Monday, January 18, 2016

ගසක කඳුළු අපව ජීවත් කල හැටි (2 කොටස )

හැබැයි ඒ ගඳ  නාලත් යන්නේ නෑ .විශ්වාස කරන්න තුන් හතර සැරයක් සබන් දාල හේදුවත් ඒ ගඳ ගියේ නෑ .මං පංති ගියේ ඇඟිලි වලට සෙන්ට් ගහගෙන .ඒත් යන්තමට ගඳ ආවා .කට්ටිය පුරාම කූඩැල්ලෝ .හැමදාම හවසට අම්මා කූඩැල්ලෝ කාල ලප හැදුන කකුලේ විශාරණ තෙල් ගෑවා .

විශාරණ තෙල් අපේ නෑදෑ වෙන  වෙද  නැන්ද  කෙනෙක් හදන්නේ.හරි හොඳ බේතක් .

එකෙක් ගලවන කොට තව දෙන්නෙක් නගිනවා .රින්ගන්නෙම ඇඟිලි කරු අස්සට .උන් එක්ක මට පුදුම කේන්තියක් තිබ්බේ .උන් කෑවට පස්සේ ගොඩක් වෙලා යනකන් ලේ නතර වෙන්නේ නෑ උන්ගේ කෙලවලට .ඇහැට පෙන්නේ නැති ප්‍රමාණයේ එවුනුත් වැඩ දානවා .දෙහි ,සබන්,දුන්කොල නැටි උලාගෙන කාලයක් මමත් ගියා.පස්සේ පස්සේ කූඩැල්ලන්ට පුරුදු උනා .එකතු කරන ඔට්ටපාලුත් හරිම වැදගත් .මොකද ඒවත් විකුණන්න පුළුවන් .අම්මයි මමයි පොඩි බාල්දි දෙකකුත් අරන් ගියා ඒවා එකතු කරන්න .ගස් 250 ක් 300 ක් තියෙන කට්ටිය මං නැතිදාට අම්ම තනියෙන් කපපු වාර අනන්තයි .

උදේ පාන්දරම කට්ටියට යනකොට ගහක් ගහක් ගානේ වගේ අපිව පිළිගන්නේ මකුළුදැල් .මූනෙයි කටෙයි ඔලුවෙයි හැමතැනම .අම්ම පිනි බානවට පරණ තොප්පියකිත් දාගෙන ඇඳලා ඉන්න සාය කොටවෙන්න එක පොටක් වටේ අරගෙන ඉනේ ගහගෙන ඉන්නේ .මට හොඳට මතකයි .

කිරි වෑස්සෙන්න පැය 2 ක් වගේ යනවා.එතකොට 11 යි .දවල් අපි ඒ අතරේ තේ බොන්න යනවා.අත පය හෝදගෙන අපි තේ බොන්නේ ගේ පිටිපස්සේ ඉස්තෝප්පුවට වෙලා .අම්ම තේ බීල තවත් වැඩ කරනවා.අම්ම උදේට කන්නෙත් ඒ වෙලාවට .කාල බල්ලටයි පූසාටයි කෑම දෙනවා .

කිරි එකතු කරන්න පොඩි කහ පාට බාල්දි දෙකක් අරන් අපි යනවා. සමහර ගස් වල පොල් කටුවලට තාම කිරි වෑස්සෙනවා .සමහරක් ගස් වල කිරි පාරත් වේලිලා .හොඳ මහතා ගස් වලට දෙවෙනි පොල් කට්ටත් තියන්න ඕනි .කිරි එකතු කරන්න පරක්කු උනොත් කිරි පොළ කට්ටෙම මිදෙනවා .පොළ කටුවල හදිසියේ වැස්සකට හරි වතුර පිරිලා තිබුනොත් එත් කිරි මිදෙනවා.ඒ හින්ද කිරි අකුලන ගස් වල පොල් කටු මුනින් අතට තිබ්බ .
ගහෙන් ගහට ගිහින් පොල් කට්ට සූරලා කිරි ටික බාල්දියට ගන්නවා.බාල්දියේ අන්ඩ කිරි ගවිලම ඇලෙනවා.ටිකක් හිරිකිතයි වගේ .එත් මොනවා කරන්නද?


ඉඳලා හිටලා අත ඉඹල බලන්න හිතෙනවා.ගඳද කියල බලන්න .අලුත් අමු කිරිවල අමුතුම සුවඳක් තියෙනවා.සුදු පාටයි .ටිකක් වෙලා තියෙනකොට හරි ඉක්මනට වේලිලා ඇලෙන්න ගන්නවා.

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...