Saturday, March 16, 2024

සරුංගලේ හැඩ කරන්න

 


පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාදුනන සීත උණුසුම් කොයි හුළගටත් සරුංගලේට පුළුවන් අගර දගර දාලා වැඩ පෙන්නන්න.ඒත් සරුංගලේ හැමදාම පුරුදු හුළග එනකන් ඉන්නේ වැඩ ගොඩක් පෙන්නන්න.ඒ හුළගත් ටිකක් විසේකාරයි.පහළ තියෙන් ගස් වල අතු ටිකක් අඔරවනවා.බිම තියෙන මිනිස්සුන්ට කිවිසුම් යන දූවිල්ල ඔක්කොම අවුස්සනවා.විසේකාර හුළග එක්ක බෑ.හරි හරියට ඔට්ටු වෙන්න පුළුවන් සරුංගලේටම විතරයි.ඒ හින්දයි කවදාවත් කුරියා ගහන්නේ නැත්තේ.

කොච්චර සනීප විදියට හුළග ආවත් ඒ හුළග එක්ක ඇති තරම් විනෝද වෙන්න සරුංගලේට බෑ.තංගුස් දිග නූල නැත්නම් සරුංගලේ දැනටමත් සුපුරුදු හුළගත් එක්ක ඔහේ පාවේවි.සමහරවිට හුළග මැරුණහම කඩන් වැටේවි.ඒ හින්දම තමයි සරුංගලේ තංගුස් නූලට මෙච්චර ආදරේ.ඒකයි සරුංගලේ බය නැතුව අගර දගර දාන්නේ.

සිංදු කියාගෙන යන පණිවිඩ අරන් යන හුළගේ ගහගෙන යන කුරුල්ලෝ දවස පුරාවට එමටයි.හුළග එයාලටත් හිරිහැර කරනවද මන්දා.හුළගට යන්න තැනක් නෑ.ඉන්න තැනකුත් නෑ.ඒත් ආදරය කරන දේවල් එමටයි.ඒකයි හැමදාම සරුංගලේ හැඩ කරන්න පණ ගන්වන්න ඒ ළගම කැරකෙන්නේ.

අපි බිම ඉදගෙන ඇස උඩ තියගෙන සරුංගලේ නාටක බැලුවට සරුංගලේට විතරක් ආදරේ කළාට අදෘශ්‍යමාන සුළග අපි ගණන් ගන්නෙවත් නෑ.ඒත් සරුංගලේ කවදාත් බලාපොරොත්තු වුණේ සුපුරුදු සුළග.එහෙම නේද?


ඉර හද අල්ලන්න බැරි නෑ

 



ළමයිනේ ලෑස්ති වෙයල්ලා...උඔලා දුක් විදලා විදලා තාම දෙයක් ලැබිලා නෑ කියලා දුක් වෙන්න එපා.උඔලා ඉර හද අල්ලන්න ඉපදිච්ච උන්.හරිද? බෑ කියලා දෙයක් නෑ. දුකක් කියලා දෙයක් නෑ.වැඩ කරපල්ලා උඔලට ඕන දේ ලබා ගන්න.හරිද? හිතන්න එපා දැන් මාව මැරෙයි දැන් මැරෙයි කියලා.එකෙක්වත් මැරෙන්නේ නෑ.අපේ ඉලක්ක ළගට අන්තිම හුස්මේදී හරි යන්න ඕනි.

හිතන්න එපා ඇගවල් වල ලස්සනක්.වැඩ කරපල්ලා.හිතන්න එපා සිනිදු අත පය.පස්සේ ඒවා කර ගමු.නැත්නම් යා ගන්න ඕනි දුර යන්න පරක්කු වේවි.කොල්ලනේ කෙල්ලනේ ලෑස්තිද?

රෝස පාට ආදරේ උබලට ඕනිද? ඇත්ත කියපල්ලා.එක එකාව බදාගෙන ඉඔ ගන්න කෙහෙල් මල් උඔලට ඕනිද?ඕනි නම් පලයව්.ගිහින් කොර ගනිව්.හැබැයි ආයිත් උඔලට මෙහෙ එන්න වෙනවා.ඒක දැන ගනින්.ඒක මායාවක් මගේ යකුනේ.අහුවෙන්න එපා දැම්මම.කල් ඉදලා හිමින් සීරුවේ බලමු.නැත්නම් මේ ගමන යන්න බෑ. උඔලා කැමතිද ඒකට?

