Friday, October 9, 2015

මිනිසුනේ ඇයි මේ වෙනස ?



බස් රථය 119 .අද දවස සිකුරාදා .මාස ගණනක් පුරාවට වගේම අද දවසත් අඩුවක් නොවෙන්න වැස්ස .සෙනගත් ටිකක් හිටිය .මටත් වාසනාවකට වගේ වාඩි වෙන්න තැනක් හම්බ උනා කවුළුවක් ලඟින්ම  .තද වැස්ස අස්සේ බස් රථය තුල හැමෝගෙම හුස්ම වැදිලා ඔලුව බර උනත් මන් ඉවසුවා වීදුරුව දිගේ ලෙස්සල වැටෙන මඩ කුණු මිශ්‍ර උණු දුඹුරු පාට වැහි බින්දු වගේම අහස් කඳුළු වල සැබෑ පාට ගෑවුණු වැහි බින්දු දිහා බලාගෙන.
හැමෝම කලබලයි .හැමෝම හිතින් තැන් තැන් වල .සමහරු හිතින් අඩනවා.තවත් අය හිතින් හිනාවෙනවා.තව අය ඇස්වලින් කන්වලින් ඕප දූප හොයනවා යන්තමටවත් නොදන්නා මිනිස්සු ගැන .අම්මෙකුයි දුවෙකුයි ගත්ත ඇදුම් වල ඇද කුද කතා කරනකොට තරුණ ජෝඩුවක් පිටිම පස්සේ ආසනයක ලොකු යුද්දයක් අද විතරයි තියෙන්නේ වගේ .
සෙනග ටික ටික නගිනවා.ඉස්සරහ දොරෙන් අම්ම කෙනෙක් නැග්ග .අම්ම කියන්නේ පුංචි පැටියෙක් හම්බ වෙන්න ඉන්න ගැබිණි කාන්තාවක් අත් දෙකේම කවර දෙකක් එල්ල ගෙන .වතුර වැස්සෙන කුඩේ, අතේ බඩු මලු  පරිස්සම් කරන ගමන්  තම කුස දිහා ගොඩක් ආදරේන් බලනවා මන් දැක්ක .එත් මොකක්දෝ අවාසනාවකට ආසන තිබුනෙත් නෑ .හැමෝම වගේ දැක්ක ඒ අම්ම නැගිට ගෙන ඉන්නවා. එත් කවුරුවත් ආසනයක් දුන්නේ නෑ .සමාජයෙන් වෙන බැනුම් වලින් බේරෙන්න වගේ එතන ලගම කාන්තාවක් නැගිටලා ආසනය දුන්න .අම්ම වාඩි වුන.එත් මන් බලන් හිටියේ අර නැගිටපු කාන්තාවගේ මුහුණ දිහා.ඒ තරමට මුහුණේ තිබ්බේ තරහවක් .මුහුණු දෙකක් තරමට ඉදිමිලා වටපිටවත් බලන්නේ නැතුව කවුළුවේ වීදුරුව දිහා බලන් හිතින් බනින හැටි මන් බලන් හිටිය .මට පුදුම හිතුන .
කාන්තාවකට ලබන්න පුළුවන් උපරිම වාසනාව ,වස්තුව ,සතුට ,හැකියාව,ආදරය ,කරුණාව මේ ඔක්කොම තමයි "මවු පදවිය " කියන්නේ .මුළු ලෝකෙම පිළිගන්න ස්වභාවධර්මයේ අද්විතීය නිපැයුම .මන් දන්නා විදියට . පුරුෂයින්ට අහිමි කාන්තාවනට පමණක්ම හිමි ජීවිතයේ විශ්වීය ජයග්‍රහණය "අම්මා ".
මට ඇත්තටම හිතාගන්න බැරි උන.ඇයි ඒ තරමට ඒ ගැහැණු කෙනා ගලක් උනේ කියල .මොකද ඒ හැමෝම අම්ම කෙනෙක් ..නැතිනම් දවසක වේවි ..ඉපදුනේ අම්ම කෙනෙක් ගෙන් නේද ?..එහෙම වෙලත් ඇයි මෙච්චර නපුරු ?තමන්ගේ අම්මට ආසනය දුන්න වගේ හිතුනේ නැත්තේ ඇයි ?මම තවත් මගෙන් ප්‍රශ්න කලා.එත්  මිනිසුනේ ඇයි මේ වෙනස ?

