Friday, November 14, 2014

හෙටත් හෙටක් තියෙනවා



අතේ ජීවන රේඛාව එක දිගට නෑ .එක තැනකින් කැඩිලා .අත බලාපු  අය  කිව්වේ පරමායුෂ නැහැ කියල .මට ඉතින් ගානක් නෑ .ඕව කොහොම වේවිද කියල දන්නේ නැති හින්ද.එත් ජීවත් වීම දුකක් කියල වෙන දේවල් දකින දේවල් අනුව තේරෙනවා.ඉතින් කවද කොහොම මැරුණම මොකද?
ඒත් මේ දැන්.මම .රස්සාවක් කරන ඉගෙන ගන්න කෙනෙක් .ආදරය කරන කෙනෙක් .
හෙට මම කවුද කියන එක අපි තීරණය කරලා ඉවරයි .ඒක ජීවිතයේ ඉලක්කය .
ඒත් ඇත්තටම තමන් කවුද කියන එක කීයෙන් කීදෙනාද දන්නේ.මමවත් තාම හරියට දන්නේ නැහැ මම කවුද කියල .අතේ රේඛා මැකිලා ඇති .ඒත් අපි ජීවත් වේවි .ඔහේ කාලය ගෙවිල යනවා කාටවත් නොදැනී .එහෙම කාලය ගෙවෙන්නේ සිහිකල්පනාව අඩු උනහම .නැද්ද ?

මන් දැන් කල්පනා කරනවා ඉර පායන දිහා බලාගෙන .හෙට මන් කවුද කියල .හෙටත් හෙටක් තියෙනවා .කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ .ඒ වගේ තමයි ජීවිතෙත් .ලස්සන දවස් වේදනාබර දවස් මේ හැමෝම එක්ක ජීවිතේ ගලන යනවා.කාලය එකම විදියට එකම ගානකට හැමදාමත් අපිව අරන් යනවා.
කාලයට එතකොට කිසිම දෙයක් දැනෙන්නේ නැද්ද ?

කාලය කියන්නේ කවුද එතකොට ?මටත් කාලය වගේ වෙන්න පුලුවන්නම් .ඉවරයක් නැතුව ඔහේ ගෙවිල යන්න .එත් එතකොටත් වෙනසක් නෑ .එහෙම හරියන්නෙත් නෑ .

Monday, November 3, 2014

Who is Happiest ???

Dear Friends,
I got this from my inbox :-)Enjoyyy




A crow lived in the forest and was absolutely satisfied in life.
 
But one day he saw a swan. "This swan is so white," he thought,  "I am so black.
 
This swan must be the happiest bird in the world."
 
He expressed his thoughts to the swan. "Actually," the swan replied,
"I was feeling that I was the happiest bird around until I saw a
parrot, which has two colours. I now think the parrot is the happiest
bird in creation."
 
The crow then approached the parrot. The parrot explained, "I lived a
very happy life—until I saw a peacock. I have only two colours, but the
peacock has multiple colours."
 
The crow then visited a peacock in the zoo and saw that hundreds of
people had gathered to see him.
 
After the people had left, the crow approached the peacock. "Dear
peacock," the crow said, "you are so beautiful. Every day thousands of
people come to see you. When people see me, they immediately shoo me
away. I think you are the happiest bird on the planet."
 
The peacock replied, "I always thought that I was the most beautiful
and happy bird on the planet. But because of my beauty, I am entrapped
in this zoo.
 
I have examined the zoo very carefully, and I have realized that the
crow is the only bird not kept in a cage. So for past few days I have
been thinking that if I were a crow, I could happily roam everywhere."
 
That's our problem too. We make unnecessary comparison with others and
become sad. We don't value what the nature has given us. This all leads to
the vicious cycle of unhappiness.

