව මම දනිමි .මම රූබර බව මම දනිමි.මම දහසකුත් හැගීම්බර බව මම දනිමි .එසේම අප්‍රමාණ ලෙස කාහට හෝ ආදරණීය බවද මම දනිමි .
නටු අග පිපුණු සුවඳ රෝස මලකට බොහෝ දෙනෙකු ආදරය කරන බව දන්නා නමුත් එසේ කිසිවකුත් තාමත් මට මුණ නොගැසුනේ මා පැහැබර සැහැල්ලු ගිණි කූරු මලක් නොවූ නිසාද ?මේ ලෝකයේ සෑම පුෂ්පයක්ම පිපී සුවද විදහනවා නියතය .එසේම මගේ හිතේ  විශ්වාසයද සඵල වෙනවා සත්තය .රෝස මලේ නටුවේ කටු තියෙන්නට ඇති නමුත් එයින් කිසිඳු දිනක මලට හානියක් සිදුවුයේ නැත .එසේම මගේ ජීවිතයේ මා හුදෙකලාවම පසුකළා වුද පසුකරමින් සිටිනා ඉතාමත් දුෂ්කර සිත් පීඩා සහිත මාර්ගය දිනෙක ආශීර්වාදයක් වනු ඇත .
අදට ප්‍රේමය නැත .අදට ආදරය නැත.අදට ලබැඳියාව නැත .ගෙවෙන ගෙවෙන දිනයක් පාසා සොයන්නේ නුඹයි .හෙටට ලැබෙන නුඹ ගැනයි .ඔහු කවුදැයි තවමත් මා නොදන්නා නමුත් අපි අනන්ත වූ නිදහස අසීමිත වූ ප්‍රේමයෙන් බැඳී විදින්නට වග බලා ගන්නෙමු .එතෙක් සමුගන්නෙමි .

