Tuesday, June 18, 2013

අනිත් අයට පුලුවන්නම් ඔයාට විතරක් මොකද ?

                                 

අනිත් අයට පුලුවන්නම් ඔයාට විතරක් මොකද ?
                                       ඔන්න ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා.මේක නිතරම අපේ සමාජයේ තියන අහන ප්‍රශ්නයක් ..
ගොඩක් වෙලාවට අහන්නේ කෙනෙක් යම් දෙයක් කරන්න පසුගාමී තත්වයක ඉන්නකොට .කතාවේ දෙපැත්තක් කිව්වේ ඒක විදියකින් මේ වචන ටික පුද්ගලයෙක්ව දිරි ගන්වන්න කරන්න පුළුවන් .
යම්කිසි කෙනෙක් සෘණාත්මකව හිතනවා නම් මේක අහපු ගමන හිතන්නේ "ඇත්ත නේන්නම් ..,අනිත් එවුනුත් ඔය කරන්නේ ..ඇයි මම විතරක් නොකර ඉන්නේ??? ඇයි මට විතරක් බැරි???!!!"
ඔය වගේ .ඒකෙන් ලොකු පෙළඹ වීමක් ලැබෙනවා. හොඳ විදියට අපෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ ගොඩක් වෙලාවට අපේ කිට්ටුම අපිට ආදරය කරන අය.
                       නරක පැත්ත තමයි ඔය දේ කොපමණ කියුවත් කරන්න බැරි නම්.ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියන ඒක තමයි හිතේ තියෙන ලොකුම ශක්තිය .නමුත් ඇත්තටම සමහර දේවල් අපිට කරන්න බැහැ .මිල මුදල්,හැකියාවන්,රසවත්කම්,මේ ආදී දේවල් ගත්තම ඔය ප්‍රශ්නේ අහනකොට නිකම්ම ලේ රථ වෙනවා.එක්කෝ ප්‍රතිරෝදයක් එනවා.
මෙහෙමම කෙනෙක්ව නරකට පොළඹ වන්නත් පුළුවන්.එතකොට තමන්ගේ ප්‍රතිපත්ති ගරුක ජීවිතය ඔය වගේ දේවල් වලට ලොකු ආරක්ෂාවක් සපයනවා.

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...