Monday, September 29, 2014

කෙටි කතාව




ජීවිතේ කෙටි කතාවකි .ඇත්තේ බොහෝ දෙනාට සමපාත වන නීරස නමුත් රස කළහැකි සුළු පරිච්චේද ප්‍රමාණයකි .අප කිසිවෙක් අප මියෙන දවස නොදන්නා නමුත් උපන් දවස සැවොම දන්නා කාරණයකි.කිසිවෙක් තම උපන් දවසත් මියෙන දවසත් දෙකම නොදනී .ඉපදීම සතුටක් බව දැනෙනුයේ ඉපදී පසුව විදින සැප අනුවය.එහෙත් මරණය සැමටම දුකකි .වේදනාවකි .
එහෙත් යමෙක් ඒ දෙදිනම හොඳාකාරවම දන්නේ නම් ඔහුට හෝ ඇයට කෙසේ සිතෙනවා ඇතිද?විශේෂයෙන් අපි මේ ලෝකය අතහැර යන මොහොත සියලු දෙනාගෙන් වෙන් වෙන මොහොත අපේ ඇස්වලට අන්තිම කඳුළු බින්දුව උනනවා නිසැකයි .ඊට පසුව දැනෙන දේ පැවසීමට අපි මේ ලෝකයේ තවත් ජීවත් නොවේ .
මම උපන්නෙමි.ඉතා ඉක්මනින් සුළු කාලයකදී වෙනමම ආකාරයකින් පෙර නොදුටු මවකගෙන් .මට ලැබුණු ජීවිතයට මම ආදරය කරමි .මගේ මව මට පූජනීය වස්තුවකි.පෙර නොදුටු ලෝකය දැන්වත් දැක ගන්නට දෑස් විවර කර දුන්නේ ඇයයි .ජීවත් වීමට තව තවත් ආශාව මගේ ජීවිතය තුල ඇත.මගේ මව මට ඉතා ඉක්මනින් එකම රුධිරය දුවන ලෙන්ගතු සහෝදරියකද ලබා දුන්නාය .මගේ ජීවිතයේ ප්‍රථම වරට මම හුස්ම ගන්න බව මට දැනුනි.මගේ අම්ම මට රූමත් පෙම්වතියකද මැව්වාය.ප්‍රථම වරට මගේ හුස්ම වලත් උණුසුමක් ඇති බව මම තේරුම් ගතිමි .
ඇය සඳහා මම ජීවත් වෙමි.ඇගේ සිහින මගේ පැතුම් හා එක්වී මේ ජීවිතයේ සැබෑවක් විය.ඇගෙන් මම ජීවිතය ලදිමි .ඇගේ දෑස් තුලින් මම ආදරය දුටිමි.ඉතාමත් අදරයෙන් අපි ජීවිතය ගත කරන්නෙමු.සුවපත් සැපවත් ජීවිතයක් ගත කිරීමට දිවා රෑ වෙහෙසේන්නෙමි.පසුව මාහට රැකගැනීමට ආදරණීය දූ පැටියෙක්ද ලැබුණි .ඈ මගේ හදවතයි.ඈ මගේ සුපිපි කුසුමයි .රූමත් කෙළිලොල් ඇය වගේම ඇගේ දඟකාරකම් සිඟිති කතන්දර හමුවේ මා ආදරණීය පියෙක් විය.මේ මගේම ජීවිතයයි .

සියල්ල සපිරි දයාබර ජීවිතය ඉතා ඉක්මනින් ගෙවී යමින් පවතී.සියලු දේ අතහැර යන කඳුලෙන් පිරුන වෙන්වීම අතලගය.අපි අපේ ජීවිත වල අවසානය නිසැකව දනිමු.එදින මම මගේ මවත් ,දයාබර නැගණියත් ,මගේ හුස්ම වන මගේ ආදරයත් ,මගේ පුංච් දූ පොඩ්ඩවත් හැර යන්නෙමි .නිසැකවම ඔවුන් මා හැරයාවී.නිසැකවම ඉතමත් නුදුරු දිනක..ඉතින් මම සූදානම්ද ?

Friday, August 1, 2014

හොඳ දවස්



මට හොඳ දවස් නරක දවස් කියල නෑ .හැමදාම හොඳ දවසක් .
ඊයේට වැඩිය අද වෙනස් වෙන්න පුළුවන් .එත් ඒ වෙනස් වීම් වලට මං ආසයි .
මට ඕන කරන හැමදේම මං කවද හරි ලංකරගන්නවා .
දැනට නැති උනාට කෙදිනක හෝ ලබාගන්නවා කියන බලාපොරොත්තුවත්, ලබාගන්න ශක්තියත් මං ගාව තියෙනවා.
මං අවදි උනේ ප්‍රීතියෙන් මේ ලස්සන ලෝකය දකින්න .වේදනා රිදුම් තිබුනත් ඒවා ඉවසා ගන්න”පැමිණෙන දුක් පැණි රසයි ” කියන්න  ඒවගේම පුළුවන් ආකාරයෙන් අනික් අයව සුවපත් කරන්න  මං උත්සාහ කරනවා .
මගේ ජීවිතේ සම්පූර්ණද නැද්ද කියන්න මම දන්නේ නෑ.එත් මම නවතින්නේ නෑ කුමක් නිසාවත් කවුරු හින්දවත් මොන හේතුවකටත් ....!!!!

මගේ මේ ශක්තිය ..මං විස්වාස කරනවා මොකද  මගේ ජීවිතේට වගේම අනික අයගේ ජීවිත වලටත් ඒක ශක්තියක්ම වෙන හින්ද ..

Monday, July 21, 2014

ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ





විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ  බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක් නැති උනාට ලඟා තියෙන ලීමොලෙන් හම්බු වුන ගිනිකූරු පටි ගහල, සවු කොළ  අලවල පරණ මොටරයකුත් මෝටර් දාල, හදපු කූඩුවේ නොපෙනෙන ජාතක කතාවක් නැතුව නොවේ.වෙසක් වලට නෙවෙයි ඇසල පෝයට හදපු කූඩුවක් වගේ හැමෝටම හිතෙන්නේ .එත් ඕක හැදුවේ හිතේ තියෙන ශක්තියට කියල කීයෙන් කීදෙනාද දන්නේ ?

සිමෙන්ති ගලින්  නග්ගල කපරාරු නොකරපු ගෙදර ජනෙල් තාම හයි කරලා නෑ.ජනෙල් වෙනුවට අලවපු පාට පාට ඉටිකොළ දැන් ඉරිලා.දැන්නම් ජනෙල් නොදැම්මත් කමක් නැ වගේ.අවුවෙන් වැස්සෙන් හිරිකිඩ වලින් ඇරෙන්න හොර හතුරන්ගෙන් පීඩාවක් එන්නේ නෑ කියල හැමෝම දන්නවා.මීට අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ල ගේ කපරාරු කරන්න ගොඩදපු වැලි ගොඩේ බාගයක් වැස්සට හේදිලා ගිහින් .තව ටිකක් පස් වෙලා .තව කොයි කාලෙකින් ඔය වැඩ පටන් ගන්න පුලුවන්ද දන්නේ නැ .
පොඩි කොල්ලගේ හපන් කම් බලන්න මමත් ගියා.

