Saturday, July 27, 2013

ජීවිතේ දවසක


කොහොමද මිනිස්සු මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නේ ??
හිනාවෙලා ඉන්නේ?
හැමෝම බැලුවොත් හිනාවෙලා ඉන්නේ .මේ විනාසයක් පෙනිපෙනිත් සමහරු හිනා වෙනවා.එත් මං ගොඩක් කලකිරීමෙන් බලා ඉන්නවා.මට හිනාවෙන්න බැ මං හිතන්නේ.හිනාවෙන්න බැරි තරමට මගේ ජීවිතය අපායක් ...සැහැල්ලුවෙන් ඉන්න බැරි තරමට බැඳීම් ..වගකීම්
මිනිස්සු කාල බීල ලස්සනට ඉන්නකොට මට ජීවිතේ වෙනමම පැත්තක් පේනවා.මට මේ හැමදෙයක්ම බොරු පුහු දේවල් කියල දැනෙන්නේ ඇයි?
හැමදේම ගොඩක් හිතන්නේ ඇයි මං?
කෙළවරකට යනකම්ම හිතල හැමදාම ලැබෙන්නේ දුකක් කියල හිතෙනවා.මේක මහා පුදුමාකාර ජීවිතයක් .හැමෝම සන්තෝෂ වෙන්න උත්සහ කරන කොට මට එයාල එක්ක ඉන්න බැ .ඇත්තටම සතුටු වීමයි බොරුවට සතුටුවීමයි මං හොඳට දන්නවා.
ජීවිතේ දවසක මටත් හිනාවෙන්න ලැබේවි.අනික් අය කරනවා වගේ සියදහස් ගුණයකින් හැමදාමත් මං හිනාවෙන්න ආසයි.

Thursday, July 18, 2013

වාට්ටුවක ජීවිතය




                                රෝහලක වාට්ටුවක දවසක් හෝ දෙකක් ගෙවීම අත්දැකීම් රැසකට මඟ පාදයි.ව්ශේෂයෙන් රජයේ රෝහලක.රැය පහන් වන තුරා රෝගියෙකු ළඟ ගෙවන කාලය ලෙහෙසි පහසු නොවේ.බොහෝ රෝගීන් රැය පහන් වන තුරා අවදියෙන් සිටින්නේ ඔවුන්ගේ ශාරීරික දුබලතා නිසාය.තවත් සමහරු නිදා සිටියද සිහිනෙන් කතා කරති .දඟලති.එවිට රෝගියා ළඟ සිටින්නට යන්තම් හෝ නින්දක් ඇත්තෙම නැත.රැය පුරාවටත් ගිනි පාන්දරත් ලෙඩ්ඩු ඇවිදිති.වැසිකිලිවලට යාමටත් ක්ෂණික මිතුරු හමුවලටත් එම වෙලාව ඉතා යෝග්‍ය බැවිනි.

මම තාත්ත සමග සිටින රජයේ රෝහලේ වාට්ටුව කොළඹ කුලියට දෙන නිවාස සංකීර්ණයක් වැනිය.වාට්ටු ගොඩනැගිල්ල ,ඇඳ හා ඇඳට අයිති අල්මාරිය සමග කුඩා ප්‍රමාණයන්ට හැකි තරම් දැමිය හැකි ලෙස අහුරා ඇත.තවත් වෙලාවක මට මෙසේද සිතේ.ලෙඩක් සනීප කරගන්නට මෙහි ආවට යන්නේ තව ලෙඩක් බෝ කරගැනීමෙන් අනතුරුව ලෙසය.
මක්නිසාද යත් බෝවන රෝග සහිත රෝගීන් බොහෝ ප්‍රමාණයක් රෝහල තුල නිදැල්ලේ හැසිරෙන බැවිනි.මෙම තත්වය  පුද්ගලිකරෝහල් වලට කෙසේ වෙතත් රජයේ රෝහල්වලට උචිත වේ.පැය 24 පුරාවටම රෝහල කාර්යමණ්ඩලය පොත් ලියන්නන් බඳුය .ඔවුන්ගේ ප්‍රධාන  කාර්යය  රෝගීන්ගේ පහසුව කෙසේ උවද ලේඛන කටයුතුය .බොහෝ කාර්ය බහුලය .ලෙඩාට බෙහෙත් වර්ග ලැබෙන්නේ ඉතා ස්වල්පයකි .ඉතාම දරුණු ලෙඩකට උවත් කෝකටත් තෙල බඳු පැනඩෝල් හා තවත් පෙත්තකි.නමුත් රෝගියාගේ ඇඳ ඉහත්තාවේ ඇති කොළ ගොනුව නිතරම පිරික්සති.තව කොළ හා අකුරු පාට පෑන් කීපයකින්ම එකතු කරති.අත්සන් කරති.නමුත් අපි ඔවුන්ගේ සේවයට ස්තුති කලයුත්තෙමු.

