Tuesday, August 15, 2023

පැහැසරා " මෙතුසරා මම චූටි මාමා…2011


 

ඔයාලට නොතේරුණාට මේක පුදුම සංකලණයක්. මෙතුසරා මොන්ටිසෝරි යනවා. පැහැසරා 3 වසරේ. චූටි මාමා ඒ කියන්නේ මම‍ ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි. ඩිග්‍රිය කරලත් ඉවරයි. වයස අවුරුදු 25ත් පැනලා.

ඒ්ත් මේ තුන්දෙනා එකු වුණාම ගෙදර යුද්ධ පිටියක්. කතන්දර ගොඩක්. හිනා සාගරයක්. ප්‍රශ්න වැලක්.කටට තියා කකුල් අත් වලටවත් නිදහසක් ඇත්තෙම නෑ. මේ කතන්දරේ අක්කත් දන්නවා අයියත් දන්නවා. චූටි මාමා ඔක්කොටම හපන්. රැවුලත් වවාගෙන "කකුල් උඩ තියාගෙන "රියන් දිග අත් පා විසි කර කර පැදුර උඩ පුංචි උන් එක්ක බෝනික්කෝ නළවනවා. කෝච්චි යවනවා.

අක්කයි නංගියි පැන පැන චූටි මාමා එක්ක කතාව. චූටි මාමා කොටු පනිනවා. ඒ ප්ස්සෙන් පැහැසරා ලොකු බබාත්" බැරිමරගාතේ චූටියත්. මගේ හිතට පුදුම සැනසීමක් සැහැල්ලුවක් දැනෙනවා.

මෙතුසරා නම් පුළුන් ගොඩක් වගේ. උස්සගෙන කර උඩ තියාගත හැකියි. ඒත් ග්‍රීස් ගාලා වගේ ලෙස්සනවා. දÕලනවා. අක්කි බබාව උස්සන්න දැන් අමාරුයි. දැන් අරන් යන්නේ ලුණු කරේ.

—චූටි මාමා˜ —චූටි මාමා˜ ඕක තමයි වචනේ දවසම.

මං ළÕ මෙච්චර ආදරේ තිබිලත් මං තාමත් ඒවා දී ගන්න බැරුව හිගා කනවා. මගෙන් කිසියම් පවක් පෙර ආත්ම වලදී වෙලා ඇති. ඒත් මොනවගේද?

 

දානෙ ගෙයක්  මළ ගෙයක් හරි ඕනෑම ශාන්ත දාන්ත උත්සවයකට මේ තුන්දෙනා ආවොත් විශාල කලඔගෑනි සිද්ධ වෙනවා කියලා හැමෝම දන්නවා. —මල්ලියේ ඔයාව දැකලා මෙයාලා වයින් කරලා වගේ˜

එයාලා විතරක්යැ.මමත් වයින් වෙලානේ. සිල් ගන්න ගියොත් සීලෙත් ඉවරයි. භාවනා කරනකොට මං ඇස් වහගෙන. දෙන්නම ඇස් යාන්තම් ඇරගෙන මා දිහා බලන් හිනා වෙනවා. ඉතිං කොහොමද චූටි මාමා භාවනා කරන්නේ… කියන්න බලන්න.

මෙතුසරාගේ හොදම සේම් බඩු පෙට්ටිය තියෙන්නේ චූටි ආච්චි ගාව. ඒ කියන්නේ චූටි මාමාගේ අම්මා ගාව. ඒකෙ නැති දෙයක් නෑ. චූටි මාමාගේ ඉවර වුන සෙන්ට් බෝතල්" චූටි පූ ගේ ඉස්සර සෙල්ලම් බඩු වල රෝද" බට්න් අරවා මේවා එතකොට මදටිය ඇට" ඔලිද "කඩා වැටුණු අහස්යන්තර කියලා වැඩක් නෑ. මේ ඔක්කොම තියෙන්නේ ගෑනු ඉරුණු හෑන්ඩ් බෑග් එකක. සමහරදාට පොල් කුඩුත් ඕක ඇතුලේ "සෙල්ලම් බත් උයන්න අරන්.