Thursday, September 17, 2015

මගේ අම්ම කවදාවත් මට බොරු කියල නෑ

ආපහු හැරිලා බලනකොට ගොඩක් දුකයි .එත් මන් හිනාවෙන්න උත්සහ දරනවා .ඒ හිතේ හිය්යට  මිසක් හිතට එකඟව නෙමේ.කරපු තරමක් කලේ හැමෝම හොඳින් තියන්න .සතුටින් තියන්න .වචනෙකින් හරි .පොඩි දෙකින් හරි උදව්වක් කරන්න .මන් හඬලා හරි අනික් කෙනෙක් හිනා උනානම් එහෙමත් කලා .සමහරවිට මන් මෝඩ ඇති,සමහරවිට.ඒවා හිතල කරනවා නෙමෙයි .ඉබේ එන දෙයක් .ඒ කරපු කිසිම දෙකින් මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැ.සත්තයි . එත් මට කවුරුත් නැ වගේ දැනෙනවා .මට අසරණ කමක් දැනෙනවා.මගේ තාත්තත් එහෙම අනික් හැමෝටම මට වඩා සිය දහස් ගුණයකින් කරපු කෙනෙක්.රත්තරන් මනුස්සයෙක් .එත් මගේ තාත්තත් දැන් අසරණයි .මගේ අම්මත් එහෙමමයි .
දවසක් මන් අම්මගෙන් ඇහුව .
"අම්මේ ..අපි ගොඩක් අනික් අයට උදව් වෙනවා.ගොඩක් දේවල් කරනවා.එත් තාම අපි එතනමයි "
"අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද ?එත් අපි ඇයි ?"
"පුතේ මේ අහන්න "
"අම්ම අහන්නකො.අපි දුප්පත් .අපිට සල්ලි නෑ .යාන වාහන නෑ.ලොකු දේවල් නෑ.මගේ තාත්ත අම්ම අපි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන තාමත් මහන්සි වෙනවා .අපිට දවසක් එන්නේ නැද්ද හිනාවෙන්න අම්මේ ?"
"පුතේ හැමදෙයක්ම හිතන විදියට වෙන්නේ නැ ."
"එත් මන් විස්වාසකරනවා දවසක අපිටත් හරියනවා .මන් එක විස්වාස කරනවා."
මගේ අම්ම කවදාවත් මට බොරු කියල නෑ .ඒ හදපු විස්වාසය මගේ හිතේ ඇතුලටම බැස්ස වගේ දැනුන .ජීවිතේ හැම තැනදීම බැලුව අම්මව වට්ටන්න .එත් බැරි උනා.එහෙනම් පුතාවත් කොහොමත්ම බැරි වෙන්න ඕනි .මට හිතුනේ එහමයි .