බලපල්ලා බඩගින්න දැනෙනවාද කියලා.ඇත්තටම බඩගින්නද දැවිල්ලද තියෙන්නේ? දැවිල්ල නම් කාපල්ලා.නැත්නම් උබලා බොරුවක් කරන්නේ.අපි් එක්ක සැප ගන්න බෑ අද.හෙට සැප ගන්න ඕන නම් අපිත් එක්ක එක හුස්මේ හිටින්.

අපි කවද්ද කොහොමද පටන් ගන්නේ? ඕවා ප්‍රශ්න නෙවෙයි.මේ දැන්ම කෙහොම හරි පටන් ගන්න ඕනි.මේ දැන්ම.අපිට හෙටක් නෑ.තියෙන්නේ අද විතරයි.

අන්ත් උන්ගේ වීරකම් දකිනකොට උඔලාගේ ඇගේ මයිල් කෙලින් වෙන්නේ නැත්නම් ඔලුව රත් වෙන්නේ නැත්නම්   උඔලාගෙන් ඇති වැඩේ මොක්කද? ඒ ශක්තිය එතනට යන්න මග උබලාටත් තියෙනවා.බැරි එවුන් මෙතන එකෙක්වත් ඉන්නවාද? ඉන්නවා නම් දැන්මම පලයව්...

Tuesday, December 19, 2023

අපේ ලොකු තාත්තා

 

අපේ ලොකු තාත්තා



අලුත් ගෙදරට අපි කීවේ අලුත් ගෙදර කියලා. පොඩි කාලේ තේරුමක් තිබුණේ නැති වුණාට ප්සේ තමා තේරුම දැන ගත්තේ.මොකද අපේ තාත්තා පවුලේ බාලයා හින්දා මහගෙදර උරුම වුණේ තාත්තාට. තාත්තා කියන විදියට ලොකු තාත්තා තමයි පවුලෙන් මුලින්ම බැදලා තියෙන්නේ. එතකොට හදපු මුල්ම ගේ හින්දා තමයි අලුත් ගෙදර කියලා කිව්වේ.කැන්දගොල්ලේ අපේ හැමෝටම වගේ එහෙ ගෙයක් වුණා මට මතකයි. නංගියි මමයි හැමදාමත් යන්න ආස කරපු ආදරය කරපු තැනක් තමයි එහෙ. ගොකු තාත්තාගේ පුතාට අපි කියන්නේ ලොකු අයියා කියලා. හරියට තාත්තා ලොකු තාත්තාට කියනවා වගේ. තිස්ස අයියා කියන්නෙත් ලොකු තාත්තා. පියතිස්ස වැලිකල තමයි නම. ගමේ අය කිවුවේ තිස්ස මහත්තයා කියලා. ලොකු තාත්තා අහල පහල බොහෝ පිරිසක් අදුනන කෙනෙක්. අපි කොහේ හරි ගියත් ....

මහත්තයාගේ මූණේ හැඩරුව නම් දැකලා පුරුදුයි.

මං කැන්දගොල්ලේ

එතකොට තිස්ස මහත්තයාගේ කවුරු හරිද?

ඔන්න ඔහොමයි කතාව යන්නේ..

ඔව් පොඩි මල්ලිගේ..

ඒ කියන්නේ මහත්තයා බන්දනාගාර මහත්තයාගෙද පොලීසියේද නැත්නම් අපේ චූටි මහත්තයාගේද?

තාත්තාත් ැක්ක පවුලේ පිරිමි 4 දෙනෙක් ඉන්නවා. අද ඉන්නේ තුන්දෙනයි. මං මේක ලියනකොට අපේ ආදරණීය ලොකු තාත්තා අපි ගාව නෑ. ඒ දැනෙන දුක මේ අකුරු ඔක්කොම බොද කරන්න තරම් කදුලකින් වෑස්සේව් කියලා මට දැණෙනවා.

මගේ මතකයෙන් දැනට තියෙන එක ම මතකයක් හරි අලේ ලොකු තාත්තා ගැන මැකී නොයාවි කියලා මං හිතනවා. තා්ාගේ පරණ පින්තුර ඇල්බම් වල ලොකු තාත්තා ඉන්නවා. හරි උස මහතයි. සුදුයි. අපේ අම්මා කියන්නේ ගාමිණී ෆොන්සේකා වගේ කියලා. හැබැයි පින්තූර දෙක සමාන කරනකොට අපේ ලොකු තාත්තා එයාට වඩා ගොඩක් පරිපූර්ණයි කියලා හිතෙනවා.

