Monday, September 5, 2016

සිතුවිලි සිරවී නැත ( 2 කොටස -මිත්‍යාව)



මිත්‍යාව වර්තමාන සමාජය සීග්‍රයෙන් වසා ගනිමින් සිටියි .එය සත්‍යකි .ඇත්ත ඇති සැටියෙන් බොහෝ පුද්ගලයන් නොදකිතත් එය සත්‍යකි .එදිනෙදා සිදුවන සෑම ක්‍රියාවලියක් හෝ සිදුවීමක් කෙරෙහිම මෙම මිත්‍යාව නිර්මාණය වීම සුලබ කරුණකි.එය නිර්මාණය කර ගැනීමේ සීග්‍රතාව හෝ එම මිත්‍යා නිර්මාණයේ ආකර්ශනීය බව රඳවා පවතිනුයේ පුද්ගල බුද්ධි මට්ටම මතය .
මිථ්‍යාදෘෂ්ටිකත්වය  මිනිසුන් මංමුලා කරවයි .හේතුව හා ඵලය යන මූලධර්ම මෙහිලා ඉතා වැදගත්ය .මක්නිසාද යත් එම මූලධර්ම පදනම් කරගත් විට බොහොමයක් ගැටළු විසඳා ගත හැකිය .මිත්‍යාව දුරලීමට මෙම මූලධර්මය අත්‍යවශ්‍ය වේ .
යමක හරි වැරැද්ද තෝරා ගැනීමට අසීරු වීමට ඇති ප්‍රධානම බාධකය අපගේ අවුල් වූ සිතයි .අද අපිට එය තේරුම් කර දීමට කිසිඳු යෝග්‍ය ජීවමාන ශාස්තෘවරයෙක් නැත .අපි එම කරනවා අවිවාදයෙන්ම පිළිගත යුතුය .එනමුත් දියුණු සන්සුන් මනස අප තුල සිටින නොමියෙන ශාස්තෘවරයෙක් ගුරුවරයෙකු වැනිය .හැගීම් මත පදනම්ව සිදුකෙරෙන බොහෝ ක්‍රියාපටිපාටියන් වේගවත්ය .එම මොහොතේ සාර්ථක ස්වභාවයක් පෙනේ.නමුත් අවසානය දුක්බරය.

එම ගැටීම් වලට පෙර අපගේ සිත් අපට පහල නොවන්නේ ඇයි ?
එසේ වුවහොත් මනුෂ්‍ය ජීවිත ඉතා අලංකාර වනු ඇත .

එසේ නොවීමට හේතුව ලෙස මම දකින්නේ එලෙස අපගේ සිත් එම වෙලාවේ පහල කරගැනීමට උත්සහ නොදෑරීමයි .බුද්ධිමත් නොවීමයි .හැගීම් දැනීම් වලාට් වහල් වී ගන්නා තීරණත් මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ  ක්‍රියා පටිපාටිනුත් අතර සංබන්ධයක් එනම් සමානතාවක් ඇති මට සිතේ.

නමුත් මනුෂ්‍ය හැගීම් දැනීම් අතර පවතිනා කීපයක් එනම් ආදරය කරුණාව දයාව ආදී කරුණු මානව ප්‍රනියකු තුල මිනිසත් බව ඇති කරලීමට අවශ්‍ය වේ.

Friday, September 2, 2016

සිතුවිලි සිරවී නැත ( 1 කොටස )



මා තුල දැන් ඇතිවන සිතුවිල්ල මා සතුව හොඳම සිතුවිල්ල යයි මට සිතේ .ඒ කුමක් නිසාදැයි මම නොදනිමි .
ලෝකය සෑම දෙයකින්ම පරිපූර්ණය .එහි පරිපූර්ණභාවය නිර්ණය කරනුයේ හුදෙක් භෞතිකමය ලෙස නොව එකී පුද්ගලයන්ගේ හැගීම් ,දැනීම්  සහ සිතුවිලි පදනම් කරගෙනය .
අප ජීවත් වීමේ පරමාර්ථය ,අප ජීවත් විය යුත්තේ කෙසේද යන්න යම්කිසි යථාර්තයක පෙර ගමන් සත්‍යා ලෝකයක්  දැයි විටෙක මට සිතේ.එහෙත් බොහෝ පුද්ගයන්ට මෙය අවබෝධවීමට ජීවිතයෙන් අඩක් හෝ ඊටත් වැඩි කාල ප්‍රමාණයක් ගතවේ යයි මට හැගේ .ලෙඩ දුක්,කම්කටොලු,තර්ජන ගර්ජන, අභියෝග  හමුවේ අපි සිනාමුසු මුහුණින් ඒවාට මුහුණ  දිය යුතුය .එවැනි සිනා මුසු මුහුණින් සිටින බොහෝ  පුද්ගලයන් ලෝකයේ වෙසෙති.
නමුත් ඔවුන් සිනාසෙන්නේ හදවතින්මද?
එසේ නොමැති නම් ඔවුනට එය කල නොහැක්කේ මන්ද ?

