අතේ ජීවන
රේඛාව එක දිගට නෑ .එක තැනකින් කැඩිලා .අත බලාපු
අය කිව්වේ පරමායුෂ නැහැ කියල .මට ඉතින්
ගානක් නෑ .ඕව කොහොම වේවිද කියල දන්නේ නැති හින්ද.එත් ජීවත් වීම දුකක් කියල වෙන දේවල්
දකින දේවල් අනුව තේරෙනවා.ඉතින් කවද කොහොම මැරුණම මොකද?
ඒත් මේ
දැන්.මම .රස්සාවක් කරන ඉගෙන ගන්න කෙනෙක් .ආදරය කරන කෙනෙක් .
හෙට මම
කවුද කියන එක අපි තීරණය කරලා ඉවරයි .ඒක ජීවිතයේ ඉලක්කය .
ඒත් ඇත්තටම
තමන් කවුද කියන එක කීයෙන් කීදෙනාද දන්නේ.මමවත් තාම හරියට දන්නේ නැහැ මම කවුද කියල
.අතේ රේඛා මැකිලා ඇති .ඒත් අපි ජීවත් වේවි .ඔහේ කාලය ගෙවිල යනවා කාටවත් නොදැනී .එහෙම
කාලය ගෙවෙන්නේ සිහිකල්පනාව අඩු උනහම .නැද්ද ?
මන් දැන්
කල්පනා කරනවා ඉර පායන දිහා බලාගෙන .හෙට මන් කවුද කියල .හෙටත් හෙටක් තියෙනවා .කවදාවත්
ඉවරයක් වෙන්නේ නැහැ .ඒ වගේ තමයි ජීවිතෙත් .ලස්සන දවස් වේදනාබර දවස් මේ හැමෝම එක්ක ජීවිතේ
ගලන යනවා.කාලය එකම විදියට එකම ගානකට හැමදාමත් අපිව අරන් යනවා.
කාලයට එතකොට
කිසිම දෙයක් දැනෙන්නේ නැද්ද ?
කාලය කියන්නේ
කවුද එතකොට ?මටත් කාලය වගේ වෙන්න පුලුවන්නම් .ඉවරයක් නැතුව ඔහේ ගෙවිල යන්න .එත් එතකොටත්
වෙනසක් නෑ .එහෙම හරියන්නෙත් නෑ .
No comments:
Post a Comment