ඉස්සරහ අඹ ගහේ රසකිද වැල් තියෙනවා.ඔන්න ඉතිං පුංචි උන් තුන්දෙනා (ඕක ඇතුලේ ලොකු මමත් ඉන්නවා) සෙල්ලම් කරනවා. එක පාරම ලොකු බබා අර වැලක් කඩාගෙන නංගිත් එකතු වෙලා "මාව වෙලනවා.මට හෙල්ලෙන්නත් බෑ වගේ. ඔය වගේ දස වද. දැන් නම් හිනා යනවා.

සමහරදාට පුංචිගේ තොල්වල ගාන ඒවා මගේ තොල් වලත්.රැවුල යටින් රතුම රතු තොල්. හම ගහලා වගේ. පොඩි බබා වගේම ලොකු බබාත් මාමාට හරිම ආදරෙයි. චූටි මාමාගේ කොම්පූටරේ දාලා —පුළුන් ගස්˜ බලන්න තරම් වෙන දෙයක් නෑ. දෙන්න කට ඇරගෙන.

චූටි මාමලගේ ගෙදර එන්න දෙන්නම පොරේ. ජපන් මොන්ටිසෝරියට ගිහින් ගේට්ටුව ළගින් බැහැලා මෙතුසරා චූටි සීයාගේ අතේ එල්ලිලා එනකොට පුංචි කමිසයේ ත්‍රිකෝණාකාරව නවලා කට්ටක් ගහලා තියෙන නම ලියපු ලේන්සුව සුළÕට වැනෙනවා. බෝතලේ සීයලේ අතේ. ඉද්ද මල් ගහ ගාවදී ගේ දිහා බලනකොට චූටි මාමා ඉන්නවා කියලා දැක්කොත් කෙල්ලගේ මූණට මල් හතයි. පොඩ්ඩක් මුලින් අගේ පානවා. ආච්චිගේ අතේ එහෙම එල්ලිලා පිපිØ්Øා පෙත්තක් හෙම කනවා. මං නිදන් ඉන්නවා දැක්කොත් ළගට ඇවිත් යනවා. සැරෙන් සැරේ පැහැසරා නම් ඇහැකුත් ඇරලා බලනවා. මෙතුසරා අත් දෙකත් පිටිපස්සට බැදගෙන සිරිස් ගාලා කුස්සියට දුවනවා. මාත් නිදි නෑ. යාන්තම් ඇස් ඇරන් ඉන්නේ.

අප්පච්චි ගාවදි දෙන්නම පූස් පැටව් වගේ. හරි අමාරුවෙන් කතා කරන්නේ. ඇවිදින්නේ. ඉදගන්නේ. කොටින්ම කිව්වොත් ලෙඩ හැදිලා වගේ.ඒ්ත් අප්පච්චිට හදිස්සියේ වැඩක් වැටුණොත් ආයිත් සංග්‍රාමය.

මල්ලි බබාට මාස ගානයි. චූටි මාමා ඉතිං හරි කොමලේ ඒකවත් සෙල්ලමට අල්ලගන්න. ඒත් කෝ ඉතිං බයයිනේ. ළගටම ගිහින් හුස්ම දැනෙන ප්‍රමාණයට බලනවා.ලොක්කියි පොඩ්ඩියිත් හැමදාම දකින මල්ලියාට තවත් ලං වෙලා බලන් ඉන්නවා.

පැහැසරාගේ චූටි කුමාරයා චූටි මාමා. මේ කෙට්ටු "ඇද වුණු දත් තියෙන මූණ පුරා ගෙඩි තියෙන චූටි මාමා මේ දෙන්නට චූටි කුමාරයෙක්. චූටි කුමාරයට හරි සතුටුයි.එයාගේ චූටි පැටවුනේ මේ.

දවසක් අක්කි බබා මට දුන්න ලියුමක්.

—චූටි කුමාරයා ˜

—පුංචි කුමාරයෝ ඔයා නේද?

2013 වර්ෂයේ රජ රටට හොද සේවයක් කරන්න.