Thursday, October 26, 2017

දෙවියන් ඉදිරියේ වැඳ වැටුණු මොහොතක්

                        වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේදනාබර හඬින් අවට දෙවනත් වන විට කිසිවක් කරකියාගත නොහැකිව ඒ අසලම රැදුනෙමි .
විටින් විට ඇගේ ආදරණීය මුහුණ සිහිවෙයි .මම සිපගත් මා ආදරයෙන් බැලූ ඇගේ දෙනෙත් සිනහබර ඇගේ වත .ඇයට කිසිඳු කරදරයක් නම් වන්නට එපා .මෙතෙක් වේදනා විඳීමට ඇය කල වරද කුමක්ද ? තිස්තුන් කෝටියක් තියා එකදු දෙවියකුගේ පිහිට නොපැතූ මගේ උද්දච්ච හිත එදා සියලු දෙවියන් ඉදිරියේ වැඳ වැටුනේ ඇය නිසාය .
ඇය තවත් කෑගැසූවාය .බිත්ති හෙල්ලෙන තරමට කෑගසුවාය .ඒ අතර විටින් විට එහා මෙහා වන සුදු යකඩ උපකරණ වල හඬ ඇසෙන විට පපුව ඉබේම නතර වුණා මෙන් දැනුනේ ඇයි දැයි මම නොදනිමි .
මට ඇය මුණ ගැසුනේ කටු පිරුණු කැලෑවක මුදු තනබිස්සක සිටියදීය .දෙවඟනක් වගේ.ආදරයේ දෙවඟන ජීවිතය ඇතුළු වුණ හැටි තාමත් මතකය .කිසිදිනෙක වාසනාවන්තයෙකු වේ යයි නොසිතූ මම ඇය දුන් ආදරය හමුවේ ලෝකය අමුතුම නැවුම් ආකාරයකට දුටුවෙමි .
සුසිනිදු දෙවගනට මගේ හදවතට එකදු තියුණු කටුවක හෝ වේදවක් නොදී උත්සාහ කලද විටෙක ආදරයෙන් බලන කල්හි ඇගේ ළමැදේ හෝ එහි කෙළවරක යම්කිසිවකින් සීරි ඇතිබව මම දුටුමි .නමුත් වචනයකුදු දෙසවනට අසු නොවුයේ ඇයි ? එම පීඩා ඉඳහිට හෝ සමහරවිට නිතරම ඇයට ගෙන ආවේ දෙවියන් විසින් නොසලකන ලද්දා වූ පුද්ගලයකු විසිනි .
එක වරම සුදු ඇඳගත් මිසී කෙනෙකු දොර ඇරන් දුවයි .දොරේ වැදුනද ? නොවැදුනාද ?
අරුණු දොර වැසෙන්නට පෙර මගේ ප්‍රාණය  යන්නට පෙර ඇය ලඟට යන්නට ඇත්නම් ?මම දුර්වලයෙක් වුනෙමි .අසරණයෙක් වුනෙමි .අරුණු දොරෙන් ඇගේ  හඬ තවත් වැඩිවී ඇසුනද දැන් එය හැම දෙසින්ම එයි .
කිමද මේ මිනිසුන් සතුන් මෙන් හැසිරෙන්නේ ? පෙනෙන්නේ නැතිද කාගේ හෝ ගැහැණියක් වේදනාවෙන් දඟලන රඟ .අනේ මන්දා යයි නොසිතුනද දිව ගිය මිසී කාමරයට යලි පැමිණීම ගැන මම ඇයට සිතින් ස්තුති කලෙමි .
