Friday, May 17, 2019

පහනක් නොවුණු ඇය

සිතුවේ කෙතරම් නපුරු වුවත් ඔබ ආදරය හමුවේ නිවී මුදු මලක් මෙන් විකසිත වනු ඇත කියාය .ඒ නිසාම අත නොහැර ආදරය කලෙමි .ආදරය ,ආදරයක්ම ලෙස දැනුනු නිසා කෙතරම් අවමාන , අපහාස හමුවේ වුවත් ඔබට ආදරය කලෙමි . සැලකුවෙමි .පිළිගත්තෙමි .අසාසිටියෙමි .හිංසා නොකලෙමි .නමුත් සැවොම කිවූ දේ අද පසක් වනු ඇත .
ඔබ කිවූ දේ පසක් වනු ඇත .මම මෝඩයෙක්මි .ඔබට ආදරය කරන මම මෝඩයෙක් කියා අද මම පිලිගනිමි.
ඔබ මට ආදරය කලේ නැත .අනුකම්පා කරන්නට ඇත .එහෙම වෙන්නත් බැරිය .අනුකම්පා කලේ නම් සතෙකුට මෙන් බනින්නේ නැත .මාව අමතක කරන්නේ නැත .මම නිදහස් මිනිසෙක්මි .නිදහස ආදරය අගයන මනුස්සයෙකිමි.එසේ වූ මා හට ලැබුනේ ඉතාම දරදඬු තද ගති ඇති ගැහැනියකි .
ඉවසුවෙමි .තවත් ඉවසුවෙමි .ඉවසල තවත් ඉවසන්නද?
ජීවිතය සිනාසෙන්නට නොව ඉන්න සිටින තැන පවා අතරමන් වී ඇති බවක් දැනේ .
ඇය මා ගණන් ගන්නේ නැත.නිකමෙකි ඇයට මම ..මෝඩයෙකි මම .මීහරකෙකි මම
දන්නා පරිදි ආදරේට මේ කිසිවක් අදාල නැත .ප්‍රශ්නය ඇගේ ආදරය ගැනය .

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...