බස් රථය 119 .අද දවස සිකුරාදා .මාස ගණනක් පුරාවට වගේම අද දවසත් අඩුවක් නොවෙන්න වැස්ස .සෙනගත් ටිකක් හිටිය .මටත් වාසනාවකට වගේ වාඩි වෙන්න තැනක් හම්බ උනා කවුළුවක් ලඟින්ම .තද වැස්ස අස්සේ බස් රථය තුල හැමෝගෙම හුස්ම වැදිලා ඔලුව බර උනත් මන් ඉවසුවා වීදුරුව දිගේ ලෙස්සල වැටෙන මඩ කුණු මිශ්‍ර උණු දුඹුරු පාට වැහි බින්දු වගේම අහස් කඳුළු වල සැබෑ පාට ගෑවුණු වැහි බින්දු දිහා බලාගෙන.
හැමෝම කලබලයි .හැමෝම හිතින් තැන් තැන් වල .සමහරු හිතින් අඩනවා.තවත් අය හිතින් හිනාවෙනවා.තව අය ඇස්වලින් කන්වලින් ඕප දූප හොයනවා යන්තමටවත් නොදන්නා මිනිස්සු ගැන .අම්මෙකුයි දුවෙකුයි ගත්ත ඇදුම් වල ඇද කුද කතා කරනකොට තරුණ ජෝඩුවක් පිටිම පස්සේ ආසනයක ලොකු යුද්දයක් අද විතරයි තියෙන්නේ වගේ .
සෙනග ටික ටික නගිනවා.ඉස්සරහ දොරෙන් අම්ම කෙනෙක් නැග්ග .අම්ම කියන්නේ පුංචි පැටියෙක් හම්බ වෙන්න ඉන්න ගැබිණි කාන්තාවක් අත් දෙකේම කවර දෙකක් එල්ල ගෙන .වතුර වැස්සෙන කුඩේ, අතේ බඩු මලු පරිස්සම් කරන ගමන් තම කුස දිහා ගොඩක් ආදරේන් බලනවා මන් දැක්ක .එත් මොකක්දෝ අවාසනාවකට ආසන තිබුනෙත් නෑ .හැමෝම වගේ දැක්ක ඒ අම්ම නැගිට ගෙන ඉන්නවා. එත් කවුරුවත් ආසනයක් දුන්නේ නෑ .සමාජයෙන් වෙන බැනුම් වලින් බේරෙන්න වගේ එතන ලගම කාන්තාවක් නැගිටලා ආසනය දුන්න .අම්ම වාඩි වුන.එත් මන් බලන් හිටියේ අර නැගිටපු කාන්තාවගේ මුහුණ දිහා.ඒ තරමට මුහුණේ තිබ්බේ තරහවක් .මුහුණු දෙකක් තරමට ඉදිමිලා වටපිටවත් බලන්නේ නැතුව කවුළුවේ වීදුරුව දිහා බලන් හිතින් බනින හැටි මන් බලන් හිටිය .මට පුදුම හිතුන .
කාන්තාවකට ලබන්න පුළුවන් උපරිම වාසනාව ,වස්තුව ,සතුට ,හැකියාව,ආදරය ,කරුණාව මේ ඔක්කොම තමයි "මවු පදවිය " කියන්නේ .මුළු ලෝකෙම පිළිගන්න ස්වභාවධර්මයේ අද්විතීය නිපැයුම .මන් දන්නා විදියට . පුරුෂයින්ට අහිමි කාන්තාවනට පමණක්ම හිමි ජීවිතයේ විශ්වීය ජයග්‍රහණය "අම්මා ".
මට ඇත්තටම හිතාගන්න බැරි උන.ඇයි ඒ තරමට ඒ ගැහැණු කෙනා ගලක් උනේ කියල .මොකද ඒ හැමෝම අම්ම කෙනෙක් ..නැතිනම් දවසක වේවි ..ඉපදුනේ අම්ම කෙනෙක් ගෙන් නේද ?..එහෙම වෙලත් ඇයි මෙච්චර නපුරු ?තමන්ගේ අම්මට ආසනය දුන්න වගේ හිතුනේ නැත්තේ ඇයි ?මම තවත් මගෙන් ප්‍රශ්න කලා.එත් මිනිසුනේ ඇයි මේ වෙනස ?
No comments:
Post a Comment