“එන්න මිස් ..එන්න මහත්තය ”ළමයාගේ අම්ම හරි සන්තෝසෙන් කතා කලේ.එයාලට මාව දැකල තවත් සන්තෝසයි.
කොල්ලගේ තාත්තා එහා ගමේ ගෙදරක කුලී වැඩ කරනවා.අම්ම ගෙදර ලෙස්සල වැටිලා දැන් මාස ගානක් සිංහල බේත් කරනවා.හම්බ වෙන සොච්චම් පඩියෙන් ගෙදරටත් වියදම් කරලා මේසා වැඩක් කරන්න පුතාව උනන්දු කරපු ඒ තාත්තා  නියම පියෙක් .
හවස 6.30 යි .මමයි අම්මයි තාත්තයි ,අපි තුන්දෙනාගෙන් ගෙදර මැද සාලේ පිරිලා.කෑම මෙසේ උඩ කේක් පිගානකුයි හැලප පිගානකුයි.පරාලේ වටේ ඔතල වයර් කොන් දෙකක් බුද්ධ රූපෙ බල්බයටත් අනික් වයර් කොන් දෙක කූඩුවේ මෝටරේටත් නිවැරදිව  ගිහින් තිබුන .
සුභ මොහොත ..”මිස් පොල්තෙල් පහන පත්තු කරන්න “අපේ අම්මට ඉටිපන්දම දුන්නේ දෝතින්මයි .පුංච් කාලේ ගමේ ඉස්කෝලෙදි  අකුරු කරපු මතකේ  තාමත් උන් ලඟ තියෙනවා.අද මේවගේ දෙයක් කරන්න එදා ඉස්කෝලෙදි  ගුරුතුමිය දාපු අඩිතාලමේ  ශක්තිය දැන් කොල්ලට තේරෙනවා.
“දියුණුවෙන් දියුණුවට පත්වෙන්න දහිරිය ශක්තිය ලැබේව ”අපේ අම්මගේ ආශීර්වාදය .අපේ අම්මටත් වැඩිය අඩියක් එකහමාරක් උස ඒ ළමය අම්ම ඉස්සරහ පොළවටම පාත්වෙලා දණගහල  වදිනකොට මට අම්ම ගැන  දැනුනේ ලොකු ආඩම්බරයක් .මං ඒ ගෙදරට ගිය පලවෙනි දවස උනාට එදා, එතන මං නිතරම පය ගහන තැනක් වගේ මට දැනුනේ.
මෝටරේ වැඩ පටන් ගත්ත .කූඩුව කැරකෙනවා.පැටවූ කූඩු පහත් හෙමින් හෙමින් කරකැවෙනවා.ගමේ වයසක මිනිස්සු කීපදෙනෙක් එයාලගේ ළමයින්ගේ ළමයි එක්ක ඇවිත් හිටිය.එත් දහ දෙනෙකුට අඩුවෙන් හිටියේ.ගෙදර බලු කුක්කයි ලඟා ගෙවල් වල එවුනුයිත් තනියෙන් ඇවිල්ල හිටිය.තිරිසන්නු උනත් උන් දන්නවා මොකද්ද හිතවත් කම කියල.අපේ අය වට වෙලා බලන්නේ අනුන්ගේ ඕප දූපයි කුණුකන්දලුයි එහෙමත් නැත්නම් ලාබෙට මොනවා හරි විකුනනවානම් හරි විතරයිනේ .එහෙම නෙමේද ?

පුංචි උනත් ලොකු උනත්  ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ අනන්තවත් මේ පොලවේ ඇති

Monday, July 14, 2014

මානසික විප්‍රකාර,ආදරය හා අවබෝධය



මේ මාතෘකාවට ආදරයෙත් සම්බන්දයක් නැත යන්න පැවසීම මුසාවක්.ආදරය යනු එක්තරා අවබෝධාත්මක බැදීමක් ලෙස මට සිතේ.
පිවිතුරු ආදරය එකී නෙකා පිලිබඳ නිවැරදි  අවබෝධය ලබාදේ.අවබෝධය යනු අනෙකාගේ සිතුම් පැතුම් පැතුම් හඳුනාගෙන  ක්‍රියා කිරීමයි .දෙදෙනෙක් කිසිවිටෙකත් එකෙකු වන්නේ නැත.සිතෙන් දෙදෙනෙකි.නමුත් ආදරයේදී සැවොම එකිනෙකාට  විවුර්ත වේ .එනම් සිතෙන දේ ,දැනෙන දේ ,කරන දේ ,වෙන දේ මේ සැම දෙයක්ම  අපි හුවමාරු කර ගනිමු.ඒ හුවමාරු වන ඕනෑම දෙයකට අපි ආදරය කරන්නෙමු.එසේ නොවේද?
විටෙක අපි පවසන දෑ වල සීමාවක් නොමැති වීමට හැක.වල්පල් වීමට හැක.ඕපදූප වීමට හැක.මෝඩ විය හැක.ඇත්ත වශයෙන්ම බොළඳ විය හැක.නමුත් පවසන්නේ ඇය හෝ ඔහුටය .එය කුමක් උවත් ගැටළුවක් නොවේ.කිමද මම ඔබ ගැනත් ඔබ මම ගැනත් හොදින් දන්නා බැවිනි .යුවලට අවශ්‍ය වන්නේ ආදරණීය පිළිසදරයි.එසේ නම්  ඒ වදන් වල මානසික විප්‍රකාර තිබිය හැකිද?
මෙය පිළිගත නොහැක .ආදර හැගීම් එක එක ආකාරයට මනසේ ඇතිවෙන බව ඕනෑම ප්‍රේමවන්තියෙකු හෝ  වන්තයකු පිලිගත යුතු කාරණයකි . . ආදරයේ සුන්දරත්වය එයයි.මේ සිදුවීම් ඉතාමත් කිට්ටු යහළු ආශ්‍රයක් තුලින්ද ඇතිවිය හැක .ඒ මිත්‍රත්වයේ ස්වභාවයයි 

