Sunday, July 30, 2017

සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (2 කොටස )

තවත් එහාට ගියා .දැන් හෝමාගම .හරි කෙලින් පාරේ පාගල එන්නයි තියෙන්නේ.පාගල ආවට මොකද පාර පාත් වෙච්ච තැන් වල වතුර බවුසරයක් විතර එකතුවෙලා ...පේන්නෙත් නැහැ .වතුර කඳ වාහනේ වැදිලා වේගය අඩුවෙනකොට තමයි දන්නේ වාහනේට කොච්චර අමාරුද කියල .වාහන හෝදන තැනකදී අධි වේගයෙන් අල්ලන වතුර කඳක් වදිනවා වගේ තමයි ඒ තැන් පහුවෙනකොට දැනෙන්නේ .තාමත් හෙන ගගහ වහිනවා .වැස්සේ කිසිම අඩුවක් නැහැ .වතුර එනවා.එනවා.සමහර තැන් වල බොරළු ගහගෙන ඇවිත් .ඒවා උඩින් යනකොට හිතෙනවා කාරයේ රෝද පලලා යාවිද කියලත් .
මීපේ කිට්ටුවට එනකොට කිසිම මනුස්සයෙක් පයින් යනවා දැක්කේ නැහැ .මීපේ ඔරලෝසු කණුවේ 11.30 සටහන් වෙලා තිබුන .තව පොඩ්ඩ දුරයි .මේ ටික ගිය ගමන් මං ගෙදර .ගෙදර ගිහින් අම්ම උයපු කෑම බඩ පැලෙන්න කාල ,අම්මල නැගිටලා හිටියොත් ගිය විස්තරේ කියන්න මං පුදුම කලබලේකින් හිටියේ .අම්මා දැන් දෙතුන් සැරයක්ම කෝල් කලා .විදුලි කොටනවා වැඩි හන්ද දුරකථනය විසන්දි කලා .මං කවදාවත් එහෙම කරලා නැහැ..එත් එදා නම් මං ට්කක් වෙනස් උනා .ඒ බයටමයි .
කවදාවත් මං එහෙම විදුලි කොටනවා දැකලා නැහැ .
මීපෙන් හැරෙව්වේ හෙට දවස ගැන හිතහිතමයි .කොච්චර වඩා කරගන්න තියෙන දවසක්ද ? ඒකට මොකද මීපේ පන්සල පන්සල හරියට කිට්ටු වෙනකොට වාහන වල පිටිපස්සේ රතු එලි ගණනාවක් පෝලිමට .වීදුරුව පේන්නෙත් නැහැ හරියට .
බැරිම තැන දොරේ වීදුරුව ටිකක් අරගත්තා .අඟලක් එකහමාරක් වීදුරුව පාත් කලහම තමා හිතුනේ වීදුරුව වහලම තිබ්බනම් ඉවරයි කියල .මගේ මූණ පුරාම වතුර විසික් උනා .මමත් කෝකටත් වාහනේ අයින් කරලා බැලුවමයි දැක්කේ සන්තැසිය .කිතුල් කන්දේ ඉඳන් මහා ජාල ගංගාවක් පල්ලම් බහිනවා .සුළුපටු වතුරක් නෙමේ .අඩි දෙකක් විතර උසට වතුර තිබුණා ..මෝටර් සයිකල් වල ගිය අය එතනින් තල්ලු කරන් ආපසු එනකොටයි මට හිතුනේ ඊට එහා තවත් ගැඹුරු ඇති කියල .එත් එකෙක් කිව්වා ලොරියක් පස්සේ දාගත්තම යන්න පුලුවන් කියල .මම ඒක විශ්වාස කලා .ඉතින් ගිය බලන්න .වතුරේ ටික දුරක් යනකොට වාහනේ නතර වෙලා වගේ.පෑගුවාට යන්නනේ නැහැ .එතකොට නම් මගේ හෙනං දාඩිය දැම්මා .ඉස්සරහින් ගිය වාහනේ මගෙන් දුරස් වෙනකොට තවත් බය වැඩි වුණා .
ක්ලච් ඒක බැලන්ස් කරලා ටිකක් ගස්සල වගේ පෑගුවාම කාරය ඉස්සරහට ගියා .එත් බොහොම හෙමින්.යනවා යනවා.වතුර තිබ්බ මීටර 300,400 යන්න පැය ගානක් ගිය වගෙයි මට දැනුනේ .ඇඟට ටිකක් ලේ ඉනුවා පාලම පහුකරලා වතුර හරියකට ආවම .
වාහනේ රත්වෙන්න කෝකටත් පනගන්නල ටිකක් වෙලා තිබ්බ.වාහනේ මීටර් වල එක එක බල්බ පත්තු වෙලා නිවෙනවා .මට සමහරවෙලාවට වාහනේ නතර වුනොත් කියලත් හිතුන.පාර අයිනේ වෙල්යායත් එක්ක තියෙන වක්කඩ මහවැලියේ ඇලක් වගෙයි මං දැක්කේ .ඒ වතුරේ ගහගෙන ගිය දේවල් දැක්කම තමයි හිතුනේ වතුර කොච්ච‍ර බර දේවල් උස්සන් යන්න පුල්වන්ද කියල.වැස්ස පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ .ඉස්සරහ පිටිපස්සේ වාහන පොලිමකුත් හැදිලා .දැන් මොකද කරන්නේ වාහනේ අයින් කරලා සීට් ඒක ඇලකරගත්ත .නින්දටවත් වැස්ස ටිකක් තුරල් කරවන්න පුලුවන්ද බලන්න .ඒක එක අතට හැරි හැරී බෙල්ල ඇම්මට්ටි වෙනකන් ඇඟ අඹරන්න වුණා .නින්දකට හැටියන යහනක්  කාර් ඒක ඇතුලේ හදාගන්න .ගියර පොල්ලයි සුක්කනමයි තමයි ඒ වෙලාවේ හිටිය ලොකුම හතුරෝ .

