Tuesday, September 17, 2013

අපිට මේ මොකද වෙන්නේ?

                        


මේ ජීවිතය අරුම පුදුම ජීවිතයක් .වෙලාවකට හිත රිදෙන්න ආදරය දැනෙනවා.තව වෙලාවකට දරා ගන්න බැරි තනි කමක් ඇවිත් මුළු ගතම වෙලාගන්නවා.සිනහව කඳුල සැරෙන් සැරේ ඇවිත් ඇස් මහන්සි ගන්වල යනවා.කාලය ගෙවිල යනවා.දැනෙන්නේ නැ.
ඉගෙන ගන්නවා.රස්සාවල් කරනවා.සල්ලි හොයනවා.ඇවිදිනවා රස්සාවල් කරන්න.ඔලුව නරක් කරගෙන ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා ඇඳට වැටිලා නිදියනවා.නින්දේදී පෙනෙන හීනයේත් එකම පාටක් විතරයි.උදේ නැගිටලා වන්නම් ඔක්කොම නටල ආයි යනවා .
     කොයි වෙලාවක හරි කෑම ගන්නවා.බඩගින්නටත් කනවා.බඩගින්නක් නැතත් හිතුනොත් ඒත් කනවා.දිවේ රස අංකුර නලියවන්න හොඳම කෑමක් හොයන වෙලාවල් අනන්තයි.සයිවර් කන්නේ ප්‍රතිපල බලාගෙනයි.
සංගීතය පොඩ්ඩක් අහල නාට්‍යක් බලලා අපි අපි ගැනම හිතනවා.අම්මල තාත්තල විදින දුක දැකල දුක හිතෙනවා.වයසට යාම දැකල සත්‍ය තේරුම යනවා.එතකොට අපි මේ ජීවත් වෙලා මොකද කරන්නේ?කොහෙද මේ අපි?
මොලේ පිරෙන්න තරම් පොත් පත් තියාගෙන අධ්‍යාපන රැල්ලේ හැමෝම ගසාගෙන යනකොට අපිත් ගහගෙන යනවා.පරිඝනකය දවසට එක සැරයක් හෝ අනිවාර්යයෙන් එනවා.දකුණු අත පැය කීපයකට කාර්යය බහුල වෙනවා වගේම වමතේ ඇගිලි තුඩු නොපෙනෙන්න තැලෙනවා.
එක එක රෙදි අදිනවා විලි වහගන්න.නැ..විලාසිතාවට.කැපී පෙනෙන්න .අඳිනවා ..හෝදනවා.
ඉරුනම මහනවා .කණ්ණාඩිය කරන සේවය අමිලයි අපිට නොතේරුනාට.

අපි මේ  මොකද කරන්නේ?මේවයේ තේරුමක් තියෙනවද කියල හිතෙනවා දැන්.
මේ අස්ථිර ලෝකේ අස්ථිර වූ සිතුවිල්ලක් දැන් මගේ හිතේ තියෙනවා.

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...