පැහැසරා විසින් ආදරණීය කුමාරයා වෙත. ඔයාගේ පිස්සු හොද කර ගන්න.˜

චූටි මාමා ඔය කහ පාට වෙච්ච කොලේ තාමත් කාමරයේ ගහලා තියෙනවා.

 

Sunday, February 19, 2023

මතකයන් 25.05.2014

 අම්මලා අනුරාධපුරේ ගිහින්  අද දෙවැනි දවස. තෙලක් හිදල . හෙට ඉදලා  මුළු ඇඟේම එක ගාන්න . අද රෑට පාන් කෑවා . ඊයේ රෑ පාන් . අද උදේ ලීල  බත් එකක් ගෙනත් දුන්න .උදේ නංගි පාන් රෝස් කළා .ඒවා කාලා ගියා .ඇවිල්ල කරන්න වැඩ කෝටියක් .නංගිව ගන්න යන්න .නාගන්න.  .රොටි අල්ලන්න .ඒවා දුන් ගෙට දාන්න . හරකා බඳින්න.ඒ අස්සේ එතනට ඇවිල්ල ගොනෙක් .මහා  විසාල එකෙක් .මට නේද ඉතින් .වත්ත කෙලවරට දුවල ඒ සතාව  පන්නල එනකොට ඉක්කත් වැටෙනවා . කවදාවත් ප්‍රශ්නයක් නොවෙන ඉක්කත්  නවතින්නේ නෑ .සපත්තු වේලෙන්න තිබ්බා .තෙමුනනේ උදේ 

මතකයන් 19.05.2014

 පානදුරේ ගෙදර  ශාන්තිකර්මයක් කළා අනුරාධපුරයේ සිරිපාල මහත්තයා තව එක්කෙනෙකුත් එක්කයි ආවේ .එයාලා කෝච්චියෙන් ඇවිත් පිටකොටුවෙන් ගත්තා .මම ඔෆිස් ඉවර වෙලා ගියා .ඉරිදා වැඩට ගියේ නෑ .දවස් දෙකම නින්දක් නෑ. එක දිගට පාන්දර දෙකට තුනටත් එක එක බඩු ඉල්ලනවා.

මේවා කරන්න මට  කොහොම ශක්තියක් තිබුණා දැයි හිතාගන්නවත් බෑ .මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා මහප්පා ගොඩ දාන්න පුළුවන් කියලා. වැඩ කරනකොට හරි කල්පනාවෙන් කරන්නඕනෑ . තාත්තට තරහ යන අය හිටිය එතන ගොඩක්. දෙපැත්තම බේරගෙන වැඩේ කරන්න ඕනේ.

මහප්පාට ගොඩක් ගුණයි වගේ .හරි සතුටින් කකුලක් පිට කකුලක් දාගෙන හිතා හිතාගන්නවත් බෑ. දැන් බේත් පටන් ගන්න ඕන. රීකෝ ට බෙහෙත්  එකක් අරන් දෙන්න ඕන. එක්කෝ අධි ප්‍රෝටීන් ආහාර දෙන්න ඕන . දැන් kitty රීකො දෙන්නම  මන්  වගේ. පතෝල මැස්සක් අපිට වැඩිය ලස්සනයි . අද දළු කඩන  දවස .  දෙමළ අය ආවා මං ඔෆිස් යන්න ඉස්සෙල්ලා කිලෝ එකට රු.20 දාල සල්ලි  බේරෙන්න ඕන.

හීන වන හැකියාවන්


කාර්යබහුල ජීවිතයත් සමඟ අපගේ සියලුම උපතින් පැමිණියා වූ හැකියාවන් විශේෂයෙන් කලාත්මක හැකියාවන් හීනවී යන බව ඕනෑම කෙනෙකුට හොඳට අවබෝධයෙන් විමසා බැලූ විට පෙනී යන දෙයකි . එනම් එම හැකියාවන් වල  උච්ඡතම අවස්ථාවක් ඇත යන්න මගේ විශ්වාසයයි