එය එසේ වූයේ හදවතින්ම නම් එවැනි මිනිසුන් තුල ශ්‍රේෂ්ඨත්වයක්  ඇත යන්න සැලකිය යුතු කරුණකි.එසේ නොමැති වීමට හේතුව ඉහත සාධක අපගේ ජීවිත වල නියම කොටස්කරුවන් කර  නොගැනීමයි .පුද්ගල පරිපූර්ණත්වයේ එක් නොනිමි සාධකයක් එයයි .

අද ලෝකය දුවන්නේ කුමන දෙසකටද?අද අපි එය පසු පස දුවන්නෙමු.නමුත් අඩක්, සිතිය යුතු දේවල් වලින් රැසක්, ආරම්භක ස්ථානයේම නොසිතා  ඉතිරි  කරදමා ය .මෙය  සත්‍යක්ද යන්න අපිට තේරුම් ගත හැක .මිනිසුන් නොමග යන්නේ එම නිසාය.සියලු දේම නවීකරණය වේ .සමාජය ඒවගේම තාක්ෂණයද දියුණු වේ.නමුත් පුද්ගල සිත් එසේම ආකල්පද වර්ධනය වීම කාලීන අවශ්‍යතාවයකි .
එයට වයස් භේදයක් හෝ කිසිදු භේදයක් නැත අපගේ නවීකරණය වන ජීවන සාධක හමුවේ අපගේ සිත් දියුණු නොවන්නේ ඇයි ?මිනිසුන් ඒ පිලිබඳ ගිජුකමක් නොදක්වන නිසාද ?නමුත් නියම රසයක් ඇත්තේ එහි  යයි මට සිතේ.එම රසය අපගේ ප්‍රඥාව උද්දීපනය කරනු ඇත .
මනුෂ්‍ය ජීවිතය වටින්නේය .එය ගෙවා දැමිය යුත්තක් නොව අවබෝධාත්මකව ගෙවිය යුත්තකි.එසේම ජීවිත වටිනාකම හඳුනාගත හැක්කේ මනුෂයන්ට  පමණි .අනෙක් සියලු සතුන්ටද එසේ සිතෙන්නේ නම් තවත් දියුණු ශිෂ්ඨාචාරයකට මංපෙත් විවර වීමකි .

Saturday, June 25, 2016

හඳුනාගත්තොත් ඔබ ඇය !!!




ගැහැණියක් තුල සෑමවිටම ආයාසයෙන් පිටට නොපෙන්වන තවත් ගැහැණියක් ජීවත් වේ .ඇය ඇයට වඩා හාත්පසින්ම වෙනස්ය .කිසිවෙක් ඇය නොදකී .ඇය දැකිය හැකි එකම ක්‍රමයක් වේ නම්  ඔබ ඇයට හද පත්ලෙන්ම ආදරය කල යුතුය .විශේෂයෙන් ආදරය ලබා දීමය .

ඇය කෙලිලොල්ය .සරලය .දඟකාරය .විසේකාරය.කටකාරය .මේ මම දුටු ඇයයි .විවිධ බාධක ඉදිරියේ විවිධ හිමිකම් ඉදිරියේ ඇය නොපෙනෙන නොදකින ලෙස සිතේ මුලුගැන්වෙන ආකාරය ඔබ ළඟ සිටියොත් ඔබටත් දැනේවි .

ආදරය කලා යුත්තේ ඒ මුලුගැන්වෙන ඇයට යි .සුපිරිසිදු ඇගේ ආත්මය නම් මුලුගැන්වෙන ඇයයි .ඔබ ඇයට සමීප නම් ඇය ඔබ දුටු විටම හඳුනා ගනී .එවිට සිරුර පුරා දිවෙන්නේ ඇයයි .

Sunday, February 21, 2016

අහසත් නිකන් සාගරය වගේ


අහසත් නිකන් සාගරය වගේ .දෙනෝ දාහකගේ දුක් සුසම් කැටිකරගත් අනන්තයක් වගේ.
අහසත් මුහුදත් හැමදාමත් තනියමයි.අපි කොහොම හිටියත් අහස අපිව පිලිගන්නවා.මගේ සුසුම් ,අපේ පැතුම් අහස් සාගරයට වැඩි නැහැ ,නිහඬව නිසලව හිඳගෙන අචලව අපි දිහා හැමදාම එකවගේ බලන් ඉන්නවා .

