Friday, May 17, 2019

පහනක් නොවුණු ඇය

සිතුවේ කෙතරම් නපුරු වුවත් ඔබ ආදරය හමුවේ නිවී මුදු මලක් මෙන් විකසිත වනු ඇත කියාය .ඒ නිසාම අත නොහැර ආදරය කලෙමි .ආදරය ,ආදරයක්ම ලෙස දැනුනු නිසා කෙතරම් අවමාන , අපහාස හමුවේ වුවත් ඔබට ආදරය කලෙමි . සැලකුවෙමි .පිළිගත්තෙමි .අසාසිටියෙමි .හිංසා නොකලෙමි .නමුත් සැවොම කිවූ දේ අද පසක් වනු ඇත .
ඔබ කිවූ දේ පසක් වනු ඇත .මම මෝඩයෙක්මි .ඔබට ආදරය කරන මම මෝඩයෙක් කියා අද මම පිලිගනිමි.
ඔබ මට ආදරය කලේ නැත .අනුකම්පා කරන්නට ඇත .එහෙම වෙන්නත් බැරිය .අනුකම්පා කලේ නම් සතෙකුට මෙන් බනින්නේ නැත .මාව අමතක කරන්නේ නැත .මම නිදහස් මිනිසෙක්මි .නිදහස ආදරය අගයන මනුස්සයෙකිමි.එසේ වූ මා හට ලැබුනේ ඉතාම දරදඬු තද ගති ඇති ගැහැනියකි .
ඉවසුවෙමි .තවත් ඉවසුවෙමි .ඉවසල තවත් ඉවසන්නද?
ජීවිතය සිනාසෙන්නට නොව ඉන්න සිටින තැන පවා අතරමන් වී ඇති බවක් දැනේ .
ඇය මා ගණන් ගන්නේ නැත.නිකමෙකි ඇයට මම ..මෝඩයෙකි මම .මීහරකෙකි මම
දන්නා පරිදි ආදරේට මේ කිසිවක් අදාල නැත .ප්‍රශ්නය ඇගේ ආදරය ගැනය .

Thursday, August 23, 2018

කවුද හරි

ලෙඩා  : රිදෙනවා රිදෙනවා .දොස්තර මහත්තයෝ ඇයි  මට මෙච්චර රිද්දන්නේ ?

දොස්තර  : සීයේ සමාවෙන්න .ගොඩක් රිදෙනවද ? මන් පුළුවන් උපරිමෙන් නොරිදෙන්න කට්ට ගහන්නම්කො .ඊයේ තුවාලේ වෙලිලද බලමු.

ලෙඩා  : මහත්තයෝ ඔබතුමා  හිතන්නේ මට වයස කීයක් කියලද ? මට දැන් 80 යි .අපි ඉතින් කොයි වේලාවේද දන්නේ නෑ .ඉස්පිරිතාලෙට ආවෙත්  මේ පොඩි කෙල්ලගේ උවමනාටවට .නැත්නම් මන් ඔය කොහාට හරි වෙලා බණක් බවනාවක් කරන ඉන්නවා .

දොස්තර : සීයට ඉන්නේ අද කාලේ හොයාගන්න බැරි දුවෙක්නෙහ් .ඒකට  ගොඩක් සතුටු වෙන්න ඔනිනේහ් .බේත් අරන් සනීප වෙලා ඉක්මනට ගෙදර යන්න බැරිය .තව වැඩි දවසක් ඉන්න ඕනි නෙහැ .කෝ අත දෙන්න බලන්න .

ලෙඩා  : මට මහත්තයෝ දැන් දැන් බේත් ඕනි නැහැ .මගේ ජීවිතේ මන් හොඳට වින්ද කෙනෙක් .ඇවිද්ද.සතුටු වුණා .යුතුකන් ඉෂ්ට කලා .පවුල් වෙලා ළමයි හැදුවා .ළමයිත් දැන් හොඳ තැන් වල .ඉතින් ඇයි  මේ මම තවත් වේදනා විදින්නේ ? මට දැන් ඔනී නිවී සැනසිල්ලේ මැරෙන්න .

