Monday, July 21, 2014

ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ





විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ  බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක් නැති උනාට ලඟා තියෙන ලීමොලෙන් හම්බු වුන ගිනිකූරු පටි ගහල, සවු කොළ  අලවල පරණ මොටරයකුත් මෝටර් දාල, හදපු කූඩුවේ නොපෙනෙන ජාතක කතාවක් නැතුව නොවේ.වෙසක් වලට නෙවෙයි ඇසල පෝයට හදපු කූඩුවක් වගේ හැමෝටම හිතෙන්නේ .එත් ඕක හැදුවේ හිතේ තියෙන ශක්තියට කියල කීයෙන් කීදෙනාද දන්නේ ?

සිමෙන්ති ගලින්  නග්ගල කපරාරු නොකරපු ගෙදර ජනෙල් තාම හයි කරලා නෑ.ජනෙල් වෙනුවට අලවපු පාට පාට ඉටිකොළ දැන් ඉරිලා.දැන්නම් ජනෙල් නොදැම්මත් කමක් නැ වගේ.අවුවෙන් වැස්සෙන් හිරිකිඩ වලින් ඇරෙන්න හොර හතුරන්ගෙන් පීඩාවක් එන්නේ නෑ කියල හැමෝම දන්නවා.මීට අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ල ගේ කපරාරු කරන්න ගොඩදපු වැලි ගොඩේ බාගයක් වැස්සට හේදිලා ගිහින් .තව ටිකක් පස් වෙලා .තව කොයි කාලෙකින් ඔය වැඩ පටන් ගන්න පුලුවන්ද දන්නේ නැ .
පොඩි කොල්ලගේ හපන් කම් බලන්න මමත් ගියා.

“එන්න මිස් ..එන්න මහත්තය ”ළමයාගේ අම්ම හරි සන්තෝසෙන් කතා කලේ.එයාලට මාව දැකල තවත් සන්තෝසයි.
කොල්ලගේ තාත්තා එහා ගමේ ගෙදරක කුලී වැඩ කරනවා.අම්ම ගෙදර ලෙස්සල වැටිලා දැන් මාස ගානක් සිංහල බේත් කරනවා.හම්බ වෙන සොච්චම් පඩියෙන් ගෙදරටත් වියදම් කරලා මේසා වැඩක් කරන්න පුතාව උනන්දු කරපු ඒ තාත්තා  නියම පියෙක් .
හවස 6.30 යි .මමයි අම්මයි තාත්තයි ,අපි තුන්දෙනාගෙන් ගෙදර මැද සාලේ පිරිලා.කෑම මෙසේ උඩ කේක් පිගානකුයි හැලප පිගානකුයි.පරාලේ වටේ ඔතල වයර් කොන් දෙකක් බුද්ධ රූපෙ බල්බයටත් අනික් වයර් කොන් දෙක කූඩුවේ මෝටරේටත් නිවැරදිව  ගිහින් තිබුන .
සුභ මොහොත ..”මිස් පොල්තෙල් පහන පත්තු කරන්න “අපේ අම්මට ඉටිපන්දම දුන්නේ දෝතින්මයි .පුංච් කාලේ ගමේ ඉස්කෝලෙදි  අකුරු කරපු මතකේ  තාමත් උන් ලඟ තියෙනවා.අද මේවගේ දෙයක් කරන්න එදා ඉස්කෝලෙදි  ගුරුතුමිය දාපු අඩිතාලමේ  ශක්තිය දැන් කොල්ලට තේරෙනවා.
“දියුණුවෙන් දියුණුවට පත්වෙන්න දහිරිය ශක්තිය ලැබේව ”අපේ අම්මගේ ආශීර්වාදය .අපේ අම්මටත් වැඩිය අඩියක් එකහමාරක් උස ඒ ළමය අම්ම ඉස්සරහ පොළවටම පාත්වෙලා දණගහල  වදිනකොට මට අම්ම ගැන  දැනුනේ ලොකු ආඩම්බරයක් .මං ඒ ගෙදරට ගිය පලවෙනි දවස උනාට එදා, එතන මං නිතරම පය ගහන තැනක් වගේ මට දැනුනේ.
මෝටරේ වැඩ පටන් ගත්ත .කූඩුව කැරකෙනවා.පැටවූ කූඩු පහත් හෙමින් හෙමින් කරකැවෙනවා.ගමේ වයසක මිනිස්සු කීපදෙනෙක් එයාලගේ ළමයින්ගේ ළමයි එක්ක ඇවිත් හිටිය.එත් දහ දෙනෙකුට අඩුවෙන් හිටියේ.ගෙදර බලු කුක්කයි ලඟා ගෙවල් වල එවුනුයිත් තනියෙන් ඇවිල්ල හිටිය.තිරිසන්නු උනත් උන් දන්නවා මොකද්ද හිතවත් කම කියල.අපේ අය වට වෙලා බලන්නේ අනුන්ගේ ඕප දූපයි කුණුකන්දලුයි එහෙමත් නැත්නම් ලාබෙට මොනවා හරි විකුනනවානම් හරි විතරයිනේ .එහෙම නෙමේද ?

පුංචි උනත් ලොකු උනත්  ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ අනන්තවත් මේ පොලවේ ඇති

1 comment:

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...