අහසත් නිකන් සාගරය වගේ .දෙනෝ දාහකගේ දුක් සුසම් කැටිකරගත් අනන්තයක් වගේ.
අහසත් මුහුදත් හැමදාමත් තනියමයි.අපි කොහොම හිටියත් අහස අපිව පිලිගන්නවා.මගේ සුසුම් ,අපේ පැතුම් අහස් සාගරයට වැඩි නැහැ ,නිහඬව නිසලව හිඳගෙන අචලව අපි දිහා හැමදාම එකවගේ බලන් ඉන්නවා .
දවල්ට අපේ සුසුම් ආලෝක කරන්න වර්ණ ගන්වන්න සුර්යයත් ,ඒවාට හෙවන දෙන්න බර කරන්න වලාකුලුත් ,රැයට පැතුම් පහන් කරන්න දහස් ගණන් තාරුකාත් ,ශාන්තිය ලැබෙන්න සිසිල ලැබෙන්න අහිංසක සඳුත් හොයාගෙන අපි යනවා.
සිතුම් පැතුම් හා සුසුම්, එකට වෙලි තුරු වැලක් වාගේ ඒවා බලන්න යනවා ඇති .ඒවා ගිහින් අපිව සුවපත් කරන්න සිතේ සතුට අරන් එනවා .
No comments:
Post a Comment