Monday, September 12, 2016

සිතුවිලි සිරවී නැත ( 3 කොටස -අම්මා සහ ස්ත්‍රිය )




අම්මා යනු මෙම ග්‍රන්ථයේ ඇතුලත් කල යුතුම වටිනා වචනයකි .පුද්ගලයෙක් වශයෙන් ගත් කල මෙතන සිට මම,අපි,ඔබත් කරන සියලු දේ කෙරෙහිම ඇයගේ බලපෑමක් ඇත .ඒ කෙසේද යත් අපගේ උප්පත්තියේ ප්‍රධාන නිර්මාතෘවරිය ඇය යි .අපි අපගේ දෙමාපියන්ට ගරු කල යුත්තෙමු .එසේම නිසිපරිදි සැලකිය යුතුය .
විවිඩ වර්ගයේ දෙමාපියෝ වෙති .නමුත් ඔවුන් පිලිබඳ අද දරුවන් විවිධ ආකල්ප දරති .එහෙත් සියලු දෙමාපියන් සතු තම දරුවන් කෙරේ උපදින අසාමාන්‍ය ඇල්ම රැකවරණය කෙසේ මනුෂ්‍යන් වූ ඔවුන් තුලට පැමිණෙන්නේ දැයි යන කරුණ සලකා බැලීම වැදගත්ය .
එහෙත් මෙම කරුණ ස්වභාවධර්මයේ පවතින සියලුම සත්වයින් කෙරේ  පවත්නා බලවේගයකි .තවද ඔවුන් දේපල සතු වූ වගකීම ,එනම් තම දරුවන් රැකබල ගැනීම ආදී අසීමිත වූ කාර්යයන් නොපිරිහෙලා ,වචනයකුත් නොදොඩා සම විටම ඔවුන් ඉටුකරන්නේ තම ජීවිතයද පරදුවට තබාය.මගේ අම්මාට තාත්තාට එසේ කරන්නට සිතෙන්නේ කෙසේද?
කවුරු හෝ පෙර මෙය ඔවුනට උගන්වා ඇතැයි මම නොසිතමි .
ස්වභාවධර්මයේ වූ මෙවන් දෑ සත්‍යවශයෙන්ම මනුෂ්‍ය ජීවිතයේ ආශ්චර්යමත් පැතිකඩක් වේ .වාණිජ ලෝකයේ දෙමාපියන් ,තම දරුවන් සලකන්නේ ඔවුන්ගේ පහසුකම් සපයන්නන් ලෙසය .මෙය නොවිය යුතු දෙයකි.
අවසානයේ කිව යුත්තේ ,කිසිඳු ආගමක දර්ශනයකට අයත් ඔවදනක් හෝ කරුණක් නොවේ.ලෝකවාසී සියලුම මනුෂ්‍යයින්ට පොදු කරුණකි.එනම් එම මනුෂ්‍ය දෙපලට අපි මනුෂ්‍යත්වයෙන් සැලකීමයි . 

ජීවිතය ගත් කල විවිධ හැලහැප්පීම් වලට භාජනය වේ .එය හොඳ හෝ නරක දෙකටම විය හැක .අපි අපේ ජීවිතය ගැන සමීක්ෂනාත්මකව බැලු කල ස්ත්‍රිය තම ජීවිත වලට ඇති බලපෑම සැබැවින්ම නිරීක්ෂණය කල හැකිය .ස්ත්‍රිය හා සබැඳුනු සියලු හැගීම් ,දැනීම්  සහ සම්බන්ධතා අප ජීවිතයට අත්‍යාවශ්‍යය .දෑනිය යුතු ලැබිය යුතු දේවල් වේ .

"ස්ත්‍රිය ,ගැහැණිය ස්වභාවධර්මයේ අනගිම නිර්මාණයකි .එම අසීමිත  නිර්මාණයේ  කලාත්මක බව තේරුම් ගැනීමට සමාජයට යම්කිසි බුද්ධි මට්ටමක් තිබිය යුතුය යන්න මගේ විශ්වාසයයි .එම කලා කෘතිය ඇගැයීමට  හැකිවීම යමෙකුගේ උසස් පුද්ගල අවබෝධය ප්‍රකට කරන්නකි ."

