පුංචි සරුංගලේ ඈත ආකාසේ
නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි
වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාදුනන සීත උණුසුම් කොයි හුළගටත් සරුංගලේට
පුළුවන් අගර දගර දාලා වැඩ පෙන්නන්න.ඒත් සරුංගලේ හැමදාම පුරුදු හුළග එනකන් ඉන්නේ වැඩ
ගොඩක් පෙන්නන්න.ඒ හුළගත් ටිකක් විසේකාරයි.පහළ තියෙන් ගස් වල අතු ටිකක් අඔරවනවා.බිම
තියෙන මිනිස්සුන්ට කිවිසුම් යන දූවිල්ල ඔක්කොම අවුස්සනවා.විසේකාර හුළග එක්ක බෑ.හරි
හරියට ඔට්ටු වෙන්න පුළුවන් සරුංගලේටම විතරයි.ඒ හින්දයි කවදාවත් කුරියා ගහන්නේ
නැත්තේ.
කොච්චර සනීප විදියට හුළග
ආවත් ඒ හුළග එක්ක ඇති තරම් විනෝද වෙන්න සරුංගලේට බෑ.තංගුස් දිග නූල නැත්නම්
සරුංගලේ දැනටමත් සුපුරුදු හුළගත් එක්ක ඔහේ පාවේවි.සමහරවිට හුළග මැරුණහම කඩන්
වැටේවි.ඒ හින්දම තමයි සරුංගලේ තංගුස් නූලට මෙච්චර ආදරේ.ඒකයි සරුංගලේ බය නැතුව අගර
දගර දාන්නේ.
සිංදු කියාගෙන යන පණිවිඩ
අරන් යන හුළගේ ගහගෙන යන කුරුල්ලෝ දවස පුරාවට එමටයි.හුළග එයාලටත් හිරිහැර කරනවද
මන්දා.හුළගට යන්න තැනක් නෑ.ඉන්න තැනකුත් නෑ.ඒත් ආදරය කරන දේවල් එමටයි.ඒකයි හැමදාම
සරුංගලේ හැඩ කරන්න පණ ගන්වන්න ඒ ළගම කැරකෙන්නේ.
අපි බිම ඉදගෙන ඇස උඩ
තියගෙන සරුංගලේ නාටක බැලුවට සරුංගලේට විතරක් ආදරේ කළාට අදෘශ්‍යමාන සුළග අපි ගණන්
ගන්නෙවත් නෑ.ඒත් සරුංගලේ කවදාත් බලාපොරොත්තු වුණේ සුපුරුදු සුළග.එහෙම නේද?
No comments:
Post a Comment