Monday, December 12, 2016

සිතුවිලි සිරවී නැත (7 කොටස - සිතේ හැටි හිතේ හැටියට )



අප කාර්යයබහුල වන්නට වන්නට සිතේ ඇති එක් පැතිකඩක් අප නොදකී.එම පැතිකඩ විකසිත වීමට බාධා වේ .මෙය අපට නිතර සිදුවන දෙයකි.නමුත් සූක්ෂම ලෙස අප එය දෙස නොබලයි .සිතුවිලි හා අදහස් ගලා ඒමට නිදහස් මනසක් තිබිය යුතුය .නිදහස් වූ මනස කිසිවකුගේ වහලෙකු නොවේ .අද අප ගතින් මෙන්ම මනසින්ද වහලෙකි .සමාජ රටාව පවතිනුයේ එසේය .අතලොස්සක් හැර බොහෝ පුද්ගලයින්ට තමන්ට සිතිය හැකි බව අමතක කර දමා ඇති සේය.
සෑම බැදීමක්ම වේදනා උපදවන සුළුය .අපි ඒවා සතුට දනවන විට කිසිත් නොලියන්නෙමු .

නමුත් වේදනාවක් හටගත් විගස එහි පීඩාව නොනවතින්නකි .එවිට ලියන්නෙමු.

පීඩාවක් ගෙනදීමට බැඳීමේ ස්ථාවර බව අවශ්‍ය නොවේ .අවශ්‍ය වන්නේ බැඳීම පමණි .බැම්මකි .කල්යත්ම ස්ථාවර බව ,අනොන්‍ය සන්නිවේදනය ආදී කරුණුවල සංකීර්ණ බව ඉහල යාම දුකෙහි ,වේදනාවේ හෝ පීඩාවේ ප්‍රමාණයට කෙලින්ම බලපායි .බලවත් සිතක් නම් එම පීඩාව නැතිකර ගැනීමට විවිද උපක්‍රම ස්වයං ක්‍රියාවම  නිපදවේ .
එය වරෙක අභ්‍යන්තර සාකච්චා ,උපදෙස් ,වචන මේ ආදී ලෙස සිහියට පැමිණේ .
නමුත් දුර්වල සිතකට ඇති එකම පිළිසරණ ඉවසීමයි .ඉවසීම තිබිය යුත්තේ කාලය ලබා ගැනීමටයි .කල්ගත වෙත්ම එහි පීඩාකාරී ස්වභාවයේ තීවෘතාව අඩුවේ.කයෙහි හටගන්නා රෝග බොහෝ දුරට තාක්ෂණය සමග නිවැරදිව හඳුනාගෙන පිළියම් යොදා ඇත සුවපත් කිරීමට .සාමාන්‍ය ජනය අතර සීමාසහිත නමුත් අත්දැකීම් ඔස්සේ ලැබුණු සහ වෙනත් මූලාශ්‍රයන් ඔස්සේ ලැබුණු දැනුමත් ඒ පිළිබඳව ඇත .එමනිසා ඔවුන් ප්‍රථමාධාර සඳහා යොමු වේ.බොහෝ විට ඒවා සාර්ථක වේ .
මෙය උදාහරණයකට ගත් කල සිතේ ඇතිවන රෝග හඳුනා ගන්නේ කෙසේද ?ප්‍රථමාධාර ?පිළියම් පිළිබඳව අල්ප දැනුමක් අප සමාජයේ පැවතීම උසස් මානසික මට්ටමක් සහිත සමාජයකට ලඟා වීමට බලපාන ප්‍රධාන බාධකයකි .වඩා වැදගත් වන්නේ මනසේ නීරෝගී බවයි .ශක්තිමත් බවයි .නුවණැති බවයි .

