Tuesday, December 19, 2023

අපේ ලොකු තාත්තා

 

අපේ ලොකු තාත්තා



අලුත් ගෙදරට අපි කීවේ අලුත් ගෙදර කියලා. පොඩි කාලේ තේරුමක් තිබුණේ නැති වුණාට ප්සේ තමා තේරුම දැන ගත්තේ.මොකද අපේ තාත්තා පවුලේ බාලයා හින්දා මහගෙදර උරුම වුණේ තාත්තාට. තාත්තා කියන විදියට ලොකු තාත්තා තමයි පවුලෙන් මුලින්ම බැදලා තියෙන්නේ. එතකොට හදපු මුල්ම ගේ හින්දා තමයි අලුත් ගෙදර කියලා කිව්වේ.කැන්දගොල්ලේ අපේ හැමෝටම වගේ එහෙ ගෙයක් වුණා මට මතකයි. නංගියි මමයි හැමදාමත් යන්න ආස කරපු ආදරය කරපු තැනක් තමයි එහෙ. ගොකු තාත්තාගේ පුතාට අපි කියන්නේ ලොකු අයියා කියලා. හරියට තාත්තා ලොකු තාත්තාට කියනවා වගේ. තිස්ස අයියා කියන්නෙත් ලොකු තාත්තා. පියතිස්ස වැලිකල තමයි නම. ගමේ අය කිවුවේ තිස්ස මහත්තයා කියලා. ලොකු තාත්තා අහල පහල බොහෝ පිරිසක් අදුනන කෙනෙක්. අපි කොහේ හරි ගියත් ....

මහත්තයාගේ මූණේ හැඩරුව නම් දැකලා පුරුදුයි.

මං කැන්දගොල්ලේ

එතකොට තිස්ස මහත්තයාගේ කවුරු හරිද?

ඔන්න ඔහොමයි කතාව යන්නේ..

ඔව් පොඩි මල්ලිගේ..

ඒ කියන්නේ මහත්තයා බන්දනාගාර මහත්තයාගෙද පොලීසියේද නැත්නම් අපේ චූටි මහත්තයාගේද?

තාත්තාත් ැක්ක පවුලේ පිරිමි 4 දෙනෙක් ඉන්නවා. අද ඉන්නේ තුන්දෙනයි. මං මේක ලියනකොට අපේ ආදරණීය ලොකු තාත්තා අපි ගාව නෑ. ඒ දැනෙන දුක මේ අකුරු ඔක්කොම බොද කරන්න තරම් කදුලකින් වෑස්සේව් කියලා මට දැණෙනවා.

මගේ මතකයෙන් දැනට තියෙන එක ම මතකයක් හරි අලේ ලොකු තාත්තා ගැන මැකී නොයාවි කියලා මං හිතනවා. තා්ාගේ පරණ පින්තුර ඇල්බම් වල ලොකු තාත්තා ඉන්නවා. හරි උස මහතයි. සුදුයි. අපේ අම්මා කියන්නේ ගාමිණී ෆොන්සේකා වගේ කියලා. හැබැයි පින්තූර දෙක සමාන කරනකොට අපේ ලොකු තාත්තා එයාට වඩා ගොඩක් පරිපූර්ණයි කියලා හිතෙනවා.

තාත්තා රට ඉන්න කාලේ (මාලදිවයිනේ) අම්මා ඉස්කෝලේ උගන්වන්න යනකොට සමහර දාට නංගියි මමයි ඉන්නේ එහේ. එහෙට තමයි යන්නම කැමති. ඒ ලොකු අම්මාගෙයි ලොකු තාතත්තාගෙයි අයියාගෙයි අක්කාගෙයි අපිට තියෙන අසීමි ආදරය හන්දා.

ලොකු තාත්තාගෙ ළග මහා විශාල පෞරුසයක් තිබුණා.හුගාක් දුරට ඉගෙනගෙන නොතිබුණාට නායකත්ව ලක්ෂණ බොහෝමයක් ඔහු ළග තිබුණා.

අලුත් අවුරුද්දට හැමෝම මුලින් යන්නේ එහාට. කවුරු නැතත් නංගියි මමයි කැවිලි පිගාන හදාගෙන එහෙ යනවා.

ලොකු තාත්තා අන්ත්‍රා වුණාට පස්සෙත් ලොකු තාත්තාත් ලීලාත් හැමදාම අපි දෙන්නව බලාපොරොත්තු වුණා.

පරක්කු වුණොත්...

සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ පැත්තට එන්න තේ ටිකක් බීලා යන්න. කියලා ලොකු තාත්තා කතා කරනවා මට අද වගේ මතකයි.

ඒ වචන වල කොයි රම් ආදරයක් හිතවත්කමක් රැදිලා තිබුණාද කියන එක අදත් ඒ වචන මනසේ දෝංකාර දෙනකොට දැනෙනවා.