රෝහලක් ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයට සමාන වටිනා කමක් දෙනු ලබයි .අප දන්නේ එසේය.බලා,තරුණ,මහලු මේ සියලු දෙනාගේම හුස්ම වැටේ.අප හැමටම පොදු ඒ හුස්මට තර්ජනයක් වන දෙයක් වේ නම් එය අප හැමෝටම පොදු තර්ජනයක් වන නිසාවෙනි.
නමුත් දොස්තර වරුන් කෙසේ නමුත් රාත්‍රියට සිටින හෙද සාමාජිකයින් හට නම් එම ජීවිතවලට අගයන් නියම කරගෙන සිටි.ඉතාමත් වයස්ගත පුද්ගලයන් ඔවුන් බොහෝ විට නොසලකා හරි.බොහෝ විට වැඩිපුර පරීක්ෂණ සඳහා භාජනය නොවේ.මෙනිසා රෝගියාගේ නෑදෑයන් හිතවතුන් විශේෂයෙන් පවුලේ සාමාජිකයින් අපහසුතාවයට පත්වේ.
මෙම සටහන රෝහලේ හුදෙක් අඩුපාඩු හුව දැක්වීමට නොවේ.බලාපොරොත්තුව සියලුදෙනාම තම තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කිරීමයි.
රෝහලේ හෙද හෙදියන් එක්තර ආකාරයකට තවත් දොස්තරවරු පිරිසකි.රෝගීන් හට ශාරීරික වශයෙන් බේත් හේත් ලැබුනද මානසිකව කිසියම් ප්‍රතිකාරයක් නොලැබුණහොත් ඔවුන්ව නිට්ටාවට සුව කල නොහැක .හෙද හෙදියන් මෙම කාර්යයේදී මුල් තැන ගත යුතුය.බොහෝ වි‍ට තරුණ හෙද හෙදියන් රෝගීන් හට දයාබරය.ඔවුන් රෝගීන්ගේ හදවතට ඉතා ලඟින් කතා කරයි.ඔවුන් ප්‍රසන්නය .කරුණාබරය.තෙත් ගතියෙන් යුක්තය .අත්දැකීම් වලින් පරිනත හෙද හෙදියන් ගින්නට දමන වෙළුන දර කැබලි වැනිය .තෙතමනයක් ඇත්තෙම නැත.ලෙඩුන්ට ඔවුන් කතාකළ විට රෝගය තවත් උත්සන්න වේ.රෝගින්නට හෝ  රෝගියාගේ නෑදෑයන් හිතවතුන්හට ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොහැක.ඇසුවොත් ඔවුන් කෝප වේ.එසේත් නැතිනම් රෝගිය මත වරද පටවයි.මෙම තත්වය රජයේ රෝහල්වල ඉතාමත් සුලබ ,ස්වභාවික  නමුත් මෙරටට පමණක් අවේනික තත්වයකි.
වාට්ටුවේ සිටින්නට සිටින්නට රෝගිය අතර ගොඩ නැගෙන්නේ ඉතා ඉක්මන් නමුත් ශක්තිමත් මිතුරු සම්බන්දතාවයකි .බොහෝ වි‍ට රෝගය සුව වූ පසුවත් එය පවතී.වාට්ටුව නින්දට ගිය පසු නැවත ඇහැරෙන්නේ උදැසන 5.30 ට පමණය.ටිකක් දවල් වනවිට ජංගම භෝජනාගාරය හෙවත් සත්තු සේවිකාවක විසින් තල්ලු කරගෙන එනු ලබන අහර වර්ග දෙකක් හෝ තුනක් පිරි කරත්තය පැමිණේ.
ඉන්පසු රෝගීන් පරික්ෂ කරන වෙලාවයි.