Wednesday, July 9, 2014

ගරාජ් බාස්



උදේම නැගිටිනවා.ඔලුවේ තියෙන්නේ ටකරන් වහලේ යට නතර කරපු කැඩිච්ච වාහන ටික.ඒ ටික අද ඉවරයක් කරන්න ඕනේ .තාම ඇඟේ භූමි තෙල් ගඳ එනවා.කොච්චර නැවත් ඒවා යන්නේ නෑ. ඉනේ අත තියාගෙන බිම බලාගෙන කල්පනා කරන කොටයි දකින්නේ කළු තෙල් කොච්චරක් බිම වැටිලද කියල.කර ගැට පිරුණු අත් දෙක පිරි මැදල එහෙම වාහනේ යට රිංගන මජන් ගෑවුණු පැදුර ගසල ලෑස්ති වෙන්නේ දවසේ පළමු වැඩේට අත ගහන්න .ඊයේ ගලවපු බඩු සමහරක් තාමත් ඒ තැන්වලමයි .ඒවා අල්ලලා බලනකොට සීතල වෙලා වගේ ඊයේට වැඩිය .ටිකක් වෙලා යනවා වාහනේ ලෙඩේ අදුන ගන්න .එක වැඩක් යැ ..වැඩ කීයක්ද ?
යකඩ අස්සේ අතේ ඇඟිලි එහෙ මෙහෙ යනවා .ඇඟිලි එක්ක යතුරු ,නියන්, උපකරණත්  සමගිව වැඩ  කරනවා. සමහර දේවල් වරදිනවා .සමහර දේවල් එක පාරින් හරි යනවා .වැරදුනා කියල අතාරින්න බෑනේ .කේන්තිය ආවත්  ආයිත් ආයිත් කරනවා.
අත් දෙක පුරාම මජන් ගැවිල කළු පාටයි .නිය පොතු,හනුමස් අස්සටත් ගිහින් තවත් සති ගානකට නොයවන්න පුළුවන් ලෙස .නිය පොතු දිග නෑ .හම වැඩියෙන් පේන ගානට කොට වෙන්න කපල තියෙන්නේ කුණු යන හින්ද .ඉඳල හිටලා අත පය හීරෙනවා ..ඒ වෙලාවට ඉක්මන් බේත තමයි කහ පාට බෝතලේ තියෙන තිරිංග තෙල් ටිකක් ගා ගැනීම .හරි ඉක්මනට ලේ නවතිනවා .එහෙම නැත්නම් ග්‍රීස් .
ඔය වැඩ අස්සේ ගෙදර කවුරු හරි ඇවිත් කන්න හරි තේ බොන්න හරි කතාකරනවා .එතකොට තමයි  ප්‍රශ්න පටන් ගන්නේ.මොකද ඒවා කන්න බොන්න අත් දෙක හෝදගන්න ඕනනේ .අනික වැඩේ ඉවර කර ගන්නත් ඕනනේ.පස්සේ බැලුවම බඩගින්නකුත් නැතුව නොවෙයි.අත හරියටම හෝදන්න නම් මුලිම්ම භූමි තෙල් වලින් හෝදන්න ඕනේ.එතකොට තමයි මජන් ලාටු ගැලවෙන්නේ.හැබැයි භූමි තෙල් දාපු ගමන් වෙන්නේ ඇඟිලිවල අස්සක් මුල්ලක් නෑර දියවුණු මජන් පැතිරෙනවා .
ඊට පස්සේ හොඳට වතුරෙන් හෝදලා ඊටත් පස්සේ සබන් දාල හෝදන්න ඕනේ .සමහර වෙලාවට කුස්සියෙන් අයින් කෙරෙන පොල් කුඩුත් හොඳයි අත පිහි දාගන්න.දැන් ඔය කියපු වැඩ ඔක්කොම කරලා කන්න බොන්න ගියොත් වැඩක් කරන්න වෙලාවක් නා.ඒ හින්ද හේදිල්ල ටිකක් අඩුකරලා යන්තම් මජන් පිටින්ම කනවා.මෙච්චර කාලයක් කාලේ එහෙමයි .ඒත් තාම බඩට මජන් ටිකක් ගිය කියල ලෙඩක් නම් හැදිලා නැ .තව පොඩ්ඩයි .
සමහර  යකඩ කෑලි උස්සන්න ඇඟේ හයිය මදි .එතකොට ටිකක් කල්පනා කරන්න ඕනේ .ජැක් එක ගහල අහක දාන පරාල වලින් කපා ගත්ත කොට තියතිය වැඩේ කොහොමහරි කරනවා .ඒකයි දක්ෂකම .මූනේ ඉඳන් මජන් .ඒකට නම් වැඩියෙන්ම වගකියන්න ඕනේ මැස්සොයි මදුරුවෝයි .
වැඩේ ඉවරවීගෙන යනකොටම වගේ බාධා එනවා .ඇන ඔලු රවුම් වෙනවා.එක්කෝ පොට යනවා .එහෙමත් නැත්නම් ඇන ඇතුලට කැඩෙනවා.ඔහොම තමයි .අවශ්‍ය වෙලාවට අවශ්‍ය යතුර නැති උනාම තමා යකා  නගින්නේ .හොඳට කල්පනා කෙරුවමයි මතක ඊයේ හවස අල්ලපු ගෙදරින් යතුර ඉල්ලගෙන ගියානේ කියල.ඔහොම කොච්චරක් නැති වෙලා තියෙනවද අමතක වෙලා ??


