Thursday, June 20, 2013

මේ 2013 යි

                     

මේ 2013  අවුරුද්දයි .කාලයාගේ ඇවෑමත් සමග මිනිසාගේ ළමාවිය ,තරුණ විය එසේම මහලු විය ,මේ අවධි තුනෙහිම රසවත් බව අඩුවී ඇති සේය.නමුත් එය සැබෑවකි .අපගේ දෙමාපියන්ට අපේ වයසේදී අපට වඩා රසවත් ජීවිතයක් ඔවුන් විඳ ඇත යන්න ඔවුන්ගේ අතීතය පිලිබඳ සොයබලද්දී තේරුම් යයි .
අපේ ජීවිත සම්පූර්ණ නැත.ගහක කොලක් අහලකවත් නැත.කොලපාටක් දකින්නට නැත.ගසකින් ගෙඩියක් කඩාගෙන කාපු කාලයක් මට තබා ඔබටවත් මතක ඇති යයි මම නොසිතමි .අපේ දෙමාපියන් වැඩිහිටියන් සතුව අප්‍රමාණ වූ රසවත් වටිනා කුඩා කතා රාශියක් වේ.ඒවා ඉතාමත් ප්‍රීතිය දනවන කුතුහලයදනවන ඒවාය.ඔවුන්ගේ ජීවිතයේ සෑම මොහොතකටම අවස්ථාවකටම රසවත් කතාවක් වේ.
අපගේ ජීවිත ඉතාමත් නීරස අටුවාවකි.ඒවා  කෘතිමව ගෙවී යයි. හරයක් ඇත.නමුත් ජීවත් වීම එය නොවේ.

No comments:

Post a Comment

හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී

  මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති.  සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...