Showing posts with label සොච්චම්. Show all posts
Showing posts with label සොච්චම්. Show all posts

Monday, December 21, 2015

ගසක කඳුළු අපව ජීවත් කල හැටි (1 කොටස )



අද ඉඳන් පිටිපස්ස හැරිලා බලනකොට මේ අතීතය ගොඩක් ඈතක නෙමේ තියෙන්නේ .අවුරුදු 5 ,6 කට ඉස්සර වගේ .මට මතකයි ඒ දවස් වල මම ගෙදර ප්‍රතිපල එනකම් ඉන්නවා.සතියකට දවසක් වගේ මට කොහේ හරි පංති තියෙන්න ඇති .නෑ NIBM යනවා.පලවෙනි අවුරුද්ද ද කොහෙද.

අම්මට තාත්තට දෙන්නටම රස්සාවක් නැහැ .නංගි  තුන්වෙනි සැරේ උසස් පෙළ ලියන්න ලෑස්ති වෙනවා.ගෙදර වියදම් ඔක්කොම පිරිමහුනේ ණය වලට  කැපිල ඉතිරි වෙන අම්මගේ සොච්චම් පඩියයි ගේ පිටි පස්සේ තියෙන රබර් කට්ටියෙනුයි .සමහරදාට ගෑනු එක්කෙනෙක් ඇවිත් කපල යනවා.පෙරලත් යනවා.ඒත් රොටි අල්ලන්නේ අපි.ඒ ගැහැණු කෙනා නැති දාට අම්මා පරණ ඇඳුමකුත් දාගෙන කිරි කපනවා.මගේ පරණ කොළ පාට කැප එකකුත් දාගෙන අම්ම වයසටත් වැඩි කඩිසරකමකින් ලා මීදුම අස්සේ  ගහකින් ගහකට දුවනවා මට පේනවා දැනුත් බොඳ වෙලා .මේ අතීතය .මේ තමයි ශක්තිය අදටත්  .
ගැහැණු කෙනා වයසයි. චීත්තෙයි හැට්ටෙයි අදින්නේ .කිරි කපන වෙලාවට චීත්තෙ දනිස්ස ගාවට අදින්නේ .
ඒත් හරිම නරක කටක් තියෙන්නේ .ඕප දුප හොය හොයා යනවා .සැරයක් මමයි අම්මයි කිරි කපනවා කියල ගමේම කියල තිබුන . කමක් නෑ පව් ..මෝඩ කමනේ ඒ එක්කෙනාගේ .. ඒත් අම්මට ඒක ගොඩක් රිදෙන්න ඇති .
 උදේට කෑමත් හදල කිරි පිහියත් එක්ක යන අම්මව කිරි කට්ටියේ තනි කරන්න මට හිත දුන්නෙම නැහැ .මමත් හරි හරියට හැප්පුන .එහා වත්තේ නැන්දලට පෙනෙයි කියල මට ලජ්ජා හිතුනට අම්මට එහෙම හිතුනේ නැහැ .එදා මට කියල දුන්න පාඩමක් නොකියම .
“නම්බුව බිමින් තියන්න .හරිදේ කරන්න ”
මමත් ඊට පස්සේ හැමදාම කිරි කපන්න ගියා .අම්ම මට කියල දුන්න දිය පට්ටේ තුවාල නොකර කිරි ගන්න විදියට තුනියට පොත්ත අයින් කරන්න.
පොඩි පිහියෙන් මං ගස් තුන හතරක් මුල් දවස් දෙක තුනේ තුවාල කලා .පස්සේ හරි ගියා .පට්ටේ තුවාල උනාම කඳේ ගැට එනවා.ඒවා ආවම පොත්ත නැහැ .කපන්න බැහැ.හරි ආනතියට කැපුවේ නැත්නම් කිරි පාර හැදෙන්නේ නැහැ .
පොල්කට්ටට කිරි බින්දු වැටෙනකොට සතුට කියල නිම කරන්න බැහැ .පට්ටේ තුවාලේ වුනු තැන්වලින් පොඩ්ඩ් පොඩ්ඩ කිරි බින්දු උනන හැටි ගොඩක් ලංවෙලා බැලුවම පේනවා.ඒ බින්දු දෙක තුන එකතු වෙලා කිරි පාර පොල් කට්ටට පල්ලම් බහිනවා . මං එක ගහක් කපනකොට අම්ම ගස් 5ක් විතර කපල ඉවරයි .ගහේ  එලියට යන කිරි පාරවල්  ඇඟිල්ලෙන් හදන්න ඕනි . හැමවෙලාවෙම කිරි පාර හදන ඇඟිල්ල වේලිලා තිබ්බොත් වැඩේ කරන්න ලේසියි . මං ආසම වැඩේ ඒක .ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕනි .

