Monday, June 24, 2013

ලොකු කොම්පැණි කරන නරකම දෙය



                                  ඕනෙම කෙනෙක් ලොකු තැනක වැඩ කරන්න කැමතියි .ඒ මොකද ලොකු පඩියක්,ඇතිතරම් දීමනා සහ තත්වය හින්ද .ඉතින් ඉතාමත් කැපවීමෙන් රැයක් දවාලක් නොලබා සේවය කරනවා .
හැබැයි වෙනස මේකයි.මේක කෙරෙන්නේත් සමහර ආයතන වල විතරයි .උදාහරණයකට වගේ බැංකු .බැංකු වල සේවකයන් අවුරුදු 2 ක් ,3 ක් සේවය කරනකොට එයාලව මානසිකව අබ්බගාත තත්වයකට ඉබේම පත් වෙනවා.ශාරීරිකව නොවුනත් මානසිකව සිදුවන මේ සිදුවීම බොහෝ පුද්ගලයන්ට අඳුරගන්න බැහැ .මානසිකව අබ්බගාත කරනවා කියන්නේ සිතීමේ ශක්තිය හීන කිරීමයි .සමහරක් ආයතන සේවකයන්ගේ එම ශක්තිය වැඩි දියුණු කරන්න කටයුතු කලත් ඒ එයාලගේ ඉලක්ක සපුරා ගන්නයි.මිනිස්සුන්ව මානසික අබ්බගාතයින් කරන්නෙත් මනස ඉලක්ක කර යොමු කරන්නෙත් ආයතනවල උපායමාර්ගික ක්‍රම වලින්.
මනසින් ලෙඩ්ඩු වීම ඉතාම අයහපත් දෙයක්.මොකද එය ශාරීරිකව බලපවත්වන නිසා .සමහර සේවකයන්ට ඉඳල හිටලා කල්පනවෙනවා "තමන්ට මොකද වෙලා තියෙන්නේ කියල "තමන් ඉස්සර හිතන පතන විදිය සම්පූර්ණ වෙනස් උනේ කොහොමද කියන ඒක ප්‍රශ්නයක්.නමුත් එදා සිහිනය අද ඔතන ඉන්න නෙවෙයි  බොහෝවිට.ඒ හිතන පතන දෙය ලන්කරගන්න තම වෙහෙසේනවානම් හොඳයි.ඒත් ප්‍රශ්නේ ඒ වෙනකොට එහෙම හිතන්න බැහැ .කරන්න බැහැ.මානසික අබ්බගාතයෝ වෙලා ඉවරයි .
ආයතනයේ පරිසරයෙන් ලොකු බලපෑමක් මේ සිද්දියට තියෙනවා.කොහොම උනත් මානසික අබ්බගාත තත්වය සැම කෙනෙකුගේම එකම හැකියාව වන සිතීමේ ශක්තිය දුර්වල කරනවා.

Thursday, June 20, 2013

මේ 2013 යි

                     

මේ 2013  අවුරුද්දයි .කාලයාගේ ඇවෑමත් සමග මිනිසාගේ ළමාවිය ,තරුණ විය එසේම මහලු විය ,මේ අවධි තුනෙහිම රසවත් බව අඩුවී ඇති සේය.නමුත් එය සැබෑවකි .අපගේ දෙමාපියන්ට අපේ වයසේදී අපට වඩා රසවත් ජීවිතයක් ඔවුන් විඳ ඇත යන්න ඔවුන්ගේ අතීතය පිලිබඳ සොයබලද්දී තේරුම් යයි .
අපේ ජීවිත සම්පූර්ණ නැත.ගහක කොලක් අහලකවත් නැත.කොලපාටක් දකින්නට නැත.ගසකින් ගෙඩියක් කඩාගෙන කාපු කාලයක් මට තබා ඔබටවත් මතක ඇති යයි මම නොසිතමි .අපේ දෙමාපියන් වැඩිහිටියන් සතුව අප්‍රමාණ වූ රසවත් වටිනා කුඩා කතා රාශියක් වේ.ඒවා ඉතාමත් ප්‍රීතිය දනවන කුතුහලයදනවන ඒවාය.ඔවුන්ගේ ජීවිතයේ සෑම මොහොතකටම අවස්ථාවකටම රසවත් කතාවක් වේ.
අපගේ ජීවිත ඉතාමත් නීරස අටුවාවකි.ඒවා  කෘතිමව ගෙවී යයි. හරයක් ඇත.නමුත් ජීවත් වීම එය නොවේ.

