Saturday, October 24, 2015

හදවතින්ම ආපු වචන ටිකක්

උණුසුම් උණු තාර පාරේ තැන තැන පුංචියට වැහි වතුර එකතු වෙලා තිබුන .දහසකුත් මිනිස්සු ඒවා එහෙමම තියෙන්න ඇරිය මිසක් එහෙමත් නැතිනම් පාගල තව ටිකක් මඩ කලා.එත් ඒවාට මන් බය උනා .උඩ දිලිසෙන්න පිහදලා තිබුන සපත්තුවේ වම් අඩියට කාගෙවත් ඇස් මානයට නාවත් මහා පාරේ වැහි වතුර නම් මගේ කකුලේ දැවටෙන විට පිළිකුල් සීතලක් ගෙනවා.තව ටිකයි තියෙන්නේ ..
හරියටම නුගේගොඩ දුම්රිය ස්ථානයේදී
ගොඩක් කාලෙකින් එක පන්තියේ හිටපු යාළුවෙක්ව හම්බ උනා .අපේ ඇතින් නෑදෑයොත් වෙනවා .
එක එක දේවල් ගොඩක් කතා කලා .තාමත් කෝච්චිය නෑ .සෙනග නම් පිරිලා .

“කොහෙද බන් දැන් උඹ වැඩ කරන්නේ ?”

“... එතන බන්.උඹ ඉතින් ඉස්සර තැනමනේ ..නේද ?”මගේ යාළුවගේ නම දැහැමි .facebook එකෙන් කතා කලට මූණට මූණ හම්බ උනේ අවුරුදු 2 කින් වගේ.

“ඔව් මචං ..දැන් ටිකක් කල් .වෙන තැනකට යන්නත් ඕනි බන් ..මෙහෙ ටිකක් පඩි අඩුයි .එන්න එන්න වියදනුත් වැඩි වෙනවනේ බන් ..” මන් හිනා උනා .

මම නම් ඇත්තමයි කිව්වේ.එදා මගේ පොකට්ටුවේ තිබ්බෙත් රුපියල් 100 වගේ සන්තකේටම .අහස කහ පාට වීගෙන එනවා වෙනද වගේම ..මූණට හරි කෙලින්ම පාත් වෙන හිරු එලිය මිනිස්සු ඔක්කොම ලෙඩ හැදිලා වගේ කහ පාට කරලා .දැහැමිට හිටිය ආදරේ කරන ගැහැණු ළමයෙක්.මට එක පාරටම මතක් උනේ මිනිහ මගෙන් මොනවද අහන්න හදන කොටමයි .

“ඉතින් කෝ උඹේ කෙල්ල ?”මන් ඇහුව .මොකද මමත් හොඳට දන්නා කෙනෙක් .ගොඩක් පරණ සම්බන්දයක් ..අපේ යාලුවෝ ඔක්කොම වගේ දන්නව මේ දෙන්න ගැන .

“ඒක නතර උන මචං ”මගේ යාළුවා රේල් පාර දිහා බලන් කිව්වා .

“ඒ මොකද බන් ?උඹලගේ ඔක්කොම හරි ගිහින්නේ තිබ්බේ ??නේද ??”මටත් හිතාගන්න බැරි උනා .පිටස්තර අපිට පේන්නත් ඒ දෙන්නගේ ආදරේ මහා විශාල ශක්තියකින් බැඳිලා තිබුණා.එදා මට හිතුන මුන් දෙන්න හරිම වාසනාවන්තයි කියල .
“මන්  ඒ කෙල්ලට මගේ පනටත් වැඩිය ආදරේ කලා බන් ..එයාලගේ ගෙදරින් කැමති උනේ නෑ මේ සම්බන්දෙට.මං දන්නේ නෑ ඇයි කියල  ”

“ඊට පස්සේ ?”මුන් දෙන්න හිටියේ මොන දේ උනත් පැනල හරි යන ගානට ..එච්චර ලෙන්ගතුකමකින් ..

“අන්තිමට එයටත් මාව එපා කිව්වා ..ගෙදරින් කැමති නැති හන්ද ...තාමත් ඒ ආදරේ මතක් වෙනකොට පපුව රිදෙනවා මචං ”
ඒ කිව්වේ හදවතින්ම ආපු වචන ටිකක් කියන එක නම් මන් දැනගත්ත .ඇස් ඉස්සරහ රේල් පාරවල් අතරේ කිසිවකට නොතැලුණු නමුත් තද සුලගකට අහු වෙලා වගේ බිමට නැමුණු කොලපාට පඳුරු වැවිල තිබුන.කොලේක දෙකක දුම්රියෙන් විසි වුනු කළු පාට තෙල් බින්දු දෙක තුනක් තිබුන අද උදේ තද වැස්සෙන් වත් හේදිලා ගියේ නැති .


No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...