ඉන් පසුව ඒවා යළි නොයේ .  උපරිම අවස්ථාවේදී සිදුවෙන ,නිමවෙන , ලියැවෙන සෑම දෙයක්ම ඉතාම ම වටිනාකමක් ගෙන් දෙයි .කලකට පසු අප කොපමණ උත්සාහ කලත් එම හැකියාවන් එම මට්ටමෙන්ම අපට ලබාගත  නොහැකි බව සත්‍යයකි

Friday, December 30, 2022

බාගෙට ඇරුනු දොරයි |/ බාගෙට වැසුණු දොරයි

 



බාගෙට ඇරුනු දොරයි 

බාගෙට වැසුණු දොරයි 


සුදු මාමා (විමල් ජයකොඩි ) කිව්වේ එහෙම .ටිකක් වෙලා ගිය තේරෙන්න .බලන්න ආයි කියවල .

එදා කට්ටිය ලොකු කතාවක් .හැමදාම වගේ පාටි එක මුලදී මැදදී අගදිත් ඇතිවෙන්න කතා .වෙලාව යනවා  දැනෙන්නෙත්  නෑ .  ඕපාදුප ,ඕනෑකම් එපාකම් විටෙක කේලම් , උසුළු විසුළු  අදහස් එක්ක මැණික් ගල් වගේ වටිනා වචන ටිකකුත් එහෙ මෙහෙ වෙනවා . ලෝක විස්තර එක්ක විචාරය  වටිනවා .ලංකාව ගැන නම් දැන් වැඩිය කතා කරන්නේ නෑ .මොකද එපා වෙලා තියෙන්නේ . එත් අතීතයේ ගොඩක් දේවල් වල තිබුන සුන්දරත්වය  වැඩිහිටි අය මතක් කලා .

එතකොට ඔය දොරේ ප්‍රශ්නේ ආව .ඇත්තටම මේකේ ගන්න දෙයක් තියෙනවා .

මාමා මගෙන් අහනවා බාගෙට ඇරුණු (වැරදුනා ) දොර පෙන්නලා 

"දිලුෂ  ඔය දොර කොහොමද තියෙන්නේ "

"බාගෙට ඇරලනේ  මාමේ තියෙන්නේ "

මාම  හිනාවෙන ගමන් කියනවා මෙහෙම 

"මට නම් පෙන්නේ බාගෙට වැහිලා වගේ "

අම්මප ඔව් නේ . දැන් මන් කල්පනා කරනවා .ඇත්ත නේන්නම් .ටිකක් වැඩි වෙන්න වගේ ඇවිත්  තිබුන  මාමාගේ කට ඔන්න වැඩ පටන් ගත්තා .

" ඔය දොර බාගෙට වැහුණු දොර කියන්නත් පුලුවන් . නැත්නම් බාගෙට ඇරුණු  දොර කියන්නත් පුලුවන් .දෙකින් එකක්වත්  වැරදි නෑ නේද බලන්න ."

"කතා කරන්න ඉස්සර හොඳට හිතන්න .හැම දේකම අපිට නොපෙනෙන නොහිතන පැත්තක් තියෙනවා .ගොඩක් අය දකින්නේ එක විදියකට විතරයි .එත් ටව ටිකක් දියුණු අය හැම දේකම  තව පැත්තක් දකිනවා .

ඒ අයට සමාජයේ ගොඩක් ප්‍රශ්න අඩුයි .එයාලගෙනුත් එහෙමයි "

මාමා  කිව්වේ ඇත්ත .ඒ චින්තනය හරි වටිනවා . එක විදියකට විතරයි පිට ගොඩක් දේවල් දකින්නේ . පුරුදු වෙලා තියෙන්නෙත් එහෙමයි .