නිරුවත් මගේ පපුව උඩ ඇගේ සියුමැලි අත තබාගෙන ගැහෙන හදවතේ රාවය අසන්නට ඇති .ඒ උණුහුම විඳින්නට ඇති .දිව්‍ය බලයක් ඇය වෙත ලැබී ඇති බව සිතන්නට ඇති .පුංචි පුංචි සිතුම් පැතුම් පොදියක් එක්ක මහමෙරක් තරම් වූ එක් ප්‍රාර්ථනයක් හමුවේ ඇය තව තවත් බැබලුණා මට මතකය.ඒ ආදරණීය මතකයන් වේදනාත්මක කෑගැසීමක් එක්ව මුසුව කඳුලක් නෙතට එන්නට පාර කපා ඇත .
මට මා අමතක වන්නට ඇත .බොහෝ වාරයක් එහෙ මෙහෙ ගියා මතකය .අරමුණක් නොමැතිව සිවිලිම දෙස බලා ඉඳ ඇත .වට පිටේ බොහෝ පිරිසක් ඉඳ ඇති අතර එකදු කටහඬක් මට මතක නැත .දෙවඟන සමහරවිට උත්සාහ කරනුයේ  මාවද තරු වලින් එහා ඒ සුරපුරයට කැන්දා ගෙන යාමට විය හැක .අප දෙදෙනාත් සමග ඇයත් පැමිණිය යුතුය .එසේ නම් .
ඉදිමුණු දෙපා රතුවී ඇය බොහෝ දුක් වින්දාය .ඉදිරියට නෙරු උදරය මහත් බරක් එක්ව මාස නවයකට ආසන්න කාලයක් වඩා දුන්නේය .හැරෙන්නට පෙරලෙන්නට ඇඳ ඇතිරිල්ලේ උනුහුමට සීතලට එහෙ මෙහෙ වන්නට කෙටි කාලයකට නොහැකි විය .කොන්දේ වේදනාව ඉඳහිට තිබෙන විට කිවූ නමුත් මා දුටු විට විකසිත වන ඇගේ වත කිසිම දිනෙක ඒ වේදනාව හැමවිටම යයි නොකීවේ මන්ද ? හිඳගත්තද ඇවිද්ද පරික්ෂාකාරී පියවරවල් හමුවේ මහපොළවද බිඳකුදු නොසෙල්විණි .සුදු පැහැති ලා බින්දු ඉහිරුණු කපු ලිහිල් ගවුම ඇඳ ඇවිදින ඇය ඇවිද්දේ දෙපැත්තේ කකුල් වලට බර දෙමිනි .
අද උදැසන ඈ සිටි වේදනාව මාගේ වම් අතේ මතක සටහන් ඉතුරු කළේය .කටු පිරුණු කැලයේ මුදු තනබිස්සේ හිද මුදු අත්ල මා ස්පර්ශ කලා මෙන් නොව මේ ග්‍රහණය ඉතාමත් තද විය .වෙනත් වෙලාවක නම් ඉතාමත් වේදනාකරිව විය යුතුව තිබුණු ඒ ග්‍රහණය අද්භූත ලෙස අප දෙදෙනාගේ ශරීර හරහා සංසරණය කරවුයේ ආදරයයි .ආරක්ෂාවය අසීමිත දයාබරත්වයයි .
මනුස්ස කටහඬවල් අතර එකවර නැගුනේ මුළු ඇඟම උද්දීපනය කරන ලපටි හඬකි .ඇත්තවශයෙන්ම එය බිලිඳු ලපටියකුගේය .දේවත්වයට අපූර්වත්වය එක්කරන ලදී.
දැන් ඇගේ කෙඳිරිය මිස වෙනත් හඬක් නොඇසේ .අනේ මගේ දෙවුලිය කෝ ?

