Thursday, September 17, 2015

මගේ අම්ම කවදාවත් මට බොරු කියල නෑ

ආපහු හැරිලා බලනකොට ගොඩක් දුකයි .එත් මන් හිනාවෙන්න උත්සහ දරනවා .ඒ හිතේ හිය්යට  මිසක් හිතට එකඟව නෙමේ.කරපු තරමක් කලේ හැමෝම හොඳින් තියන්න .සතුටින් තියන්න .වචනෙකින් හරි .පොඩි දෙකින් හරි උදව්වක් කරන්න .මන් හඬලා හරි අනික් කෙනෙක් හිනා උනානම් එහෙමත් කලා .සමහරවිට මන් මෝඩ ඇති,සමහරවිට.ඒවා හිතල කරනවා නෙමෙයි .ඉබේ එන දෙයක් .ඒ කරපු කිසිම දෙකින් මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැ.සත්තයි . එත් මට කවුරුත් නැ වගේ දැනෙනවා .මට අසරණ කමක් දැනෙනවා.මගේ තාත්තත් එහෙම අනික් හැමෝටම මට වඩා සිය දහස් ගුණයකින් කරපු කෙනෙක්.රත්තරන් මනුස්සයෙක් .එත් මගේ තාත්තත් දැන් අසරණයි .මගේ අම්මත් එහෙමමයි .
දවසක් මන් අම්මගෙන් ඇහුව .
"අම්මේ ..අපි ගොඩක් අනික් අයට උදව් වෙනවා.ගොඩක් දේවල් කරනවා.එත් තාම අපි එතනමයි "
"අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද ?එත් අපි ඇයි ?"
"පුතේ මේ අහන්න "
"අම්ම අහන්නකො.අපි දුප්පත් .අපිට සල්ලි නෑ .යාන වාහන නෑ.ලොකු දේවල් නෑ.මගේ තාත්ත අම්ම අපි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන තාමත් මහන්සි වෙනවා .අපිට දවසක් එන්නේ නැද්ද හිනාවෙන්න අම්මේ ?"
"පුතේ හැමදෙයක්ම හිතන විදියට වෙන්නේ නැ ."
"එත් මන් විස්වාසකරනවා දවසක අපිටත් හරියනවා .මන් එක විස්වාස කරනවා."
මගේ අම්ම කවදාවත් මට බොරු කියල නෑ .ඒ හදපු විස්වාසය මගේ හිතේ ඇතුලටම බැස්ස වගේ දැනුන .ජීවිතේ හැම තැනදීම බැලුව අම්මව වට්ටන්න .එත් බැරි උනා.එහෙනම් පුතාවත් කොහොමත්ම බැරි වෙන්න ඕනි .මට හිතුනේ එහමයි .

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...