දොස්තර : එහෙම කියල බෑනේ සීයේ .සීයා  ඇත්ත තමයි කිව්වේ . අපි හැමෝම මැරෙනවා දවසක .අපි සීය තරම්වත් ඉන්න එකක් නැහැ .එත් මගේ රාජකාරිය ලෙඩ්ඩුන්ව සුවපත් කරන එක .චූටි බබාගේ ඉඳන් මැරෙන්න වැටිලා ඉන්න කෙනෙක් වෙනකන් මන් ඉන්නවා ඔයාලත් එක්ක .


Friday, March 2, 2018

ඇයි ඔබ සිනාසුනේ



එදත් සිනහවක් නිසා වශී වුනෙමි .අදද එසේමය .පෙර කරන ලද්දා වුද කිසිවිටෙකත් නිවැරදි කර නොගන්නා වරද්දද එයමය .වෑයමෙන් සඟවනා ඇල්ම ආදරය විටෙක මගේ දෑස් වලින් පෙනෙන්නේ දැයි මටම සැකයකි .ඈ මා දෙස බලා සිටින අයුරු මගේ දෑස් වල යමක් සොයන අයුරු අදද මම දුටිමි .වේදනාව ආරම්භ වී ඇත යන්න මට හැඟෙ .යමක අලෙන්නේද යමක ගැටෙන්නේද එයින් වේදනාවක් උපදින බව මම හොඳාකාරවම දනිමි .නමුත් අදටත් මම විශිෂ්ඨයෙකු නොවේ .
හැමදාමත් මම මගෙන්ම අසන පැනය නම් සියදහසක් අතර ඇය පමණක් මට විශේෂ වුයේ ඇයි ?
හද ගැස්මට ඇගේ සම්බන්දය කෙසේ පහල වීද යන්නය .
ඒ සොඳුරු සිනහවට අවංකවම මම ආදරය කරන්නෙමි.ඒ දඟකාර බවට මම ආදරය කරන්නෙමි .ඔබේ මුරණ්ඩුකම සන්තෝෂයක්ම ගෙන ආවේ මටම පමණක්ද?
සිතුව්ලි අතර උද්දීපනය වන ආදර අයැදුම් සිය දහස් ගණනක් තිබෙන්නට ඇත .ඒ සුවඳවත් අතීතය යලි සමරන්නටය .
අප්‍රමාණ අයැදුම් වලින් මට වෙහෙසට පත්වීමට අවශ්‍යය .කිමද ඒ සැම අවස්ථාවකදීම මා පරාජිතයකු වූ බැවිනි .විටෙක කෙසේ හෝ ජයගෙන වීරයෙකු වීමට කැමැති නමුත් කුමක් හෝ නමුත් එයට හරස්වනු ඇත .ඔබ ඔබටම හරියන සේ කූඩු තනන්න .මං නොබලා හිදින්නම් .දිනෙක කෙසේ නමුත් තවමත් විශ්වාස කරන පරිදි එය දැනෙනු ඇත .මගේ සිතුවිලි ඇඳ බැඳ තබා ගන්නට මටම අවසර දෙනු මැන.