ඒ සමගම යලිත් අර මිහිරියාව .ආදරය .ජීවිතය හා මුමුණන බඳු වූ ඒ ලපැටියාගේ ලතෝනිය .ඇයි මේ පිරිස දොර අරින්නේ නැත්තේ? කෝ මගේ මුදු තනබිස්සේ  දෙවුලිය ?කොහෙද ඒ කිරිකැටිය ?
අවට ගහකොළ හොඳට පෙනෙන පෙනෙන සේද වැටි තිබෙන පිනි බිඳිති අතුරුදන් කරවන උණුසුම් හිරු පායාගෙන එන බව මම දුටුවෙමි .අපි යලිත් සුරලොවට යලිත් වහා යායුතුය .හොඳටම පොඩිවුණු ලේන්සුවෙන් මුහුණේ තෙල් ටික යන්න තදින් පිසදා සාක්කුවේ දමාගෙන ගිනියම් වූ ලී පුටුවෙන් නැගිට්ටෙමි .


Wednesday, September 6, 2017

සීතල රාත්‍රියද හිරු ඇති උණුසුම් දිනයක් ලෙසට


ආදරයේ අරුණලු යලි පැමිණේවි යයි කිසිදිනෙක නොසිතුවත් ආදරයට සෑම දිනයක්ම අළුත්ය දහසක් සොඳුරු යුවතියන් අතර ඔබ පමණක්ම බලාපොරොත්තුවක් වුයේ ඇයි ?කෙසේද යන්න අදටත් නොවිසදුනු ප්‍රශ්නයකි.ආදරේ කල තරමටත් වැඩියෙන් වේදනාව ලද නිසාදෝ තවමත් එම චකිතය මා පසුබස්වන බව මම දනිමි .වේදනාවෙන් වේදනාවට පත්ව හිතින් අසරණ වූ මා යලිත් පෙර තත්වයට පත්වීමට අදටද නොහැකි වී ඇත .එසේ තියා වෙනත් ආදරයකට මා සිතැඟි වෙනස් කලා හැකිද මා සුවපත්ය කල හැකිද යන්නද  ප්‍රශ්නයකි .කිසිඳු කෙනෙකු මා කවුරුදැයි හරියට දන්නේ නැති නමුදු මම දනිමි.වේදනාවෙන් මිරිකුණු ඕනෑම පුද්ගලයෙකු මට යම්තාක් දුරකට හෝ සුවපත් කලා හැකිය යන ශක්තිය මාහට තිබෙන බව දනිමි.නමුත් ආදරය සතුට මා සමග බෙදාගන්නට පැමිණෙන අයට මගේ අවාසනාව ඔවුනටද වේදනාවමය යන්න මට නිතර සිතේ.එම නිසා මම බිය වෙමි .කවදාහෝ දිනෙක මේ සියල්ල අවසන් වේවි .හෝ කිසිදිනෙක අවසන් නොවේවි .
මලක් වැනි වූ ඔබ නැවුම් මුදු පවන සමග සෙලවෙන්නට ආශා බැවු මම දනිමි .සුවඳවත් වූ අවකාශයේ විකසිතව එකිනෙක පරයමින් දෝරෙ ගලන සුන්දරත්වය සමග මුදු හිරු එලිය විදින්නට ආශා බැවු මම දනිමි .වටේ කැරෙකෙන නාඹර බඹරුන් වශී කරවන ලෙසට පැහැබර මල්පෙති නලවන බව මම දුටිමි .මෙසේ සියල්ල තබාගෙන මා නිසා ඔබට උදාවන්නේ අඳුර සපිරුණු සීතල රාත්‍රියක්ද ?
කවුරු දනිත්ද?
සිතැඟි මෙසේ තිබියදී මම ඔබට තනිවම ආදරය කරන්නෙමි .යම් දිනෙක යම් ලෙසක ගණදුර පිරුන සීතල රාත්‍රියද හිරු පායා ඇති දීප්තිමත් දිනයක් ලෙසට කවුරු හෝ දකීවි .
මම එය විශ්වාස කරමි .


