Saturday, November 17, 2012

LOOK UP YOUR BIRTHDAY AND SEE WHAT YOU ARE..


Check your category according to your birthday!!!!This is so real
 January 01 - 09 ~  Ass
January 10 - 24 ~Slug 
January 25 - 31 ~Cockroach
February 01 - 05  ~Parasite
February 06 - 14 ~  Bullfrog
February 15 - 21 ~  Skunk   
February 22 - 28 ~  Snake
March 01 - 12 ~  Ape
March 13 - 15 ~Cockroach
March 16 - 23 ~  Slug
March 24 - 31 ~  Parasite

April 01 - 03 ~   Ass
April 04 - 14 ~  Snake
April 15 - 26 ~  Slug  
April 27 - 30 ~  Skunk
May 01 - 13 ~  Slug
May 14 - 21 ~  Bullfrog
May 22 - 31 ~Cockroach
June 01 - 03 ~  Slug
June 04 - 14 ~  Skunk
June 15 - 20 ~   Ass
June 21 - 24 ~ Ape
June 25 - 30 ~  Parasite

July 01 - 09 ~  Slug
July 10 - 15 ~   Ass
July 16 - 26 ~  Bullfrog
July 27 - 31 ~  Parasite
August 01 - 15 ~  Ape
August 16 - 25 ~Slug
August 26 - 31 ~  Skunk  
September 01 -  14 ~ Bullfrog
September 15 - 27 ~   Parasite
September 28 - 30 ~   Ass
October 01 - 15  ~Ape
October 16 - 27 ~  Skunk  
October 28 - 31 ~  Snake
November 01 - 16  ~Cockroach
November 17 - 30  ~Parasite  
December 01 - 16  ~ Ass
December 17 - 25 ~   Ape
December 26 - 31 ~   Bullfrog

Ok ...then read about you.
If you are a   Ass : A very loyal and  sweet person. Your loyalty can never be doubted. You are quite honest and  sincere when it comes to your attitude towards working. You are a very simple  person, indeed. Absolutely hassle free, humble and down-to-earth!! That explains  the reason why your friends cling on to you! You have a good taste for clothes.  If your wardrobe is not updated with what is trendy, you sure are depressed.  Popular and easy-going. You have a little group of dignified friends, all of  them being quality-personified.

If you are a Slug: Always up to some  sort of a mischief! The mischievous gleam in your eyes is what makes you so cute  and attractive to everyone. You are an extremely fun-to-b e-with kind of person.  No wonder people seek for your company and look forward to include you for all  get-together's. However, you are sensitive which is a drawback. People need to  select their words while talking to you. If someone tries to fiddle around and  play with words while dealing with you, it is enough to invite your wrath. God  bless the person then!

If you are a Cockroach : Quite contradictory to your name, you  are a peace loving person. You best try to avoid a situation wherein you are  required to fight. An outdoor person, you dislike sitting at one place for a  long duration. You are a born leader, and have it in you how to tactfully derive  work from people. You love being loved, and when you receive your share of  limelight from someone, you are all theirs!!!! Well, well... Hence some people  could even take an advantage , flatter you to the maximum and get their work  done. So be careful.....

If you are a Parasite : An extremely  lovable, adorable person, sometimes shy, with a passion for quick wit. At times,  you prefer quietness. You love exploring various things and going into depth of  each thing. Under normal circumstances you're cool but when given a reason to,  you are like a volcano waiting to erupt. You're a fashion bird. People look  forward to you as an icon associated with fashion. Basically, you mingle along  freely but don't like talking much to strangers. People feel very easy in your  company. You observe care in choosing your friends.

If you are a   Skunk : You are near to  perfect and nice at heart. The examples of your kindness are always circulated  i n groups of people. You, too, love peace. You wouldn't like to retaliate even  to a person who is in the wrong. You are loved due to this. You do not wish to  talk behind one's back. People love the way you always treat them. You can give,  give and give love, and the best part is that you do not expect it back in  return. You are generous enough. Seeing things in a practical light is what  remains the best trait of you guys.

If you are a  Bullfrog   : You symbolize a  very happy-go-lucky approach in life. Whatever the surroundings may be, grim or  cheerful, you remain unaffected. In fact, you spread cheer wherever you go. You  are the leader of your group of friends and good at consoling people in their  times of need. You dislike hypocrisy and tend to shirk away from hypocrites.  They can never be in your good books, no matter what. You are very methodical  and organized in your work. No amount of mess, hence, can ever encompass you.  Beware, it is easy for you to fall in love....   

