Thursday, August 22, 2013

හිරුට ලන්වෙන්ට



මට මෙන්ම ඔවුන්ටත් එලිය එකම  හිරුමයි.ඒ හිරුවන් දිදුලන වර්ණවත් ආශා සිතෙන තව එකදු වස්තුවක් නැති තරම්ය.සත්‍ය වශයෙන්ම නැත.හිරුගේ සෙවනැල්ලක් නැත.ඇත්තේ අපට පෙනෙන දීප්තිය හා දැනෙන පහස පමණි.එතනින් එහාට කිසිත් නොදනිමු.එම දීප්තිය අප වල්මත් කරන්නා සේම පහස පිපාසය ඇතිකරයි.එතනින් එහාට විග්‍රහය නිෂ්පලයි .
උදේ පායන විටත් සවසට බැසයන විටත් බලාපොරොත්තු පොදී බැඳගත් දෙනෙත් අයාගෙන මම ඔබ දෙස බලා සිටින්නෙමි.ඔබයි හිරු.
සඳු,ඔබ සමග යෙදෙන හැගුම්බර ප්‍රේමාන්විත රංගනය මා තුල ඇතිකරන්නේ හිත රිදෙන සියුම් ඉර්ෂියාවකි.
ඔබේ එළියෙන් සඳු බැබලෙන්න සඳු කෙතරම් වාසනාවන්තද?
එවිට සදේ ලප පෙනුනත් සඳු තාමත් සෞම්‍ය කාන්තිය විහිදුවනවනේ...
හිරුට එය ගණනක් නැත.හිත හිරු සමීපයේ  උවත්  සැබවින්ම අප අතර පරතරය ගවු ගණනකි.එහෙත් මට ඔබ වෙත ලංවිය නොහැක .
ඔබේ රශ්මිය මා දෙනෙත් අන්ධ  කරාවී.වෙහෙසාවී.
ඔබේ තරංග මා ගත පුළුස්සාවී.
එය එසේ වේදෝ කවුරු දනිත්ද ?
ඇය හිරුය.


No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...