Saturday, September 2, 2017

සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (අවසාන කොටස )



මම හිතන්නේ මට ටිකක් නින්ද ගියා.ඔලුවේ වඩා කලේ ගෙදර යන ඒක විතරමයි.ඒක හින්ද වෙන්න ඕනි සැරෙන් සැරේ මට ඇහැරුණේ .ඒ හැමවෙලාවකම හොඳ පදමට වහිනවා .හැමතැනම වාහන .
වාහනේ නවත්වල තිබුනේ ටකරන් වහලයක් තියෙන ගෙයක් ගාව .මොර සූරන වැස්සත් එක්ක ආපු වේගවත් සුළඟ මගේ ජීවිතේ ප්‍රථම වතාවට මගේ දෑස් වලින් ගෙදරක වහලයක් ගලවන් ගියා .මම තවත් බය වුණා .ටකරන් ළඟ ගහක වැදිලා බිම වැටුන .ළඟ කවුරු හරි හිටියනම් ඒ අන්තිම රාත්‍රිය .රූස්ස ගස් දෙපැත්තට පැද්දුනේ හරියට පීදුණු ගොයමක් හරහා හුළඟක් හමන් යනවා වගේ  .මට කිහිප සැරයක් සිතුන ගෙදර යන්න වෙන එකක් නැහැ කියලා .ආයිත් කොළඹ යන්න වේවි කියල කියල .
පාන්දර 3,4, වෙනකොට වැස්ස ටිකක් තුරල් වුණා .නමුත් ගලාගෙන යන වතුර පාරේ වෙනසක් වුනේ නැහැ .අඩුවක් වුනෙත් නැහැ .පාරේ වතුර පැය දෙකක් වගේ යනකොට බැහැල ගියා .එත් සේරම නෙමෙයි .වාහනේ පන ගන්වල අනික් වාහනත් එක්ක ඉස්සරහට ගියා .යන්න ලැබුනේ අරකාවිලට විතරයි .අරකාවිල ,කොටිගල හන්දි සේරම යට වෙලා .ගෙවල් කඩවල් යට කරන් අඩි ගණනක් වතුර ,මට්ටම උඩට ඇවිත් .ඉඳිකටු හන්දියේ හමුදාවෙන් ඇවිත් ගෙවල් වල හිරවෙලා හිටපු කට්ටියව බේරාගත්තා.කඹ දාගෙන,ජීවිතාරක්ෂක ජැකට්ටු දාගෙන ඒ කරපු දේත් එකතරා භයානක මෙහෙයුමක්.වෙනදට බොහොම සාන්තව කෙට්ටු වතුර කඳක් ගහගෙන යන මාවක් ඔය එදා පිටාර ගලන යෝධයෙක් වෙලා හිටියා .

වටින් ගොඩින් එලිය වැටෙනකොට ගෙදරට ඇමතුමක් දුන්නා .මටත් උපරිම මහන්සියි .එදා ඒ වැටුන  වැස්ස මුළු ලංකාවටම බලපාල තිබුණා.ජීවිත විශාල ප්‍රමාණයක් හා දේපල හානි ගොඩක් එක්ක ඒ ආවේ ගන්න වතුරක් නොවෙයි .මහා විශාල අපි කරපු කරුමයක්ද කියල මට හිතුන.