Saturday, July 13, 2013

අම්මගේ ශක්තිය

                   
         
                                 අද ලියන්නේ පොඩිහිටියන්ට නොවෙයි.වැඩිහිටියන්ටයි.ඒත් හැමෝටම සිතල බලන්න පුළුවන් දෙයක් .අම්ම කියන්නේ අපේ ජීවයේ ආරම්භය වගේම එක් කොටස්කාරියක් .පුංචි කාලේදී නම් අම්ම තරම් වටිනා කෙනෙක් මේ මිහිපිට හිටියේ නැ .ලොකු අයටත් එහෙමමයි.අද අපි ජීවත් වෙන්නේ හුස්ම ගන්නේ ඇයගේ ශක්තියෙන් ,ඇගේ අප්‍රතිහත  දහිරියේ  ප්‍රතිපලයක් හින්දයි.තාමත් එහෙමමයි.

අම්ම ඇගේ හුස්මට වඩා අපේ හුස්මට වටිනා කමක් දී රැකගන්න උත්සාහ කරන්නේ ඇයි ?අපි ඇගේ දරුවෝ හින්දද ?

මවකගේ කුසට දරුවකු පැමිණ ,එනම් කළලය සම්පූර්ණ වී කුඩා බිලින්දකුගේ උප්පත්තිය දක්වා සපිරෙන කාලය දරුවාගේ හා මවගේ ඇති බැඳීම ගැන සියයට සියයක් විස්තර කරන්න අද තාක්ෂණයත් දියුණු මදි.එය එතරම් සංකීර්ණ ශක්තිමත් ආදරය ඉතිරුණු බැඳීමක්.
ලොකු වෙනකොට ඒ බැඳීම අඩුවෙනවා.මේක සත්‍ය කතාවක් .ඒත් ඒ අම්මගේ පැත්තෙන් නොවෙයි.අපේ පැත්තෙනුයි.අම්ම හැමදාමත් නොවෙනස්වන මගේම අම්ම.
අපියි වෙනස් වෙන්නේ.

අම්ම කියන්නේ ශක්ති උල්පතක් .ආදරය,කරුණාව,කැපවීම,වෙහෙසීම,පරිත්‍යාගයේ නොසිදෙන උල්පතක්.ඒක වචනයකින් දෙකකින් විස්තර කරන්න බැහැ.
ඕනෙම මවක් ළඟ තවත් ශක්තියක් තියෙනවා.ඒ ශක්තිය ඇයටම පමණයි.උදාහරණයකට මෙහෙම හිතල බලන්න.ඔබේ අත කැපිල තුවාලවෙලා ලේ ගලනවා.ඔබ වේදනාවෙන් දඟලනවා.අම්ම ඉක්මනට ඇවිත් බලනවා.ගොඩක් වෙලාවට කැපුණු තැනට පිබිනවා.එහෙම නැත්නම් ඔලුව අතගගා සනසනවා රෝහලකට යනකම්.
ඔය වැඩේ අම්ම නැතත් වෙන කෙනෙකුට උනත් කරන්න පුළුවන්.එත්  පුදුම වැඩේ නම් අම්මගේ ස්පර්ශයෙන් සැනසීමෙන් තරම් පහසුවක් අපට ඒ වෙලාවට අනික් අය කරන  කටයුතු වලින් නොලැබීමයි.
මවකගේ දරුවට ලැබෙන ස්පර්ශය ,වචන ,අස්වැසිල්ල තුල අපට නොපෙනෙන ශක්තියක් සංසරණය වෙනවා.ඒ ශක්තිය අපිව සුවපත් කරනවා.


