Thursday, October 26, 2017

දෙවියන් ඉදිරියේ වැඳ වැටුණු මොහොතක්

                        වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේදනාබර හඬින් අවට දෙවනත් වන විට කිසිවක් කරකියාගත නොහැකිව ඒ අසලම රැදුනෙමි .
විටින් විට ඇගේ ආදරණීය මුහුණ සිහිවෙයි .මම සිපගත් මා ආදරයෙන් බැලූ ඇගේ දෙනෙත් සිනහබර ඇගේ වත .ඇයට කිසිඳු කරදරයක් නම් වන්නට එපා .මෙතෙක් වේදනා විඳීමට ඇය කල වරද කුමක්ද ? තිස්තුන් කෝටියක් තියා එකදු දෙවියකුගේ පිහිට නොපැතූ මගේ උද්දච්ච හිත එදා සියලු දෙවියන් ඉදිරියේ වැඳ වැටුනේ ඇය නිසාය .
ඇය තවත් කෑගැසූවාය .බිත්ති හෙල්ලෙන තරමට කෑගසුවාය .ඒ අතර විටින් විට එහා මෙහා වන සුදු යකඩ උපකරණ වල හඬ ඇසෙන විට පපුව ඉබේම නතර වුණා මෙන් දැනුනේ ඇයි දැයි මම නොදනිමි .
මට ඇය මුණ ගැසුනේ කටු පිරුණු කැලෑවක මුදු තනබිස්සක සිටියදීය .දෙවඟනක් වගේ.ආදරයේ දෙවඟන ජීවිතය ඇතුළු වුණ හැටි තාමත් මතකය .කිසිදිනෙක වාසනාවන්තයෙකු වේ යයි නොසිතූ මම ඇය දුන් ආදරය හමුවේ ලෝකය අමුතුම නැවුම් ආකාරයකට දුටුවෙමි .
සුසිනිදු දෙවගනට මගේ හදවතට එකදු තියුණු කටුවක හෝ වේදවක් නොදී උත්සාහ කලද විටෙක ආදරයෙන් බලන කල්හි ඇගේ ළමැදේ හෝ එහි කෙළවරක යම්කිසිවකින් සීරි ඇතිබව මම දුටුමි .නමුත් වචනයකුදු දෙසවනට අසු නොවුයේ ඇයි ? එම පීඩා ඉඳහිට හෝ සමහරවිට නිතරම ඇයට ගෙන ආවේ දෙවියන් විසින් නොසලකන ලද්දා වූ පුද්ගලයකු විසිනි .
එක වරම සුදු ඇඳගත් මිසී කෙනෙකු දොර ඇරන් දුවයි .දොරේ වැදුනද ? නොවැදුනාද ?
අරුණු දොර වැසෙන්නට පෙර මගේ ප්‍රාණය  යන්නට පෙර ඇය ලඟට යන්නට ඇත්නම් ?මම දුර්වලයෙක් වුනෙමි .අසරණයෙක් වුනෙමි .අරුණු දොරෙන් ඇගේ  හඬ තවත් වැඩිවී ඇසුනද දැන් එය හැම දෙසින්ම එයි .
කිමද මේ මිනිසුන් සතුන් මෙන් හැසිරෙන්නේ ? පෙනෙන්නේ නැතිද කාගේ හෝ ගැහැණියක් වේදනාවෙන් දඟලන රඟ .අනේ මන්දා යයි නොසිතුනද දිව ගිය මිසී කාමරයට යලි පැමිණීම ගැන මම ඇයට සිතින් ස්තුති කලෙමි .
නිරුවත් මගේ පපුව උඩ ඇගේ සියුමැලි අත තබාගෙන ගැහෙන හදවතේ රාවය අසන්නට ඇති .ඒ උණුහුම විඳින්නට ඇති .දිව්‍ය බලයක් ඇය වෙත ලැබී ඇති බව සිතන්නට ඇති .පුංචි පුංචි සිතුම් පැතුම් පොදියක් එක්ක මහමෙරක් තරම් වූ එක් ප්‍රාර්ථනයක් හමුවේ ඇය තව තවත් බැබලුණා මට මතකය.ඒ ආදරණීය මතකයන් වේදනාත්මක කෑගැසීමක් එක්ව මුසුව කඳුලක් නෙතට එන්නට පාර කපා ඇත .