Saturday, July 4, 2015

අච්චාරු

  අච්චාරු                 

               බයිසිකලය හිතුමතේ පැදවෙයි .ඒ කිසිඳු ඉලක්කයක් නොමැතිව පදවන මම නිසාය.එහාට යයි .මෙහාට යයි .පිච්චෙන පෙට්‍රල් වලට වඩා හිතේ ගතේ පිච්චෙන ලේ ප්‍රමාණය වැඩිය .එය අසීමිතව දැනෙයි .
ඉස්සරහා දකුණු පැත්තේ පන්සලය .මම කලබලකාරී උදැසන මහා පාර මැදය .වාහන එහෙනුත් මෙහෙනුත් පෙරලි කරමින් යනයුරු මම නොදැක්ක නොවේ.ඒවා ගියා .
පන්සල පහුවෙත්ම කතෝලික පල්ලියයි .
එහි යම්කිසි උත්සවයක් අද ඇති බව පෙනේ.මග දෙපස ලීකඩ තාවකාලිකව අටවාගෙන ඒ තුල ගැහැණුය .
කන්දෙක ඔලුව හෙල්මටය තුල ගින්දර මැව්වා වැනිය .
මුහුණට වැදෙන හුලන්පාර හමේ වදෙනවාත් මට නොදැනේ .සමහරක්විට මට අසනීපයක්දැයි මට සිතේ .සියලු දේ මැද ගින්දර අතර ,පන්සල තුල පල්ලිය අසල ,මහපාර මැද සුසුම් හෙලන අහසේ එකම දසුනක් හා මිශ්‍ර වූ අච්චාරු කඩ පේළියයි.
අච්චාරු කඩ වල වෙරළු ,පේර ආදී නොයෙකුත් අච්චාරු ලුණු කුඩු සමග කවලම් කර කටට කෙල උනන මායාවකින් දවටා ඇත.මට කෙල නොයිනුවද හදවත එය ඉල්ලුවේ මං දැයි මම දනී .කඩ පහුවෙත්ම ආපසු ආපසු යාමට සිතේ .වෙරළු පාර්සලයකට ඇතිවන කෙළිලොල් සුරතල් කටපුරා  විහිදුනු සිනහවට මා සැමදා ආසා කල නිසාවෙනි .

Friday, April 10, 2015

හරි නේද ?

ජීවිතේදී තව කෙනෙක් වෙනුවෙන් හිනාවෙනවා කියන්නේ ...තවකෙනෙක් වෙනුවෙන් අඩනවා කියන්නේ ජීවිතේ බෙදාගන්නවා කියන්නේ වාසනාවක් ..හැමෝටම නොලැබෙන දෙයක් ..තව කෙනෙක් නිසා ලස්සනට අදින්න පළදින්න ,,කතාකරන්න ,ඉගෙනගන්න වගේ සැම වෙනස් වීමක්ම සිදුවීමක්ම වෙන්නේ තියෙන තද බැඳීමක් නිසා 

Wednesday, April 8, 2015

මල් පිපිලා




හැම මලක් දිහාම මිනිස්සු බලන්නේ නෑ.මල ලස්සන වෙන්න ඕනේ.මලේ පෙති හැඩ වෙන්න ඕනේ .පෙති පාට වලින් පිරිලා තියෙන්නත් ඕනේ .දැක්කම ආස හිතෙනවා.නෙලා ගන්නමයි හිත.නැත්නම් මලෙන් ටිකක් රොන් ගන්න .සුවදයි නම් තවත් වටිනවා .මලේ ලස්සන නැත්නම් ඇයි මලට “මල ” කියන්නේ ?”කැත මල් ”තියෙනවද?ඇයි එහෙනම් එයාල මේ පොලවේ පිපුනේ?හැම මලක්ම මිනිස්සු ලස්සනයි කියල කියන්නේ නෑ .එහෙම ඒ අයට පේන්නෙත් නෑ .
මිනිස්සු බලන විදිය එකින් එකාට වෙනස් .එත් ඕනෙම මලක් දිහා” ලස්සන මලක්” විදියට මිනිස්සුන්ට දකින්න බැරි ඇයි ?ඒක තමයි ලෝක ස්වභාවය. ඒක ලොකු අතපසුවීමක්. එත් කවුරුත් හිතුවද අර හැමෝටම අමතක උන කාටවත් නොපෙනෙන මල් වලට මොනවා හිතෙනවා ඇද්ද කියල.එයාල දුක් වෙනවා සත්තයි .මලක් වෙලා ඉපදුන පලියට ඇයි ස්වභාවධර්මයා මෙහෙමත් හිංසා කරන්නේ.ඒ මල් කොච්චරක් සිතින් තැලෙනවද ?තවත් කොච්චරක් අපහසුවෙන් උනත් ඉවසීමෙන් ඉන්නවද?මලක් වෙන්න පෙති දීලත් ඒවායේ ලස්සන පාට නැත්නම්,සුවඳ නැත්නම් ඒ මලට තමන් ගැන දුක හිතෙනවා .