ලොකු තාත්තා වැන්දම කිව්වේ තුණුරුවන්ගේ සරණයි කියලා. බුද්ධ ධම්ම සංඝ යන රෙුවනගෙම පිහිට ආරක්ෂාව ලබලා දෙන්න කියලා ඒ හිතන ප්‍රාර්තනාව ඇ්තතටම සපල වුණු හින්දයි අද මම මේ ලියන්නෙත් කියලා මට හිතෙනවා.කවදාවත් බුදු සරණයි කියලා විතරක් කියලා නෑ. අපේ ජීවිතේ කවදා හරි මේ සෑම දෙයක්ම නැතිවෙලා යනවා. මගේ ජීවිතේ පවා. අපේ ආගම ධර්මය ඒකයි. ඒ තරම් රිදෙන්නේ ගොඩක් අපි ලොකු තත්තාට කිට්ටු වුණ හින්දයි. ඒත් අපිව බලාගත්ත එක තාත්තා කෙනෙක් තමයි ඒ. කාලයක් අපි CD බැලුවා. CD වල  Film ආපු මුල් කාලේ. ලොකු තාත්තාට එතකොට හොදට ඇවිදින්න පුළුවන්. ජීප් එකේ ගිහින් ඉදිකටු හන්දියෙන් CD ගේනවා. Fight තියෙන ඒවා.. එතකොට  Wrestling.. ලොකු තාත්තා හින්දි බලන්නත් ආසයි.එයා බලලා හොද නම් අපිටතත් දෙනවා. ඉස්සරහා මැද සාලේ පුටුවට වෙලා TV එක දිහා කොයි තරම් බලන් ඉන්න ඇතිද? TV එකට සිතුම් පැතුම් තියේ නම් ලොකු තාත්තා නැති වෙලා ඉන්න කොට කොයි තරම් පාළු ඇතිද? ඒ ලොකු ගෙඩි TV එක.

නෑවම ලොකු තාත්තා ගාව Lux සුවදයි. සුදු පාටයි. වතුර ගිහින් ඇස් රතු වෙනවා. මං ඉතිං  අහනවා  ලොකු තාත්තා නෑවද කියලා .ඉතිං කතන්දරය පටන් ගන්නවා. උදේ ඉදන් වෙච්ච දේවල්.

අපිව ලැබෙන්න අම්මව එක්කන් ගිහින් තියෙන්නේ ලොකු තාත්තාගේ Ford එකේ. පස්සේ ඒක හීන් ලොකු තාත්තා ගාව තිබුණා. 2ශ්‍රී වගේ තමා මතක. මමත් ඒක එළවලා තියෙනවා. ගියර් 04යි තිබ්බේ. පස්සේ ලොකු තාත්තා ගාව Mitsubishi Jeep එකක් තිබුණා. ඒක ලොකු අයියත් එකතු වෙලා හොදට හැදුවා. පස්සේ ලොකු තාත්තාට මරුටි කාර් එකක් තිබුනා. වතුරගම මාමාගේ කාර් එක මතක විදියට.

හැමෝම බැන්දා. ළමයි හදලලා ඒ පවුල් ගත කළා. අපි දෙන්නගේ වෙඩින් එක බලන්න කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද? ඒ දවස ලොකු තාත්තාට බලන්න බැරි වුනා. මගේ ළමයින්ට ලොකු සීයා පෙන්නන්න මට බැරි වුණා. තාමත් සිහිනයක්. එච්චරට අපි ආදරය කළා. ඒ අපිට තිබුණ ආදරය අපි හැමෝටම එක වගේ තිබුණා.

ලොකු අම්මත් යන්න ගියා. ලොකු තාත්තාත් යන්න ගියා. සමහර දාට කෝල් කැලා අම්මාට කියනවා  උඔලාට දැන් අපිව මතක නෑ නේද කියලා.  අපි කොච්චර හිතන් හිටියද ලොකු තාත්තා ළගට වෙලා ටිකක් කාලය ගත කරන්න. මගේ තාත්තාව එක්කරගෙන යන්න තමන්ගේ ලොකු අයියා ගාවට. මං හැමදාම දැක්ක දෙයක් තමයි පවුලේ ලොකුම සහෝදරයයි පවුලේ බාලම සහෝදරයයි තියෙන බැදීම. ඒක හරිම පුදුම බැදීමක්. ලොකු තාත්තා තාත්තාට කවදාවත් වචනයක්වත් කියලා නෑ.

අපේ ගෙවල් සේරගේම එකමුතු කමට ප්‍රධාන පුරුක උනේ ලොකු තාත්තා. දැන් ලොකු තාත්තා යන්න ගිහිල්ලා. ලොකු අම්මාත් යන්න ගිහින්. ලොකු තාත්තාගේ මළ ගේ දවසේ නෑදෑයින් වෙනුවෙන් කතාවක් පවත්තන්න මට ලොකු වෙහෙසක් දරන්න වුනා. ඒ තියෙන ආදරේ වැඩි කමට. නිසල දේහයක් ඉදිරිපිට ඔහුට අන්තිමට නිවන් සුව  කීවේ වෙනත් ආත්මෙකදි හරි ලොකු තාත්තා හම්බ වේවායි ! සිතමින්....


සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...