Monday, July 21, 2014

ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ





විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ  බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක් නැති උනාට ලඟා තියෙන ලීමොලෙන් හම්බු වුන ගිනිකූරු පටි ගහල, සවු කොළ  අලවල පරණ මොටරයකුත් මෝටර් දාල, හදපු කූඩුවේ නොපෙනෙන ජාතක කතාවක් නැතුව නොවේ.වෙසක් වලට නෙවෙයි ඇසල පෝයට හදපු කූඩුවක් වගේ හැමෝටම හිතෙන්නේ .එත් ඕක හැදුවේ හිතේ තියෙන ශක්තියට කියල කීයෙන් කීදෙනාද දන්නේ ?

සිමෙන්ති ගලින්  නග්ගල කපරාරු නොකරපු ගෙදර ජනෙල් තාම හයි කරලා නෑ.ජනෙල් වෙනුවට අලවපු පාට පාට ඉටිකොළ දැන් ඉරිලා.දැන්නම් ජනෙල් නොදැම්මත් කමක් නැ වගේ.අවුවෙන් වැස්සෙන් හිරිකිඩ වලින් ඇරෙන්න හොර හතුරන්ගෙන් පීඩාවක් එන්නේ නෑ කියල හැමෝම දන්නවා.මීට අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ල ගේ කපරාරු කරන්න ගොඩදපු වැලි ගොඩේ බාගයක් වැස්සට හේදිලා ගිහින් .තව ටිකක් පස් වෙලා .තව කොයි කාලෙකින් ඔය වැඩ පටන් ගන්න පුලුවන්ද දන්නේ නැ .
පොඩි කොල්ලගේ හපන් කම් බලන්න මමත් ගියා.

“එන්න මිස් ..එන්න මහත්තය ”ළමයාගේ අම්ම හරි සන්තෝසෙන් කතා කලේ.එයාලට මාව දැකල තවත් සන්තෝසයි.
කොල්ලගේ තාත්තා එහා ගමේ ගෙදරක කුලී වැඩ කරනවා.අම්ම ගෙදර ලෙස්සල වැටිලා දැන් මාස ගානක් සිංහල බේත් කරනවා.හම්බ වෙන සොච්චම් පඩියෙන් ගෙදරටත් වියදම් කරලා මේසා වැඩක් කරන්න පුතාව උනන්දු කරපු ඒ තාත්තා  නියම පියෙක් .
හවස 6.30 යි .මමයි අම්මයි තාත්තයි ,අපි තුන්දෙනාගෙන් ගෙදර මැද සාලේ පිරිලා.කෑම මෙසේ උඩ කේක් පිගානකුයි හැලප පිගානකුයි.පරාලේ වටේ ඔතල වයර් කොන් දෙකක් බුද්ධ රූපෙ බල්බයටත් අනික් වයර් කොන් දෙක කූඩුවේ මෝටරේටත් නිවැරදිව  ගිහින් තිබුන .
සුභ මොහොත ..”මිස් පොල්තෙල් පහන පත්තු කරන්න “අපේ අම්මට ඉටිපන්දම දුන්නේ දෝතින්මයි .පුංච් කාලේ ගමේ ඉස්කෝලෙදි  අකුරු කරපු මතකේ  තාමත් උන් ලඟ තියෙනවා.අද මේවගේ දෙයක් කරන්න එදා ඉස්කෝලෙදි  ගුරුතුමිය දාපු අඩිතාලමේ  ශක්තිය දැන් කොල්ලට තේරෙනවා.
“දියුණුවෙන් දියුණුවට පත්වෙන්න දහිරිය ශක්තිය ලැබේව ”අපේ අම්මගේ ආශීර්වාදය .අපේ අම්මටත් වැඩිය අඩියක් එකහමාරක් උස ඒ ළමය අම්ම ඉස්සරහ පොළවටම පාත්වෙලා දණගහල  වදිනකොට මට අම්ම ගැන  දැනුනේ ලොකු ආඩම්බරයක් .මං ඒ ගෙදරට ගිය පලවෙනි දවස උනාට එදා, එතන මං නිතරම පය ගහන තැනක් වගේ මට දැනුනේ.
මෝටරේ වැඩ පටන් ගත්ත .කූඩුව කැරකෙනවා.පැටවූ කූඩු පහත් හෙමින් හෙමින් කරකැවෙනවා.ගමේ වයසක මිනිස්සු කීපදෙනෙක් එයාලගේ ළමයින්ගේ ළමයි එක්ක ඇවිත් හිටිය.එත් දහ දෙනෙකුට අඩුවෙන් හිටියේ.ගෙදර බලු කුක්කයි ලඟා ගෙවල් වල එවුනුයිත් තනියෙන් ඇවිල්ල හිටිය.තිරිසන්නු උනත් උන් දන්නවා මොකද්ද හිතවත් කම කියල.අපේ අය වට වෙලා බලන්නේ අනුන්ගේ ඕප දූපයි කුණුකන්දලුයි එහෙමත් නැත්නම් ලාබෙට මොනවා හරි විකුනනවානම් හරි විතරයිනේ .එහෙම නෙමේද ?

