Monday, July 10, 2017

සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (1 කොටස )

                        පියර ගෑ ජේත්තුවට ඇඳ ගත්ත බෝනික්කන්ගෙන් හා ටයි කෝට් දාගත්තු මහත්තුරු ගොඩක් එක්ක ගත කරපු වෙලාව ඇත්තටම ඇස් වලට නම් ගොඩක් රිදුන .ඒ තරම් පාට පාට එලි එහෙන් වැටෙනවා .මෙහෙන් වැටෙනවා .
තරු පහේ හෝටලයකට වඩා වැඩි වෙන්න වගේ නානාප්‍රකාර කෑම ජාති වලින් පිරුන කෑම මේසේ දැකලා මගේ හිත පිරුණත් හැඳි ගෑරුප්පු වලින් කාපු කෑමෙන්  මගේ බඩ පිරුණේ නැහැ .
ඉස්සරහා ලොබියේ වාඩි වෙලා හිටිය ගෙදර යන්න .මගේ කාරය පාරෙන් එහා  පැත්තේ නතර කරන්න කිව්වට මට පුදුම තරහක් එවලේ ආවේ ඒ ආරක්ෂක නිලධාරීන් එක්ක .මේ වැස්ස අස්සේ මොන සිකුරුටිද ?

එදා කොළඹට වැහි බින්දු වැටුනේ නැහැ .අහසින් වතුර පීල්ලක් වැටුන වගෙයි මම දැක්කේ .අමාරුවෙන් හරි හම්බ කරගත්ත ටයි කෝට් සපත්තු පරිස්සම් කරගන්න ඕනි හන්ද තව ටිකක් ලොබියට වේලා වැඩි වේලා හිටිය.පොල් වැහි බින්දු වලින් පස්සේ සිරි පොදයක් වගේ වැටෙන කොට පාරෙන් එහාට පැනල යන්තම් කාරයට ගොඩ වුණා .මගේ කාරයත් පරණ වුනාට මගේ එහෙ මෙහෙ ගමන්වලට පැනල එන්නේ .හමේ තැන් තැන් වල දිරුම් පුල්ලි වැටිලා තිබුනත් හදවතේ ටිකක් සද්ද බද්ද ඇහුනත් කවදාවත් අපිට ඒ කියන්නේ ගෙදර කාටවත් අනතුරක් කලේ නෑ .
වායුසමීකරනයේ අගය තේරෙන්නේ වීදුරු සේරම වහගෙන වැස්සේ යනකොට .මොකද ඇතුලින් දුමාරයක් වගේ වීදුරුවල බැඳිලා .කිසිම දෙයක් පෙන්නේ නෑ .ඉතින් යන ගමන් පිහිදන්න ඕනි .වයිපරයත් වැඩ කරපු එකට එදා නම් ගොඩක් සතුටු වුණා .
වීදුරුවල දුමාරය වැඩි වෙලා අන්තිමට කොච්චර පිහිදම්මත් එලිය හොඳට පෙනුනේ නැත්තේ පිට නාකපන්න වහින හින්ද වෙන්නත් පුළුවන් .

ඔහොම ඉතින් මහරගමට ආවා .මිනිස්සු තැන් තැන් වල නැවතිලා .ඒත් කිහිප දෙනයි .මහා රෑ ජාමේ ධාරානිපාත වර්ෂාවකටත් මදි වෙච්ච මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඇති යන්න හිතෙන්න වුනේ නෑ.පෙනුනා ඒ මිනිස්සු වින්ද දුක .

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...