වර්තමානයේ ස්ත්‍රීන් කෙරෙහි මනුෂ්‍ය වෙසින් සිටින අමනුෂ්‍යයෝ  කරන සියලු අකටයුතු කම් කෙරෙනුයේ ඔවුන් සතු ඉතා පහත් බුද්ධි මට්ටමක් හා පහත් පුද්ගල අවබෝධය නිසා දැයි මට සිතේ.ගැහැණුන් ගතින් පිරිමින් තරම් ශක්තිමත් නොවුනත් සිතින් පොහොසත්ය .ශක්තිමත්ය .
ඔවුනට කල නොහැක්කක් නොමැත .ආදරය ,කරුණාව,නිතැතින්ම ඔවුනට අවශ්‍යය .
මනුෂ්‍යයින් වශයෙන් මෙම දෙපිරිසම පෘථුවියේ මනුෂ්‍ය සංහාරයේ පැවැත්මට උපකාර වන බව තේරුම් ගත යුතුය .සමානාත්මතාව මෙහිදී ඇගයිය යුතු කරුණකි .
නමුත් කරුණ මෙයයි .මිනිසුන් පහත් සිතුවිලි අතහැර ගැහැණිය දෙස නිර්මල ඇසකින් බැලීමට තවත් කලක් ගතවීමයි.

Monday, September 5, 2016

සිතුවිලි සිරවී නැත ( 2 කොටස -මිත්‍යාව)



මිත්‍යාව වර්තමාන සමාජය සීග්‍රයෙන් වසා ගනිමින් සිටියි .එය සත්‍යකි .ඇත්ත ඇති සැටියෙන් බොහෝ පුද්ගලයන් නොදකිතත් එය සත්‍යකි .එදිනෙදා සිදුවන සෑම ක්‍රියාවලියක් හෝ සිදුවීමක් කෙරෙහිම මෙම මිත්‍යාව නිර්මාණය වීම සුලබ කරුණකි.එය නිර්මාණය කර ගැනීමේ සීග්‍රතාව හෝ එම මිත්‍යා නිර්මාණයේ ආකර්ශනීය බව රඳවා පවතිනුයේ පුද්ගල බුද්ධි මට්ටම මතය .
මිථ්‍යාදෘෂ්ටිකත්වය  මිනිසුන් මංමුලා කරවයි .හේතුව හා ඵලය යන මූලධර්ම මෙහිලා ඉතා වැදගත්ය .මක්නිසාද යත් එම මූලධර්ම පදනම් කරගත් විට බොහොමයක් ගැටළු විසඳා ගත හැකිය .මිත්‍යාව දුරලීමට මෙම මූලධර්මය අත්‍යවශ්‍ය වේ .
යමක හරි වැරැද්ද තෝරා ගැනීමට අසීරු වීමට ඇති ප්‍රධානම බාධකය අපගේ අවුල් වූ සිතයි .අද අපිට එය තේරුම් කර දීමට කිසිඳු යෝග්‍ය ජීවමාන ශාස්තෘවරයෙක් නැත .අපි එම කරනවා අවිවාදයෙන්ම පිළිගත යුතුය .එනමුත් දියුණු සන්සුන් මනස අප තුල සිටින නොමියෙන ශාස්තෘවරයෙක් ගුරුවරයෙකු වැනිය .හැගීම් මත පදනම්ව සිදුකෙරෙන බොහෝ ක්‍රියාපටිපාටියන් වේගවත්ය .එම මොහොතේ සාර්ථක ස්වභාවයක් පෙනේ.නමුත් අවසානය දුක්බරය.

එම ගැටීම් වලට පෙර අපගේ සිත් අපට පහල නොවන්නේ ඇයි ?
එසේ වුවහොත් මනුෂ්‍ය ජීවිත ඉතා අලංකාර වනු ඇත .

එසේ නොවීමට හේතුව ලෙස මම දකින්නේ එලෙස අපගේ සිත් එම වෙලාවේ පහල කරගැනීමට උත්සහ නොදෑරීමයි .බුද්ධිමත් නොවීමයි .හැගීම් දැනීම් වලාට් වහල් වී ගන්නා තීරණත් මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ  ක්‍රියා පටිපාටිනුත් අතර සංබන්ධයක් එනම් සමානතාවක් ඇති මට සිතේ.