Friday, January 5, 2018

ගල් ගමුවේ දළ පූට්ටුවා සහ සිංහල දේශය



සිරි ලංකාව ථේරවාද බුදුදහමින් සපිරිනු දේශයකි .
කාරුණික හදවත් ඇති මිනිසුන් ජීවත්වන දේශයකි .
සිල්වත් නොවූ සුදු ඇඳගත් පාලකයන් ජීවත් වන රටකි .
මම ගල් ගමුවේ  දළ පූට්ටුවා ගැන මෙච්චර විස්තර දැන ගත්තේ ඌ මිය ගිය පසුය .ඌ ව ඝාතනය කළේය ..ඒ උගේ ඇස් පෙනී නැත .අන්ධ ඇතෙකි .සද්දන්ත හස්තියෙකි .මනරම් දළයුවලක් හිමිය .   දුටුවනම හිත් ඇද ගන්නා ඉතාමත් සුන්දර සත්වයෙකි ..රටේ වුනු සම්පතකි .අහිංසක සතෙකි .
අඳ වුවත් තනියෙන්  කාබී වනයේ හැසුරුණු කාටවත් කරදරයක් නොකෙරු සත්වයෙකි .මේ රටේ සියයක් ගතහොත් ඉහත සඳහන් හස්තියාගේ වූ ඒක ගතිගුණයක් හෝ හැකියාවක් පිහිටන මිනිසුන් බොහෝ අල්පයකි.බොහෝ අය  නමට පමණකි.බොරුවට ආගම් අදහති .
ගහට කොළට මිනිස්සු ආදරේ නැත .සල්ලි ඇති තරමක් දෙන්නේ නම් ඕනි පහත් වැඩක් කරන්නට සිරි ලංකාවේ මිනිස්සු කැමතිය.තොරතුරු හෙළිවන අන්දමට චීවර ධාරියකුද මෙම ඝාතනයට සම්බන්දය .අපේ මිනිසුන්ගේ ප්‍රතිපත්ති සියල්ල පටු වාසි තකා ගොඩනගාගන්නා ඒවාය .සිංහලයෝ බොහෝ විට මහන්සියෙන් හරි හම්බ කරගැනීමට වඩා අනුන්ගේ ගජමුතු සොරා ගැනීමට සමතුන්ය .අතලොස්සක් පමණක් යහපත් කර්මාන්තයෙන් දිවි ගෙවයි .  අවාසනාවට මමත් සිරි ලාන්කිකයෙක්මි .එසේ කියන්නට වීම ගැන මම ලැජ්ජා වෙමි .නමුත් වාසනාවකට මගේ රට මේ කාලකන්නි මිනිසුන් පිරුණු සමාජයෙන් මොහොතකට හෝ ඉවත් කරන්න , වෙනස් කරන්න  වෙර දරන්නෙක්මි .

මේ සියල්ලටම මුල අසීලාචාර සුදු හැඳගත් හෝ ටයි කෝට් දාගත් රැවටිලි කාර පාලකයින්ගේය .දළ පූට්ටුවගේ සිට අද වෙන විට  තවත් දුර්ලබ දළ ඇතුන් කීප දෙනෙකු මේ ලෝකය හැරගොස් අවසන්ය .සමහරකුගේ දිරාගිය ශරීර පවා සොයා ගැනීමට නොහැකි වී ඇත .මේ අසරණ සත්වයින්ගේ අකල් මරණ වලට මූලය සෙවීමට දැන් කාලය පැමිණ ඇත යන්න මගේ මෙන්ම දෙනෝ දාහක් රටේ පුරවැසියන් කියනු ඇත . ලෝකයේ දියුණු රාජ්‍යයන් ගැන සිතා බලන්න.ඔවුන් සියල්ල පරදා ස්වභාවධර්මයට මුල් තැන දේ .ගහට කොළට සතා සිවුපාවට ආදරේ ඇත්තෝය .තිබෙන වන පද්ධති හැකි තරම් ආරක්ෂා කරයි.දුර්ලබ සත්වයෙක් වේ නම් රාජ්‍ය ආරක්ෂාවද ලබා දේ .
 පාලනය නිවැරදි නම් රට වැසියන්ගේද ආකල්ප නිවැරදිය .ධනාත්මකය .   මිනිසුන්ට ආකල්පමය දියුණුවක් අවශ්‍යමය .එසේ නැතිව මේ රටට වන විනාසය නැවතිය නොහැක . ඊට පාලකයින් ගේද ආකල්ප වෙනස් කල යුතුය .


