Friday, October 28, 2016

සිතුවිලි සිරවී නැත (5 කොටස - ආදරය නම් )



මනුෂ්‍යයා තුල සතුට ,ප්‍රීතිය ,එසේම,වේදනාව උපදවන විවිධ සම්බන්ධතා වේ .අපි ඒවාට ප්‍රිය වෙමු .සම්බන්ධතාවක් යනු යම්කිසිවකට ආශා කිරීමයි .එහි මූලාරම්භය සිට බොහෝ විට ඉතාමත් ප්‍රියජනක ලෙසත් සතුට දනවන ලෙසත් ගතවෙන නමුත් ඒවා තුල නොමියෙන දුකක් වේදනාවක් නැත්තේ නොවේ .එම වේදනාවන් අප නොසිතන අවස්ථාවල පැන නැගෙන්නේ අරුම පුදුම ලෙසය .
ආශා වීම් වැඩිවෙත්ම ඒහා බැඳුනු බැඳීම් ඇතිවීම නොවැලක්විය හැකිය .විවිධ ආශාවන් පසුපස දුවමින් සිටින පුද්ගලයා කෙදිනක හෝ වල්මත් වේ .අතොරක් නැති මහා බැඳීම් ආශාවන් සාගරයක වල්මත් වී හෙම්බත් වේ .එවිට ඔහුට දැනෙන්නේ ඒවායේ නිසරු බවයි .

අප සිත් තුලට කොපමණ ප්‍රීතියක් හෝ සතුටක් දැනුනද ඉතා සුළු වේදනා සහගත සිදුවීමක් සියලු තෘප්තිය ක්ෂණයෙන් වනසා දමයි .ඒ අපේ සිතේ ස්වභාවයයි .

ආදරයද එවන් බැඳීමකි.එම බැඳීම චමත්කාරය .කෙනෙකු පිලිබඳ යම් කෙනෙකුගේ සිතේ ඇතිවන අවංක ඇල්ම ආදරයයි .එය මෙයයි මෙසේයි පැවසීමට පහසු කරුණක් නොවේ යයි මට සිතේ .එම සිතුවිල්ල ඉතාමත් ප්‍රබෝධජනක සිතුවිල්ලකි .ආදරය ලැබෙන්නට පළමුව ආදරය පරිත්‍යාග කල යුතුය .සෑම කෙනෙකුටම අසීමිතව ආදරය කරන්නාට එසේම අසීමිත පිරිසක් සිටිති .
ලෝකයාට නිවැරදි ආදරය අවශ්‍යය .ආදරය සෑම සත්වයකුටම පොදු උවත් මිනිසාගේ ආදරය ගත් කල එය ඉතා සංකීර්ණ වුවකි .එසේ වන්නේ මිනිසාට උපතින්ම හිමිවන අසීමිත බලවේගය වන සිත නිසයි .මවුපිය සෙනෙහස ,සහෝදර ප්‍රේමය,තරුණ යුවලක තුල ඇති වන ආදරය මේ ආදී වශයෙන් ප්‍රේමයේ විවිද පැතිකඩවල් ඔස්සේ දිවයන බව නිරීක්ෂණය කල හැකිය .මේ සෑම ක්‍රමයකින්ම අවසානයේ සිදු වන්නේ මනුෂ්‍යයින් එකිනෙකා අතර ඇති බැඳීම් තව තවත් පුළුල් කරමින් ශක්තිමත් වීමයි.

-ඊළඟ කොටස (නොතේරෙන උත්තේජනය )

Saturday, October 1, 2016

සිතුවිලි සිරවී නැත (4 කොටස -සංගීතය )




මිනිසුන් සුවපත් කරන අදෘශ්‍යමාන බලවේග කොතෙකුත් ඇත .නමුත් ඉන් එකක් අප ඉතා හොඳින් දන්නා එකකි .අපි එහි ගැඹුරට නොයෑම අපගෙන් සිදුවන අත්වැරද්දකි .
සංගීතයද එවැනි දෙයකි.සෘජුවම එහි බලපෑම භෞතික ශරීරයට නැතත් නොපෙනෙන අපගේ මනසට සුවපත් වීමේ බලයක් ලෙස ලැබේ .
මියුරු සංගීතයට අපව වෙනස් කල හැකිය .

සංගීතයේ පත්ලට යාම යනු එහි පරතෙරට යාම යන්න මම අදහස් නොකලෙමි .ගැඹුරට යාම යනු එම කලාව තුල නිවැරදි සිහියෙන් සිටීමයි .එවිට ඇසෙන දේ පිළිබඳව මනා අවබෝධයක් සේම එහි නිර්මාතෘවරයා දෙන පණිවිඩය නිවැරදිව ග්‍රහණය කරගැනීමට හැකිය.
ඔබ ඉතා ප්‍රිය කරන ගීතයක් ඉතාමත් අවධානයෙන් යුතුව ඇසුවොත් එනම් එහි සංගීතය ගැලපෙන අයුරු ,පද මාලාව ,ගායකයා ,ස්වර හසුරුවන අයුරු පිලිබඳ අපූරු හැගීමක් දැනෙනු නියතය .
එය බොහෝ විට එම වෙලාවේ අපගේ අපගේ සිත් තුල පවතින සිතුවිලි උත්දීපනයට උපකාර වේ .සිත සතුටින් නම් අපි අසන්නේ සතුට දනවන සංගීතයයි .අපි ආදරයෙන් පිරී ඇති විට ආදරබර ගීතයක් ඇසීමට අපි ප්‍රිය කරමු.දුකින් සිටින විටද එලෙසමය .
කුස පිරෙන තුරු ආහාර ගත්තද ආහාර වේල සම්පූර්ණ වන්නේ අතුරු පසක් ගැනීමෙන් පසු මෙන් සිත තුල සංගීතයට ඇති ඉඩ අනගිභවනීය වේ .
ගීතය තුල පවතින සංගීතයද  සංගීතය තුල පවතින ගීතයද නිසැක වශයෙන්ම අදෘෂ්‍යමාන බලවේගයකි .ඕනෑම නිර්මාණයක්  සිදුවන්නේ පළමුව මනුෂ්‍ය  මනස තුලයි .එය අපිට දැකිය හැකි නොවේ.

පසුව එය අන් අයටද දැකිය හැකි ලෙස භෞතිකමය  වශයෙන් නිර්මාණය වේ .අපි මෙසේ සිතමු.අපි නිතර අසන අපි ඉතාමත් කැමති අර්ථාන්විත ගීතයක් ඇත .එය අපිට ඇසෙන විට යහපත් චිත්ත රූප මැවේ .ආදරය ,කරුණාව ,ආදී සිතුවිලි උත්දීපනය වේ.එම ගීතයටද මූලික  අඩිතාලම සපයන පදවැලක් තිබිය යුතුය .ගීතයේ පදවැල මුල් ගීතයම පිළිබිඹු කරයි .එසේ නම් එම පදවැල නිර්මාණය කරන්නා කෙතරම් ආශ්චර්යමත් විය යුතුද?

මට නම් සිතෙන්නේ ඔහු මිහිපිට පහල උනු මායා කරුවෙකු ලෙසයි .

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...