Friday, August 24, 2012

බැදීම් වලින් පුළුවන් තරම් ඈත් වන්න ( 2012 )

 



කවදාවත් තව කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්න එපා. කිසිම දෙයක්. බලාපොරොත්තු කවදාහරි ජීවිතයේ රිදීමක් දෙනවාමයි.

බැදීම් වලින් පුළුවන් තරම් ඈත් වන්න.පුළුවන් තරම් ආදරය හිතට ඇවිත් ගල්වෙලා ඕන එකකට ඔට්ටු වුණ හිත දැන් ලූණු සිවියක් වගේ තුනීයි.

පොඩි බලපෑමකටත් හෙලවෙනවා. එහෙම කර ගන්න එපා. හැබැයි එහෙම වුණාම තවත් මිනිසුන්ට නොදැනෙන බොහෝ දේවල් දැනෙන්න ගන්නවා.

මොකක්ද එතකොට මේ හිතේ බර ගතිය. හුස්ම ගන්නකොටත් සැහැල්ලු නෑ. කල්පනා කරන්න බෑ අවශ්‍ය දෙයක්. සම්පූරණ පද්ධතියම වැඩ අඩාල වෙලා වගේ. කන්න බෑ. බොන්න බෑ. නින්ද යන්නේ නෑ. හිත එකලස් නැති නිසා අවදානම අඩුයි. අනතුරු වෙන්න පුළුවන් ඕනම තැනකදි .නොසැලකිලිමත් ගොඩක්. සතුටක් දැනෙන්නේ නෑ. අඩන්න හිතුවට අඩන්නත් බෑ. කදුලුත් නෑ. ඒක අර හිතේ බර ගතිය එක දිගටම.

මේක මං දැන් මාස ගණනාවක් එක දිගට දැනෙනවා. මට දැනෙනවා ඉස්සර මං ළග තිබුණු ජවය දැන් නැහැ. හිතෙත් නෑ.ගතෙත් නෑ. මේ ක්‍රියාවලිය ඉක්මණටම අවසන් වේවි.

 

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...