පීලි නැති ගස් වලට පීලි තියල කිරි පිහියේ නොපිටින්  ගහල හයි කරන්නව .ඒකට ගස් කම්බි 3ක් 4ක් වගේම පීලි 10ක් 15 ක් සාක්කුවේ තියෙන්න ඕනි .
කිරි පිහිය හරියට දැලි පිහියක් වගේ තියුණුයි .හැමදාම වැඩට  යන්න කලින් අහක දාන පිඟන් ගඩොල් කෑල්ලකින් මැදල මුවහත තියාගන්න ඕනි .
මං මේවා ඉතාමත් ආසාවෙන් කරපු දේවල් .අමාරු උනත් අද අපිව ජීවත් තාමත් ජීවතුන් අතර තිබ්බේ අද මම මෙතන ඉන්නේ එදා රබර් ගහෙන් පොල් කට්ටට එකතු කරපු කිරි බින්දු ටිකෙන් කියන්න මං ආසයි .
ගහේ පොත්ත කපන්න ඉස්සර කරන්න ඕනි වැඩ දෙකක් තිබුන .එකක් ඉස්සෙල්ල දවසේ කිරි පාර ගියා මිදුන ඔට්ටපලු පටිය අයින් කරන්න ඕනි .අනික තමයි පොල්කට්ට සුද්ද කරන්න ඕනි .සමහර වෙලාවට වහල පලවුනු පොල් කටුත් තියෙනවා.ගඳ සුවඳ බලන්න බැහැ ඒ වෙලාවට .සුද්ධ කරන ඕනි .


මතු සම්බන්ධයි .

Monday, July 21, 2014

ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ





විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ  බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක් නැති උනාට ලඟා තියෙන ලීමොලෙන් හම්බු වුන ගිනිකූරු පටි ගහල, සවු කොළ  අලවල පරණ මොටරයකුත් මෝටර් දාල, හදපු කූඩුවේ නොපෙනෙන ජාතක කතාවක් නැතුව නොවේ.වෙසක් වලට නෙවෙයි ඇසල පෝයට හදපු කූඩුවක් වගේ හැමෝටම හිතෙන්නේ .එත් ඕක හැදුවේ හිතේ තියෙන ශක්තියට කියල කීයෙන් කීදෙනාද දන්නේ ?

සිමෙන්ති ගලින්  නග්ගල කපරාරු නොකරපු ගෙදර ජනෙල් තාම හයි කරලා නෑ.ජනෙල් වෙනුවට අලවපු පාට පාට ඉටිකොළ දැන් ඉරිලා.දැන්නම් ජනෙල් නොදැම්මත් කමක් නැ වගේ.අවුවෙන් වැස්සෙන් හිරිකිඩ වලින් ඇරෙන්න හොර හතුරන්ගෙන් පීඩාවක් එන්නේ නෑ කියල හැමෝම දන්නවා.මීට අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ල ගේ කපරාරු කරන්න ගොඩදපු වැලි ගොඩේ බාගයක් වැස්සට හේදිලා ගිහින් .තව ටිකක් පස් වෙලා .තව කොයි කාලෙකින් ඔය වැඩ පටන් ගන්න පුලුවන්ද දන්නේ නැ .
පොඩි කොල්ලගේ හපන් කම් බලන්න මමත් ගියා.