Thursday, June 26, 2014

අහිංසක මල් කැකුළු



අම්මගේ අතේ එල්ලී එල්ලී මොන්ටිසෝරි යන  පුංචි එකා කරන සෙල්ලම් බලන් ඉන්නත් ආසයි.එක කකුලක් උඩ විසික් කර කර පුංචියට මතක සින්දුවක එක පදයක් හරි දෙකක් හරි ..එත් වරද්ද වරද්ද මුමුණනවා. කන ලඟට වෙනකන් හිනාව .එකෙත් ඉස්සරහ උඩ ඇන්දේ දතක් දෙකක් අඩුයි. කියවන දේවල් අතොරක් නෑ .අම්ම ඇලට අරන් ගිහින් බාර් සබන් ගාල ගලේ ගහල හෝදපු  සුදෝසුදු කමිසයයි නිල් කොට කලිසමයි ඇඳගෙන ලේන්සු පොඩිය ගහල කමිසේ වම් පැත්තේ .පුතාගේ රෙදි තදට ගලේ ගහන්නේ නෑ බොත්තම් කැඩෙන හින්ද.
අම්මගේ මූනෙ හිනාව පිරිලා .එක අතක පොඩ්ඩාගේ බෑගයයි වතුර බෝතලෙයි .අනික් අතේ පරිස්සමින් උණුහුම දිදී  එල්ලගෙන යන්නේ ජීවිතයයි.අම්ම අදින්නේ තියෙන හොඳම ඇදුම.ඒකෙත් කිරිකපන කොටයි වැස්ස කාලෙට තල හෝදන කොටයි හැදුන පැල්ලම් පිරිලා.අම්මට ඒවා ගානක් නැ.ඉතින් අපි ඉස්කෝලේ යනවා .තාත්තා ,අම්මයි පුතයි ඉස්කෝලේ ගාව වෙල පහු කරන කොට ගොඩක් දුර ගිහින් කීයක් හරි හම්බ කරගන්න .ඉක්මනටම කුලීවැඩක් හරි හම්බ උනොත් හොඳා .
හන්දියේ  ලැස් කඩෙන් ගත්ත ගල් බනිස් ටිකක් කළු  වෙන්න පිච්චිලා තිබ්බට අම්ම දන්නවා පැන්චගේ දවල් දවසේ බඩ පුරවන්න දෙන්න තියෙන හොඳම කෑම ඕව කියල .අනික පැන්චත් ආසයිනේ කන්න .

උදේ පාන්දර මං යන පාර දෙපැත්තේ කාටවත් නොපෙනෙන්න අහිංසක මල් කැකුළු  පූදින්න දගලන්නේ  මෙහෙමයි.

Wednesday, June 25, 2014

පාපැදි කරුවා සහ BMW



පාපැදි කරුවා මා ඉදිරියේ  පල්ලම බසියි .මම යතුරුපැදියේ ඔහුට පිටිපසින්  ගමන් ගත්තෙමි .මමද පල්ලමේය .අප දෙදෙනා ඉදිරියට රථයක් පැමිණෙන බව අපි  දෙදෙනාම දුටු වෙමු. පාපැදිය මාර්ගයෙන් පැත්තකට ගත් විගස ඔහු එය දුටු බවට මට පසක් විය.ආවේ දුඹුරු පාටට දිලිසෙන වටිනා BMW  රථයකි .මම ඒ දෙස හොඳට බැලූ බව මට මතකය.
වාහනයේ නම් ,ගම්  ,මොඩලය සහිත සම්පූර්ණ මට ගතහැකි සාරය මම ගත්තෙමි .තවත් වරක් බලා ඕනෑකමින් ඉවත බල ගතිමි .එය සෙවිය යුතු කරුණකි.