Sunday, July 30, 2017

සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (2 කොටස )

තවත් එහාට ගියා .දැන් හෝමාගම .හරි කෙලින් පාරේ පාගල එන්නයි තියෙන්නේ.පාගල ආවට මොකද පාර පාත් වෙච්ච තැන් වල වතුර බවුසරයක් විතර එකතුවෙලා ...පේන්නෙත් නැහැ .වතුර කඳ වාහනේ වැදිලා වේගය අඩුවෙනකොට තමයි දන්නේ වාහනේට කොච්චර අමාරුද කියල .වාහන හෝදන තැනකදී අධි වේගයෙන් අල්ලන වතුර කඳක් වදිනවා වගේ තමයි ඒ තැන් පහුවෙනකොට දැනෙන්නේ .තාමත් හෙන ගගහ වහිනවා .වැස්සේ කිසිම අඩුවක් නැහැ .වතුර එනවා.එනවා.සමහර තැන් වල බොරළු ගහගෙන ඇවිත් .ඒවා උඩින් යනකොට හිතෙනවා කාරයේ රෝද පලලා යාවිද කියලත් .
මීපේ කිට්ටුවට එනකොට කිසිම මනුස්සයෙක් පයින් යනවා දැක්කේ නැහැ .මීපේ ඔරලෝසු කණුවේ 11.30 සටහන් වෙලා තිබුන .තව පොඩ්ඩ දුරයි .මේ ටික ගිය ගමන් මං ගෙදර .ගෙදර ගිහින් අම්ම උයපු කෑම බඩ පැලෙන්න කාල ,අම්මල නැගිටලා හිටියොත් ගිය විස්තරේ කියන්න මං පුදුම කලබලේකින් හිටියේ .අම්මා දැන් දෙතුන් සැරයක්ම කෝල් කලා .විදුලි කොටනවා වැඩි හන්ද දුරකථනය විසන්දි කලා .මං කවදාවත් එහෙම කරලා නැහැ..එත් එදා නම් මං ට්කක් වෙනස් උනා .ඒ බයටමයි .
කවදාවත් මං එහෙම විදුලි කොටනවා දැකලා නැහැ .
මීපෙන් හැරෙව්වේ හෙට දවස ගැන හිතහිතමයි .කොච්චර වඩා කරගන්න තියෙන දවසක්ද ? ඒකට මොකද මීපේ පන්සල පන්සල හරියට කිට්ටු වෙනකොට වාහන වල පිටිපස්සේ රතු එලි ගණනාවක් පෝලිමට .වීදුරුව පේන්නෙත් නැහැ හරියට .
බැරිම තැන දොරේ වීදුරුව ටිකක් අරගත්තා .අඟලක් එකහමාරක් වීදුරුව පාත් කලහම තමා හිතුනේ වීදුරුව වහලම තිබ්බනම් ඉවරයි කියල .මගේ මූණ පුරාම වතුර විසික් උනා .මමත් කෝකටත් වාහනේ අයින් කරලා බැලුවමයි දැක්කේ සන්තැසිය .කිතුල් කන්දේ ඉඳන් මහා ජාල ගංගාවක් පල්ලම් බහිනවා .සුළුපටු වතුරක් නෙමේ .අඩි දෙකක් විතර උසට වතුර තිබුණා ..මෝටර් සයිකල් වල ගිය අය එතනින් තල්ලු කරන් ආපසු එනකොටයි මට හිතුනේ ඊට එහා තවත් ගැඹුරු ඇති කියල .එත් එකෙක් කිව්වා ලොරියක් පස්සේ දාගත්තම යන්න පුලුවන් කියල .මම ඒක විශ්වාස කලා .ඉතින් ගිය බලන්න .වතුරේ ටික දුරක් යනකොට වාහනේ නතර වෙලා වගේ.පෑගුවාට යන්නනේ නැහැ .එතකොට නම් මගේ හෙනං දාඩිය දැම්මා .ඉස්සරහින් ගිය වාහනේ මගෙන් දුරස් වෙනකොට තවත් බය වැඩි වුණා .
ක්ලච් ඒක බැලන්ස් කරලා ටිකක් ගස්සල වගේ පෑගුවාම කාරය ඉස්සරහට ගියා .එත් බොහොම හෙමින්.යනවා යනවා.වතුර තිබ්බ මීටර 300,400 යන්න පැය ගානක් ගිය වගෙයි මට දැනුනේ .ඇඟට ටිකක් ලේ ඉනුවා පාලම පහුකරලා වතුර හරියකට ආවම .
වාහනේ රත්වෙන්න කෝකටත් පනගන්නල ටිකක් වෙලා තිබ්බ.වාහනේ මීටර් වල එක එක බල්බ පත්තු වෙලා නිවෙනවා .මට සමහරවෙලාවට වාහනේ නතර වුනොත් කියලත් හිතුන.පාර අයිනේ වෙල්යායත් එක්ක තියෙන වක්කඩ මහවැලියේ ඇලක් වගෙයි මං දැක්කේ .ඒ වතුරේ ගහගෙන ගිය දේවල් දැක්කම තමයි හිතුනේ වතුර කොච්ච‍ර බර දේවල් උස්සන් යන්න පුල්වන්ද කියල.වැස්ස පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ .ඉස්සරහ පිටිපස්සේ වාහන පොලිමකුත් හැදිලා .දැන් මොකද කරන්නේ වාහනේ අයින් කරලා සීට් ඒක ඇලකරගත්ත .නින්දටවත් වැස්ස ටිකක් තුරල් කරවන්න පුලුවන්ද බලන්න .ඒක එක අතට හැරි හැරී බෙල්ල ඇම්මට්ටි වෙනකන් ඇඟ අඹරන්න වුණා .නින්දකට හැටියන යහනක්  කාර් ඒක ඇතුලේ හදාගන්න .ගියර පොල්ලයි සුක්කනමයි තමයි ඒ වෙලාවේ හිටිය ලොකුම හතුරෝ .

