Monday, October 7, 2019

සිතේ ගින්දර

 


සිතේ තියෙන ගින්දර නිවා ගන්නටවත් කෙනෙක් නොමැති නම් මේ ජීවියේ ආදරය කුමකටද? බොහෝ සේ සත්‍යයි සිතා ආලය කලද ගින්දර නිවීමට ඒ ආලය අසමත් නම් එහි ඵලක් නැත.  ‌ඇයට ද වගක් නැතුවා සේය. මම තනි වී ඇති සෙයකි. වේදනාවත් තනිකමත් මේ සියල්ල හිතේ දරාගෙන තවත් ආලය කීමත් පලක් වේද? පුදුමයකි. හිත රිදෙනවා පමණකි. සිනා සීමට වෙර දරමි. නමුත් නිශ්පලය.කුමක් හෝ පවක් ගිය ආත්ම වල කර ඇතිය යන්න  මට සිතේ. ජීවත් වෙන්න තිබෙන එකම බලාපොරොත්තුව මගේ දෙමාපියන් සිටින තුරු පමණි. එතනින් එහාට කිසිවකු මෙතුවක් සිතේ කොටා නැත. සමුගන්න අවසර පැතුවද එබදුම කරුමයක් පල දී එසේ සමු ගන්නටද අපහසුය. වේදනා විදිය යුතුමය. නමුත් අවසානයක් නැත.


No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...