අම්මගේ අතේ එල්ලී එල්ලී මොන්ටිසෝරි යන පුංචි එකා කරන සෙල්ලම් බලන් ඉන්නත් ආසයි.එක
කකුලක් උඩ විසික් කර කර පුංචියට මතක සින්දුවක එක පදයක් හරි දෙකක් හරි ..එත් වරද්ද
වරද්ද මුමුණනවා. කන ලඟට වෙනකන් හිනාව .එකෙත් ඉස්සරහ උඩ ඇන්දේ දතක් දෙකක් අඩුයි. කියවන
දේවල් අතොරක් නෑ .අම්ම ඇලට අරන් ගිහින් බාර් සබන් ගාල ගලේ ගහල හෝදපු සුදෝසුදු කමිසයයි නිල් කොට කලිසමයි ඇඳගෙන
ලේන්සු පොඩිය ගහල කමිසේ වම් පැත්තේ .පුතාගේ රෙදි තදට ගලේ ගහන්නේ නෑ බොත්තම් කැඩෙන
හින්ද.
අම්මගේ මූනෙ හිනාව පිරිලා .එක අතක පොඩ්ඩාගේ
බෑගයයි වතුර බෝතලෙයි .අනික් අතේ පරිස්සමින් උණුහුම දිදී එල්ලගෙන යන්නේ ජීවිතයයි.අම්ම අදින්නේ තියෙන හොඳම
ඇදුම.ඒකෙත් කිරිකපන කොටයි වැස්ස කාලෙට තල හෝදන කොටයි හැදුන පැල්ලම් පිරිලා.අම්මට
ඒවා ගානක් නැ.ඉතින් අපි ඉස්කෝලේ යනවා .තාත්තා ,අම්මයි පුතයි ඉස්කෝලේ ගාව වෙල පහු
කරන කොට ගොඩක් දුර ගිහින් කීයක් හරි හම්බ කරගන්න .ඉක්මනටම කුලීවැඩක් හරි හම්බ
උනොත් හොඳා .
හන්දියේ
ලැස් කඩෙන් ගත්ත ගල් බනිස් ටිකක් කළු වෙන්න පිච්චිලා තිබ්බට අම්ම දන්නවා පැන්චගේ දවල්
දවසේ බඩ පුරවන්න දෙන්න තියෙන හොඳම කෑම ඕව කියල .අනික පැන්චත් ආසයිනේ කන්න .
උදේ පාන්දර මං යන පාර දෙපැත්තේ කාටවත් නොපෙනෙන්න
අහිංසක මල් කැකුළු පූදින්න දගලන්නේ මෙහෙමයි.
No comments:
Post a Comment