අපි ඒක  වෙනස් කරගන්න ඕනි .ඒ වෙනස හොද දෙයක් කරගන්න ජිවිතයට 


Wednesday, May 11, 2022

ගිය සතියේ අදුරු දවසක

 



ගිය සතියේ අදුරු දවසක


මම නිතරම ගමන් ගියේ මගේ මෝටර් සයිකලයෙන්.ඒකෙන් යන කොට ලාබයි.හැබැයි ඉතිං පරිස්සම අඩුයි.ඒ වගේම අවුවයි වැස්සෙනුයි බේරෙන්න බෑ. මේ දවස් ටිකේම හවසට හොදටම වහිනවා. වැස්සටත් වඩා හුළග. රෑට හැමෝම ගෙවල් ඇතුළේ හින්දා එළියේ වෙන දේවල් පේනවා අඩුයි. උදේට ඉතිං රෑ වැස්සේ දරුණුකම බලා ගන්න සාක්ෂි තියෙනවා. අතු කඩා වැටිලා හේදිලා ගිහින්. Light නෑ. Telephone නෑ. ඔය වගේ දවසක මට හවස Night class එකක් තිබුණා කොළඔ.6 ඉදන් 9 වෙනකන්. එතකොටත් යන්තම් වැස්සක ලකුණු තිබුනත් හයියෙන් වැස්සේ නෑ. මාත් එක්ක මගේ යාළුවෙකුත් ගියා. ඉතිං Class එක ඉවර වෙලා අපි ගියා කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට මගේ හොදම යාළුවෙක් එදා ඕස්ට්‍රේලියා යනවා.ඒකට සුබ පතන්න.

අපි ගුවන් තොටුපලට ගියාට පස්සේ හොදටම වැස්ස. අපි ඇතුළේ ඉදපු හන්දා වැඩිය දැණුනේ නෑ. කොහොම හරි Flight එක 1.30 ට තිබුණේ. අපි එයාලා යනකම් ඉදලයි ආවේ. කොහොම හරි Airport එකෙන් එළියට ආපු වෙලාවේ අමුතුම දේශගුණයක් තිබුණේ. ලොකු හුළගක් එක්ක පින්න තිබුණා. ඒ පින්න හරි සනීප වුණාට සුළග ටිකක් සැඩයි. කොහොම වෙතත් ඉක්මණට එන්න ඕනි හන්දා නැග්ගා බයිසිකලේට.මං එදා මගේ Rain Kit එක අරන් ආවේ නෑ. Rain Kit එක තියෙනවා නම් ලොකු වැස්සකින් උනත් යම්තතාක් බේරෙන්න පුළුවන්. දැන් වැහි බිංදු ටිකක් සැරේට වැටෙනවා.ඒත් අපි එනවා. මගේ යාළුවත් එක්ක එනකොට ගමන යනවා දැනෙන්නේ නෑ.මොකද මිනිහා ගොඩාක් රසවත් දේවල් මගේ කනට දානවා. වැස්ස එන්න එන්නම තද කරනවා. තාමත් පෑලියගොඩටවත් කිට්ටු කරලා නෑ වතුර මගේ ජැකට් එකේ වැදිලා පෙරිලා දැන් කලිසමත් තෙමීගෙන එන්නේ.බහිසිකලයක යනකොට කලිසමක් වතුරෙන් තෙමුනාම හරිම අමාරුයි. එතකොට සීතල දැනෙනවා වැඩියි.රෑ අහස කළුවර වුණාට අද අහස කළුවර නෑ.දම් පාටයි.විටින් විට කළු පාට වෙනවා.  හරිම අසාමාන්‍යයයි.හොදට බැලුවොත් එහෙම වෙන්නේ එක සැරේට විදුලි කොටන හින්දයි කියලා පේනවා.

අපි පෑලියගොඩට ආවා. එක සීරුවට ට්‍රැෆික්.බයික් එක හින්දා එහෙන් මෙහෙන් දාලා ඉස්සරහටම ගියාමයි දැක්කේ පාර හරහා ලොකු ගහක් වැටිලා. ඉතිං මොකද කරන්නේ ගම්පහ පාරේ ටිකක් දුර ගිහින් ආයිත් ප්‍රධාන පාරට දා ගත්තා.දැන්නම් මගේ යාළුවත් හොදටම බය වෙලා.එයාවත් ටිකක් තෙමිලා. ඒත් මට මුවාවෙලා ඉන්න හින්ද වැඩිය තෙමෙන්නේ නෑ.