දවල්ට අපේ සුසුම් ආලෝක කරන්න වර්ණ ගන්වන්න සුර්යයත් ,ඒවාට හෙවන දෙන්න බර කරන්න වලාකුලුත් ,රැයට  පැතුම් පහන් කරන්න දහස්  ගණන් තාරුකාත් ,ශාන්තිය ලැබෙන්න සිසිල ලැබෙන්න අහිංසක සඳුත්  හොයාගෙන අපි යනවා.

සිතුම් පැතුම් හා සුසුම්, එකට වෙලි තුරු වැලක් වාගේ ඒවා බලන්න යනවා ඇති .ඒවා ගිහින් අපිව සුවපත් කරන්න සිතේ සතුට අරන් එනවා .

Tuesday, February 9, 2016

මට කතාව කියන්න ඉඩදෙන්න

දෑතේ කරගැට වල රළු බව
උදේ පාන්දර පහක් දන විට
ඇය අත්ල අතගා බැලූ බව
මට මතකයි

මට ඇය ලංකර මේ කතාව කියන්නට ඇත්නම්
අගේ හිස අතගා වතට සිනාව  ගෙන එන්නම්
ඇසට ඇස තියා කඳුළු කතාව නිමකරන්න
මට දෙන්නේ නෑනේ නමුත් ඉඩක්

දෙකම්මුල් අත්  දෙකින්ම ටිකක් තදකරන්
පපුවේ උණුසුම දැනෙන තරමට ලන්කරන්
නළල් තලය සිඹින්නම්
හිස් මුදුනට යන්තම් දැනෙන සීතලක්

මට කතාව කියන්න ඉඩදෙන්න
ඇඟිලි තුඩු වල මොළ කැටි බව
රෝස නිය වල ලෙස්සීම
නහර වැල් වල ඉලිප්පීම
ඔබේ  දෑතේ තිබුනා මට මතකයි ..

දිලුෂ විජයගුණරත්න
මගේ දින පොතින්

Tuesday, February 2, 2016

ගසක කඳුළු අපව ජීවත් කල හැටි ( අවසාන කොටස )



