Saturday, June 8, 2013

මිනිස්සු හොඳද නරකද ?

                             

 කොහොමද අපි මිනිස්සුන්ව වර්ග කරන්නේ ?
ලොකු ප්‍රශ්නයක් .කාලයක් ගොඩක් හොඳයි කියන අය පස්සේ නරක් වෙනවා .මේ ඇයි කියන එකට සරල විසදුම් තියෙනවා.එකක් තමයි නවත්වන්න බැරි වෙනස් වීම.ඕනෑම දෙයක් වෙනස් වෙනවා.හොඳ නරක කියන්නෙත් වෙනස් වීමක් එක්තරා ඇසකින් දකින ක්‍රමයක් .
මේ දේ අපිට තේරුම ගන්න වෙනවා.
ඒ වගේම හොඳ හෝ නරක අපේ සිතුවිලි රාමුව මත පදනම් වෙනවා.සිතුවිලි රාමුව,මනස හා බැඳුනු විවිධ වූ ස්වයං හෝ භාහිර ක්‍රියාකාරකම් අරභයා නිර්මාණය කරගන්න නීති මාලාවක්.කොටු කර ගැනීමක් .
ඉතින් මේ නීති පද්ධතිය යටතේ අපි එකිනෙකා  වෙන්කර  දකිනවා .ඒ වගේම මේ රාමුව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.එකයි  සමහර මිනිස්සුන්ට හොඳ විදියටත් අනික අයට නරක විදියටත් පේන්නේ .

රාමුව ඉතා කුඩා නම් නරක දකින්න ලේසියි .ඒත් රාමුව ඉතා පුළුල් නම් එම පුද්ගලය යම්  දෙයක් ධනාත්මකව බලන්න තියෙන ඉඩකඩ වැඩියි .එහෙම උනාම ප්‍රශ්න අඩුයි .
ගොඩක් නිරවුල් මනසක් පවත්වා ගන්න උපකාරී වෙනවා .

Wednesday, June 5, 2013

සිතුවිල්ලක් පමණද?


මේ ලෝකේ මිනිස්සු ගොඩක් දුක් විදිනවා.ජීවත් වෙන්න.
තවත් සමහරු අනෙකුත් ආශාවන් පසුපස ගිහින් ඒවා ලබා ගන්න.මිනිස්සු එහෙම දුක් විදින්නේ නැත්නම් මොකද වෙන්නේ?
අපි වටා අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා නම් අපි හිතන දේවල් වෙන්නේ නැත්තේ ඇයි?
හරි මෙහෙම නරක විදියට හිතන දේවල් නොවෙන්නත් හොඳ දේවල් හිතන,වෙන්නත් පුලුවන්නම් මොකක් වේවිද?
සමහරවිට කාලයක් යනවිට හැම මිනිහම හිතල හොඳ දේවල් කල්පනා කරාවී.එතකොට නිතැතින්ම ඔය අදහස් ඔලුවට එන මිනිස්සුත් ඉඳීවි .එයාල විටිනවා.මුලින් කිව්වා වගේ මිනිස්සු බලෙන් හරි හොඳ දේවල් කල්පනා කලොත් මිනිස්සු වෙනස් වෙනවා.ඒක අනිවාර්යයි .

Monday, June 3, 2013

ඒ හිනාව

                                   

 මිනිස්සු හිනා වෙන කොට කොච්චර ලස්සනද?ඒ හදවතින්ම මිනිස්සුන්ට සමීප වෙන තවත් ක්‍රමයක් .නමුත් ඉතාම වටිනා දෙයක්.අපිට ඒදේ වටිනා දෙයක් ගොඩක් ප්‍රියජනක දෙයක් විදියට දකින්නත් සමහරු ඒක පහත්කොට සලකන්නෙත්  ඇය් කියල මම දන්නේ නැ .ඒත් සමහරවිට එහෙම දැනෙන්නේ,ගොඩක් වටිනවා කියල දැනෙන්නේ  අපි ඉන්න පරිසරයේ සිනහව ගොඩක් අඩු හින්ද වෙන්න ඇති.
එහෙම නැත්නම් මට එක ලැබුන හින්ද වෙන්න ඇති.
අපි හිනා වුනොත් ගොඩක් අය හිනාවෙනවා.මට වැදගත් නැ ඒ කවුද කියන එක.එකිනෙකා අතර ඇතිවන මේ සරල සන්නිවේදනය සරල නෑ හිතන තරම්.ඊට වැඩිය දෙයක් මේ ක්‍රමය අරගෙන යනවා වගේ දැනෙනවා.
ලබැඳියාව,ආදරය,කරුණාව,හිතවත්කම ,කෝපය වගේම උපහාසයත් ...

