Wednesday, September 6, 2017

සීතල රාත්‍රියද හිරු ඇති උණුසුම් දිනයක් ලෙසට


ආදරයේ අරුණලු යලි පැමිණේවි යයි කිසිදිනෙක නොසිතුවත් ආදරයට සෑම දිනයක්ම අළුත්ය දහසක් සොඳුරු යුවතියන් අතර ඔබ පමණක්ම බලාපොරොත්තුවක් වුයේ ඇයි ?කෙසේද යන්න අදටත් නොවිසදුනු ප්‍රශ්නයකි.ආදරේ කල තරමටත් වැඩියෙන් වේදනාව ලද නිසාදෝ තවමත් එම චකිතය මා පසුබස්වන බව මම දනිමි .වේදනාවෙන් වේදනාවට පත්ව හිතින් අසරණ වූ මා යලිත් පෙර තත්වයට පත්වීමට අදටද නොහැකි වී ඇත .එසේ තියා වෙනත් ආදරයකට මා සිතැඟි වෙනස් කලා හැකිද මා සුවපත්ය කල හැකිද යන්නද  ප්‍රශ්නයකි .කිසිඳු කෙනෙකු මා කවුරුදැයි හරියට දන්නේ නැති නමුදු මම දනිමි.වේදනාවෙන් මිරිකුණු ඕනෑම පුද්ගලයෙකු මට යම්තාක් දුරකට හෝ සුවපත් කලා හැකිය යන ශක්තිය මාහට තිබෙන බව දනිමි.නමුත් ආදරය සතුට මා සමග බෙදාගන්නට පැමිණෙන අයට මගේ අවාසනාව ඔවුනටද වේදනාවමය යන්න මට නිතර සිතේ.එම නිසා මම බිය වෙමි .කවදාහෝ දිනෙක මේ සියල්ල අවසන් වේවි .හෝ කිසිදිනෙක අවසන් නොවේවි .
මලක් වැනි වූ ඔබ නැවුම් මුදු පවන සමග සෙලවෙන්නට ආශා බැවු මම දනිමි .සුවඳවත් වූ අවකාශයේ විකසිතව එකිනෙක පරයමින් දෝරෙ ගලන සුන්දරත්වය සමග මුදු හිරු එලිය විදින්නට ආශා බැවු මම දනිමි .වටේ කැරෙකෙන නාඹර බඹරුන් වශී කරවන ලෙසට පැහැබර මල්පෙති නලවන බව මම දුටිමි .මෙසේ සියල්ල තබාගෙන මා නිසා ඔබට උදාවන්නේ අඳුර සපිරුණු සීතල රාත්‍රියක්ද ?
කවුරු දනිත්ද?
සිතැඟි මෙසේ තිබියදී මම ඔබට තනිවම ආදරය කරන්නෙමි .යම් දිනෙක යම් ලෙසක ගණදුර පිරුන සීතල රාත්‍රියද හිරු පායා ඇති දීප්තිමත් දිනයක් ලෙසට කවුරු හෝ දකීවි .
මම එය විශ්වාස කරමි .


No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...