If you are a  Snake  : You are  mysterious. You are someone who can handle pressure with ease, and can handle  any atmosphere without going berserk. You can be mean at times, and love to  gossip with your selected group. Very prim and proper. You like all situations  and things to be in the way you desire, which, sometimes is not possible. As a  result, you may lose out in some relationships. But otherwise, you love to help  people out from difficult and tight spots when they really need you.

If  you are a Ape : Very impatient and  hyper!!! You want things to be done as quick as possible. At heart, you are  quite simple and love if you are the center of attraction. That way, you people  are unique. You would like to keep yourself safe from all the angles. Shall your  name be dragged or featured in any sort of a controversy, you then go all  panicky. Therefore, you take your precautions from the very beginning. When you  foresee anything wrong, your sixth sense is what saves you from falling in  traps. 



Saturday, November 3, 2012

යලි නොඑන අතීතය

මගේ හිත ගිය බොහෝ කෙල්ලන් විය . නමුත් ඒ සැමට මගේ එකම ඇල්මක් විය .නමුත් මගේ හදවතින්ම ආදරය කල අය කවදාවත් මට ආදරේ කලේ නැත .කොපමණ සිතුවත් ආදරය සමග පැමිණෙන වේදනාවක් මට දැනේ .
මගේ වයසේ බොහෝ යාළුවන් ඉතා සුන්දර කාලයක් ගත කරමින් සිටී .ඔවුන් සිනාවෙති .විනෝද  චාරිකා යති .අනන් මනං පාටි  අතොරක් නැතිව .සමහරු ජෝඩු දමා වෙනමම .මේ සියල්ලන්ම පුදුම ආශ්වාදයක් විඳිති .වාහන ඔවුනටම ඇත .වියදම් කරන්නට මිල මුදල් ඇත .මට මේ කිසිවක් නැත .මම ඊට දුක් නොවෙමි .
මගේ උත්සාහයෙන් මම ඒ දේවල් ලබාගනිමි .පුහු ආටෝප  ජීවිතයක් ගතකිරීමට වඩා තම ප්‍රමාණයෙන් පොලවේ පය ගසා ජීවත් වූ අයට ජයග්‍රහණය උදාවි ඇත .2012 වසරේ මේ ලියන ඒවා ඉදිරියේද මා ඉතා ආශාවෙන් කියවාවි යයි මට සිතේ.
BMW,Mercedes , Pulzar අතර මගේ දුප්පත් බයිසිකලයෙන් මම nsbm යමි .Glamour එකෙන් මට අද සලසන සේවාව හෙට Honda Hornet එකකටයි .
මම අද ලියා තබමි .රු.1000 මගේ පසුම්බියට වැටුණු කාලයක් මතක නැත .තාත්තා  හෝ අම්මා  දෙන කීයෙන් හරි මම මගේ වැඩ සියල්ලම කර ගනිමි .
දෙමාපියන් ලෙස මාගේ  අම්මා  තාත්තා  සැමටම ආදර්ශයකි .අපට අවශ්‍ය දේ ලඟා  කිරීමට ඔවුන් නිතරම උත්සාහ  කළා .
අද මගේ අම්මගේ බැංකු ගිණුමේ ඇත්තේ රු.2000 පමණි .තාත්තාගේ  රු.375 කි .මේවා මම ලියන්නේ දවසක මගේ අම්මා  තාත්තා කොපමණ දුකක් අප වෙනුවෙන් වින්දා  දැයි දැන  ගැනීමටය .
මේ 2012 නොවැම්බර් .ළඟදීම තව අලුත් අවුරුද්දක් එනවා .මම ඒකට  බය නෑ .මගේ අම්මත් බය නෑ .බයිසිකලේ නුගේගොඩට යන්නේ පැයට  කිලෝමීටර 50න් .මට පැය  එකහමාරෙන්  කැම්පස් එකට යන්න පුළුවන් .මන් ඒ  ස්පීඩ් එකට ගියාම රු.300 ක පෙට්‍රල් දවසකට ඉතිරි කරගන්න පුළුවන් .
ගිය සතියේ මගේ පසුම්බිය යාලුවෝ ටිකක්  අරන් බැලුව .  තිබුනේ රු.170 යි .එත් මට ලැජ්ජාවක් දැනුනේ නැහැ .දුකක් නැහැ .ඒක  එයාල අදිනකොට මන් දැක්කේ 1000 කොළ මිටියක් ඒකෙ  තියනවා වගේ .