තාත්තා රට ඉන්න කාලේ (මාලදිවයිනේ) අම්මා ඉස්කෝලේ උගන්වන්න යනකොට සමහර දාට නංගියි මමයි ඉන්නේ එහේ. එහෙට තමයි යන්නම කැමති. ඒ ලොකු අම්මාගෙයි ලොකු තාතත්තාගෙයි අයියාගෙයි අක්කාගෙයි අපිට තියෙන අසීමි ආදරය හන්දා.

ලොකු තාත්තාගෙ ළග මහා විශාල පෞරුසයක් තිබුණා.හුගාක් දුරට ඉගෙනගෙන නොතිබුණාට නායකත්ව ලක්ෂණ බොහෝමයක් ඔහු ළග තිබුණා.

අලුත් අවුරුද්දට හැමෝම මුලින් යන්නේ එහාට. කවුරු නැතත් නංගියි මමයි කැවිලි පිගාන හදාගෙන එහෙ යනවා.

ලොකු තාත්තා අන්ත්‍රා වුණාට පස්සෙත් ලොකු තාත්තාත් ලීලාත් හැමදාම අපි දෙන්නව බලාපොරොත්තු වුණා.

පරක්කු වුණොත්...

සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ පැත්තට එන්න තේ ටිකක් බීලා යන්න. කියලා ලොකු තාත්තා කතා කරනවා මට අද වගේ මතකයි.

ඒ වචන වල කොයි රම් ආදරයක් හිතවත්කමක් රැදිලා තිබුණාද කියන එක අදත් ඒ වචන මනසේ දෝංකාර දෙනකොට දැනෙනවා.

ලොකු තාත්තා වැන්දම කිව්වේ තුණුරුවන්ගේ සරණයි කියලා. බුද්ධ ධම්ම සංඝ යන රෙුවනගෙම පිහිට ආරක්ෂාව ලබලා දෙන්න කියලා ඒ හිතන ප්‍රාර්තනාව ඇ්තතටම සපල වුණු හින්දයි අද මම මේ ලියන්නෙත් කියලා මට හිතෙනවා.කවදාවත් බුදු සරණයි කියලා විතරක් කියලා නෑ. අපේ ජීවිතේ කවදා හරි මේ සෑම දෙයක්ම නැතිවෙලා යනවා. මගේ ජීවිතේ පවා. අපේ ආගම ධර්මය ඒකයි. ඒ තරම් රිදෙන්නේ ගොඩක් අපි ලොකු තත්තාට කිට්ටු වුණ හින්දයි. ඒත් අපිව බලාගත්ත එක තාත්තා කෙනෙක් තමයි ඒ. කාලයක් අපි CD බැලුවා. CD වල  Film ආපු මුල් කාලේ. ලොකු තාත්තාට එතකොට හොදට ඇවිදින්න පුළුවන්. ජීප් එකේ ගිහින් ඉදිකටු හන්දියෙන් CD ගේනවා. Fight තියෙන ඒවා.. එතකොට  Wrestling.. ලොකු තාත්තා හින්දි බලන්නත් ආසයි.එයා බලලා හොද නම් අපිටතත් දෙනවා. ඉස්සරහා මැද සාලේ පුටුවට වෙලා TV එක දිහා කොයි තරම් බලන් ඉන්න ඇතිද? TV එකට සිතුම් පැතුම් තියේ නම් ලොකු තාත්තා නැති වෙලා ඉන්න කොට කොයි තරම් පාළු ඇතිද? ඒ ලොකු ගෙඩි TV එක.

නෑවම ලොකු තාත්තා ගාව Lux සුවදයි. සුදු පාටයි. වතුර ගිහින් ඇස් රතු වෙනවා. මං ඉතිං  අහනවා  ලොකු තාත්තා නෑවද කියලා .ඉතිං කතන්දරය පටන් ගන්නවා. උදේ ඉදන් වෙච්ච දේවල්.

