Thursday, July 18, 2013

වාට්ටුවක ජීවිතය




                                රෝහලක වාට්ටුවක දවසක් හෝ දෙකක් ගෙවීම අත්දැකීම් රැසකට මඟ පාදයි.ව්ශේෂයෙන් රජයේ රෝහලක.රැය පහන් වන තුරා රෝගියෙකු ළඟ ගෙවන කාලය ලෙහෙසි පහසු නොවේ.බොහෝ රෝගීන් රැය පහන් වන තුරා අවදියෙන් සිටින්නේ ඔවුන්ගේ ශාරීරික දුබලතා නිසාය.තවත් සමහරු නිදා සිටියද සිහිනෙන් කතා කරති .දඟලති.එවිට රෝගියා ළඟ සිටින්නට යන්තම් හෝ නින්දක් ඇත්තෙම නැත.රැය පුරාවටත් ගිනි පාන්දරත් ලෙඩ්ඩු ඇවිදිති.වැසිකිලිවලට යාමටත් ක්ෂණික මිතුරු හමුවලටත් එම වෙලාව ඉතා යෝග්‍ය බැවිනි.

මම තාත්ත සමග සිටින රජයේ රෝහලේ වාට්ටුව කොළඹ කුලියට දෙන නිවාස සංකීර්ණයක් වැනිය.වාට්ටු ගොඩනැගිල්ල ,ඇඳ හා ඇඳට අයිති අල්මාරිය සමග කුඩා ප්‍රමාණයන්ට හැකි තරම් දැමිය හැකි ලෙස අහුරා ඇත.තවත් වෙලාවක මට මෙසේද සිතේ.ලෙඩක් සනීප කරගන්නට මෙහි ආවට යන්නේ තව ලෙඩක් බෝ කරගැනීමෙන් අනතුරුව ලෙසය.
මක්නිසාද යත් බෝවන රෝග සහිත රෝගීන් බොහෝ ප්‍රමාණයක් රෝහල තුල නිදැල්ලේ හැසිරෙන බැවිනි.මෙම තත්වය  පුද්ගලිකරෝහල් වලට කෙසේ වෙතත් රජයේ රෝහල්වලට උචිත වේ.පැය 24 පුරාවටම රෝහල කාර්යමණ්ඩලය පොත් ලියන්නන් බඳුය .ඔවුන්ගේ ප්‍රධාන  කාර්යය  රෝගීන්ගේ පහසුව කෙසේ උවද ලේඛන කටයුතුය .බොහෝ කාර්ය බහුලය .ලෙඩාට බෙහෙත් වර්ග ලැබෙන්නේ ඉතා ස්වල්පයකි .ඉතාම දරුණු ලෙඩකට උවත් කෝකටත් තෙල බඳු පැනඩෝල් හා තවත් පෙත්තකි.නමුත් රෝගියාගේ ඇඳ ඉහත්තාවේ ඇති කොළ ගොනුව නිතරම පිරික්සති.තව කොළ හා අකුරු පාට පෑන් කීපයකින්ම එකතු කරති.අත්සන් කරති.නමුත් අපි ඔවුන්ගේ සේවයට ස්තුති කලයුත්තෙමු.

රෝහලක් ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයට සමාන වටිනා කමක් දෙනු ලබයි .අප දන්නේ එසේය.බලා,තරුණ,මහලු මේ සියලු දෙනාගේම හුස්ම වැටේ.අප හැමටම පොදු ඒ හුස්මට තර්ජනයක් වන දෙයක් වේ නම් එය අප හැමෝටම පොදු තර්ජනයක් වන නිසාවෙනි.
නමුත් දොස්තර වරුන් කෙසේ නමුත් රාත්‍රියට සිටින හෙද සාමාජිකයින් හට නම් එම ජීවිතවලට අගයන් නියම කරගෙන සිටි.ඉතාමත් වයස්ගත පුද්ගලයන් ඔවුන් බොහෝ විට නොසලකා හරි.බොහෝ විට වැඩිපුර පරීක්ෂණ සඳහා භාජනය නොවේ.මෙනිසා රෝගියාගේ නෑදෑයන් හිතවතුන් විශේෂයෙන් පවුලේ සාමාජිකයින් අපහසුතාවයට පත්වේ.
මෙම සටහන රෝහලේ හුදෙක් අඩුපාඩු හුව දැක්වීමට නොවේ.බලාපොරොත්තුව සියලුදෙනාම තම තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කිරීමයි.
රෝහලේ හෙද හෙදියන් එක්තර ආකාරයකට තවත් දොස්තරවරු පිරිසකි.රෝගීන් හට ශාරීරික වශයෙන් බේත් හේත් ලැබුනද මානසිකව කිසියම් ප්‍රතිකාරයක් නොලැබුණහොත් ඔවුන්ව නිට්ටාවට සුව කල නොහැක .හෙද හෙදියන් මෙම කාර්යයේදී මුල් තැන ගත යුතුය.බොහෝ වි‍ට තරුණ හෙද හෙදියන් රෝගීන් හට දයාබරය.ඔවුන් රෝගීන්ගේ හදවතට ඉතා ලඟින් කතා කරයි.ඔවුන් ප්‍රසන්නය .කරුණාබරය.තෙත් ගතියෙන් යුක්තය .අත්දැකීම් වලින් පරිනත හෙද හෙදියන් ගින්නට දමන වෙළුන දර කැබලි වැනිය .තෙතමනයක් ඇත්තෙම නැත.ලෙඩුන්ට ඔවුන් කතාකළ විට රෝගය තවත් උත්සන්න වේ.රෝගින්නට හෝ  රෝගියාගේ නෑදෑයන් හිතවතුන්හට ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොහැක.ඇසුවොත් ඔවුන් කෝප වේ.එසේත් නැතිනම් රෝගිය මත වරද පටවයි.මෙම තත්වය රජයේ රෝහල්වල ඉතාමත් සුලබ ,ස්වභාවික  නමුත් මෙරටට පමණක් අවේනික තත්වයකි.
වාට්ටුවේ සිටින්නට සිටින්නට රෝගිය අතර ගොඩ නැගෙන්නේ ඉතා ඉක්මන් නමුත් ශක්තිමත් මිතුරු සම්බන්දතාවයකි .බොහෝ වි‍ට රෝගය සුව වූ පසුවත් එය පවතී.වාට්ටුව නින්දට ගිය පසු නැවත ඇහැරෙන්නේ උදැසන 5.30 ට පමණය.ටිකක් දවල් වනවිට ජංගම භෝජනාගාරය හෙවත් සත්තු සේවිකාවක විසින් තල්ලු කරගෙන එනු ලබන අහර වර්ග දෙකක් හෝ තුනක් පිරි කරත්තය පැමිණේ.
ඉන්පසු රෝගීන් පරික්ෂ කරන වෙලාවයි.

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...