Saturday, June 8, 2013

මිනිස්සු හොඳද නරකද ?

                             

 කොහොමද අපි මිනිස්සුන්ව වර්ග කරන්නේ ?
ලොකු ප්‍රශ්නයක් .කාලයක් ගොඩක් හොඳයි කියන අය පස්සේ නරක් වෙනවා .මේ ඇයි කියන එකට සරල විසදුම් තියෙනවා.එකක් තමයි නවත්වන්න බැරි වෙනස් වීම.ඕනෑම දෙයක් වෙනස් වෙනවා.හොඳ නරක කියන්නෙත් වෙනස් වීමක් එක්තරා ඇසකින් දකින ක්‍රමයක් .
මේ දේ අපිට තේරුම ගන්න වෙනවා.
ඒ වගේම හොඳ හෝ නරක අපේ සිතුවිලි රාමුව මත පදනම් වෙනවා.සිතුවිලි රාමුව,මනස හා බැඳුනු විවිධ වූ ස්වයං හෝ භාහිර ක්‍රියාකාරකම් අරභයා නිර්මාණය කරගන්න නීති මාලාවක්.කොටු කර ගැනීමක් .
ඉතින් මේ නීති පද්ධතිය යටතේ අපි එකිනෙකා  වෙන්කර  දකිනවා .ඒ වගේම මේ රාමුව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.එකයි  සමහර මිනිස්සුන්ට හොඳ විදියටත් අනික අයට නරක විදියටත් පේන්නේ .

රාමුව ඉතා කුඩා නම් නරක දකින්න ලේසියි .ඒත් රාමුව ඉතා පුළුල් නම් එම පුද්ගලය යම්  දෙයක් ධනාත්මකව බලන්න තියෙන ඉඩකඩ වැඩියි .එහෙම උනාම ප්‍රශ්න අඩුයි .
ගොඩක් නිරවුල් මනසක් පවත්වා ගන්න උපකාරී වෙනවා .

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...