Monday, July 10, 2017

සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (1 කොටස )

                        පියර ගෑ ජේත්තුවට ඇඳ ගත්ත බෝනික්කන්ගෙන් හා ටයි කෝට් දාගත්තු මහත්තුරු ගොඩක් එක්ක ගත කරපු වෙලාව ඇත්තටම ඇස් වලට නම් ගොඩක් රිදුන .ඒ තරම් පාට පාට එලි එහෙන් වැටෙනවා .මෙහෙන් වැටෙනවා .
තරු පහේ හෝටලයකට වඩා වැඩි වෙන්න වගේ නානාප්‍රකාර කෑම ජාති වලින් පිරුන කෑම මේසේ දැකලා මගේ හිත පිරුණත් හැඳි ගෑරුප්පු වලින් කාපු කෑමෙන්  මගේ බඩ පිරුණේ නැහැ .
ඉස්සරහා ලොබියේ වාඩි වෙලා හිටිය ගෙදර යන්න .මගේ කාරය පාරෙන් එහා  පැත්තේ නතර කරන්න කිව්වට මට පුදුම තරහක් එවලේ ආවේ ඒ ආරක්ෂක නිලධාරීන් එක්ක .මේ වැස්ස අස්සේ මොන සිකුරුටිද ?

එදා කොළඹට වැහි බින්දු වැටුනේ නැහැ .අහසින් වතුර පීල්ලක් වැටුන වගෙයි මම දැක්කේ .අමාරුවෙන් හරි හම්බ කරගත්ත ටයි කෝට් සපත්තු පරිස්සම් කරගන්න ඕනි හන්ද තව ටිකක් ලොබියට වේලා වැඩි වේලා හිටිය.පොල් වැහි බින්දු වලින් පස්සේ සිරි පොදයක් වගේ වැටෙන කොට පාරෙන් එහාට පැනල යන්තම් කාරයට ගොඩ වුණා .මගේ කාරයත් පරණ වුනාට මගේ එහෙ මෙහෙ ගමන්වලට පැනල එන්නේ .හමේ තැන් තැන් වල දිරුම් පුල්ලි වැටිලා තිබුනත් හදවතේ ටිකක් සද්ද බද්ද ඇහුනත් කවදාවත් අපිට ඒ කියන්නේ ගෙදර කාටවත් අනතුරක් කලේ නෑ .
වායුසමීකරනයේ අගය තේරෙන්නේ වීදුරු සේරම වහගෙන වැස්සේ යනකොට .මොකද ඇතුලින් දුමාරයක් වගේ වීදුරුවල බැඳිලා .කිසිම දෙයක් පෙන්නේ නෑ .ඉතින් යන ගමන් පිහිදන්න ඕනි .වයිපරයත් වැඩ කරපු එකට එදා නම් ගොඩක් සතුටු වුණා .
වීදුරුවල දුමාරය වැඩි වෙලා අන්තිමට කොච්චර පිහිදම්මත් එලිය හොඳට පෙනුනේ නැත්තේ පිට නාකපන්න වහින හින්ද වෙන්නත් පුළුවන් .

ඔහොම ඉතින් මහරගමට ආවා .මිනිස්සු තැන් තැන් වල නැවතිලා .ඒත් කිහිප දෙනයි .මහා රෑ ජාමේ ධාරානිපාත වර්ෂාවකටත් මදි වෙච්ච මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඇති යන්න හිතෙන්න වුනේ නෑ.පෙනුනා ඒ මිනිස්සු වින්ද දුක .

Sunday, May 14, 2017

ආදරය සුන්දර වරදකි



“මගේ පණ
මගේ රත්තරන්...
මගේ කෙල්ල
මගේ ආදරේ
මගේ වස්තුව
අහ්හ් ඉන්න බලන්න ..තවත් තියෙනවද කියලා”
“අනේ අමතක උනා නෙහ් එකක් ..මගේ වන්ඩුව “

“ඇයි මට මෙච්චර ආදරේ කරන්නේ මගේ අය්යේ ?”

“මං හොයාපු ආදරේ ඔයා හින්දා ..මගේ ලෝකෙම ඔයා හින්දා ..ඔයා මට අලුත් ජීවිතයක් දුන්න හින්දා ..ඔයා මට ආදරේ අඩු නැතුව දීපු හන්දා ..මාව පරිස්සමට බලාගන්න හින්දා..ඔයා මගේ හුස්ම හින්දා ..ඔයා මගේ පණ හින්දා “

“මගේ ආදරෙන් ඔයාට ලැබෙන්නේ තාවකාලික ජීවිතයක් නේද මගේ අය්යේ ? ..මොකක්ද එතකොට ඒකෙ ඇති වටිනාකම....මන් ඔයාව තව ලොකු දුකකට ඇදල දානවා නේද මගේ රත්තරන් ?මන් කොහොමද මේවා ඉවසන්නේ ? මං ලොකු වරදක් කරන්නේ අය්යේ ..“