අපිව ලැබෙන්න අම්මව එක්කන් ගිහින් තියෙන්නේ ලොකු තාත්තාගේ Ford එකේ. පස්සේ ඒක හීන් ලොකු තාත්තා ගාව තිබුණා. 2ශ්‍රී වගේ තමා මතක. මමත් ඒක එළවලා තියෙනවා. ගියර් 04යි තිබ්බේ. පස්සේ ලොකු තාත්තා ගාව Mitsubishi Jeep එකක් තිබුණා. ඒක ලොකු අයියත් එකතු වෙලා හොදට හැදුවා. පස්සේ ලොකු තාත්තාට මරුටි කාර් එකක් තිබුනා. වතුරගම මාමාගේ කාර් එක මතක විදියට.

හැමෝම බැන්දා. ළමයි හදලලා ඒ පවුල් ගත කළා. අපි දෙන්නගේ වෙඩින් එක බලන්න කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද? ඒ දවස ලොකු තාත්තාට බලන්න බැරි වුනා. මගේ ළමයින්ට ලොකු සීයා පෙන්නන්න මට බැරි වුණා. තාමත් සිහිනයක්. එච්චරට අපි ආදරය කළා. ඒ අපිට තිබුණ ආදරය අපි හැමෝටම එක වගේ තිබුණා.

ලොකු අම්මත් යන්න ගියා. ලොකු තාත්තාත් යන්න ගියා. සමහර දාට කෝල් කැලා අම්මාට කියනවා  උඔලාට දැන් අපිව මතක නෑ නේද කියලා.  අපි කොච්චර හිතන් හිටියද ලොකු තාත්තා ළගට වෙලා ටිකක් කාලය ගත කරන්න. මගේ තාත්තාව එක්කරගෙන යන්න තමන්ගේ ලොකු අයියා ගාවට. මං හැමදාම දැක්ක දෙයක් තමයි පවුලේ ලොකුම සහෝදරයයි පවුලේ බාලම සහෝදරයයි තියෙන බැදීම. ඒක හරිම පුදුම බැදීමක්. ලොකු තාත්තා තාත්තාට කවදාවත් වචනයක්වත් කියලා නෑ.

අපේ ගෙවල් සේරගේම එකමුතු කමට ප්‍රධාන පුරුක උනේ ලොකු තාත්තා. දැන් ලොකු තාත්තා යන්න ගිහිල්ලා. ලොකු අම්මාත් යන්න ගිහින්. ලොකු තාත්තාගේ මළ ගේ දවසේ නෑදෑයින් වෙනුවෙන් කතාවක් පවත්තන්න මට ලොකු වෙහෙසක් දරන්න වුනා. ඒ තියෙන ආදරේ වැඩි කමට. නිසල දේහයක් ඉදිරිපිට ඔහුට අන්තිමට නිවන් සුව  කීවේ වෙනත් ආත්මෙකදි හරි ලොකු තාත්තා හම්බ වේවායි ! සිතමින්....


Wednesday, October 18, 2023

රෝස මලට පෙම් බැන්දේ මමයි

 

2018-06-28

මතක පොත සිනහවෙන් පිරුණු පිටු පරයමින් දුක් සන්තාප එක්ක කිලිටි වුණ කොළ ගොඩකින් පිරෙන බව මම දනිමි.

ඔබ මා හමු වුනු දා පටන් මම ඔබට ආදරය කලෙමි. ඒ සැබෑවටමය.

මගේ ඔළුව පැලෙන්න රිදෙනවා. ඒත් කාට කියන්නද? මගේ පපුව රිදෙනවා. කිසිම දෙහක් කර කියා ගන්න බැරුව මං අසරණයි. මට තනිකම දැනෙනවා. මට පාළුයි. ඒ් කවුද මට ඉන්නේ? මං කාගෙන්ද අහන්නේ? මං ගැන දැනෙන්නේ හැගෙන්නේ නැතිනම් මං කොච්චර අවාසනාවන්තද?

ජීවිතේ අන්තිම මොහොතේදීත් ඔයාට කදුලක් නොඑන්න දුකක් නොහිතෙන්න ඔළුව නොරිදෙන්න ජීවිතේ එපා නොවෙන්න මං හැම වෙලාවෙම මගේ ආදරේ මං ඔයාට අමතක කරවන්න උත්සහ කලා. ඒ වෙලාවට මං නොමැරි මැරුනා කියලා ඔයා දන්නේ නැතුව ඇති. එහෙම සිය දහස් වාරයක් වෙන්න ඇති.

මුලු හදවතින්ම මට ආදරේ නොකරන කෙල්ලෙක්ට මගේ මුලු හදවතින්ම එකම විදියට චුට්ටක්වත් අඩු නැතිව මං ආදරේ කළා. මගේ හැමදේම කැප කලා.