Sunday, July 7, 2013

අපි දුන්නත් අපිට නොදෙන විශ්වාසය



                           විශ්වාසය ගොඩනගාගන්නේ අමාරුවෙන්.කල් යනවා .එකිනෙක අතර ඇතිවන අනොන්‍ය අවබෝධය තුලින් අපි විශ්වාසය ගොඩනගාගන්නවා .නමුත් මෙය ඇතිවෙන්නත් ,තමන් තුල තමන් ගැන විශ්වාසයක් ඇති පුද්ගලයෙක් වෙන්නත් ඕනේ .
සමාජයේ බොහෝ පිරිස් මේ කාරණය නිසා දුක් කරදර රැසකට මුහුණ දෙනවා .සමාජය දෙස විශ්වාසයෙන් බලන මිනිහට හැමදාම වගේ සමාජය ගරහනවා.පන්න පන්න පහර දෙනවා.ඒ මනුස්සය කරදර ගොඩකට මුහුණ පාන්නේ කලකිරීම් රැසකට හිතේ ඉඩ තියාගෙන .
මිනිහෙක් තව කෙනෙක්ව ඉතා විශ්වාස කරනවා කරනවා කියන්නේ එම පුද්ගලයා අනික් පුද්ගලයට බොහෝ විවෘත වෙනවා.එම  විවෘත වීම තුලින් බොහෝ විට ආශ්වාදයක්  ලබනවා.ගැටලුව පැන නගින්නේ අනිකාගේ විශ්වාසයට වටිනා කමක් නොතිබීමයි.ඔහු අනෙකාගේ විශ්වාසය ආයුධයක්‌ කොට ගෙන තම වාසි සඳහා පමණක් යොදා ගෙන තමන් ඉතා යහපත් කෙනෙක් බව නමින් පෙන්වනවා.
මෙහිදී මොහු කිසිවිටෙක දුකකට හෝ කරදරයකට පත්  නොවන්නේ ඇත්ත වශයෙන්ම අනෙකව විශ්වාස නොකරන බැවිනි.නමුත් සැලකිය යුතු කාරණය නම් සත්‍ය විශ්වාසය සතු පුද්ගලයා බොහෝ විට කපටි තම අනික සගය නිසා පිඩාවට පත්වේ.ඔහු අසන්නේ ඒක ප්‍රශ්නයයි .එයත් බොහෝ විට තමන්ගෙන්මයි.
""මම එයාව එච්චර විශ්වාස කරලත් එයා මාව විශ්වාස කරන්නේ නැත්තේ ඇයි ?"

Tuesday, July 2, 2013

උඩුගං බලා යමි


                     ජීවිතය ගලන ගඟක් බඳුවූ දුක්කරදර ගොඩක ගසාගෙන යන කුඩා බෝට්ටුවක් වැනිය.පාලනය අපහසුය.දුක්කරදර නිතරම පැමිණේ.පැමිණෙන්නේ  බෝට්ටුව එකම දිශාවකට ගසා ගෙන යාමටය.ජීවිතය වේදනා පීඩා  හමුවේ දුර්වලව වෙනස් වේ.වේදනාවෙන් පසුව ඇතිවන කලකිරීම් නිසා ගන්න ඉක්මන්  තීරණ ජීවිතය වෙනමම දුෂ්කර මාර්ගයකට යොමු කරයි.ඒ කබලෙන් ලිපට වැටීමයි.

අපි උඩුගං බලා යායුතුය .නැතහොත් අනෙකුත් බෝට්ටු මෙන් ගසා ගෙන යයි.උඩුගං බලා යාමට ගඟ පහලට ගලන වේගයට වඩා වේගයක් අවශ්‍යවේ .වඩාත් මහන්සි විය යුතුය.බොහෝ කරදර උපේක්ෂාවෙන් අපේක්ෂා කල යුතුය.ඒවාට මුහුණ දෙන්නට දෙන්නට අපට ඊට ඔරොත්තු දීමේ ශක්තිය හීන වෙන බව සැමටම පොදු වන අත්දැකීමක් වන නමුදු එසේ අල්ලාගෙන සිටීමේ හෝ ඔරොත්තු දීමේ හැකියාව මෙහි ඇති වැදගත්ම සාධකයයි .
අපි උඩුගං බලා යාමේ බලාපොරොත්තුව ගඟේ ආරම්භය සොයා ගැනීමයි .එනම් මේ දුක්පීඩා වල උල්පත සොයා ගැනීමයි .එවිට ඒසඳහා විසදුමක්  සොයා ගත හැකිය .ඔබත් උඩුගං බලා යාමට සූදානම්ද ?

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...