Monday, July 10, 2017

සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (1 කොටස )

                        පියර ගෑ ජේත්තුවට ඇඳ ගත්ත බෝනික්කන්ගෙන් හා ටයි කෝට් දාගත්තු මහත්තුරු ගොඩක් එක්ක ගත කරපු වෙලාව ඇත්තටම ඇස් වලට නම් ගොඩක් රිදුන .ඒ තරම් පාට පාට එලි එහෙන් වැටෙනවා .මෙහෙන් වැටෙනවා .
තරු පහේ හෝටලයකට වඩා වැඩි වෙන්න වගේ නානාප්‍රකාර කෑම ජාති වලින් පිරුන කෑම මේසේ දැකලා මගේ හිත පිරුණත් හැඳි ගෑරුප්පු වලින් කාපු කෑමෙන්  මගේ බඩ පිරුණේ නැහැ .
ඉස්සරහා ලොබියේ වාඩි වෙලා හිටිය ගෙදර යන්න .මගේ කාරය පාරෙන් එහා  පැත්තේ නතර කරන්න කිව්වට මට පුදුම තරහක් එවලේ ආවේ ඒ ආරක්ෂක නිලධාරීන් එක්ක .මේ වැස්ස අස්සේ මොන සිකුරුටිද ?

එදා කොළඹට වැහි බින්දු වැටුනේ නැහැ .අහසින් වතුර පීල්ලක් වැටුන වගෙයි මම දැක්කේ .අමාරුවෙන් හරි හම්බ කරගත්ත ටයි කෝට් සපත්තු පරිස්සම් කරගන්න ඕනි හන්ද තව ටිකක් ලොබියට වේලා වැඩි වේලා හිටිය.පොල් වැහි බින්දු වලින් පස්සේ සිරි පොදයක් වගේ වැටෙන කොට පාරෙන් එහාට පැනල යන්තම් කාරයට ගොඩ වුණා .මගේ කාරයත් පරණ වුනාට මගේ එහෙ මෙහෙ ගමන්වලට පැනල එන්නේ .හමේ තැන් තැන් වල දිරුම් පුල්ලි වැටිලා තිබුනත් හදවතේ ටිකක් සද්ද බද්ද ඇහුනත් කවදාවත් අපිට ඒ කියන්නේ ගෙදර කාටවත් අනතුරක් කලේ නෑ .
වායුසමීකරනයේ අගය තේරෙන්නේ වීදුරු සේරම වහගෙන වැස්සේ යනකොට .මොකද ඇතුලින් දුමාරයක් වගේ වීදුරුවල බැඳිලා .කිසිම දෙයක් පෙන්නේ නෑ .ඉතින් යන ගමන් පිහිදන්න ඕනි .වයිපරයත් වැඩ කරපු එකට එදා නම් ගොඩක් සතුටු වුණා .
වීදුරුවල දුමාරය වැඩි වෙලා අන්තිමට කොච්චර පිහිදම්මත් එලිය හොඳට පෙනුනේ නැත්තේ පිට නාකපන්න වහින හින්ද වෙන්නත් පුළුවන් .

ඔහොම ඉතින් මහරගමට ආවා .මිනිස්සු තැන් තැන් වල නැවතිලා .ඒත් කිහිප දෙනයි .මහා රෑ ජාමේ ධාරානිපාත වර්ෂාවකටත් මදි වෙච්ච මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඇති යන්න හිතෙන්න වුනේ නෑ.පෙනුනා ඒ මිනිස්සු වින්ද දුක .

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...