බලාපොරොත්තු දහසක් ආදරණීය සිතුවිලි මල් වගේ පීදුනත් දවසයි දෙකයි. ඔබමයි ඒවාට පූදින්න ඉඩ නොදුන්නේ. මං ඒවා අමතක කලාට හිතේ රිදෙන තැන්වල ඒවා තියෙනවා. කිසිදු හැගීමකට ඉඩ නොදෙන ඔබේ ගත ඔබේ සිත මගේ ආදරය එක්ක නැමෙන විට බලෙන් ඒවා ආපස්සට ගත් හැටි මතකද? එවිට මට රිදුන තරම් දැනුනු තරම් එක්ක පිටවුනු සුසුම් එක්ක මගේ හුස්මත් පිට වුණා නම් හොදයි.

පිරිමි හිතකට ගැහැණියකගෙන් නොලැබිය යුතු නොලැබෙන තරම් අවලාද බැණුම් හිත රිද්දීම් අසීමිතව ලැබෙද්දිත් මට හැගුණු සිිතිවිලි ලත් තැනම මැඩගෙන මම ඔබට ආදරය කළෙමි. මට දුක හිතුණා. මං ඇඩුවා. මං මම ගැන හිතාගෙන හිටිය මහා පෞරුෂය අමතක කරලා ඔයාට තියෙන ආදරය ගැන හිතුවා. මගේ ජීවිතේ මට කවුරුත් ඔය තරම් බැනලා නැතුව ඇති. බැන්නට කමක් නැ ඔබ ඒ තරම්ම මට ආදරය කළා නම්.

මං කැත ඇති. මගේ මූණ ලස්සන නැතුව ඇති.මගේ දත් ඇද ඇති.මං කෙට්ටු ඇති.මගේ ඇස් නපුරු පාට ඇති. මං මෝඩ වෙන්නත් ඇති. මං මන්දබුද්ධික වෙන්නත් ඇති.මං උගත් නැතිව ඇති. දුප්පත් ඇති. කිසිම දෙයක් හරියට කර ගන්නට බැරි පිරිමියෙක් වෙන්න ඇති. මගේ රැවුල වැවෙන්නේ නැතුව ඇති. පිරිමි පාටක් පේන්න නැතුව ඇති.මේ හැම දෙයක්ම මම ඉවසන් ඉන්නටත් ඇති. මගේ අත ලස්සන ඇති. අන්න ඒකට සියල්ල පිටපත් විණි.

මං ඔබට ආදරය කලේ එහෙමයි රත්තරං.

ඔයා සංකීර් ණයි. සිතුවිලි ප්‍රබලයි. මුරණ්ඩුයි.ආදරණීය බව පලා ගොස් තිබිණි. කාන්තාරයක් මෙන් වියළිය. මෙසේ වූ ඔබේ අස්සේ හැංගුණු රෝස මලට පෙම් බැන්දේ මමයි. ඒ ඔබ රෝස මලක් කරන්නටයි.

ඔබ අද රෝස මලකි. ආදරය කරන්න තරම් හිත උණු වී ඇත. හැගීම් උද්දීපනය වී ඇත. ඒත් ඒ මට නෙවේ. කිමද ඔබ සිතන රූපය පුද්ගලයා මම නොවන බැවිනි.

කෝ මගේ රෝස මල

මට මේ ටික ලියනකොට ඇස් තෙත් වන්නේ ඔයා කියන විදියට මං ගැඔුරට හිතන නිසා වෙන්න ඇති. නමුත් මේ මමයි.

Tuesday, August 15, 2023

පැහැසරා " මෙතුසරා මම චූටි මාමා…2011


 

ඔයාලට නොතේරුණාට මේක පුදුම සංකලණයක්. මෙතුසරා මොන්ටිසෝරි යනවා. පැහැසරා 3 වසරේ. චූටි මාමා කියන්නේ මම ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි. ඩිග්‍රිය කරලත් ඉවරයි. වයස අවුරුදු 25ත් පැනලා.