“එන්න මිස් ..එන්න මහත්තය ”ළමයාගේ අම්ම හරි සන්තෝසෙන් කතා කලේ.එයාලට මාව දැකල තවත් සන්තෝසයි.
කොල්ලගේ තාත්තා එහා ගමේ ගෙදරක කුලී වැඩ කරනවා.අම්ම ගෙදර ලෙස්සල වැටිලා දැන් මාස ගානක් සිංහල බේත් කරනවා.හම්බ වෙන සොච්චම් පඩියෙන් ගෙදරටත් වියදම් කරලා මේසා වැඩක් කරන්න පුතාව උනන්දු කරපු ඒ තාත්තා  නියම පියෙක් .
හවස 6.30 යි .මමයි අම්මයි තාත්තයි ,අපි තුන්දෙනාගෙන් ගෙදර මැද සාලේ පිරිලා.කෑම මෙසේ උඩ කේක් පිගානකුයි හැලප පිගානකුයි.පරාලේ වටේ ඔතල වයර් කොන් දෙකක් බුද්ධ රූපෙ බල්බයටත් අනික් වයර් කොන් දෙක කූඩුවේ මෝටරේටත් නිවැරදිව  ගිහින් තිබුන .
සුභ මොහොත ..”මිස් පොල්තෙල් පහන පත්තු කරන්න “අපේ අම්මට ඉටිපන්දම දුන්නේ දෝතින්මයි .පුංච් කාලේ ගමේ ඉස්කෝලෙදි  අකුරු කරපු මතකේ  තාමත් උන් ලඟ තියෙනවා.අද මේවගේ දෙයක් කරන්න එදා ඉස්කෝලෙදි  ගුරුතුමිය දාපු අඩිතාලමේ  ශක්තිය දැන් කොල්ලට තේරෙනවා.
“දියුණුවෙන් දියුණුවට පත්වෙන්න දහිරිය ශක්තිය ලැබේව ”අපේ අම්මගේ ආශීර්වාදය .අපේ අම්මටත් වැඩිය අඩියක් එකහමාරක් උස ඒ ළමය අම්ම ඉස්සරහ පොළවටම පාත්වෙලා දණගහල  වදිනකොට මට අම්ම ගැන  දැනුනේ ලොකු ආඩම්බරයක් .මං ඒ ගෙදරට ගිය පලවෙනි දවස උනාට එදා, එතන මං නිතරම පය ගහන තැනක් වගේ මට දැනුනේ.
මෝටරේ වැඩ පටන් ගත්ත .කූඩුව කැරකෙනවා.පැටවූ කූඩු පහත් හෙමින් හෙමින් කරකැවෙනවා.ගමේ වයසක මිනිස්සු කීපදෙනෙක් එයාලගේ ළමයින්ගේ ළමයි එක්ක ඇවිත් හිටිය.එත් දහ දෙනෙකුට අඩුවෙන් හිටියේ.ගෙදර බලු කුක්කයි ලඟා ගෙවල් වල එවුනුයිත් තනියෙන් ඇවිල්ල හිටිය.තිරිසන්නු උනත් උන් දන්නවා මොකද්ද හිතවත් කම කියල.අපේ අය වට වෙලා බලන්නේ අනුන්ගේ ඕප දූපයි කුණුකන්දලුයි එහෙමත් නැත්නම් ලාබෙට මොනවා හරි විකුනනවානම් හරි විතරයිනේ .එහෙම නෙමේද ?

පුංචි උනත් ලොකු උනත්  ලෝකයට නොපෙනෙන දුප්පත් වැඩකාරයෝ අනන්තවත් මේ පොලවේ ඇති

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...