පාපැදි කරුවා තවත් අලුත්ම පාපැදියක් තරම්වත් රථය ගණන්ගත්තෙ නැත .එයද සෙවිය යුතු කරුණකි.
පාපැදි කරු ඉවත බලන්නට ඇත්තේ රථය ඔහුට වැදගත් නොවන හෙයිනි .තවත් සමහර විටෙක ඔහු රථයේ වටිනාකම හෝ නොදන්නවා ඇති .ජීවිතයට අනතුරක් සිදු නොවෙන්නට පාරෙන් අයින් කරගන්නට ඇති. රථය පහු වූ පසු එහි සුළඟ වැඩි ඔහුගේ කමිසය හා සරම පමණක් මොහොතකට වැඩිපුර ලෙලදුනි.එයටද ඔහු අවධානයක් යොමු කල බව නොපෙනුණි..


මම වරක් නොව දෙවරක් බැලුවෙමි .ඒ කිමද ,රථය පිලිබඳ මා යමක් දන්නා හෙයිනි.වටිනා බව දන්නා හෙයිනි.මමත් දිනෙක එවන් රථයක් ලබාගැනීමට සිහිනයක් ඇති බැවිනි.එය සක් සුදක් සේ පැහැදිලිය.නමුත් මා ආපසු නොබැලුවේ මන්ද යන්න මටම ගැටලුවකි .රථය ගැන තවත් සිතුවා නම් එය  දුකක් බව මට දැනුනු බව සහතිකය .සිතන්නට සිතන්නට තව තවත් එකතු වන බව දනිමි .ඒ ගැන සිත ඔලුව කුරුවල් කරගැනීමට වඩා ඒ ගැන නොසිතා සිටීමට හෝ දැකපු දේ අමතක  කිරීමට හැකි නම් ?

Tuesday, June 24, 2014

තවමත් මා නිරුපද්‍රිතය

 


මා ගත කරන වයස ජීවිතයේ උපරිම අවස්ථාවයි. සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට වසන්තයයි. උද්යෝගිමත් සිතක්.චංචල සිතක්.ආදරය සොයන කාලයක්.රාගය ඇති වන අවස්ථාවක්.

 ශරීරය දිදුලන කාලයක්.කඩවසම් පෙනුමකට විරුද්ධ ලිංගිකයින් ආකර්ෂණය කරගැනීමට හැකිවන ලෙස ශරීරය හැඩගැසෙන කාලයක්.මෙවන් අසිරිමත් සිදුවීම් තරුණ මනුෂ්‍ය සැමට පොදු දෙයකි.සැවොම අපේක්ෂා කරති. නමුත් මට අවශ්‍ය නැත. මේ සියලු දෙයින්ම මට විඩාවන් ගෙන දෙන බැවිනි. කාලය බොහෝ ඉක්මණින් ගමන් කර මා වයස්ගත කරනවා නම්, ? මං ජීවිතයට ස්තූතිවන්ත වෙමි. පීඩා සමග ජීවත් වීමට අප ඉපදුනේ ඇයි?

 මං මනසින් අරගල කළෙමි. බුද්ධියත් හැගීමුත් අතර මත භේදය මැද අවබෝධය පැන නැග්ගද එ් සුළු කාල පරාසයකය. අවබෝධය යනු බුද්ධියම නොවේ. එයයි එකම හේතුව අවබෝධය ක්ෂණයෙන් අතුරුදන් වීමට හේතුව. සත්‍ය තවමත් අවබෝධය නොමැති වීමයි.

බුද්ධිය වැඩි වන්නට වන්නට හැගීම් සමග තෙරපෙන්නට පෙන්නට මනස විඩාපත් වේ. එය මට දැනේ. හිස රිදුම් දේ. එය මට දැනේ.ශරීරය සිහියෙන් පිට පනී. මට දැනේ. ශරීරයද අවසානයේ විඩාපත්ය. එක දිගට දින ගණනාවක් එකම ක්‍රියාවලිය වෙනස් ආකාර වලින්. තවමත් මා නිරුපද්‍රිතය.

තමවචනය



මා දෙවියෙක් නොවේ..
මා ආගන්තුකයෙක් නොවේ..
මා යකඩ ගොඩක් නොවේ..
මා මනුෂ්‍යයෙක්....
මා කාමාතුරයෙක්  නොවේ..
මා වනචරයෙක් නොවේ..
මා ආදරවන්තයෙක් නොවේ..
මා සෙනෙහස පතන මනුෂ්‍යයෙක්...
ඔබ මා නොපිළිගත්තත් පිළිගත්තත්  ඔබ මා දෙස බලා කතාකරනතුරු

මා වේදනාවෙන් ...

Monday, June 23, 2014

වැටෙමුද ?නැගිටිමුද ?



අනුන් සිනාසෙන හැටි බලා දුක් වෙන්න එපා....
ආදරය ලඟා ගැවසෙන විට දුක් වෙන්න එපා
ආදරය නොලැබුනත් ආදරය නොදී ඉන්න එපා

