Tuesday, June 11, 2013

පුංචි පැලේ අතු කැපීම

                         

මිහිපිට වාසය කරන ඕනෑම මිනිස් දෙමාපියන් හට එක් සදාතනික බලාපොරොත්තුවක් ඇත .එය සියල්ලන්හටම පොදු වේ.බලාපොරොත්තු වන්නකි.
එනම් සියලු හැකියාවන් පිරි උසස් මනසකින් යුත් නිරෝගී දරුවකු බිහිකර ගැනීමයි .
ඉතා හොඳින් පල දරන නිරෝගී හා නව තාක්ෂණයට අනුව නිපදවූ පලතුරු පැලයක්‌ ගනිමු.එසේත් නැතිනම් හොඳින් මල් පිපුණු නිරෝගී ශාකයක් ගනිමු.ඔබ එම ශාකයෙන් තෘප්තිමත් වන්නේ කෙසේද?
අවශ්‍ය ප්‍රමාණයට වැඩේ අනම් ,නිසි කලට නිසි ඵල ලැබේ නම් ලෙඩ දුක අඩුනම් හා සිත්ගන්න සුළු කොළ පැහැයෙන් යුක්ත නම ඔබ මනාව එයින් තෘප්තිමත් වේ .
අවාසනාවකට මෙන් ඔබ ලද්දේ ඉතා විනාශකාරී ලෙස වැඩෙන එම ශාකය නිසා අනිකුත් සතුනට හා ශාකයනට හානි පමුණු වයි නම් ,නිසි පල නොලැබෙන ශාකයක් නම්ඕන ඊට පිළියම් යොදනු නිසැකය.විනාශකාරී ලෙස වැඩේ නම් අතු කප්පාදු කරයි .නිසි පල නොලැබේ නම් ඒ සඳ හා පිළියම් කරයි.වැඩිම බාල නම් අවශ්‍ය පෝෂණය ලබාදේ.
දරුවන් ලද දෙමාපියනුත් මේ ආකාරයෙන්ම ක්‍රියාකරනු අපට සමාජයේ දැකගත හැකිය.නමුත් පළමුව සඳහන් කල පරිදි සියල්ල සිදුවේ නම් වාසනාවකි.එය කල හැක්කකි .
නොහැක්කක් නොවේ.එසේ වැඩෙන ශාක මිහිපිට වේ.එලෙසම එසේ වූ මිනිස් දරුවන් ලෝකයේ උපත ලබති.

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...