දැන් හුළග හරිම තදයි. මගේ ජීවිතේට කවදාවත් මෙහෙම  හුළගකට මුහුණ දීලා නෑ. මොර සූරන වැස්සක්. සුළග කොච්චර තදද කියනවා නම් බයිසිකලේ පාරෙන් පැත්තකට වීසික්වෙනවා.. හයියෙන් අල්ලගෙන පදවන්න ඕනේ. හුළගත් එක දිගට අල්ලන්නේ නෑ. එක පාරටම එනවා. නතර වෙනවා. අපේ හෙල්මට් ඔළුවේ ‍නෙමෙයි තිබුණේ. බෙල්ලේ. ඔලුව වටේම හෙල්මට් එක යනවා. එලවන්නත් ඕනේ ඒවා අල්ල ගන්නත් ඕනේ. රෝද හතරේ වාහන නම් කිසිම ගානක් නැතුව යනවා. ඇතුළට ඉතිං දැනෙන්නේ නෑනේ. ඒත් අපිව පහු කරගෙන යන එයාලා වැහි වතුරට දූවිල්ල මිශ්‍ර වෙච්ච දුමක් අපිට දීලයි යන්නේ. ඒ ටික අපේ කටෙයි නහයෙයි ඇස් වලයි. හරිම අමාරුයි. හෙල්මට් එක ඉස්සරහින් තියෙන විනිවිද පෙනෙන ප්ලාස්ටික් කෑල්ල දාන්න බෑ. දැම්මම වැස්සට පාර පේන්නේ නෑ. ඉතිං ඒක ඇරගෙනමයි යන්නේ.මගේ යාළුවගේ දැන් කට ටික ටික වැහිලා. මිනිහා නිදි මතේ. වෙනදට නිදියන වෙලාවනේ. අද නිදිමතයි මහන්සිය දෙකම. මොකුත් කරන්න බෑ.කැරකෙන රෝද දෙකක් උඩනේ ඉදගෙන යන්නේ. දැන් නම් හොදටම තෙමිලා. අපි දැන් ඉන්නේ නුගේගොඩ. මුලු පාරම පාළුයි. කිසිම වාහනයක් නෑ. පාර අවුරුදු ගානකින් පාවිච්චි නොකරපු එකක් වගේ. කොළ රොඩු ඇවිත් ගස් වල අතු වැටිලා ජරා වෙලා හිතාගන්නවත් බෑ. ගස් කැඩෙන්න ඔන්න මෙන්න වගේ නැවිලා හුළගට . අපි හැම වෙලාවෙම පාරේ බෝඩ් බල බල ආවේ තව කොච්චර දුරක් තියෙනවද බල බල.

අපි ලොකු අමාරුවක වැටුණා පිලියන්දලින් බණ්ඩාරගම පාරට දැම්මම.මොකද පාර කැඩිලා වේලිලා තියෙනකොට වලවල් වල ගැඔුර පේනවා. ඒත් දැන් වතුර පිරිලා. කිසිම ප්‍රමාණයක් පේන්නේ නෑ. අපි ගෙදර එනකොට නම් වලවල් සීයක විතර වැටුණා.අපේ පශ්චාත්භාගය නෑ වගේ අපිට දැනුනේ. ඒ තරමට හිරි වැටිලා. අපි දෙන්නටම දැන් හොදටම නිදි මතයි.ඒත් ඉතා අපහසුවෙන් ඇස් ඇරන් ගොඩාක් වෙලා හිටපු නිසා ලොක් වෙලා වගේ. ඒවා අදුම් කනවා. අන්තිම හැතැප්ම කීපය අපි ගියේ අවසිහියෙන් වගේ . අපේ මුලු ගමන කි.මී 150ක් විතර ඇති.එදා හැබැයි අපිට යම්කිසි අවදානමක් අපේ ජීවිතය ගැන දැණුනා. පහුවෙනිදා දවල් 10 විතර ඇහැරුනේ..එදා ප්‍රවෘත්ති වල ශීර් ෂ පාඨය ...

අද උදෑසන සුළග නිසා ධීවරයින් 22ක් අතුරුදහන්...

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...