ඒ්ත් මේ තුන්දෙනා එකු වුණාම ගෙදර යුද්ධ පිටියක්. කතන්දර ගොඩක්. හිනා සාගරයක්. ප්‍රශ්න වැලක්.කටට තියා කකුල් අත් වලටවත් නිදහසක් ඇත්තෙම නෑ. මේ කතන්දරේ අක්කත් දන්නවා අයියත් දන්නවා. චූටි මාමා ඔක්කොටම හපන්. රැවුලත් වවාගෙන "කකුල් උඩ තියාගෙන "රියන් දිග අත් පා විසි කර කර පැදුර උඩ පුංචි උන් එක්ක බෝනික්කෝ නළවනවා. කෝච්චි යවනවා.

අක්කයි නංගියි පැන පැන චූටි මාමා එක්ක කතාව. චූටි මාමා කොටු පනිනවා. ඒ ප්ස්සෙන් පැහැසරා ලොකු බබාත්" බැරිමරගාතේ චූටියත්. මගේ හිතට පුදුම සැනසීමක් සැහැල්ලුවක් දැනෙනවා.

මෙතුසරා නම් පුළුන් ගොඩක් වගේ. උස්සගෙන කර උඩ තියාගත හැකියි. ඒත් ග්‍රීස් ගාලා වගේ ලෙස්සනවා. දÕලනවා. අක්කි බබාව උස්සන්න දැන් අමාරුයි. දැන් අරන් යන්නේ ලුණු කරේ.

චූටි මාමා˜ —චූටි මාමා˜ ඕක තමයි වචනේ දවසම.

මං ළÕ මෙච්චර ආදරේ තිබිලත් මං තාමත් ඒවා දී ගන්න බැරුව හිගා කනවා. මගෙන් කිසියම් පවක් පෙර ආත්ම වලදී වෙලා ඇති. ඒත් මොනවගේද?

 

දානෙ ගෙයක්  මළ ගෙයක් හරි ඕනෑම ශාන්ත දාන්ත උත්සවයකට මේ තුන්දෙනා ආවොත් විශාල කලඔගෑනි සිද්ධ වෙනවා කියලා හැමෝම දන්නවා. මල්ලියේ ඔයාව දැකලා මෙයාලා වයින් කරලා වගේ˜

එයාලා විතරක්යැ.මමත් වයින් වෙලානේ. සිල් ගන්න ගියොත් සීලෙත් ඉවරයි. භාවනා කරනකොට මං ඇස් වහගෙන. දෙන්නම ඇස් යාන්තම් ඇරගෙන මා දිහා බලන් හිනා වෙනවා. ඉතිං කොහොමද චූටි මාමා භාවනා කරන්නේකියන්න බලන්න.

මෙතුසරාගේ හොදම සේම් බඩු පෙට්ටිය තියෙන්නේ චූටි ආච්චි ගාව. ඒ කියන්නේ චූටි මාමාගේ අම්මා ගාව. ඒකෙ නැති දෙයක් නෑ. චූටි මාමාගේ ඉවර වුන සෙන්ට් බෝතල්" චූටි පූ ගේ ඉස්සර සෙල්ලම් බඩු වල රෝද" බට්න් අරවා මේවා එතකොට මදටිය ඇට" ඔලිද "කඩා වැටුණු අහස්යන්තර කියලා වැඩක් නෑ. මේ ඔක්කොම තියෙන්නේ ගෑනු ඉරුණු හෑන්ඩ් බෑග් එකක. සමහරදාට පොල් කුඩුත් ඕක ඇතුලේ "සෙල්ලම් බත් උයන්න අරන්.

ඉස්සරහ අඹ ගහේ රසකිද වැල් තියෙනවා.ඔන්න ඉතිං පුංචි උන් තුන්දෙනා (ඕක ඇතුලේ ලොකු මමත් ඉන්නවා) සෙල්ලම් කරනවා. එක පාරම ලොකු බබා අර වැලක් කඩාගෙන නංගිත් එකතු වෙලා "මාව වෙලනවා.මට හෙල්ලෙන්නත් බෑ වගේ. ඔය වගේ දස වද. දැන් නම් හිනා යනවා.

සමහරදාට පුංචිගේ තොල්වල ගාන ඒවා මගේ තොල් වලත්.රැවුල යටින් රතුම රතු තොල්. හම ගහලා වගේ. පොඩි බබා වගේම ලොකු බබාත් මාමාට හරිම ආදරෙයි. චූටි මාමාගේ කොම්පූටරේ දාලා පුළුන් ගස්˜ බලන්න තරම් වෙන දෙයක් නෑ. දෙන්න කට ඇරගෙන.

