ගේ
පිටිපස්සේ කිරි පෙරන්න වෙනම තැනක් තියෙනවා.ඇසිඩ් වතුර වැටිලම ඒ හරියේ පේර ගහයි
ජම්බු ගහයි සාරෙට හැදුන .හිටවන්න කියල තාත්ත පොල්පැල තියන්නෙත් ඔය හරියේ .කිරි
බාල්දි ගෙනැල්ල ලොකු යකඩ පනිට්ටුවකට දැම්ම .එකෙන් සස් ටගෙන්(sustagen) බාස්කට් එකෙන් පුරෝලා දෙකක් එක තැටියකට දාල
වතුරත් දානවා.ඊට පස්සේ ඇසිඩ් මූඩියක් දානවා මිදෙන්න .අම්මා ඇසිඩ් කවලම් කරලා හොඳට
පරණ පැතලි ප්ලාස්තික් කෑල්ලකින් පෙන අයින් කරනවා.ඒකත් මම ආසම වැඩක් තමයි .
අම්මා
මුළු තැටියේම පෙණ එක අයිනකට අරන් වෙනත් බාස්කට් එකකට දැම්මා.මට කවදාවත් ඔය පෙණ
ඔක්කොම තැටියේ එක තැනකට ගන්න බැරි වුණා .ඒකට හොඳට ඉවසීම තියෙන්න ඕනි .මොකද පෙණ එක
පැත්තකට හිර කරන් එනකොටම අනික් පැත්තෙන් ලෙස්සල යනවා .
එදා
දවස කතාවක් .මේ කතාව හරි ලස්සනයි .අමිහිරි අත්දැකීම් පිරුණු සුන්දර මතකයන්.පැයක්
දෙකක් විතර යනවා මිදෙන්න .රොටිය මිදිනහම හරිම ලස්සනයි.අම්ම එන්න ඉස්සර මම ගිහින්
රොටි මිදුනද බලනවා.මිදිනු රොටියේ මතුපිට පුදුම තරම් මෙලකයි .සීතලයි .ඇඟිලි පාරවල්
හිටිනවා.මට මතකයි මම රොටි උඩ මගේ නම ලියනවා.චිත්‍ර අඳිනවා .සමහර දාට රොටියේ උඩ කිටියගේ කකුල් වල කොට්ට පාරවල් .
තැටිය
වටේම ඇලුන රොටිය පොඩ්ඩක් තලලා මුනින් අතට නැවුවම ඉබේම ගැලවෙනවා.ඊට පස්සේ අත් ගහනවා
.අත් ගහනව කියන්නේ අත් දෙකම මිට මොලවා ගෙන පිටි අල්ලෙන් රොටිය තලන එකට .සමහර දාට
රොටිය උඩින් අත ලෙස්සල ගිහින් කටු සිමෙන්ති දාපු ලෑල්ලේ වැදිලා හීරෙනවා.රොටි කවදත්
එකම පාටක් උනත් සමහරක් ඒවායේ රතු පාට අපේ ලේත් මිශ්‍ර උනා කාටවත් නොපෙනුනාට..සමහරක්
රොටි හැදෙන්නේ අම්මයි මමයි රොටි උඩින් අත් තියල තැලුවා .තැලුවම දිය රෝලට දාන්න
ලෙහෙසියි .හැබැයි හරි ඉක්මනට රොටි ගල් උනා .
අත්
ගහපු රබර් රොටි දාගෙන මම යනවා.මාට ඉස්සර වෙලා යන්නේ රීකෝ .ඒ අපේ ගෙදර බල්ලා ,මන්
ගොඩක් ආදරේ කරන .මං මේක ලියන කොට රිකෝ මැරිලා මස දෙකක් විතර ඇති.ලොකු තාත්තලාගේ
ගෙදර බල්ලාත් එක්ක ඌ හැමදාමත් රණ්ඩු කලා .සමහර දාට මම තනියෙන් රොටි ඇල්ලුවා .ඒක
ටිකක් අමාරු වැඩක් .රබර් රොටිය දිය රෝලට දාල හොඳට තුනී කරගත්තේ නැත්නම් වේලෙන්නේ
නැහැ .බර දාල කරකවන කොට අත උරහිස ගාවින් ගැලවේවි කියල හිතුනට එහෙම උනේ නැහැ . සමහර
දාට අන්තිම ටික කරකවගන්න බැහැ .මුළු අතම පිච්චෙනවා වගේ රිදෙනවා.මං නැති දාට අම්මයි
තාත්තයි කොච්චරක් දුක් විදිනවා ඇතිද මේ රෝල කරකවන්න.
දිය
රෝලේ අල්ලලා ඊළඟට ඩයමන්ඩ් රෝලේ .ඒකේ ඇල්ලුවම රොටිය පුරාම ලස්සන රටාවකට කිරිබත්
කෑල්ලේ හැඩේට වගේ සීල් එකක් වගේ වදිනවා .එහෙම වෙන්නේ රොටිය වේලෙන එක ඉක්මන්
කරන්නයි .ඒ රෝලේදී පුදුම සතුටක් සතුටක් දැනෙනවා දැන් වැඩ ඉවරයිනේ කියල .ඇඟ පුරාම
ඇසිඩ් වතුර ගැවිලා කසනවා.වතුර ටිකකින් යන්තම් හෝදගෙන රොටි ටික විල් බැරෝවට දාගෙන
ගෙදර එනවා.
ගෙදර
එනකොට හොඳ පන ගිහින්.කකුල් ඉස්සෙන්නෙත් නැ වගේ .අත් දෙක මීටරයක් දිගට ඇදිල වගේ
.අපේ ගෙදර ඉඳන් මහප්පලගේ ගෙදරට මීටර 400 වගේ තිබුන .තේ ගස් අස්සෙන් කරත්තේ තල්ලු
කරන්නත් ඕනිනේ.
ඉක්මනට
වැඩේ ඉවර කරන්න රෝලට වැඩි බරක් දාල අල්ලලා රොටි කීයක් මගේ අතින් ඉරිලා ගියද?ඉරුනට
පස්සේ ඉරිච්ච කොන් දෙක අතින් තද කරලා හා කරලා අයිත් රෝලේ දාල අල්ලන්න ඕනි .
යන්න
ඉස්සෙල්ලා රෝල් ගේ හොඳට හෝදලයි අපි ගියේ .නැත්නම් ඇසිඩ් වතුරට ගඳ ගහනවා.ගෙදර ඇවිත්
ගේ පිටිපස්සේ වැලේ රොටි වනනවා .රොටි වනන වැල ටිකක් උස හින්ද වනනකොට හැමදාමත් ඇසිඩ්
වතුර මූනේ ඉඳන් .ඊට පස්සේ වීල් බැරෝව හොඳට හෝදලා අපිත් නාගන්නවා .දැන් වෙලාව 3 ට
විතර ඇති .මට මතකයි හවස් වෙලා ඉස්තෝප්පුවේ පුටුවක් තියාගෙන අතේ රෝල් වෙන කිරි මිදිච්ච ගලවනවා .ඒවා මයිල් ගස් එක්ක එකට ඇලිල .ගලවනකොට
ඒවත් ගැලවෙනවා.
No comments:
Post a Comment