Saturday, June 1, 2013

මිත්‍රත්වයෙන් එහාට ගියොත්


ගොඩක් වෙලාවට යාලුවෝ ඉන්නකොට කෙනෙකුට වෙනමම ආදරය කරන්න හිතෙන්නේ නැ.
ඒත් ආදරය කරකර ඉඳල නතර උනොත් එදාට එයාට ගොඩක් යාලුවෝ ඕන වෙනවා.තියෙන වේදනාව යාළුවොත් එක්ක ඉන්නකොට හරි ඉක්මනට අඩුවෙන හින්ද .ආදරයත් එක්ක යාලුවෝ අමතක වෙන්නත් පුළුවන්.ආදරය එක්ක ආත්මාර්ථය තියෙනවා.ඒ අපි දකින ආදරයේ සරලම ස්වභාවය .
හැමෝටම යාලුවෝ ඉන්නවා.
යාළුවන්ට පුළුවන් ආදරවන්තයෝ වන්තියෝ වෙන්න.
ඒත් ආදරය කරන අයට පුලුවන්ද යාලුවෝ වෙන්න ??
පුළුවන් .
ඒත් මුලින් කියපු දේ ටිකක් අමාරුයි මට හිතෙන්නේ.මොකද ආදරය කරන දෙපලක් ළඟ යාළුකම තියෙනවා.යාලුකමටත් වැඩ දෙයක් තියෙනවා.

Monday, May 27, 2013

ජීවිතයට නිවැරදි බස්රථය



බස් නැවතුමකට විවිධ වර්ගයේ වෙනස් ගමනාන්ත ඇති බස්  පැමිණෙති.ඒවා විටින් විට පැමිණ මගීන් නංවා ගනී.නමුත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මගීන් තමන්ට අවශ්‍ය් බසයට නැගීමය්.
ජීවිතයේ අපට හමුවන විවිද අවස්ථා වනුත් ඒ ලෙසමය්.ඒවා අභියෝග ,කම්කටොලු මේ ආදී නොයෙකුත් ආකාරයෙන් අපි වෙතට ඒ .බොහෝ විට  වන්නේ,අප වැරැද්ද ගන්නේ එම අභියෝග ,කම්කටොලු හෝ දුක්පීඩා යන බසයන් නිවැරදිව තෝර නොගැනිමෙනි.
බසයට නැගීමට පෙර එහි ගමනාන්තය අප දැනගත යුතුය .
එලෙසම එහි මාර්ග පථය අපගේ නැවතුම සම්පූර්ණ කරනවද නැද්ද යන්න දැනගත යුතු කාරණයකි. බොහෝ පුද්ගලයන් වැරදි බසයන් වල නැගී වැරදි තැන් වලින් බසිති.
ඔවුනට වැරැද්ද තේරෙන්නේ බසයට නැගුනු පසුවය.එසේත් නැතිනම් වැරදි තැනකින් බැස්ස පසුය.

ජීවිතයට අවශ්‍ය් අවස්ථාවන් නිසි කලට නිසි අවශ්‍යතාවට අනුව තොර ගැනීමෙන් ජීවිතය සම්පූර්ණ කරගැනීමට ඉවහල් කරගත හැකිය .



Sunday, May 26, 2013

Unknown Love

     
    Love can't define.Love consist of both negative and positive feelings and impacts.Positive is always good and useful.But what about the negatives?
Negatives can be used for preventive procedures.So we need negatives also.But the most critical thing is love separate the logic and emotions or feelings.It avoid the meaning of real life most of the time.These symptoms specially appear on pre-mature love where most of the teen get involve.Maturity complete the gap between logic and the emotions which create at the pre-mature stage.Real love consist of care,patient,and all other human values.
Real love has the power of understand to see the actual world we live.

"Love is blind-correct"
"But real love is not blind"

Unfortunately most of the younger don't understand this,even some older. They have only the heart full of sad at the end.Some have lots of anger.Others have frustrations.
Anyway we should see the love in smart and newest way.

Saturday, May 25, 2013

මහ මග කුරුළු ගෙයක්




මම මග නැවතී සිටිමි .ඒ ඉතා කලබලකාරී ඝෝෂාවන්ගෙන් පිරුන මහාමාර්ගයක් අසලය .තවකෙක් එනතෙක්‌ බල සිටිමි.මා අසල මහා පත්‍ර ඇති මහෝගනී ගසකි .නමුත් එහි පත්‍ර ඇත්තේ අඩු සන්ඛයාවකි.ඒවාද අතරින් පතර පනුවන් හෝ වෙනත් සතකු විසින් කා දමා ඇත .එහි මද දෙබලකි .
සැන්දැ අඳුර ගලමින් පවතී.මම තවමත් එතනමය්.
මිනිසුන් සේම පක්ෂීන්ද ඉතාම කාර්යබහුලය.ඒ ඔවුන්ගේ කූඩු කරා ළඟ වී දිනයේ ගිම් නිවා සැනසි දරු මල්ලන් දැක ගැනීමය.මැද දෙබලේ කිසියම් පක්ෂියකුගේ නිවහනය.එහෙත් කොතෙක් බැලුවත් මට කිසිවෙක් නොපෙනේ.නිවහන ඉතා රහසේ සැදුවක් ලෙසය.පත්‍ර අතර සැඟවී ඇත .මිනිස් ඇසින් වහන්  උවත්  දූවිල්ලෙන් නම් ඔවුනට සැනසීමක් නැත .මන්ද ඔවුන්ද දැන් කොළඹ හතේ ජීවත් වන මිනිස් පවුලකටම සමාන වන බැවිනි.

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...