තවත් මලක් තමන්ට වැඩිය ලස්සන නම් එයා වටේ ගොඩක් බඹරු කැරකෙනවා නම් ඒ හැම මලක්ම  අනික් මලට ඉර්ෂ්‍ය කරන්නේ නෑ .සතුටු වෙනවා සිතින්.එහෙම  පින් සිතුවිලි මිනිස්සුන්ට තාම ඇතිවෙනවා.අපේ ලෝකේ විනාස වෙලා නෑ තාමත් .

Friday, November 14, 2014

හෙටත් හෙටක් තියෙනවා



අතේ ජීවන රේඛාව එක දිගට නෑ .එක තැනකින් කැඩිලා .අත බලාපු  අය  කිව්වේ පරමායුෂ නැහැ කියල .මට ඉතින් ගානක් නෑ .ඕව කොහොම වේවිද කියල දන්නේ නැති හින්ද.එත් ජීවත් වීම දුකක් කියල වෙන දේවල් දකින දේවල් අනුව තේරෙනවා.ඉතින් කවද කොහොම මැරුණම මොකද?
ඒත් මේ දැන්.මම .රස්සාවක් කරන ඉගෙන ගන්න කෙනෙක් .ආදරය කරන කෙනෙක් .
හෙට මම කවුද කියන එක අපි තීරණය කරලා ඉවරයි .ඒක ජීවිතයේ ඉලක්කය .
ඒත් ඇත්තටම තමන් කවුද කියන එක කීයෙන් කීදෙනාද දන්නේ.මමවත් තාම හරියට දන්නේ නැහැ මම කවුද කියල .අතේ රේඛා මැකිලා ඇති .ඒත් අපි ජීවත් වේවි .ඔහේ කාලය ගෙවිල යනවා කාටවත් නොදැනී .එහෙම කාලය ගෙවෙන්නේ සිහිකල්පනාව අඩු උනහම .නැද්ද ?

මන් දැන් කල්පනා කරනවා ඉර පායන දිහා බලාගෙන .හෙට මන් කවුද කියල .හෙටත් හෙටක් තියෙනවා .කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ .ඒ වගේ තමයි ජීවිතෙත් .ලස්සන දවස් වේදනාබර දවස් මේ හැමෝම එක්ක ජීවිතේ ගලන යනවා.කාලය එකම විදියට එකම ගානකට හැමදාමත් අපිව අරන් යනවා.
කාලයට එතකොට කිසිම දෙයක් දැනෙන්නේ නැද්ද ?

කාලය කියන්නේ කවුද එතකොට ?මටත් කාලය වගේ වෙන්න පුලුවන්නම් .ඉවරයක් නැතුව ඔහේ ගෙවිල යන්න .එත් එතකොටත් වෙනසක් නෑ .එහෙම හරියන්නෙත් නෑ .

Monday, November 3, 2014

Who is Happiest ???

Dear Friends,
I got this from my inbox :-)Enjoyyy




A crow lived in the forest and was absolutely satisfied in life.
 
But one day he saw a swan. "This swan is so white," he thought,  "I am so black.
 
This swan must be the happiest bird in the world."
 
He expressed his thoughts to the swan. "Actually," the swan replied,
"I was feeling that I was the happiest bird around until I saw a
parrot, which has two colours. I now think the parrot is the happiest
bird in creation."
 
The crow then approached the parrot. The parrot explained, "I lived a
very happy life—until I saw a peacock. I have only two colours, but the
peacock has multiple colours."
 
The crow then visited a peacock in the zoo and saw that hundreds of
people had gathered to see him.
 
After the people had left, the crow approached the peacock. "Dear
peacock," the crow said, "you are so beautiful. Every day thousands of
people come to see you. When people see me, they immediately shoo me
away. I think you are the happiest bird on the planet."
 
The peacock replied, "I always thought that I was the most beautiful
and happy bird on the planet. But because of my beauty, I am entrapped
in this zoo.
 
I have examined the zoo very carefully, and I have realized that the
crow is the only bird not kept in a cage. So for past few days I have
been thinking that if I were a crow, I could happily roam everywhere."
 
That's our problem too. We make unnecessary comparison with others and
become sad. We don't value what the nature has given us. This all leads to
the vicious cycle of unhappiness.

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...