Wednesday, June 25, 2014

පාපැදි කරුවා සහ BMW



පාපැදි කරුවා මා ඉදිරියේ  පල්ලම බසියි .මම යතුරුපැදියේ ඔහුට පිටිපසින්  ගමන් ගත්තෙමි .මමද පල්ලමේය .අප දෙදෙනා ඉදිරියට රථයක් පැමිණෙන බව අපි  දෙදෙනාම දුටු වෙමු. පාපැදිය මාර්ගයෙන් පැත්තකට ගත් විගස ඔහු එය දුටු බවට මට පසක් විය.ආවේ දුඹුරු පාටට දිලිසෙන වටිනා BMW  රථයකි .මම ඒ දෙස හොඳට බැලූ බව මට මතකය.
වාහනයේ නම් ,ගම්  ,මොඩලය සහිත සම්පූර්ණ මට ගතහැකි සාරය මම ගත්තෙමි .තවත් වරක් බලා ඕනෑකමින් ඉවත බල ගතිමි .එය සෙවිය යුතු කරුණකි.

පාපැදි කරුවා තවත් අලුත්ම පාපැදියක් තරම්වත් රථය ගණන්ගත්තෙ නැත .එයද සෙවිය යුතු කරුණකි.
පාපැදි කරු ඉවත බලන්නට ඇත්තේ රථය ඔහුට වැදගත් නොවන හෙයිනි .තවත් සමහර විටෙක ඔහු රථයේ වටිනාකම හෝ නොදන්නවා ඇති .ජීවිතයට අනතුරක් සිදු නොවෙන්නට පාරෙන් අයින් කරගන්නට ඇති. රථය පහු වූ පසු එහි සුළඟ වැඩි ඔහුගේ කමිසය හා සරම පමණක් මොහොතකට වැඩිපුර ලෙලදුනි.එයටද ඔහු අවධානයක් යොමු කල බව නොපෙනුණි..


මම වරක් නොව දෙවරක් බැලුවෙමි .ඒ කිමද ,රථය පිලිබඳ මා යමක් දන්නා හෙයිනි.වටිනා බව දන්නා හෙයිනි.මමත් දිනෙක එවන් රථයක් ලබාගැනීමට සිහිනයක් ඇති බැවිනි.එය සක් සුදක් සේ පැහැදිලිය.නමුත් මා ආපසු නොබැලුවේ මන්ද යන්න මටම ගැටලුවකි .රථය ගැන තවත් සිතුවා නම් එය  දුකක් බව මට දැනුනු බව සහතිකය .සිතන්නට සිතන්නට තව තවත් එකතු වන බව දනිමි .ඒ ගැන සිත ඔලුව කුරුවල් කරගැනීමට වඩා ඒ ගැන නොසිතා සිටීමට හෝ දැකපු දේ අමතක  කිරීමට හැකි නම් ?

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...