ගේ පිටිපස්සේ කිරි පෙරන්න වෙනම තැනක් තියෙනවා.ඇසිඩ් වතුර වැටිලම ඒ හරියේ පේර ගහයි ජම්බු ගහයි සාරෙට හැදුන .හිටවන්න කියල තාත්ත පොල්පැල තියන්නෙත් ඔය හරියේ .කිරි බාල්දි ගෙනැල්ල ලොකු යකඩ පනිට්ටුවකට දැම්ම .එකෙන් සස් ටගෙන්(sustagen) බාස්කට් එකෙන් පුරෝලා දෙකක් එක තැටියකට දාල වතුරත් දානවා.ඊට පස්සේ ඇසිඩ් මූඩියක් දානවා මිදෙන්න .අම්මා ඇසිඩ් කවලම් කරලා හොඳට පරණ පැතලි ප්ලාස්තික් කෑල්ලකින් පෙන අයින් කරනවා.ඒකත් මම ආසම වැඩක් තමයි .
අම්මා මුළු තැටියේම පෙණ එක අයිනකට අරන් වෙනත් බාස්කට් එකකට දැම්මා.මට කවදාවත් ඔය පෙණ ඔක්කොම තැටියේ එක තැනකට ගන්න බැරි වුණා .ඒකට හොඳට ඉවසීම තියෙන්න ඕනි .මොකද පෙණ එක පැත්තකට හිර කරන් එනකොටම අනික් පැත්තෙන් ලෙස්සල යනවා .
එදා දවස කතාවක් .මේ කතාව හරි ලස්සනයි .අමිහිරි අත්දැකීම් පිරුණු සුන්දර මතකයන්.පැයක් දෙකක් විතර යනවා මිදෙන්න .රොටිය මිදිනහම හරිම ලස්සනයි.අම්ම එන්න ඉස්සර මම ගිහින් රොටි මිදුනද බලනවා.මිදිනු රොටියේ මතුපිට පුදුම තරම් මෙලකයි .සීතලයි .ඇඟිලි පාරවල් හිටිනවා.මට මතකයි මම රොටි උඩ මගේ නම ලියනවා.චිත්‍ර අඳිනවා .සමහර දාට රොටියේ  උඩ කිටියගේ කකුල් වල කොට්ට පාරවල් .
තැටිය වටේම ඇලුන රොටිය පොඩ්ඩක් තලලා මුනින් අතට නැවුවම ඉබේම ගැලවෙනවා.ඊට පස්සේ අත් ගහනවා .අත් ගහනව කියන්නේ අත් දෙකම මිට මොලවා ගෙන පිටි අල්ලෙන් රොටිය තලන එකට .සමහර දාට රොටිය උඩින් අත ලෙස්සල ගිහින් කටු  සිමෙන්ති දාපු ලෑල්ලේ වැදිලා හීරෙනවා.රොටි කවදත් එකම පාටක් උනත් සමහරක් ඒවායේ රතු පාට අපේ ලේත් මිශ්‍ර උනා කාටවත් නොපෙනුනාට..සමහරක් රොටි හැදෙන්නේ අම්මයි මමයි රොටි උඩින් අත් තියල තැලුවා .තැලුවම දිය රෝලට දාන්න ලෙහෙසියි .හැබැයි හරි ඉක්මනට රොටි ගල් උනා .
අත් ගහපු රබර් රොටි දාගෙන මම යනවා.මාට ඉස්සර වෙලා යන්නේ රීකෝ .ඒ අපේ ගෙදර බල්ලා ,මන් ගොඩක් ආදරේ කරන .මං මේක ලියන කොට රිකෝ මැරිලා මස දෙකක් විතර ඇති.ලොකු තාත්තලාගේ ගෙදර බල්ලාත් එක්ක ඌ හැමදාමත් රණ්ඩු කලා .සමහර දාට මම තනියෙන් රොටි ඇල්ලුවා .ඒක ටිකක් අමාරු වැඩක් .රබර් රොටිය දිය රෝලට දාල හොඳට තුනී කරගත්තේ නැත්නම් වේලෙන්නේ නැහැ .බර දාල කරකවන කොට අත උරහිස ගාවින් ගැලවේවි කියල හිතුනට එහෙම උනේ නැහැ . සමහර දාට අන්තිම ටික කරකවගන්න බැහැ .මුළු අතම පිච්චෙනවා වගේ රිදෙනවා.මං නැති දාට අම්මයි තාත්තයි කොච්චරක් දුක් විදිනවා ඇතිද මේ රෝල කරකවන්න.
දිය රෝලේ අල්ලලා ඊළඟට ඩයමන්ඩ් රෝලේ .ඒකේ ඇල්ලුවම රොටිය පුරාම ලස්සන රටාවකට කිරිබත් කෑල්ලේ හැඩේට වගේ සීල් එකක් වගේ වදිනවා .එහෙම වෙන්නේ රොටිය වේලෙන එක ඉක්මන් කරන්නයි .ඒ රෝලේදී පුදුම සතුටක් සතුටක් දැනෙනවා දැන් වැඩ ඉවරයිනේ කියල .ඇඟ පුරාම ඇසිඩ් වතුර ගැවිලා කසනවා.වතුර ටිකකින් යන්තම් හෝදගෙන රොටි ටික විල් බැරෝවට දාගෙන ගෙදර එනවා.
ගෙදර එනකොට හොඳ පන ගිහින්.කකුල් ඉස්සෙන්නෙත් නැ වගේ .අත් දෙක මීටරයක් දිගට ඇදිල වගේ .අපේ ගෙදර ඉඳන් මහප්පලගේ ගෙදරට මීටර 400 වගේ තිබුන .තේ ගස් අස්සෙන් කරත්තේ තල්ලු කරන්නත් ඕනිනේ.
ඉක්මනට වැඩේ ඉවර කරන්න රෝලට වැඩි බරක් දාල අල්ලලා රොටි කීයක් මගේ අතින් ඉරිලා ගියද?ඉරුනට පස්සේ ඉරිච්ච කොන් දෙක අතින් තද කරලා හා කරලා අයිත් රෝලේ දාල අල්ලන්න ඕනි .
යන්න ඉස්සෙල්ලා රෝල් ගේ හොඳට හෝදලයි අපි ගියේ .නැත්නම් ඇසිඩ් වතුරට ගඳ ගහනවා.ගෙදර ඇවිත් ගේ පිටිපස්සේ වැලේ රොටි වනනවා .රොටි වනන වැල ටිකක් උස හින්ද වනනකොට හැමදාමත් ඇසිඩ් වතුර මූනේ ඉඳන් .ඊට පස්සේ වීල් බැරෝව හොඳට හෝදලා අපිත් නාගන්නවා .දැන් වෙලාව 3 ට විතර ඇති .මට මතකයි හවස් වෙලා ඉස්තෝප්පුවේ පුටුවක් තියාගෙන අතේ රෝල් වෙන කිරි  මිදිච්ච ගලවනවා .ඒවා මයිල් ගස් එක්ක එකට ඇලිල .ගලවනකොට ඒවත් ගැලවෙනවා.


 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...