චූටි මාමලගේ ගෙදර එන්න දෙන්නම පොරේ. ජපන් මොන්ටිසෝරියට ගිහින් ගේට්ටුව ළගින් බැහැලා මෙතුසරා චූටි සීයාගේ අතේ එල්ලිලා එනකොට පුංචි කමිසයේ ත්‍රිකෝණාකාරව නවලා කට්ටක් ගහලා තියෙන නම ලියපු ලේන්සුව සුළÕට වැනෙනවා. බෝතලේ සීයලේ අතේ. ඉද්ද මල් ගහ ගාවදී ගේ දිහා බලනකොට චූටි මාමා ඉන්නවා කියලා දැක්කොත් කෙල්ලගේ මූණට මල් හතයි. පොඩ්ඩක් මුලින් අගේ පානවා. ආච්චිගේ අතේ එහෙම එල්ලිලා පිපිØØා පෙත්තක් හෙම කනවා. මං නිදන් ඉන්නවා දැක්කොත් ළගට ඇවිත් යනවා. සැරෙන් සැරේ පැහැසරා නම් ඇහැකුත් ඇරලා බලනවා. මෙතුසරා අත් දෙකත් පිටිපස්සට බැදගෙන සිරිස් ගාලා කුස්සියට දුවනවා. මාත් නිදි නෑ. යාන්තම් ඇස් ඇරන් ඉන්නේ.

අප්පච්චි ගාවදි දෙන්නම පූස් පැටව් වගේ. හරි අමාරුවෙන් කතා කරන්නේ. ඇවිදින්නේ. ඉදගන්නේ. කොටින්ම කිව්වොත් ලෙඩ හැදිලා වගේ.ඒ්ත් අප්පච්චිට හදිස්සියේ වැඩක් වැටුණොත් ආයිත් සංග්‍රාමය.

මල්ලි බබාට මාස ගානයි. චූටි මාමා ඉතිං හරි කොමලේ ඒකවත් සෙල්ලමට අල්ලගන්න. ඒත් කෝ ඉතිං බයයිනේ. ළගටම ගිහින් හුස්ම දැනෙන ප්‍රමාණයට බලනවා.ලොක්කියි පොඩ්ඩියිත් හැමදාම දකින මල්ලියාට තවත් ලං වෙලා බලන් ඉන්නවා.

පැහැසරාගේ චූටි කුමාරයා චූටි මාමා. මේ කෙට්ටු "ඇද වුණු දත් තියෙන මූණ පුරා ගෙඩි තියෙන චූටි මාමා මේ දෙන්නට චූටි කුමාරයෙක්. චූටි කුමාරයට හරි සතුටුයි.එයාගේ චූටි පැටවුනේ මේ.

දවසක් අක්කි බබා මට දුන්න ලියුමක්.

චූටි කුමාරයා ˜

පුංචි කුමාරයෝ ඔයා නේද?

2013 වර්ෂයේ රජ රටට හොද සේවයක් කරන්න.

පැහැසරා විසින් ආදරණීය කුමාරයා වෙත. ඔයාගේ පිස්සු හොද කර ගන්න.˜

චූටි මාමා ඔය කහ පාට වෙච්ච කොලේ තාමත් කාමරයේ ගහලා තියෙනවා.

 

Sunday, February 19, 2023

මතකයන් 25.05.2014

 අම්මලා අනුරාධපුරේ ගිහින්  අද දෙවැනි දවස. තෙලක් හිදල . හෙට ඉදලා  මුළු ඇඟේම එක ගාන්න . අද රෑට පාන් කෑවා . ඊයේ රෑ පාන් . අද උදේ ලීල  බත් එකක් ගෙනත් දුන්න .උදේ නංගි පාන් රෝස් කළා .ඒවා කාලා ගියා .ඇවිල්ල කරන්න වැඩ කෝටියක් .නංගිව ගන්න යන්න .නාගන්න.  .රොටි අල්ලන්න .ඒවා දුන් ගෙට දාන්න . හරකා බඳින්න.ඒ අස්සේ එතනට ඇවිල්ල ගොනෙක් .මහා  විසාල එකෙක් .මට නේද ඉතින් .වත්ත කෙලවරට දුවල ඒ සතාව  පන්නල එනකොට ඉක්කත් වැටෙනවා . කවදාවත් ප්‍රශ්නයක් නොවෙන ඉක්කත්  නවතින්නේ නෑ .සපත්තු වේලෙන්න තිබ්බා .තෙමුනනේ උදේ 

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...