පුංචි උනත් ලොකු උනත්  ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ අනන්තවත් මේ පොලවේ ඇති

Monday, July 14, 2014

මානසික විප්‍රකාර,ආදරය හා අවබෝධය



මේ මාතෘකාවට ආදරයෙත් සම්බන්දයක් නැත යන්න පැවසීම මුසාවක්.ආදරය යනු එක්තරා අවබෝධාත්මක බැදීමක් ලෙස මට සිතේ.
පිවිතුරු ආදරය එකී නෙකා පිලිබඳ නිවැරදි  අවබෝධය ලබාදේ.අවබෝධය යනු අනෙකාගේ සිතුම් පැතුම් පැතුම් හඳුනාගෙන  ක්‍රියා කිරීමයි .දෙදෙනෙක් කිසිවිටෙකත් එකෙකු වන්නේ නැත.සිතෙන් දෙදෙනෙකි.නමුත් ආදරයේදී සැවොම එකිනෙකාට  විවුර්ත වේ .එනම් සිතෙන දේ ,දැනෙන දේ ,කරන දේ ,වෙන දේ මේ සැම දෙයක්ම  අපි හුවමාරු කර ගනිමු.ඒ හුවමාරු වන ඕනෑම දෙයකට අපි ආදරය කරන්නෙමු.එසේ නොවේද?
විටෙක අපි පවසන දෑ වල සීමාවක් නොමැති වීමට හැක.වල්පල් වීමට හැක.ඕපදූප වීමට හැක.මෝඩ විය හැක.ඇත්ත වශයෙන්ම බොළඳ විය හැක.නමුත් පවසන්නේ ඇය හෝ ඔහුටය .එය කුමක් උවත් ගැටළුවක් නොවේ.කිමද මම ඔබ ගැනත් ඔබ මම ගැනත් හොදින් දන්නා බැවිනි .යුවලට අවශ්‍ය වන්නේ ආදරණීය පිළිසදරයි.එසේ නම්  ඒ වදන් වල මානසික විප්‍රකාර තිබිය හැකිද?
මෙය පිළිගත නොහැක .ආදර හැගීම් එක එක ආකාරයට මනසේ ඇතිවෙන බව ඕනෑම ප්‍රේමවන්තියෙකු හෝ  වන්තයකු පිලිගත යුතු කාරණයකි . . ආදරයේ සුන්දරත්වය එයයි.මේ සිදුවීම් ඉතාමත් කිට්ටු යහළු ආශ්‍රයක් තුලින්ද ඇතිවිය හැක .ඒ මිත්‍රත්වයේ ස්වභාවයයි 