සිරි ලංකාවේ මිනිස්සු තව කෙනෙකුට කරදරයක් කර හෝ තම බඩ වඩාගන්නට රුසියෝය .ඒවායින් මුල් තැන ගන්නෝ රැස්වන්නේ  දියවන්නා ඔය මැද ඇති සියලු සැප සම්පත් ඇති  එක්තරා පාපී තැනකය .ඔවුන් ගේ මෝඩකම අපරටේ සතා සිවුපාවවට  පවා බලපා ඇත .ඒ අපේම නරකටමය .රටේම අහයපතටය .ගල් ගමුවේ හස්තිය ඔවුන්ට කැලෑ සිවුපාවෙක් පමණි .ඔවුනට මුවාවී දඩයමේ යන මුර්ගයන්ට සල්ලි කන්දකි .ඇත්ත එයයි .

Thursday, November 2, 2017

ගිණි කූරු මලකට වඩා

මෙතරම් කල් යාවියයි මමවත් සිතුවේ නැති තරම් .කාලයත් මෙච්චර ඉක්මනට යාවි කියල නොසිතුන තරම් .එත් එහෙම උනා .සෑම දිනකම පායන හිරුමෙන් නිශ්චිත වූ ගෙවුණු බලාපොරොත්තු ඔබ හමුවේ කුමක් වේ දැයි මම නොදනිමි .
සතුටට කෙළවරක් නැත .සැහැල්ලුවට ඔහේ පාවී යන ගිනිකූරු මලක් වගේ මේ ජීවිතය ගෙවෙනවානම් ?ඔහේ නිසොල්මනේ සැහැල්ලුවට මද පවනේ වුවද ගහගෙන යන .එක වෙලාවකට එක අතකට එන.තවත් වෙලාවකට තවත් අතකට එන තෙරක් නොපෙනෙන ඉමවුව්වක් කරා යාමට සිතුන වාර අනන්තය .මම පැහැපත් බව මම දනිමි .මම රූබර බව මම දනිමි.මම දහසකුත් හැගීම්බර බව මම දනිමි .එසේම අප්‍රමාණ ලෙස කාහට හෝ ආදරණීය බවද මම දනිමි .
නටු අග පිපුණු සුවඳ රෝස මලකට බොහෝ දෙනෙකු ආදරය කරන බව දන්නා නමුත් එසේ කිසිවකුත් තාමත් මට මුණ නොගැසුනේ මා පැහැබර සැහැල්ලු ගිණි කූරු මලක් නොවූ නිසාද ?මේ ලෝකයේ සෑම පුෂ්පයක්ම පිපී සුවද විදහනවා නියතය .එසේම මගේ හිතේ  විශ්වාසයද සඵල වෙනවා සත්තය .රෝස මලේ නටුවේ කටු තියෙන්නට ඇති නමුත් එයින් කිසිඳු දිනක මලට හානියක් සිදුවුයේ නැත .එසේම මගේ ජීවිතයේ මා හුදෙකලාවම පසුකළා වුද පසුකරමින් සිටිනා ඉතාමත් දුෂ්කර සිත් පීඩා සහිත මාර්ගය දිනෙක ආශීර්වාදයක් වනු ඇත .
අදට ප්‍රේමය නැත .අදට ආදරය නැත.අදට ලබැඳියාව නැත .ගෙවෙන ගෙවෙන දිනයක් පාසා සොයන්නේ නුඹයි .හෙටට ලැබෙන නුඹ ගැනයි .ඔහු කවුදැයි තවමත් මා නොදන්නා නමුත් අපි අනන්ත වූ නිදහස අසීමිත වූ ප්‍රේමයෙන් බැඳී විදින්නට වග බලා ගන්නෙමු .එතෙක් සමුගන්නෙමි .