2012 නොවැම්බරයේ දිනක

Wednesday, September 12, 2012

Tell me about this.

Every religion in this world show us something good and meaningful.
So we should respect every religion .


332137_353575398002432_100000499251607_1428395_1179844180_o.jpg

Monday, September 10, 2012

බැඳිම් කෙතරම් චමත්කාරද? - How Beautiful Relationships


















ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.

"පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"

තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල්
ගොඩක් දැන ගන්න ආකාරය ඊලග දින කිහිපයේදි මම දුටුවා.

සති කිහිපයක් ගත වුනා. එදින නිවසේ කිසිවෙකුත් සිටියේ නෑ. මම සුපුරුදු පරිදි බිම් මහලේ වූ මගේ පියාගේ ගරාජයේ ආයුධ පෙට්ටිය රැගෙන තනිවම සෙල්ලම් කිරීමට පටන් ගත්තා.ගත වුනේ සුළු මොහොතයි, අඩුවකට හසු වූ මගේ වමතේ සුලැගිල්ල තුවාල උනා.

දැනුනු වේදනාවට දෑසින් කදුළු වැටුනු නමුත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා හැඩීමෙන් පලක් නොමැති බව ඊළග මොහොතේ මගේ ළමා මනසට වැටහුනා.පිහිටක් පතා වටපිට බැලූ මම දුරකතනය දුටු අතර ක්‍ෂනිකව මගේ මනසට පැමිනියේ "තොරතුරු සේවයයි". දුරකතනය වෙත ලගා වූ මා තරු සලකුන එබුවා.

"තොරතුරු සේවය" අනෙක් පසින් ආදරණීය කට හඩක් ඇසුනා.

"මගේ ඇගිල්ල තුවාල උනා..." මම ඉකිබිදිමින් පැවසුවා.

මද වේලාවක් යනතුරු අනෙක් පසින් හඩක් පැමිනියේ නෑ.දරා ගත නොහැකි වේදනාවෙන් මගේ සිත හඩා වැටුනු අතර දෙනෙතින් කදුලු වැගිරුනා.

"මගේ ඇගිල්ල තුවාල උනා..." මම යලිත් පැවසුවා.

මද වේලාවකින් අනෙක් පසින් ශබ්දයක් ඇසුනා,ඒ පෙර කතා කල ආදරණීය කටහඩමයි
"ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර නැද්ද පැටියෝ?"

"අම්මයි තාත්තයි ලොකු අම්මලගේ ගෙදර ගියා...මම විතරයි ගෙදර ඉන්නේ" ඉකිබිදින අතර මම පැවසුවා.

"හා...ඔයාගේ අතින් ලේ එනවද බබෝ?" ඇය ආදරෙන් ඇසුවා.

"ඔවු...මට ගොඩක් රිදෙනවා"

"පැටියෝ කලබල වෙන්න එපා,ඔයාලගේ ගෙදර ශීතකරනයක් තියනවද?"

"ඔව්"

"එහෙනම් ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියා ගන්න,එතකොට ලේ ගලන එක නතර වෙයි,බය වෙන්න එපා පැටියෝ එතකොට ඔක්කොම හරි යාවි"
ඇය ඉතා ඉවසිලිමත් ලෙසත් ආදරණීය ලෙසත් මට පැහැදිලි කර දුන්නා.

එදා පටන් මගේ සියලුම ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයට.

"ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?"

"ඇයි කුරුල්ලෝ පලතුරු විතරක් කන්නේ?"

"අපිට පියාඹන්න බැරි ඇයි?"

"මට මගේ පුංචි බලු පැටියා එක්ක කතා කරන්න බැරිද?"

ආදී මගේ සිතට නැගෙන දහසකුත් එකක් වූ ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයේ මගේ ආදරණීය මිතුරියට. ඒ සෑම පැනයකටම ඉතා ඉවසිලිවන්තවත් ආදරණීයවත් ඇගේ සුමිහිරි කට හඩින් ඇය මට පිලිතුරු ලබා දුන්නා.

දිනක් අපේ නිවසේ සුරතලයට ඇති කල කැනරි කුරුල්ලා මිය ගියා. මම කතා කලේ තොරතුරු සේවයේ මගේ මිතුරියටයි.මගේ පැනය අසා සිටි ඇය කැනරි කුරුල්ලා මිය ගොස් ඇති බව මට වටහා දුන්නා.

"ඉතින් එයා කොහොමද ආයෙත් සින්දු කියන්නේ? එයාට ආයේ ඉගිල්ලෙන්ත් බැරිද?" මම ඇගෙන් ඇසුවේ ශෝකයෙන්.

