Thursday, October 17, 2013

අපි දන්නා විදියට අපි කැමති දේශපාලනය




                  දේශපාලනය එක්තරා ආයතනයකට සුළු පිරිසකට හෝ එසේත් නැතිනම් පක්ෂයකට අයත් වූ විෂයක් නොවේ.රටක දේශපාලනය එහි පුරවැසියන්ට කැප වුවක් විය යුතුය.පුරවැසියන් එහි ක්‍රියාන්විතයට සපුරා දායක විය යුතුය.
මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට යවන්නේ රටක සෑම පුද්ගලයෙකුටම මහජන නියෝජිතයෙක් විය නොහැකි නිසාය.නමුත් මහජන නියෝජිතයින් යනු රටක ජනතාවයි.මහජන නියෝජිතයින් රටක ආණ්ඩුව පන ගන්වයි.ඔවුන් සියලු දෙනාගේම නියෝජිතයා ජනාධිපතිවරයායි .ආණ්ඩුවේ බල මූලය මහජනතාව නමුත් ,දේශපාලකයින්  තේරුම නොගන්නෙත් එයම වීම පුදුමයට කරුණකි.අපේ රටේ සියලුම දේශපාලකයින් මහජනතාවට කිට්ටු වීමට එසේත් නැතිනම් සමීප වීමට අසාමාන්‍ය බියක් දක්වයි.ඔවුන්ගේ ප්‍රධනතම  බිය තම ජීවිතයට සිදුවිය හැකි හානි වන අතර අනෙක් බිය මහජනයාගේ යෝජනා,චෝදනා හා අවශ්‍යතා ඔවුන් ඉදිරියේ ප්‍රදර්ශනය වීමයි.
  එදා දෙතුන් දෙනෙක් සමග ගෙයින් ගෙට චන්ද ඉල්ලු පුද්ගලයා පාර්ලිමේන්තු සාමාජිකයෙකු වූ පසු දකින්නට නැත.සිටියත් ආරක්ෂක වළල්ලකට මුවාවෙලාය.
පාරක ගියත් අනෙක් බොහෝ පිරිසකට කරදර වන ලෙස නද දෙමින් ඔවුන්ගේ සුපිරි වාහන පේලියයි.රෝගියකු ගෙනයන ගිලන් රථයකට අපි ඉඩ දිය යුත්තෙමු.නමුත් අපේ ලොකු මහත්තුරුන් එසේ කඩිමුඩියේ යන්නේ කිසියම් රෝගී තත්වයක් නිසා දැයි සැක සහිතය.
භීෂණය හා රට තුල බොහෝ ආරවුල් පැන නගින්නේ මහජන නියෝජිතයින්ගේ පටු ආත්මාර්ථකාමී ,තම වාසි හෝ පක්ෂයේ වාසි උදෙසා ගන්නා වූ මෝඩ තීරණ හා ක්‍රියාමාර්ග නිසාය.
දේශපාලකයින් මිනිසුන් තුල ජීවත් වේ නම ඔවුනට කිසිදු හානියක් සිදු නොවේ.නිවැරදි දේශපාලකයින් යනු රණවිරුවෝ වැනිය.

රට උදෙසා මහජනයා උදෙසා දිවි පුදන්නෙකු විය යුතුය.එසේ නොමැති නම් මෙම පුද්ගලයින් මහජන චන්දයෙන් පත්වන්නේ ඉතාම ලබා උපදවන හොඳ වැටුපක් හා දීමන සහිත රැකියවකටද?
මොවුන් තව හඳුනා ගත යුත්තකි .එනම් "ජීවත් වීම ?" යනු කුමක්ද ය යන්නයි. හුස්ම ගන්නේ නම ඔහු හෝ ඇය තවමත් ජීවතුන්  අතරය.පොහොසත් මිනිසුන් දගලන්නේ ජීවත් වන්න නොවේ.ඔවුන් ජීවත් වන රටාව රැක ගන්නයි.නමුත් අසරණ දුප්පතුන්  දගලන්නේ "ජීවත් වෙන්නයි."මේ දෙයාකාර ජීවත් වීම අපි සැවොම හදුනා ගත යුතුය.
මම පාර්ලිමේන්තු නියෝජිතයින්ට යෝජනා කරමි.එන්න සාමාන්‍ය මිනිසෙකු ලෙස විත්


  • කඩයකට ගිහින් ගෙදරකට අත්‍යවශය බදු ටිකක් ගන්න,කඩේ බඩු හරි ගණන් කියල දැනේවි.
  • සෙනග පිරුණු බස් රථයක නැගී දිගු ගමනක් යන්න,කිව නොහැකි අපහසුවක් දැනේවි.
  • වාහන තදබදය සහිත අගනුවර මාර්ගයක් ඔස්සේ වාහනයක් පදවන්න.,ඔබේ මුවට ඉතා සංවර වදන් පමණක් පැමිණේ යයි මට නොසිතේ.
  • බිමක මිරිස් පැල 10 ක් හෝ බටු පැල 10 ක් වග කර අස්වැන්න ගන්න උත්සහ කරන්න.,..එවිට ගොවියන් කොපමණ උත්සහවන්තද යන්න තේරේවි.
  • එක දවසක් නිරාහාරව සිටින්න ..,ඔබේ විශාල උදරය තුල විශාල ගිනිගොඩක් ඇති සේ දැනේවි.මතක තබා ගන්න අපි සැවොටම උදරයක් ඇති බව.
  • රාජ්‍ය ආයතනයක් සමග ගනු දෙනු කරන්න...,ආයතන නිලධාරීන්ගේ කැප වීම ගැන ඔබට පුදුම හිතේවි.ඔබ එම ආයතනයට යලි නොයනබව විශ්වාසයි.
  • සාමාන්‍ය රෝහල් වාට්ටුවක රෝගියකු වන්න...,ඒ හැඟීම ලබාගන්න වාසනාවන්තයෙකු වන්න.
              නිවැරදි දේශපාලනයේ ප්‍රයෝගික දැක්ම සඳහා මේවා සරල අභ්‍යාස ලෙස බවිත කරන්න.නමුත් ඒ කලත් ඔබ සිතන්නේ  "මං ඉන්න පුටුව රැකගන්නේ කොහොමද?" යන්නයි.ඒ ඔබේ දේශපාලන පටු දැකීමයි.
මහත්මා දේශපාලනයේ නියැලීමට නම් ජන නායකයකු වීමට නම් ලොකු කම් අතහැර අපි අතරට එන්න.අපි ඔබ පිළිගන්නෙමු.






සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...