නමුත් මනුෂ්‍ය හැගීම් දැනීම් අතර පවතිනා කීපයක් එනම් ආදරය කරුණාව දයාව ආදී කරුණු මානව ප්‍රනියකු තුල මිනිසත් බව ඇති කරලීමට අවශ්‍ය වේ.

Friday, September 2, 2016

සිතුවිලි සිරවී නැත ( 1 කොටස )



මා තුල දැන් ඇතිවන සිතුවිල්ල මා සතුව හොඳම සිතුවිල්ල යයි මට සිතේ .ඒ කුමක් නිසාදැයි මම නොදනිමි .
ලෝකය සෑම දෙයකින්ම පරිපූර්ණය .එහි පරිපූර්ණභාවය නිර්ණය කරනුයේ හුදෙක් භෞතිකමය ලෙස නොව එකී පුද්ගලයන්ගේ හැගීම් ,දැනීම්  සහ සිතුවිලි පදනම් කරගෙනය .
අප ජීවත් වීමේ පරමාර්ථය ,අප ජීවත් විය යුත්තේ කෙසේද යන්න යම්කිසි යථාර්තයක පෙර ගමන් සත්‍යා ලෝකයක්  දැයි විටෙක මට සිතේ.එහෙත් බොහෝ පුද්ගයන්ට මෙය අවබෝධවීමට ජීවිතයෙන් අඩක් හෝ ඊටත් වැඩි කාල ප්‍රමාණයක් ගතවේ යයි මට හැගේ .ලෙඩ දුක්,කම්කටොලු,තර්ජන ගර්ජන, අභියෝග  හමුවේ අපි සිනාමුසු මුහුණින් ඒවාට මුහුණ  දිය යුතුය .එවැනි සිනා මුසු මුහුණින් සිටින බොහෝ  පුද්ගලයන් ලෝකයේ වෙසෙති.
නමුත් ඔවුන් සිනාසෙන්නේ හදවතින්මද?
එසේ නොමැති නම් ඔවුනට එය කල නොහැක්කේ මන්ද ?

එය එසේ වූයේ හදවතින්ම නම් එවැනි මිනිසුන් තුල ශ්‍රේෂ්ඨත්වයක්  ඇත යන්න සැලකිය යුතු කරුණකි.එසේ නොමැති වීමට හේතුව ඉහත සාධක අපගේ ජීවිත වල නියම කොටස්කරුවන් කර  නොගැනීමයි .පුද්ගල පරිපූර්ණත්වයේ එක් නොනිමි සාධකයක් එයයි .

අද ලෝකය දුවන්නේ කුමන දෙසකටද?අද අපි එය පසු පස දුවන්නෙමු.නමුත් අඩක්, සිතිය යුතු දේවල් වලින් රැසක්, ආරම්භක ස්ථානයේම නොසිතා  ඉතිරි  කරදමා ය .මෙය  සත්‍යක්ද යන්න අපිට තේරුම් ගත හැක .මිනිසුන් නොමග යන්නේ එම නිසාය.සියලු දේම නවීකරණය වේ .සමාජය ඒවගේම තාක්ෂණයද දියුණු වේ.නමුත් පුද්ගල සිත් එසේම ආකල්පද වර්ධනය වීම කාලීන අවශ්‍යතාවයකි .
එයට වයස් භේදයක් හෝ කිසිදු භේදයක් නැත අපගේ නවීකරණය වන ජීවන සාධක හමුවේ අපගේ සිත් දියුණු නොවන්නේ ඇයි ?මිනිසුන් ඒ පිලිබඳ ගිජුකමක් නොදක්වන නිසාද ?නමුත් නියම රසයක් ඇත්තේ එහි  යයි මට සිතේ.එම රසය අපගේ ප්‍රඥාව උද්දීපනය කරනු ඇත .
මනුෂ්‍ය ජීවිතය වටින්නේය .එය ගෙවා දැමිය යුත්තක් නොව අවබෝධාත්මකව ගෙවිය යුත්තකි.එසේම ජීවිත වටිනාකම හඳුනාගත හැක්කේ මනුෂයන්ට  පමණි .අනෙක් සියලු සතුන්ටද එසේ සිතෙන්නේ නම් තවත් දියුණු ශිෂ්ඨාචාරයකට මංපෙත් විවර වීමකි .

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...