Tuesday, June 18, 2013

අනිත් අයට පුලුවන්නම් ඔයාට විතරක් මොකද ?

                                 

අනිත් අයට පුලුවන්නම් ඔයාට විතරක් මොකද ?
                                       ඔන්න ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා.මේක නිතරම අපේ සමාජයේ තියන අහන ප්‍රශ්නයක් ..
ගොඩක් වෙලාවට අහන්නේ කෙනෙක් යම් දෙයක් කරන්න පසුගාමී තත්වයක ඉන්නකොට .කතාවේ දෙපැත්තක් කිව්වේ ඒක විදියකින් මේ වචන ටික පුද්ගලයෙක්ව දිරි ගන්වන්න කරන්න පුළුවන් .
යම්කිසි කෙනෙක් සෘණාත්මකව හිතනවා නම් මේක අහපු ගමන හිතන්නේ "ඇත්ත නේන්නම් ..,අනිත් එවුනුත් ඔය කරන්නේ ..ඇයි මම විතරක් නොකර ඉන්නේ??? ඇයි මට විතරක් බැරි???!!!"
ඔය වගේ .ඒකෙන් ලොකු පෙළඹ වීමක් ලැබෙනවා. හොඳ විදියට අපෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ ගොඩක් වෙලාවට අපේ කිට්ටුම අපිට ආදරය කරන අය.
                       නරක පැත්ත තමයි ඔය දේ කොපමණ කියුවත් කරන්න බැරි නම්.ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියන ඒක තමයි හිතේ තියෙන ලොකුම ශක්තිය .නමුත් ඇත්තටම සමහර දේවල් අපිට කරන්න බැහැ .මිල මුදල්,හැකියාවන්,රසවත්කම්,මේ ආදී දේවල් ගත්තම ඔය ප්‍රශ්නේ අහනකොට නිකම්ම ලේ රථ වෙනවා.එක්කෝ ප්‍රතිරෝදයක් එනවා.
මෙහෙමම කෙනෙක්ව නරකට පොළඹ වන්නත් පුළුවන්.එතකොට තමන්ගේ ප්‍රතිපත්ති ගරුක ජීවිතය ඔය වගේ දේවල් වලට ලොකු ආරක්ෂාවක් සපයනවා.

Sunday, June 16, 2013

ඇතිවෙන්නෙත් ඇතිවෙන්න...නැතිවෙන්නෙත් ඇතිවෙන්න



                     අපි දන්නේ මෙහෙමයි
                            "ඇතිවෙන්නේ  නැතිවෙන්නයි "
                            "නැතිවෙන්නේ ඇතිවෙන්නයි  "

                    ඒත් මේ තමයි සමාජයේ මුල් බැස ගිය පවතින චින්තනය.මානසිකත්වය.ඒත් දියුණු වෙන්න අවශ්‍ය මිනිස්සු හිතන්න ඕන ඔහොම නෙවෙයි.ගොඩක් අයට තේරෙන්නේ නැති ධනාත්මක චින්තනයේ ගැඹුරුම ඒත් සරලම නව චින්තනයක් ගැනයි අපි කතාකරන්න යන්නේ.
"ඇතිවෙන්නෙත් ඇතිවෙන්නයි "අවශ්‍ය  තරම් තිබුණු පලියට එතන නතරවී බලාසිටිම මෝඩ කමක්.තියෙනකොට තව මොනවද තියාගන්නේ ඒවගේම තවමොනවද පිටට දෙන්නේ කියල හිතල ඒ අනුව වැඩ කරන්න ඕනේ.එතනින් එහාට ඇතිකරගන්න ඕන තමන් ගාව නැති දෙයක්.
තවත් සමහරු "නැතිවෙනවා ".බංකොලොත් වෙනවා .කලකිරෙනවා.එහෙම නැත්නම් දුකට පත්වෙනවා.ඕන කෙනෙක්ට ඒක ඒක ආකාරයෙන් නැතිවීම් තියෙන්න පුළුවන් .එතැනදී සුසුම් හෙලලා වැඩක නැ.
මොකද "නැතිවෙන්නෙත් ඇතිවෙන්න" 
වැටුනම තමයි හිතට ශක්තිය එන්නේ අයිත් නැගිටින්න.