Thursday, October 26, 2017

දෙවියන් ඉදිරියේ වැඳ වැටුණු මොහොතක්

                        වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේදනාබර හඬින් අවට දෙවනත් වන විට කිසිවක් කරකියාගත නොහැකිව ඒ අසලම රැදුනෙමි .
විටින් විට ඇගේ ආදරණීය මුහුණ සිහිවෙයි .මම සිපගත් මා ආදරයෙන් බැලූ ඇගේ දෙනෙත් සිනහබර ඇගේ වත .ඇයට කිසිඳු කරදරයක් නම් වන්නට එපා .මෙතෙක් වේදනා විඳීමට ඇය කල වරද කුමක්ද ? තිස්තුන් කෝටියක් තියා එකදු දෙවියකුගේ පිහිට නොපැතූ මගේ උද්දච්ච හිත එදා සියලු දෙවියන් ඉදිරියේ වැඳ වැටුනේ ඇය නිසාය .
ඇය තවත් කෑගැසූවාය .බිත්ති හෙල්ලෙන තරමට කෑගසුවාය .ඒ අතර විටින් විට එහා මෙහා වන සුදු යකඩ උපකරණ වල හඬ ඇසෙන විට පපුව ඉබේම නතර වුණා මෙන් දැනුනේ ඇයි දැයි මම නොදනිමි .
මට ඇය මුණ ගැසුනේ කටු පිරුණු කැලෑවක මුදු තනබිස්සක සිටියදීය .දෙවඟනක් වගේ.ආදරයේ දෙවඟන ජීවිතය ඇතුළු වුණ හැටි තාමත් මතකය .කිසිදිනෙක වාසනාවන්තයෙකු වේ යයි නොසිතූ මම ඇය දුන් ආදරය හමුවේ ලෝකය අමුතුම නැවුම් ආකාරයකට දුටුවෙමි .
සුසිනිදු දෙවගනට මගේ හදවතට එකදු තියුණු කටුවක හෝ වේදවක් නොදී උත්සාහ කලද විටෙක ආදරයෙන් බලන කල්හි ඇගේ ළමැදේ හෝ එහි කෙළවරක යම්කිසිවකින් සීරි ඇතිබව මම දුටුමි .නමුත් වචනයකුදු දෙසවනට අසු නොවුයේ ඇයි ? එම පීඩා ඉඳහිට හෝ සමහරවිට නිතරම ඇයට ගෙන ආවේ දෙවියන් විසින් නොසලකන ලද්දා වූ පුද්ගලයකු විසිනි .
එක වරම සුදු ඇඳගත් මිසී කෙනෙකු දොර ඇරන් දුවයි .දොරේ වැදුනද ? නොවැදුනාද ?
අරුණු දොර වැසෙන්නට පෙර මගේ ප්‍රාණය  යන්නට පෙර ඇය ලඟට යන්නට ඇත්නම් ?මම දුර්වලයෙක් වුනෙමි .අසරණයෙක් වුනෙමි .අරුණු දොරෙන් ඇගේ  හඬ තවත් වැඩිවී ඇසුනද දැන් එය හැම දෙසින්ම එයි .
කිමද මේ මිනිසුන් සතුන් මෙන් හැසිරෙන්නේ ? පෙනෙන්නේ නැතිද කාගේ හෝ ගැහැණියක් වේදනාවෙන් දඟලන රඟ .අනේ මන්දා යයි නොසිතුනද දිව ගිය මිසී කාමරයට යලි පැමිණීම ගැන මම ඇයට සිතින් ස්තුති කලෙමි .
නිරුවත් මගේ පපුව උඩ ඇගේ සියුමැලි අත තබාගෙන ගැහෙන හදවතේ රාවය අසන්නට ඇති .ඒ උණුහුම විඳින්නට ඇති .දිව්‍ය බලයක් ඇය වෙත ලැබී ඇති බව සිතන්නට ඇති .පුංචි පුංචි සිතුම් පැතුම් පොදියක් එක්ක මහමෙරක් තරම් වූ එක් ප්‍රාර්ථනයක් හමුවේ ඇය තව තවත් බැබලුණා මට මතකය.ඒ ආදරණීය මතකයන් වේදනාත්මක කෑගැසීමක් එක්ව මුසුව කඳුලක් නෙතට එන්නට පාර කපා ඇත .