කවියාගේ පදවැල්

කවියා විසින් පදවැල් ගොතන්නේ කෙසේද ?උත්සාහ කර බලන්න .නමුත් බොහෝ විට එය ඉතා අපහසු ක්‍රියාවක් යයි ඔබට සිතෙනු ඇත .කවියාගේ නිර්මාණශීලිත්වයට හේතු වන්නේ ඔහුගේ මනස තුල ගොඩ නැගෙන විවිදාකාර වූ අදහස්ය .එම අදහස් තුල ඉතා සිත්ගන්නා සුළු ගලායාමක් ඇත .යමක් පිලිබඳ විචිත්‍ර වූ පැහැදිලි කිරීමක් ඇත .නමුත් ඔහුයි අපියි අතර වෙනස කුමක්ද ?අප තුලද විවිධාකාර වූ අදහස් ඇත .වචන ඇත.නමුත් ඒවා නිර්මාණශීලී නැවුම් අදහස් නොවේ.යමෙකුගේ අදහස් යෝජනා මෙන්ම සිතුවිලි වලින් පිරුණු අපේ අදහස් නිදහස් නොවේ.සෑම තැනකින්ම අපගේ අදහස් කොටු වී ඇත යන්න මගේ හැගීමයි .අප එයට පුරුදු වී සිටී.
යම් දෙයකට සිත කලකිරවා ගැනීමෙන් කිසිඳු ඵල ප්‍රයෝජනයක් නැත .කාලය නාස්ති කිරීමක් පමණි .නමුත් ඉතා සූක්ෂම ලෙස බැලූ විට එයින් ගත යුත්තක් වේ .යම් ප්‍රයෝජනවත් දෙයක් .යම් ප්‍රයෝජනවත් දෙයකට එය හරවාගත හැකිය .එම අවස්ථාවේදී කලකිරීම් පිලිබඳ සිත නොදුවන අතර එක්තරා අමුතු ශක්තියකින් සිත ,ඵලදායි අරමුණක් කරා යොමු වීමට අවශ්‍ය සිතුවිලි ,දත්ත මතකයන් අඩිය කඩිනම්ව සපයයි .නමුත් මෙම කාලසීමාව ඉතා කෙටි කාලයකි .

නම්බුව


නම්බුව හා ආත්ම ගෞරවය අතරවෙනසක් තිබේද ?නැතිනම් සමානද?
නම්බුව තුල ආත්ම ගෞරවය පවතින බව මගී විශ්වාසයයි .ආත්ම ගෞරවය සුරැකි විට නම්බුව වැඩි දියුණු වේ .නම්බුව යන්න මගේ අර්ථ දැක්වීම කෙනෙකුගේ කල හොඳ පමණක්ය .වැරදි ක්‍රියාවලින් නම්බුව ඔප් නැංවිය නොහැක .එසේම වර්තමාන සමාජයේ නම්බුව අතීතයේ දී වඩා ඉතා  වෙනස්ය .


කේන්තිය

වෛරය යන්න කුමක්දැයි මම හොඳාකාරවම දනිමි.එයට මෛත්‍රීය හැරෙන්නට වෙන සත්කාරයක් නැත.කේන්තිය හා වෛරය අතර වෙනස්කමක් ඇත මට සිතෙන ලෙස.
කේන්තියෙ පසු විපරම ,වෛරය යේ පසු විපරම තරම් භීතිය දනවන කලහකාරී අවස්ථාවක් නොවේ .එය කෙටි කාලීනයි .නමුත් වෛරය දිගු කාලීනව බල පැවැත්විය හැක .මේ ලෝකයේදී මෙන්ම මරණින් පසුවද වෛරයඋත්සන්න වන්න එම පුද්ගලයා ධර්මයෙන් ඈත් වේ .එහි හරි වැරැද්ද නොදකියි .පටු අදහස් වල එල්බ තාර්කිකව ධර්මය හෙළාදකින ස්වභාවයක් ඇත.අවවාද දෙන්නන් හටද එම අදහස් ධර්මය ඔස්සේ ගෙනගොස් ඔවුනටම විසඳිය නොහැකි ප්‍රශ්නාර්ථයක් වෛරය ට නිර්මාණය කල හැකිය .

සිතේ ඇතිවන ප්‍රීතිය නම් එහි ඇති සැහැල්ලුවයි .සැහැල්ලුව අර්ථ දක්වන්නේ නම් සිතුවිලි නොමැති වීමයි .නමුත් කිරීමට අපහසුමද එයයි.දිනක් තුල ඕනෑම පුද්ගලයකු තුල ලක්ෂ්‍ය සංඛ්‍යාත සිතුවිලි උපදී.මතකයේ රැඳෙ .අමතක වී යයි .නමුත් සිතුවිලි රහිත වෙලාවක් සොයාගැනීමට අපහසුය .ගැඹුරු නින්දේදී අවබෝධාත්මක සිතුවිලි නූපදී .නමුත් සිතුවිලි පවතී.අප දකින සිහිනද සිතුවිලි එක් ඛණ්ඩයකි .වෙනස නම් සිහින වැල ඇති අපූර්වත්වය යයි .ඒ අපූර්වත්වය මිනිසා සමාජයේ විවෘතව සාකච්චා කර අදහස් ලබා ගන්නා නමුත් සිතුවිලි පුද්ගලයාගෙන් එපිටට නොපැමිණේ .

සමාප්තයි

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...