Wednesday, June 12, 2013

The Mega Teledramas in Sri Lanka

                     
                     
In Sri Lanka I see the television channels as the useless source of entertainment.Specially its because of the series of mega teledramas which in every channels.Normally it takes half an hour to one and there are several for a day.
Its important to say that these teledramas are very popular and attached to the peoples' lives.Most people surely watch it otherwise they try  to listen the today's story by other fans if they couldn't watch it.The small kids stop their playing while those teledramas on the TV.
I mean mega teledrams are fantasies and imagining visuals.It's a time wasting activity for entire nation.
In the scene loving beautiful girls ,women and rich men with unbelievable face make ups trying hardly to make their role artificial to natural.But they can't.Why?
Because they are not real.
I agree that that there are good mega teledramas actually trying teach something important and convey a valued message to the society.
The quality of the purpose of  a teledrama should be high.Let's think different.
Now you can imagine.First take a fancy mega teledrama and watch some .They think when those characters in the scene are very poor people. You can see extraordinary barren and bored  feeling.
There isn't ant story yet without MONEY.MONEY MAKES FANTASIES.
The foundation of these teledramas ,as the aspect of the nature of it is money and power.THINK.
Without it there isn't story inside the teledrama. Useless popular teledrama change people lifestyle and expectations badly.It should not be happened .
Every mega or any teledrama on TV should give values and useful entertainment to the nation.

Tuesday, June 11, 2013

පුංචි පැලේ අතු කැපීම

                         

මිහිපිට වාසය කරන ඕනෑම මිනිස් දෙමාපියන් හට එක් සදාතනික බලාපොරොත්තුවක් ඇත .එය සියල්ලන්හටම පොදු වේ.බලාපොරොත්තු වන්නකි.
එනම් සියලු හැකියාවන් පිරි උසස් මනසකින් යුත් නිරෝගී දරුවකු බිහිකර ගැනීමයි .
ඉතා හොඳින් පල දරන නිරෝගී හා නව තාක්ෂණයට අනුව නිපදවූ පලතුරු පැලයක්‌ ගනිමු.එසේත් නැතිනම් හොඳින් මල් පිපුණු නිරෝගී ශාකයක් ගනිමු.ඔබ එම ශාකයෙන් තෘප්තිමත් වන්නේ කෙසේද?
අවශ්‍ය ප්‍රමාණයට වැඩේ අනම් ,නිසි කලට නිසි ඵල ලැබේ නම් ලෙඩ දුක අඩුනම් හා සිත්ගන්න සුළු කොළ පැහැයෙන් යුක්ත නම ඔබ මනාව එයින් තෘප්තිමත් වේ .
අවාසනාවකට මෙන් ඔබ ලද්දේ ඉතා විනාශකාරී ලෙස වැඩෙන එම ශාකය නිසා අනිකුත් සතුනට හා ශාකයනට හානි පමුණු වයි නම් ,නිසි පල නොලැබෙන ශාකයක් නම්ඕන ඊට පිළියම් යොදනු නිසැකය.විනාශකාරී ලෙස වැඩේ නම් අතු කප්පාදු කරයි .නිසි පල නොලැබේ නම් ඒ සඳ හා පිළියම් කරයි.වැඩිම බාල නම් අවශ්‍ය පෝෂණය ලබාදේ.
දරුවන් ලද දෙමාපියනුත් මේ ආකාරයෙන්ම ක්‍රියාකරනු අපට සමාජයේ දැකගත හැකිය.නමුත් පළමුව සඳහන් කල පරිදි සියල්ල සිදුවේ නම් වාසනාවකි.එය කල හැක්කකි .
නොහැක්කක් නොවේ.එසේ වැඩෙන ශාක මිහිපිට වේ.එලෙසම එසේ වූ මිනිස් දරුවන් ලෝකයේ උපත ලබති.

