I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Saturday, July 13, 2013
අම්මගේ ශක්තිය
අද ලියන්නේ පොඩිහිටියන්ට නොවෙයි.වැඩිහිටියන්ටයි.ඒත් හැමෝටම සිතල බලන්න පුළුවන් දෙයක් .අම්ම කියන්නේ අපේ ජීවයේ ආරම්භය වගේම එක් කොටස්කාරියක් .පුංචි කාලේදී නම් අම්ම තරම් වටිනා කෙනෙක් මේ මිහිපිට හිටියේ නැ .ලොකු අයටත් එහෙමමයි.අද අපි ජීවත් වෙන්නේ හුස්ම ගන්නේ ඇයගේ ශක්තියෙන් ,ඇගේ අප්‍රතිහත දහිරියේ ප්‍රතිපලයක් හින්දයි.තාමත් එහෙමමයි.
අම්ම ඇගේ හුස්මට වඩා අපේ හුස්මට වටිනා කමක් දී රැකගන්න උත්සාහ කරන්නේ ඇයි ?අපි ඇගේ දරුවෝ හින්දද ?
මවකගේ කුසට දරුවකු පැමිණ ,එනම් කළලය සම්පූර්ණ වී කුඩා බිලින්දකුගේ උප්පත්තිය දක්වා සපිරෙන කාලය දරුවාගේ හා මවගේ ඇති බැඳීම ගැන සියයට සියයක් විස්තර කරන්න අද තාක්ෂණයත් දියුණු මදි.එය එතරම් සංකීර්ණ ශක්තිමත් ආදරය ඉතිරුණු බැඳීමක්.
ලොකු වෙනකොට ඒ බැඳීම අඩුවෙනවා.මේක සත්‍ය කතාවක් .ඒත් ඒ අම්මගේ පැත්තෙන් නොවෙයි.අපේ පැත්තෙනුයි.අම්ම හැමදාමත් නොවෙනස්වන මගේම අම්ම.
අපියි වෙනස් වෙන්නේ.
අම්ම කියන්නේ ශක්ති උල්පතක් .ආදරය,කරුණාව,කැපවීම,වෙහෙසීම,පරිත්‍යාගයේ නොසිදෙන උල්පතක්.ඒක වචනයකින් දෙකකින් විස්තර කරන්න බැහැ.
ඕනෙම මවක් ළඟ තවත් ශක්තියක් තියෙනවා.ඒ ශක්තිය ඇයටම පමණයි.උදාහරණයකට මෙහෙම හිතල බලන්න.ඔබේ අත කැපිල තුවාලවෙලා ලේ ගලනවා.ඔබ වේදනාවෙන් දඟලනවා.අම්ම ඉක්මනට ඇවිත් බලනවා.ගොඩක් වෙලාවට කැපුණු තැනට පිබිනවා.එහෙම නැත්නම් ඔලුව අතගගා සනසනවා රෝහලකට යනකම්.
ඔය වැඩේ අම්ම නැතත් වෙන කෙනෙකුට උනත් කරන්න පුළුවන්.එත් පුදුම වැඩේ නම් අම්මගේ ස්පර්ශයෙන් සැනසීමෙන් තරම් පහසුවක් අපට ඒ වෙලාවට අනික් අය කරන කටයුතු වලින් නොලැබීමයි.
මවකගේ දරුවට ලැබෙන ස්පර්ශය ,වචන ,අස්වැසිල්ල තුල අපට නොපෙනෙන ශක්තියක් සංසරණය වෙනවා.ඒ ශක්තිය අපිව සුවපත් කරනවා.
Subscribe to:
Post Comments (Atom)
සරුංගලේ හැඩ කරන්න
පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...
-
උදේම නැගිටිනවා.ඔලුවේ තියෙන්නේ ටකරන් වහලේ යට නතර කරපු කැඩිච්ච වාහන ටික.ඒ ටික අද ඉවරයක් කරන්න ඕනේ .තාම ඇඟේ භූමි තෙල් ගඳ එනවා.කොච්චර නැවත්...
-
මට මෙන්ම ඔවුන්ටත් එලිය එකම හිරුමයි.ඒ හිරුවන් දිදුලන වර්ණවත් ආශා සිතෙන තව එකදු වස්තුවක් නැති තරම්ය.සත්‍ය වශයෙන්ම නැත.හිරුගේ සෙවනැල්ලක් න...
No comments:
Post a Comment