Thursday, August 23, 2018

කවුද හරි

ලෙඩා  : රිදෙනවා රිදෙනවා .දොස්තර මහත්තයෝ ඇයි  මට මෙච්චර රිද්දන්නේ ?

දොස්තර  : සීයේ සමාවෙන්න .ගොඩක් රිදෙනවද ? මන් පුළුවන් උපරිමෙන් නොරිදෙන්න කට්ට ගහන්නම්කො .ඊයේ තුවාලේ වෙලිලද බලමු.

ලෙඩා  : මහත්තයෝ ඔබතුමා  හිතන්නේ මට වයස කීයක් කියලද ? මට දැන් 80 යි .අපි ඉතින් කොයි වේලාවේද දන්නේ නෑ .ඉස්පිරිතාලෙට ආවෙත්  මේ පොඩි කෙල්ලගේ උවමනාටවට .නැත්නම් මන් ඔය කොහාට හරි වෙලා බණක් බවනාවක් කරන ඉන්නවා .

දොස්තර : සීයට ඉන්නේ අද කාලේ හොයාගන්න බැරි දුවෙක්නෙහ් .ඒකට  ගොඩක් සතුටු වෙන්න ඔනිනේහ් .බේත් අරන් සනීප වෙලා ඉක්මනට ගෙදර යන්න බැරිය .තව වැඩි දවසක් ඉන්න ඕනි නෙහැ .කෝ අත දෙන්න බලන්න .

ලෙඩා  : මට මහත්තයෝ දැන් දැන් බේත් ඕනි නැහැ .මගේ ජීවිතේ මන් හොඳට වින්ද කෙනෙක් .ඇවිද්ද.සතුටු වුණා .යුතුකන් ඉෂ්ට කලා .පවුල් වෙලා ළමයි හැදුවා .ළමයිත් දැන් හොඳ තැන් වල .ඉතින් ඇයි  මේ මම තවත් වේදනා විදින්නේ ? මට දැන් ඔනී නිවී සැනසිල්ලේ මැරෙන්න .

දොස්තර : එහෙම කියල බෑනේ සීයේ .සීයා  ඇත්ත තමයි කිව්වේ . අපි හැමෝම මැරෙනවා දවසක .අපි සීය තරම්වත් ඉන්න එකක් නැහැ .එත් මගේ රාජකාරිය ලෙඩ්ඩුන්ව සුවපත් කරන එක .චූටි බබාගේ ඉඳන් මැරෙන්න වැටිලා ඉන්න කෙනෙක් වෙනකන් මන් ඉන්නවා ඔයාලත් එක්ක .


No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...