Monday, June 10, 2013

ඔබේ ආදරයත් දවසක ඔබ ළඟ ඉඳීවි

     
           
ආදරය කරන්න කෙල්ලෙක් හෝ කොල්ලෙක් නැත්නම් දුක් වෙන්න එපා.මොකද එහෙම වෙන්නේ කියල බැලුවොත් ,ඒ තමන්ගේ අභ්‍යන්තරයේ ඇති සංකීර්ණ බව හින්දයි .
සංකීර්ණ බව හැම වෙලාවේම සිතුම් පැතුම් ,බලාපොරොත්තු වලටත් ව්‍යාප්ත වෙනවා.ඒත් මේ සංකීර්ණ බව අපට නරකමයි කියල කෙලින්ම පෙන්නන්න බැහැ.සරල බව වටිනා බව ඇත්ත .නමුත් සිතුවිලි වල සංකීර්ණත්වය නිසා ආදරයත් ගැඹුරු වෙනවා.ආදරය ගැඹුරු වෙන්න වෙන්න ඒ ආදරය වටහාගන්න පිරිස අඩුවෙනවා.සාමාන්‍ය ගැහැණු ළමයෙක්ට පිරිමි ළමයෙක්ට මේ ආදරය වටහා ගන්න ඒක පාරටම බැහැ.
නමුත් කාලය මේ ගැටලුව විසදනවා .

Saturday, June 8, 2013

මිනිස්සු හොඳද නරකද ?

                             

 කොහොමද අපි මිනිස්සුන්ව වර්ග කරන්නේ ?
ලොකු ප්‍රශ්නයක් .කාලයක් ගොඩක් හොඳයි කියන අය පස්සේ නරක් වෙනවා .මේ ඇයි කියන එකට සරල විසදුම් තියෙනවා.එකක් තමයි නවත්වන්න බැරි වෙනස් වීම.ඕනෑම දෙයක් වෙනස් වෙනවා.හොඳ නරක කියන්නෙත් වෙනස් වීමක් එක්තරා ඇසකින් දකින ක්‍රමයක් .
මේ දේ අපිට තේරුම ගන්න වෙනවා.
ඒ වගේම හොඳ හෝ නරක අපේ සිතුවිලි රාමුව මත පදනම් වෙනවා.සිතුවිලි රාමුව,මනස හා බැඳුනු විවිධ වූ ස්වයං හෝ භාහිර ක්‍රියාකාරකම් අරභයා නිර්මාණය කරගන්න නීති මාලාවක්.කොටු කර ගැනීමක් .
ඉතින් මේ නීති පද්ධතිය යටතේ අපි එකිනෙකා  වෙන්කර  දකිනවා .ඒ වගේම මේ රාමුව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.එකයි  සමහර මිනිස්සුන්ට හොඳ විදියටත් අනික අයට නරක විදියටත් පේන්නේ .

රාමුව ඉතා කුඩා නම් නරක දකින්න ලේසියි .ඒත් රාමුව ඉතා පුළුල් නම් එම පුද්ගලය යම්  දෙයක් ධනාත්මකව බලන්න තියෙන ඉඩකඩ වැඩියි .එහෙම උනාම ප්‍රශ්න අඩුයි .
ගොඩක් නිරවුල් මනසක් පවත්වා ගන්න උපකාරී වෙනවා .

Wednesday, June 5, 2013

සිතුවිල්ලක් පමණද?