මට මා අමතක වන්නට ඇත .බොහෝ වාරයක් එහෙ මෙහෙ ගියා මතකය .අරමුණක් නොමැතිව සිවිලිම දෙස බලා ඉඳ ඇත .වට පිටේ බොහෝ පිරිසක් ඉඳ ඇති අතර එකදු කටහඬක් මට මතක නැත .දෙවඟන සමහරවිට උත්සාහ කරනුයේ  මාවද තරු වලින් එහා ඒ සුරපුරයට කැන්දා ගෙන යාමට විය හැක .අප දෙදෙනාත් සමග ඇයත් පැමිණිය යුතුය .එසේ නම් .
ඉදිමුණු දෙපා රතුවී ඇය බොහෝ දුක් වින්දාය .ඉදිරියට නෙරු උදරය මහත් බරක් එක්ව මාස නවයකට ආසන්න කාලයක් වඩා දුන්නේය .හැරෙන්නට පෙරලෙන්නට ඇඳ ඇතිරිල්ලේ උනුහුමට සීතලට එහෙ මෙහෙ වන්නට කෙටි කාලයකට නොහැකි විය .කොන්දේ වේදනාව ඉඳහිට තිබෙන විට කිවූ නමුත් මා දුටු විට විකසිත වන ඇගේ වත කිසිම දිනෙක ඒ වේදනාව හැමවිටම යයි නොකීවේ මන්ද ? හිඳගත්තද ඇවිද්ද පරික්ෂාකාරී පියවරවල් හමුවේ මහපොළවද බිඳකුදු නොසෙල්විණි .සුදු පැහැති ලා බින්දු ඉහිරුණු කපු ලිහිල් ගවුම ඇඳ ඇවිදින ඇය ඇවිද්දේ දෙපැත්තේ කකුල් වලට බර දෙමිනි .
අද උදැසන ඈ සිටි වේදනාව මාගේ වම් අතේ මතක සටහන් ඉතුරු කළේය .කටු පිරුණු කැලයේ මුදු තනබිස්සේ හිද මුදු අත්ල මා ස්පර්ශ කලා මෙන් නොව මේ ග්‍රහණය ඉතාමත් තද විය .වෙනත් වෙලාවක නම් ඉතාමත් වේදනාකරිව විය යුතුව තිබුණු ඒ ග්‍රහණය අද්භූත ලෙස අප දෙදෙනාගේ ශරීර හරහා සංසරණය කරවුයේ ආදරයයි .ආරක්ෂාවය අසීමිත දයාබරත්වයයි .
මනුස්ස කටහඬවල් අතර එකවර නැගුනේ මුළු ඇඟම උද්දීපනය කරන ලපටි හඬකි .ඇත්තවශයෙන්ම එය බිලිඳු ලපටියකුගේය .දේවත්වයට අපූර්වත්වය එක්කරන ලදී.
දැන් ඇගේ කෙඳිරිය මිස වෙනත් හඬක් නොඇසේ .අනේ මගේ දෙවුලිය කෝ ?

ඒ සමගම යලිත් අර මිහිරියාව .ආදරය .ජීවිතය හා මුමුණන බඳු වූ ඒ ලපැටියාගේ ලතෝනිය .ඇයි මේ පිරිස දොර අරින්නේ නැත්තේ? කෝ මගේ මුදු තනබිස්සේ  දෙවුලිය ?කොහෙද ඒ කිරිකැටිය ?
අවට ගහකොළ හොඳට පෙනෙන පෙනෙන සේද වැටි තිබෙන පිනි බිඳිති අතුරුදන් කරවන උණුසුම් හිරු පායාගෙන එන බව මම දුටුවෙමි .අපි යලිත් සුරලොවට යලිත් වහා යායුතුය .හොඳටම පොඩිවුණු ලේන්සුවෙන් මුහුණේ තෙල් ටික යන්න තදින් පිසදා සාක්කුවේ දමාගෙන ගිනියම් වූ ලී පුටුවෙන් නැගිට්ටෙමි .


 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...