Saturday, May 25, 2013

මහ මග කුරුළු ගෙයක්




මම මග නැවතී සිටිමි .ඒ ඉතා කලබලකාරී ඝෝෂාවන්ගෙන් පිරුන මහාමාර්ගයක් අසලය .තවකෙක් එනතෙක්‌ බල සිටිමි.මා අසල මහා පත්‍ර ඇති මහෝගනී ගසකි .නමුත් එහි පත්‍ර ඇත්තේ අඩු සන්ඛයාවකි.ඒවාද අතරින් පතර පනුවන් හෝ වෙනත් සතකු විසින් කා දමා ඇත .එහි මද දෙබලකි .
සැන්දැ අඳුර ගලමින් පවතී.මම තවමත් එතනමය්.
මිනිසුන් සේම පක්ෂීන්ද ඉතාම කාර්යබහුලය.ඒ ඔවුන්ගේ කූඩු කරා ළඟ වී දිනයේ ගිම් නිවා සැනසි දරු මල්ලන් දැක ගැනීමය.මැද දෙබලේ කිසියම් පක්ෂියකුගේ නිවහනය.එහෙත් කොතෙක් බැලුවත් මට කිසිවෙක් නොපෙනේ.නිවහන ඉතා රහසේ සැදුවක් ලෙසය.පත්‍ර අතර සැඟවී ඇත .මිනිස් ඇසින් වහන්  උවත්  දූවිල්ලෙන් නම් ඔවුනට සැනසීමක් නැත .මන්ද ඔවුන්ද දැන් කොළඹ හතේ ජීවත් වන මිනිස් පවුලකටම සමාන වන බැවිනි.

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...