සිතුවේ කෙතරම් නපුරු වුවත් ඔබ ආදරය හමුවේ නිවී මුදු මලක් මෙන් විකසිත වනු ඇත කියාය .ඒ නිසාම අත නොහැර ආදරය කලෙමි .ආදරය ,ආදරයක්ම ලෙස දැනුනු නිසා කෙතරම් අවමාන , අපහාස හමුවේ වුවත් ඔබට ආදරය කලෙමි . සැලකුවෙමි .පිළිගත්තෙමි .අසාසිටියෙමි .හිංසා නොකලෙමි .නමුත් සැවොම කිවූ දේ අද පසක් වනු ඇත .
ඔබ කිවූ දේ පසක් වනු ඇත .මම මෝඩයෙක්මි .ඔබට ආදරය කරන මම මෝඩයෙක් කියා අද මම පිලිගනිමි.
ඔබ මට ආදරය කලේ නැත .අනුකම්පා කරන්නට ඇත .එහෙම වෙන්නත් බැරිය .අනුකම්පා කලේ නම් සතෙකුට මෙන් බනින්නේ නැත .මාව අමතක කරන්නේ නැත .මම නිදහස් මිනිසෙක්මි .නිදහස ආදරය අගයන මනුස්සයෙකිමි.එසේ වූ මා හට ලැබුනේ ඉතාම දරදඬු තද ගති ඇති ගැහැනියකි .
ඉවසුවෙමි .තවත් ඉවසුවෙමි .ඉවසල තවත් ඉවසන්නද?
ජීවිතය සිනාසෙන්නට නොව ඉන්න සිටින තැන පවා අතරමන් වී ඇති බවක් දැනේ .
ඇය මා ගණන් ගන්නේ නැත.නිකමෙකි ඇයට මම ..මෝඩයෙකි මම .මීහරකෙකි මම
දන්නා පරිදි ආදරේට මේ කිසිවක් අදාල නැත .ප්‍රශ්නය ඇගේ ආදරය ගැනය .
I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Subscribe to:
Post Comments (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක...
-
If we think deeply about what around us,its a free experiment market. There are lots of experiments and experiences available in there.T...
No comments:
Post a Comment