යලි යලිත් හිත නම් වට්ට ගන්න එපා 

Thursday, June 19, 2014

සිත් කුණාටුව



මේ දේවල් දැනෙන්නේ මට විතරද ?
මමම හිතල මමම දුක් වෙනවා ...මේ තමයි සිතේ හැටි .
අපි ආදරය කරන අය හිතන විදිය අපිට දැනෙන්නේ නැහැ.ඒත් තේරුම් ගත්තම හරි .
එයාල එහෙම ඉන්නේ අපිත් එක්ක තරහින් නෙමෙයි කියලා අපි  තේරුම් ගන්න ඕනේ.එතනදිත් වෙන්නේ අපේ හැකියාව ,බුද්ධිය මත හැගීම් වලට සාපේක්ෂව අපිට දැනෙන දේ.
මේ අවස්ථාව හරිම සංකීර්ණ අවස්ථාවක් .බොහෝ වෙලාවට හැගීම් වලට මේ වෙලාවේ බලය වැඩියි.එත් මේ හිතේ හැටි .අපිට පාලනය කරන්න අමාරු අපිට නොපෙනෙන හිත ආදරය ලැබෙනකොට හීලෑ වෙන්නේ නැ.තව තවත් මුරණ්ඩු වෙනවා.
එයාලට අපි එයාලගෙන් බලාපොරොත්තු වන දේවල් අපිට ඕනෑම වෙලාවේදී දෙන්න බැරි වේවි .එකට දුක් වෙන්න එපා .හිතේ ආදරය  තියේවි ඇතිවෙනකම්.එක නේද අපිට ඕනේ ..??
ආදරය තව කෙනෙක්ව රිද්දන්නේ නැ.අපි විහිලු කියන්නේ මොනාද කියල අදුරගන්න ඕනේ.එත් විහිළුවලට පුළුවන් තව කෙනෙක්ව මවන්න .ඔයත් මමත් දෙන්නම හරියටම දැනගන්න ඕන හරි කෙනා කවුද මේ විහිලු අස්සේ හැන්ගෙන. .

Saturday, June 7, 2014

ගිය සතියෙම වැස්ස

 

කෙතරම් කරදර පැමිණියත් දවසේ එක මොහොතකින්, විනාඩි කිහිපයකින් ලැබෙන සිත සුවපත් කරන ඒ සිසිලස මාව සුවපත් කරනවා කියලා මටම තේරෙණවා.

මගේ මුහුණ වෙනස්. ඒක මටම හැමදාම උදේට පේනවනේ. කවදාටත් වැඩිය මගේ මුහුණ ගොඩක් ලස්සනයි කියලා මට දැනෙනවා.

ඊයේ මාර වැඩක් වුණා. පිටිපන ඉදන් කොට්ටාවට යන පරණ පාරේ  රේල් පාරේ යන ටිකක් උස තැනක් තියෙනවා. මං ගියේ ලොරියෙන්. උදේ පන්ති රත්මලානේ. වහින හින්දා ඒකෙන් ගියේ. ඉවර වෙලා වැඩට ගියා. එනකොට මට ඇගට මාර මහන්සියක් දැණුනා. කොහොම හරි ආවා. ඇවිත් අර කියපු රේල් පාර හරියේ ට්‍රැෆික්. ඉතිං හෙමින් හෙමින් තමයි වාහන ගියේ. හරියටම රේල් පාර මැදදි  පිටිපස්සේ රෝදේ ටිකක් ඉස්සිලා ස්ලිප් වෙන්න ගත්තා. දැන් ඉස්සරහට යන්නේත් නෑ.පිටිපස්සටත් බෑ. කවුරුත් නතර කරන්නෙත් නෑ. ගෑණු එක්කෙනෙක් නම් බලන් හිටියා. හොද වෙලාවට කෝච්චිය ගිහින්ද කොහෙද? තනියෙන් දගලලා දගලලා කොහොමහරි ගත්තා. විනාඩි 10ක් විතර හිටියා හැබැයි.

අද කවියත් එක්ක NSBM ගියා. Result ඇවිල්ලා කියලා බලන්න.කොහෙද නෑ. ටිකකින් ආවා.

 

ගිය සතියෙම වැස්ස හොදටම.පානදුරේ මහප්පලාගේ ගෙදර ඉදන් එනකොට ගල්ඒදඩුගොඩ හරිය යට වෙලා. එන්නත් බෑ. ලේලන්ඩ් දෙකක් මැදට කාර් එක දාගෙන ආවේ. දොරේ බාගයක් වගේ වෙන්න වතුර. ඩෑෂ් බෝඩ් එකේ ලයිට් ඔන් වෙලා. මට නවතීවි කියලා බයත් හිතුණා. ඒත් ආවා කොහොම හරි.

 

මාළු ගත්තා පාදුක්ක ලෑල්ලෙන්.සැමන් පරා තමයි ටිකක් හරි ලොකු මාළු හිටියේ. මාළු 04ක් ගත්තා. ඊට පස්සේ මටම හිතුණා තව ගන්න.සල්ලිත් තිබුනා. මං කිවුවා තව කූරියෙකුත් දාන්න කියලා. ඇතුළේ මාළු කපන මිනිහා කියනවා ඔව් මහත්තයා තව එකක් දාමු. කන එකනේ. අනික මහත්තයා කෙට්ටුත් වැඩියි කියලා.

 

Sunday, April 6, 2014

ජීවිතේ තවත් දවසක



ගිනියම් මද්දහනේ වහලයකුදු නොමැති තැන
නතර වුනි ඔබ සිතුමතේ ...
මමද පිටුපස පියවර මැන්නෙමි ලඟා කරගන්නට
ඔබේ රූපේ ...


හරියටම බැංකුව ඉදිරිපස මහපාරේ
ඇසුවෙමි ඇගෙන් මනාපය ගැන ජීවිතේ
මගේ කරුමය මැදට පැනවිත් ..
දුන්නේ උත්තරය කැපෙන සේ මගේ ආදරේ ...