මට මා අමතක වන්නට ඇත .බොහෝ වාරයක් එහෙ මෙහෙ ගියා මතකය .අරමුණක් නොමැතිව සිවිලිම දෙස බලා ඉඳ ඇත .වට පිටේ බොහෝ පිරිසක් ඉඳ ඇති අතර එකදු කටහඬක් මට මතක නැත .දෙවඟන සමහරවිට උත්සාහ කරනුයේ  මාවද තරු වලින් එහා ඒ සුරපුරයට කැන්දා ගෙන යාමට විය හැක .අප දෙදෙනාත් සමග ඇයත් පැමිණිය යුතුය .එසේ නම් .
ඉදිමුණු දෙපා රතුවී ඇය බොහෝ දුක් වින්දාය .ඉදිරියට නෙරු උදරය මහත් බරක් එක්ව මාස නවයකට ආසන්න කාලයක් වඩා දුන්නේය .හැරෙන්නට පෙරලෙන්නට ඇඳ ඇතිරිල්ලේ උනුහුමට සීතලට එහෙ මෙහෙ වන්නට කෙටි කාලයකට නොහැකි විය .කොන්දේ වේදනාව ඉඳහිට තිබෙන විට කිවූ නමුත් මා දුටු විට විකසිත වන ඇගේ වත කිසිම දිනෙක ඒ වේදනාව හැමවිටම යයි නොකීවේ මන්ද ? හිඳගත්තද ඇවිද්ද පරික්ෂාකාරී පියවරවල් හමුවේ මහපොළවද බිඳකුදු නොසෙල්විණි .සුදු පැහැති ලා බින්දු ඉහිරුණු කපු ලිහිල් ගවුම ඇඳ ඇවිදින ඇය ඇවිද්දේ දෙපැත්තේ කකුල් වලට බර දෙමිනි .
අද උදැසන ඈ සිටි වේදනාව මාගේ වම් අතේ මතක සටහන් ඉතුරු කළේය .කටු පිරුණු කැලයේ මුදු තනබිස්සේ හිද මුදු අත්ල මා ස්පර්ශ කලා මෙන් නොව මේ ග්‍රහණය ඉතාමත් තද විය .වෙනත් වෙලාවක නම් ඉතාමත් වේදනාකරිව විය යුතුව තිබුණු ඒ ග්‍රහණය අද්භූත ලෙස අප දෙදෙනාගේ ශරීර හරහා සංසරණය කරවුයේ ආදරයයි .ආරක්ෂාවය අසීමිත දයාබරත්වයයි .
මනුස්ස කටහඬවල් අතර එකවර නැගුනේ මුළු ඇඟම උද්දීපනය කරන ලපටි හඬකි .ඇත්තවශයෙන්ම එය බිලිඳු ලපටියකුගේය .දේවත්වයට අපූර්වත්වය එක්කරන ලදී.
දැන් ඇගේ කෙඳිරිය මිස වෙනත් හඬක් නොඇසේ .අනේ මගේ දෙවුලිය කෝ ?

ඒ සමගම යලිත් අර මිහිරියාව .ආදරය .ජීවිතය හා මුමුණන බඳු වූ ඒ ලපැටියාගේ ලතෝනිය .ඇයි මේ පිරිස දොර අරින්නේ නැත්තේ? කෝ මගේ මුදු තනබිස්සේ  දෙවුලිය ?කොහෙද ඒ කිරිකැටිය ?
අවට ගහකොළ හොඳට පෙනෙන පෙනෙන සේද වැටි තිබෙන පිනි බිඳිති අතුරුදන් කරවන උණුසුම් හිරු පායාගෙන එන බව මම දුටුවෙමි .අපි යලිත් සුරලොවට යලිත් වහා යායුතුය .හොඳටම පොඩිවුණු ලේන්සුවෙන් මුහුණේ තෙල් ටික යන්න තදින් පිසදා සාක්කුවේ දමාගෙන ගිනියම් වූ ලී පුටුවෙන් නැගිට්ටෙමි .


සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...