මේ ලෝකේ මිනිස්සු ගොඩක් දුක් විදිනවා.ජීවත් වෙන්න.
තවත් සමහරු අනෙකුත් ආශාවන් පසුපස ගිහින් ඒවා ලබා ගන්න.මිනිස්සු එහෙම දුක් විදින්නේ නැත්නම් මොකද වෙන්නේ?
අපි වටා අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා නම් අපි හිතන දේවල් වෙන්නේ නැත්තේ ඇයි?
හරි මෙහෙම නරක විදියට හිතන දේවල් නොවෙන්නත් හොඳ දේවල් හිතන,වෙන්නත් පුලුවන්නම් මොකක් වේවිද?
සමහරවිට කාලයක් යනවිට හැම මිනිහම හිතල හොඳ දේවල් කල්පනා කරාවී.එතකොට නිතැතින්ම ඔය අදහස් ඔලුවට එන මිනිස්සුත් ඉඳීවි .එයාල විටිනවා.මුලින් කිව්වා වගේ මිනිස්සු බලෙන් හරි හොඳ දේවල් කල්පනා කලොත් මිනිස්සු වෙනස් වෙනවා.ඒක අනිවාර්යයි .

Monday, June 3, 2013

ඒ හිනාව

                                   

 මිනිස්සු හිනා වෙන කොට කොච්චර ලස්සනද?ඒ හදවතින්ම මිනිස්සුන්ට සමීප වෙන තවත් ක්‍රමයක් .නමුත් ඉතාම වටිනා දෙයක්.අපිට ඒදේ වටිනා දෙයක් ගොඩක් ප්‍රියජනක දෙයක් විදියට දකින්නත් සමහරු ඒක පහත්කොට සලකන්නෙත්  ඇය් කියල මම දන්නේ නැ .ඒත් සමහරවිට එහෙම දැනෙන්නේ,ගොඩක් වටිනවා කියල දැනෙන්නේ  අපි ඉන්න පරිසරයේ සිනහව ගොඩක් අඩු හින්ද වෙන්න ඇති.
එහෙම නැත්නම් මට එක ලැබුන හින්ද වෙන්න ඇති.
අපි හිනා වුනොත් ගොඩක් අය හිනාවෙනවා.මට වැදගත් නැ ඒ කවුද කියන එක.එකිනෙකා අතර ඇතිවන මේ සරල සන්නිවේදනය සරල නෑ හිතන තරම්.ඊට වැඩිය දෙයක් මේ ක්‍රමය අරගෙන යනවා වගේ දැනෙනවා.
ලබැඳියාව,ආදරය,කරුණාව,හිතවත්කම ,කෝපය වගේම උපහාසයත් ...

Saturday, June 1, 2013

මිත්‍රත්වයෙන් එහාට ගියොත්


ගොඩක් වෙලාවට යාලුවෝ ඉන්නකොට කෙනෙකුට වෙනමම ආදරය කරන්න හිතෙන්නේ නැ.
ඒත් ආදරය කරකර ඉඳල නතර උනොත් එදාට එයාට ගොඩක් යාලුවෝ ඕන වෙනවා.තියෙන වේදනාව යාළුවොත් එක්ක ඉන්නකොට හරි ඉක්මනට අඩුවෙන හින්ද .ආදරයත් එක්ක යාලුවෝ අමතක වෙන්නත් පුළුවන්.ආදරය එක්ක ආත්මාර්ථය තියෙනවා.ඒ අපි දකින ආදරයේ සරලම ස්වභාවය .
හැමෝටම යාලුවෝ ඉන්නවා.
යාළුවන්ට පුළුවන් ආදරවන්තයෝ වන්තියෝ වෙන්න.
ඒත් ආදරය කරන අයට පුලුවන්ද යාලුවෝ වෙන්න ??
පුළුවන් .
ඒත් මුලින් කියපු දේ ටිකක් අමාරුයි මට හිතෙන්නේ.මොකද ආදරය කරන දෙපලක් ළඟ යාළුකම තියෙනවා.යාලුකමටත් වැඩ දෙයක් තියෙනවා.

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...