Friday, February 21, 2014

ඇහෙන්නටත් ඇහෙන කනක් තිබිය යුතුයි



ඕක තමයි අද ගොඩක් අයට අඩු .තමන්ගේ තත්වය තානාන්තරය වැඩි වෙනකොට කන ඇහෙන්නේ නැතුව යනවා.සමහර අයට ඇහෙන්නෙම නෑ.නෑදෑයෝ ,යාලුවෝ හෝ කවුරු උනත් කතා කරන දේ ඇහෙන්න ඇහෙන කනක් තියෙන්නම ඕනේ.
දැන් කතාකරන බිහිරි බව ශාරීරිකව ඇති අඩුපාඩුවක් නෙවෙයි.ශාරීරිකව බිහිරි අය ඇත්තටම අසරණයි.එත් මේ බොරුවට කන ඇහෙන්නේ නැති අය ආත්මර්තකාමී කියලයි මට හිතෙන්නේ.ඇත්තටම එයාල කවුරුත් කියන දේ අහන්නේ නෑ.

උසස් පෞරුෂයක් බලාපොරොත්තුවන කාට උනත් බිහිරි බව අඩුපාඩුවක්.මුලින්ම අනුන්ට ඇහුම්කන් දෙන්න පුරුදුවෙන්න ඕනේ .ඒ කියන දේවල් වැදගත් හෝ නොවෙන්න පුළුවන් .එත් ඇහුම්කන් දීම වැදගත් අවබෝධයෙන් .එතකොට අවශ්‍ය දේවල් හිතේ ධාරණය කරගෙන අනික් නොවැදගත් දෑ අතහරින්න පුළුවන් නිසා. ඒක ගොඩක් හොඳ නායකත්ව ලක්ෂණයක් .ඉතාම ප්‍රයෝගික සංසිද්ධියක් .
බොහොම ටික කාලෙකින් තමන් වටේ ගොඩක් අය රැස් වේවි අනික් අයට ඇහුම්කන් දුන්නොත් .

Monday, February 17, 2014

සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...



සිනහවක් වත් නැත ඔබේ මුහුණේ ..
බිම බලාගෙන යන ගමන හැඩයි
සුදෝසුදුවන් වතේ එලියට 
ගෙබිමද එලිය වී ඇති සැඩයි...

සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...

                                   සිනාවක් නැත්තේද නොවේ.සතියකට දෙවරක් මා ඉදිරියේ වීදුරු දොර විවුර්ත කරගෙන වායු සමීකරණය කරන ලද පාසලට ,එනම් මගේ හා ඇගේ රාජකාරි ස්ථානයට ඈ පැමිණෙන්නේ පුර හඳක් වන් වතේ පටලව ගත් ඇස්කන්නාඩියත් ,පුර හඳේ දිස්නය දෙන එලිය වන් ඇගේ යන්තමට විදහාගත් දසන් පෙළත් සමගය .එක් උරයක රැඳුනු චාම් පාට දෙකේ බෑගය එතරම් බරක් ඇතැයි නොසිතුනත් ඇය එය තව අතකින් සැමවිටම අවනත කරගත්තේ නොදනුවත්වමයි.
ළමුන් සියගණනකට ඇසුනත් ඒ හඩෙහි  මිමිනීමක්වත් තවමත් මා අසා නැත.ගුරු සිසු බැම්ම තිබෙන නමුත් ඔවුන් කෙරේ මතුළ දුක දෙන සියුම් ඉර්ෂියාවක් නැත්තේද නොවේ.සිසුවෙකු වී ඇගේම පන්ති කාමරයේ ඇය අසලම ගැවසීමට මතුළ ඇති ආශාව බොළද නමුත් එහි ආස්වාදය කිසිවකින් ලබා ගත නොහැකි බව මට සිතේ.
මා තුල පැතූ ආදරණීය පැතුමක් ඇත.එනම් මගේ කුළුඳුල් ආදරය ඈ සොයන එකම ප්‍රේමය වීමයි.

Saturday, February 1, 2014

ඇත්තටම මැන්ටල් ද ?




                      අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව අප්සෙට් ".සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් දෙයක් කරනවා නම් හරි හිතෙනවා නම් හරි අපි හිතන්නේ එහෙමයි.ඔය විදිය හැමතෑනදීම වලංගු  නැ.
අසභ්‍ය ,අශීලාචාර දෙයක් හැරෙන්නට පිස්සන්ගේ වැඩ පිස්සු වගේ දකින්නේ අපිටත් කොතැනක හෝ අවුලක් තියෙන හින්ද කියලයි මට හිතෙන්නේ.සාමාන්‍ය සමාජයේ නිතර නොදකින එහෙත් අවශ්‍යම ,වටිනා සමහරවිට අප සමාජයෙන් අමතක වෙලා ගිය බොහෝ දේවල් "මැන්ටල් " අය ළඟ තියෙනවා .අපි ඒ දේවල් අත්දකිනකොට එන නුහුරුකම ආගන්තුක  බවට හේතුව ඒ දේවල් වලට අපිත් පුරුදු නැති හින්දයි .ඒ දේවල් මොනවද කියල උදාහරණ "මැන්ටල් " පුද්ගලයෙක් ළඟ ඉඳලම බලන්න .

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...