-මතු සම්බන්දයි 

මම ඇයට ආදරය කල තරම මෙතෙක් යයි කිව නොහැක.දුක්බර අවසානයක් හිමි වන බවත් දැන දැනම මම ඇයට මගේ ජීවිතයෙන්ම ආදරය කලෙමි.නමුත් එදා සියලු දේ පරදා සැබෑ සත්‍ය හිමි ඇගේ වදන් තරම් මගේ හිත පෑරු කිසිත් නොවීය.නමුත් එය කිසිම දිනෙක වචනයකින් හෝ ඇයට මම නොදැන්නුවද මගේ දෑස් වල පිරී තිබූ කඳුළු යම් දෙයක් තේරුම් කරවන්නට ඇතැයි මම සිතමි.
ඈ එසේ කියත්ම මම ඈ සැනසුවෙමි .සත්‍ය අමාරුවෙන් අමතක කළෙමු.නැවතත් ප්‍රේම සයුරේ ගිලුනෙමු .සැබෑවටම මම ඉතාමත් ආදරණීය  තාවකාලික ජීවිතයකට  උරුමකම් කීවෙමි.
අද ඇය මා ළඟ නැත.සියල්ල සිදුවී බොහෝ කල් ගත වී නමුදු මතකයන් ඉතා නැවුම් ලෙස සිතේ හොල්මන් කරයි.දෘෂ්ඨි මායාවන් , මතකයන් හා සබැඳුනු දුක පමණක් ඉතුරු වී ඇත.එදා මගේ මනසේ නිතර රැඳවු මතකයන් අද මා තුල මවන්නේ කඳුලක්මය යන්න මට පසක් වී බොහෝ කල් නමුත් එයින් මිදීමට ක්‍රමයක් ඇද වෙනතුරුත් මම නොදනිමි.
වර්තමානයේ ඇසට අසුවන බොහෝ දෑ පාදක කරගනිමින් ඒවා අතීත අපේ ආදර කතාන්දරයේ කොටස් සමග ඉස්මතු වන්නේ ඇයි දැයිද මම  නොදනිමි .ආදරය මෙතරම් මිනිසුන්ව රිදවන බව දැන සිටියේ නම් මගේ කතාවේ අවසානය වෙනස් කරන්නට මම එක මොහොතක් හෝ පසු බට නොවෙමි .

නමුත් සියල්ල සිදුවී හමාරය .

ආදරය සුන්දර වරදක්ම විය








Wednesday, April 5, 2017

දින පොතෙන්

 

ඊයේ මිස්ටර් ප්‍රියන්තගේ (කිරිඇල්ලේ) කඩේ Stock දාන්න ගියා හිරන්ත් එක්ක.අද පාන්දර 5.30 ගෙදර එනකොට ගොඩක් මහන්සියි.ඔය එහෙම වුණ 4වන දවස.හෙට හොරණ කුඔුරේ තීන්දුව දෙන දවස.අම්මා යාවි මාමා කෙනෙක් එක්ක.ඒකේ හුටපට ගොඩයි.ඒත් මාමලා ලොකු අම්මලා සේරම එකු වෙලා ලොකු සටනක් දෙනවා මේකට.

හොරණ කුඔුර මං හිතුවට වැඩිය විශාල කුඔුරක්.ඒ කුඔුරට යා වෙලා තියෙන ඉඩමේ තමා අරුන්ටික ඉන්නේ.තරහා වුනත් නූනත් නෑදෑයෝ තමයි අපිට.මෝඩ මිනිස්සුනේ.තණ්හාව වැඩි වුණනාම ඔහොම තමයි. හෙට තාත්තාගේ බේත් ගේන්න යන්නත් ඕනි ආසිරි එකට.මට යන්න පුළුවන් වේවිද දන්නේ නෑ.මේ දවස් ටිකේ එපා වෙන්න වැඩ. ගිය සති අන්තේ අපි අනුරාධපුරේ ගියා.රොශේන්ට පූජාවක් කරන්න.චලනි අක්කලා ගියේ නෑ.නැන්දයි මාමායි කිත්සිරි මාමලයි කෝට්ටේ ලොකු අම්මලා පානදුරේ ලොකු අම්මත් ගියා.චා බ්‍රෝත් ගියා.කාලෙකට පස්සේ ගිය හොද ගමනක් ඒක.ජීවිතේ කාර් යබහුලත්වයත් එක්ක හරිම සීග්‍රෙයන් ගෙවිලා යන බව හොදට දැනෙනවා.මට ගෙවෙන කාලයට තාම වැඩ කරන්න පුළුවන්නම් කියලා හැම වෙලාවෙම හිතෙනවා.

අද හිරන්තගේ ළිදට ගැරන්ඩියෙක් වැටිලා.ඌ ගොඩ දාන්න ගිහින් දවසම ඉවරයි.පණ පිටින් ගොඩ ගත්තලු.ගෙදර කට්ටිය එක්ක කතරගම යන්න ඉන්නේ.මේ මාසේ කොහොම හරි යනවා.කාර් එකෙත් පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා හදා ගන්න.ඒ ටිකත් කරගෙනම යන්න තතමා ඉන්නේ.

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...