Sunday, October 11, 2015

ඔබට ගොඩක් ස්තුතියි

                                       ජීවිතේ වැදගත්ම අවුරුදු 3,4 ක් තිස්සේ ගත කරලා දැන් යන්නයි හදන්නේ .මාව රැකබලා ගත්තා .මාව ලස්සන කලා .මට වැදගත්කමක් ලබා දුන්නා.මේ හැමදේම දීල බැරි කාලේදී යන්නයි හදන්නේ.
සුදු පාට කමිසයේ අළුපාට ඉරි ඉරි .ඇඟට හරිම පහසුයි ,ඇන්දම කපු හින්ද.අත් දිගට දාල හොඳට මැදලා ඇ න්දම මම නම් "මහත්තයෙක් " වගේ නියමෙට පේනවා .මදිනකොට පොඩ්ඩක් රැලි දිග අරින්න දඟ උනාට වතුර ටිකක් ඇගේ දාල මදිනකොට බබා වගේ ඉන්නවා .මීට අවුරුදු කීපයකට කලින් දෙහිවල පැත්තේ කඩයකින් ගත්තේ .මට අද වගේ මතකයි.මගේ නෑදෑ වෙන නැන්ද කෙනෙකුත් හිටිය ගන්න වෙලාවේ.එයා තමයි තෝරලා දුන්නේ .කොහොම උනත් උපන්දින උත්සව ,සාද ,සම්මුඛ පරීක්ෂණ මේ මෑතක් වෙනකන් ආයතනයට ඇන්දෙත් ඒ කමිසයමයි .
වර්ගය  "EMARALD" -15" TRIMFIT

කාලයක් අදිනකොට බොත්තම් ගැලවුනා.අයිත් තියල මැහුවා.තව සැරයක් බෙල්ලටම මැදීලා කොලරය  ඉරුන.ඊට පස්සේ අම්මා කොලරය ගලවල අනික් පැත්ත තියල මැහුවා .පුදුම වාර ගණනක් මන් ඔයාව අදින්න ඇති .
ඊටත් පස්සේ මගේ අත් දිග වෙලා කමිසය කොට උනාම අදින්නම බැරි උන .අද මම ඔයාව හැමදාමත් හැම කමිසයක් අතරින් උඩින්ම තිබ්බ ඔයාව අලුමරියෙන් අයින් කරනවා .මගේ ජීවිතේ කුමන අන්දමකින් හෝ යම් කාලයකට මාව සතුටින් ඔයා තිබ්බ නිසා මං තාමත් මගේ කමිසයට ආදරෙයි .
එදා ඔයා විතරයි .තවත් කමිස ගන්න මට අරන් දෙන්න අම්මලාටවත් වත්කමක් තිබුනේ නෑ .එත් ඔයා දවස් 5 ම එහෙම නැතිනම් ඕනේ හැම දවසකම මන් ළඟ හිටිය .මට ඒක අමතක වෙන්නේ නෑ .



No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...