මගේ පැනය සාවධානව අසා සිටි ඇයට මගේ සිතේ වූ ගැඹුරු ශෝකය දැනෙන්න ඇති.
"පෝල්...මතක තියා ගන්න...අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් තියනවා...දැන් ඔයාගේ කැනරි කුරුල්ලා ඉන්නේ ඒ ලෝකෙක ...එයා ඒ ලෝකෙට වෙලා ආයෙමත් ලස්සනට සින්දු කියාවි"

තවත් දවසක මම තොරතුරු සේවයට ඇමතුමක් ලබා ගත්තා
"ෆික්ස් කියන වචනේ අකුරු මොනවද කියන්නකෝ"

මගේ අධ්‍යාපනය ගැන ඉහල බලාපොරොත්තු තබා සිටි මගේ දෙමව්පියන් මාව නගරයේ පාසලකට ඇතුල් කලා,අප නගරයේ පදිංචියට පැමිනියා,මට මගේ මිතුරියව අහිමි උනා.

වසරින් වසර ගෙවී ගියා මගේ අධ්‍යාපන කටයුතු අවසන් වූ අතර අප නැවතත් අපේ පැරණි නිවසට පැමිනියා.එවිට මම නව යොවුන් වියේ වූ තරුණයෙකු වූ නමුත් මගේ පැරණි මිතුරිය පිලිබද වූ මතකය මගේ සිතින් ඈත් වුනේ නෑ.ඇය තුල වූ ආදරය කරුණාව ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව තවමත් මා විශ්මයට පත් කලා.

අප නිවසට අලුත් දුරකතනයක් මිලදී ගත් අතර මම පලමු ඇමතුම ගත්තේ මගේ ළමා කාලයේ සුපුරුදු අංකයටයි.

"තොරතුරු සේවය " වියපත් වූ නමුත් ආදරණීය සුපුරුදු කටහඩක් මට ඇසුනා.මම විශ්මයට පත් වුනා,ඇය තවමත් සේවය කරනවා.මගේ ගොරෝසු පිරිමි කටහඩ අවදි වුනා,

"මගේ ඇගිල්ල තුවාල උනා..."

ඇය බොහෝ වේලාවක් යන තුරු කතා කලේ නෑ,නමුත් ඇය දුරකතනයේ රැදී සිටින බව මම දැන සිටියා.අවසානයේ ඇය කතා කලා,

"ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියාගත්තොත් ලේ ගලන එක නැවතෙයි පෝල්"

මම මහ හඩින් සිනා සුනා.

"ඕහ් දෙවියනේ... මම හිතුවා ඔයාට දැන් අමතකයි කියලා"

"මට ගොඩක් පුදුමයි පෝල්" ඇය සෙමින් පිලිතුරු දුන්නා.

අප දෙදෙනා බොහෝ වේලාවක් කතා කලා. ටික දිනකට මම සොයුරිය හමු වීමට වෙනත් නගරයකට යන බව පැවසූ මම යලිත් ආ විගස ඇයට අමතන්නට පොරොන්දු වුනා.

"නොවරදවාම කතා කරන්න පෝල්...මගේ නම සැලී" ඇය පැවසුවා.

සොයුරියගේ නිවසේ මාස තුනක් පමන මා ගත කල අතර නැවත පැමිනි විගස මා ඇමතුවේ තොරතුරු සේවයටයි.

"තොරතුරු සේවය " අනෙක් පසින් ඇසුනේ නුපුරුදු තරුණ කට හඩක්.

"මට සැලීට කතා කරන්න පුලුවන් ද?" මම විමසුවා.

"ඔබ ඇයව දන්නවද?" ඒ කට හඩින් පැනයක්.

"ඔව් ඇය මගේ යෙහෙලියක්...ගොඩක් පරණ යෙහෙලියක්" මම පිලිතුරු දුන්නා.

"මට ගොඩක් කණගාටුයි මේ දේ ඔබට පැවසීමට සිදුවීම ගැන... ඇය සති දෙකකට පෙර මිය ගියා"

මගේ සිත ශෝකයෙන් පිරී ගියා,උගුරේ යමක් සිර වූ ආකාරයක් දැනුනු අතර මගේ මුවින් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.මම රිසීවරය යලි තැබීමට පෙර ඇය යලි කතා කලා

"මහත්මයා ඔබේ නම පෝල්ද?"

"ඔව්" මම සෙමින් පැවසුවා.