Wednesday, July 9, 2014

ගරාජ් බාස්



උදේම නැගිටිනවා.ඔලුවේ තියෙන්නේ ටකරන් වහලේ යට නතර කරපු කැඩිච්ච වාහන ටික.ඒ ටික අද ඉවරයක් කරන්න ඕනේ .තාම ඇඟේ භූමි තෙල් ගඳ එනවා.කොච්චර නැවත් ඒවා යන්නේ නෑ. ඉනේ අත තියාගෙන බිම බලාගෙන කල්පනා කරන කොටයි දකින්නේ කළු තෙල් කොච්චරක් බිම වැටිලද කියල.කර ගැට පිරුණු අත් දෙක පිරි මැදල එහෙම වාහනේ යට රිංගන මජන් ගෑවුණු පැදුර ගසල ලෑස්ති වෙන්නේ දවසේ පළමු වැඩේට අත ගහන්න .ඊයේ ගලවපු බඩු සමහරක් තාමත් ඒ තැන්වලමයි .ඒවා අල්ලලා බලනකොට සීතල වෙලා වගේ ඊයේට වැඩිය .ටිකක් වෙලා යනවා වාහනේ ලෙඩේ අදුන ගන්න .එක වැඩක් යැ ..වැඩ කීයක්ද ?
යකඩ අස්සේ අතේ ඇඟිලි එහෙ මෙහෙ යනවා .ඇඟිලි එක්ක යතුරු ,නියන්, උපකරණත්  සමගිව වැඩ  කරනවා. සමහර දේවල් වරදිනවා .සමහර දේවල් එක පාරින් හරි යනවා .වැරදුනා කියල අතාරින්න බෑනේ .කේන්තිය ආවත්  ආයිත් ආයිත් කරනවා.
අත් දෙක පුරාම මජන් ගැවිල කළු පාටයි .නිය පොතු,හනුමස් අස්සටත් ගිහින් තවත් සති ගානකට නොයවන්න පුළුවන් ලෙස .නිය පොතු දිග නෑ .හම වැඩියෙන් පේන ගානට කොට වෙන්න කපල තියෙන්නේ කුණු යන හින්ද .ඉඳල හිටලා අත පය හීරෙනවා ..ඒ වෙලාවට ඉක්මන් බේත තමයි කහ පාට බෝතලේ තියෙන තිරිංග තෙල් ටිකක් ගා ගැනීම .හරි ඉක්මනට ලේ නවතිනවා .එහෙම නැත්නම් ග්‍රීස් .
ඔය වැඩ අස්සේ ගෙදර කවුරු හරි ඇවිත් කන්න හරි තේ බොන්න හරි කතාකරනවා .එතකොට තමයි  ප්‍රශ්න පටන් ගන්නේ.මොකද ඒවා කන්න බොන්න අත් දෙක හෝදගන්න ඕනනේ .අනික වැඩේ ඉවර කර ගන්නත් ඕනනේ.පස්සේ බැලුවම බඩගින්නකුත් නැතුව නොවෙයි.අත හරියටම හෝදන්න නම් මුලිම්ම භූමි තෙල් වලින් හෝදන්න ඕනේ.එතකොට තමයි මජන් ලාටු ගැලවෙන්නේ.හැබැයි භූමි තෙල් දාපු ගමන් වෙන්නේ ඇඟිලිවල අස්සක් මුල්ලක් නෑර දියවුණු මජන් පැතිරෙනවා .
ඊට පස්සේ හොඳට වතුරෙන් හෝදලා ඊටත් පස්සේ සබන් දාල හෝදන්න ඕනේ .සමහර වෙලාවට කුස්සියෙන් අයින් කෙරෙන පොල් කුඩුත් හොඳයි අත පිහි දාගන්න.දැන් ඔය කියපු වැඩ ඔක්කොම කරලා කන්න බොන්න ගියොත් වැඩක් කරන්න වෙලාවක් නා.ඒ හින්ද හේදිල්ල ටිකක් අඩුකරලා යන්තම් මජන් පිටින්ම කනවා.මෙච්චර කාලයක් කාලේ එහෙමයි .ඒත් තාම බඩට මජන් ටිකක් ගිය කියල ලෙඩක් නම් හැදිලා නැ .තව පොඩ්ඩයි .
සමහර  යකඩ කෑලි උස්සන්න ඇඟේ හයිය මදි .එතකොට ටිකක් කල්පනා කරන්න ඕනේ .ජැක් එක ගහල අහක දාන පරාල වලින් කපා ගත්ත කොට තියතිය වැඩේ කොහොමහරි කරනවා .ඒකයි දක්ෂකම .මූනේ ඉඳන් මජන් .ඒකට නම් වැඩියෙන්ම වගකියන්න ඕනේ මැස්සොයි මදුරුවෝයි .
වැඩේ ඉවරවීගෙන යනකොටම වගේ බාධා එනවා .ඇන ඔලු රවුම් වෙනවා.එක්කෝ පොට යනවා .එහෙමත් නැත්නම් ඇන ඇතුලට කැඩෙනවා.ඔහොම තමයි .අවශ්‍ය වෙලාවට අවශ්‍ය යතුර නැති උනාම තමා යකා  නගින්නේ .හොඳට කල්පනා කෙරුවමයි මතක ඊයේ හවස අල්ලපු ගෙදරින් යතුර ඉල්ලගෙන ගියානේ කියල.ඔහොම කොච්චරක් නැති වෙලා තියෙනවද අමතක වෙලා ??


සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...