"ඇය අසනීප වී සිටි සමයේ ඇය ඔබට ලබා දෙන්න ලිපියක් මට ලබා දුන්නා,මට ඔබේ නිවසේ ලිපිනය කියනවද,මම එය තැපැල් කරන්නම්"

නිවසේ ලිපිනය ලබා දුන් මා රිසීවරය තැබූ අතර දිගින් දිගටම මගේ සිහියට නැගුනේ ළමා කාලයේ මගේ අනේක විධ පැන වලට පිලිතුරු ලබා දුන් ඇගේ කරුණාබර ආදරණීය කට හඩයි.

දින කිහිපයක් ගත වූ අතර දිනක් මගේ නමට ලිපියක් පැමිනියා,ඒ මගේ මිතුරිය සැලී මිය යාමට ප්‍රථමයෙන් මට ලියූ ලිපියයි. එහි මෙසේ සටහන් වුනා

"පෝල්...ඔබ යලි පැමිනීමට පෙර මා මිය යාවි යැයි ඇති සැකය නිසයි මම මේ ලිපිය ලියන්නේ.
වසර ගණනාවකට පසු ඔබෙන් ලැබුනු ඇමතුමෙන් මම ගොඩක් පුදුම වුනා,ඊටත් වඩා ගොඩාක් සතුටු වුනා. පෝල් ඔබ දන්නේ නෑ ඔබෙන් ලැබුනු ඇමතුම් වලින් දරුවන් නොමැති මම කොතරම් සතුටට පත් වුනාද කියලා,ඔබ මගේ පාලු ජීවි
ල්ලා.මතකයි නේද, අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් පවතිනවා,මම ඒ ලෝකෙකට ගිහින් ඔයාගේ කැනරි කුරුල්ලා කියන ලස්සන සිංදු අහගෙන ඉන්නම්.ඔයාට නැවතත් ස්තූතියි.
ඔබේ මිතුරිය සැලී.
ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අයුරින් විවිධ පුද්ගලයන් සමග ඇති වන බැදීම් කෙතරම් චමත්කාරදැයි සිතෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසුවයි. පරක් තෙරක් නොපෙනෙන ජීවන ගමන තුලදී අප ඇති කර ගන්නා බැදීම් කෙතරම් තයට ආශිර්වාදයක් වුනා පෝල්.කෙසේ නමුත් දැන් අපිට සමුගැනීමට කාලය ඇවිඅපූරුද?


Friday, August 24, 2012

බැදීම් වලින් පුළුවන් තරම් ඈත් වන්න ( 2012 )

 



කවදාවත් තව කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්න එපා. කිසිම දෙයක්. බලාපොරොත්තු කවදාහරි ජීවිතයේ රිදීමක් දෙනවාමයි.

බැදීම් වලින් පුළුවන් තරම් ඈත් වන්න.පුළුවන් තරම් ආදරය හිතට ඇවිත් ගල්වෙලා ඕන එකකට ඔට්ටු වුණ හිත දැන් ලූණු සිවියක් වගේ තුනීයි.

පොඩි බලපෑමකටත් හෙලවෙනවා. එහෙම කර ගන්න එපා. හැබැයි එහෙම වුණාම තවත් මිනිසුන්ට නොදැනෙන බොහෝ දේවල් දැනෙන්න ගන්නවා.

මොකක්ද එතකොට මේ හිතේ බර ගතිය. හුස්ම ගන්නකොටත් සැහැල්ලු නෑ. කල්පනා කරන්න බෑ අවශ්‍ය දෙයක්. සම්පූරණ පද්ධතියම වැඩ අඩාල වෙලා වගේ. කන්න බෑ. බොන්න බෑ. නින්ද යන්නේ නෑ. හිත එකලස් නැති නිසා අවදානම අඩුයි. අනතුරු වෙන්න පුළුවන් ඕනම තැනකදි .නොසැලකිලිමත් ගොඩක්. සතුටක් දැනෙන්නේ නෑ. අඩන්න හිතුවට අඩන්නත් බෑ. කදුලුත් නෑ. ඒක අර හිතේ බර ගතිය එක දිගටම.

මේක මං දැන් මාස ගණනාවක් එක දිගට දැනෙනවා. මට දැනෙනවා ඉස්සර මං ළග තිබුණු ජවය දැන් නැහැ. හිතෙත් නෑ.ගතෙත් නෑ. මේ ක්‍රියාවලිය ඉක්මණටම අවසන් වේවි.

 

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...