I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Friday, December 25, 2015
Monday, December 21, 2015
ගසක කඳුළු අපව ජීවත් කල හැටි (1 කොටස )
අද ඉඳන් පිටිපස්ස හැරිලා බලනකොට මේ අතීතය ගොඩක්
ඈතක නෙමේ තියෙන්නේ .අවුරුදු 5 ,6 කට ඉස්සර
වගේ .මට මතකයි ඒ දවස් වල මම ගෙදර ප්‍රතිපල එනකම් ඉන්නවා.සතියකට දවසක් වගේ මට කොහේ
හරි පංති තියෙන්න ඇති .නෑ NIBM යනවා.පලවෙනි අවුරුද්ද ද කොහෙද.
අම්මට තාත්තට දෙන්නටම රස්සාවක් නැහැ .නංගි තුන්වෙනි සැරේ උසස් පෙළ ලියන්න ලෑස්ති
වෙනවා.ගෙදර වියදම් ඔක්කොම පිරිමහුනේ ණය වලට
කැපිල ඉතිරි වෙන අම්මගේ සොච්චම් පඩියයි ගේ පිටි පස්සේ තියෙන රබර් කට්ටියෙනුයි
.සමහරදාට ගෑනු එක්කෙනෙක් ඇවිත් කපල යනවා.පෙරලත් යනවා.ඒත් රොටි අල්ලන්නේ අපි.ඒ
ගැහැණු කෙනා නැති දාට අම්මා පරණ ඇඳුමකුත් දාගෙන කිරි කපනවා.මගේ පරණ කොළ පාට කැප එකකුත්
දාගෙන අම්ම වයසටත් වැඩි කඩිසරකමකින් ලා මීදුම අස්සේ ගහකින් ගහකට දුවනවා මට පේනවා දැනුත් බොඳ වෙලා
.මේ අතීතය .මේ තමයි ශක්තිය අදටත් .
ගැහැණු කෙනා වයසයි. චීත්තෙයි හැට්ටෙයි අදින්නේ
.කිරි කපන වෙලාවට චීත්තෙ දනිස්ස ගාවට අදින්නේ .
ඒත් හරිම නරක කටක් තියෙන්නේ .ඕප දුප
හොය හොයා යනවා .සැරයක් මමයි අම්මයි කිරි කපනවා කියල ගමේම කියල තිබුන . කමක් නෑ පව්
..මෝඩ කමනේ ඒ එක්කෙනාගේ .. ඒත් අම්මට ඒක ගොඩක් රිදෙන්න ඇති .
උදේට කෑමත්
හදල කිරි පිහියත් එක්ක යන අම්මව කිරි කට්ටියේ තනි කරන්න මට හිත දුන්නෙම නැහැ .මමත්
හරි හරියට හැප්පුන .එහා වත්තේ නැන්දලට පෙනෙයි කියල මට ලජ්ජා හිතුනට අම්මට එහෙම
හිතුනේ නැහැ .එදා මට කියල දුන්න පාඩමක් නොකියම .
“නම්බුව බිමින් තියන්න .හරිදේ කරන්න ”
මමත් ඊට පස්සේ හැමදාම කිරි කපන්න ගියා .අම්ම මට
කියල දුන්න දිය පට්ටේ තුවාල නොකර කිරි ගන්න විදියට තුනියට පොත්ත අයින් කරන්න.
පොඩි පිහියෙන් මං ගස් තුන හතරක් මුල් දවස් දෙක
තුනේ තුවාල කලා .පස්සේ හරි ගියා .පට්ටේ තුවාල උනාම කඳේ ගැට එනවා.ඒවා ආවම පොත්ත
නැහැ .කපන්න බැහැ.හරි ආනතියට කැපුවේ නැත්නම් කිරි පාර හැදෙන්නේ නැහැ .
පොල්කට්ටට කිරි බින්දු වැටෙනකොට සතුට කියල නිම
කරන්න බැහැ .පට්ටේ තුවාලේ වුනු තැන්වලින් පොඩ්ඩ් පොඩ්ඩ කිරි බින්දු උනන හැටි ගොඩක්
ලංවෙලා බැලුවම පේනවා.ඒ බින්දු දෙක තුන එකතු වෙලා කිරි පාර පොල් කට්ටට පල්ලම්
බහිනවා . මං එක ගහක් කපනකොට අම්ම ගස් 5ක් විතර කපල ඉවරයි .ගහේ එලියට යන කිරි පාරවල් ඇඟිල්ලෙන් හදන්න ඕනි . හැමවෙලාවෙම කිරි පාර හදන
ඇඟිල්ල වේලිලා තිබ්බොත් වැඩේ කරන්න ලේසියි . මං ආසම වැඩේ ඒක .ඒකට හොඳ ඉවසීමක්
තියෙන්න ඕනි .
පීලි නැති ගස් වලට පීලි තියල කිරි පිහියේ
නොපිටින් ගහල හයි කරන්නව .ඒකට ගස් කම්බි 3ක් 4ක් වගේම
පීලි 10ක් 15 ක් සාක්කුවේ තියෙන්න ඕනි .
කිරි පිහිය හරියට දැලි පිහියක් වගේ තියුණුයි
.හැමදාම වැඩට යන්න කලින් අහක දාන පිඟන්
ගඩොල් කෑල්ලකින් මැදල මුවහත තියාගන්න ඕනි .
මං මේවා ඉතාමත් ආසාවෙන් කරපු දේවල් .අමාරු උනත්
අද අපිව ජීවත් තාමත් ජීවතුන් අතර තිබ්බේ අද මම මෙතන ඉන්නේ එදා රබර් ගහෙන් පොල්
කට්ටට එකතු කරපු කිරි බින්දු ටිකෙන් කියන්න මං ආසයි .
ගහේ පොත්ත කපන්න ඉස්සර කරන්න ඕනි වැඩ දෙකක් තිබුන
.එකක් ඉස්සෙල්ල දවසේ කිරි පාර ගියා මිදුන ඔට්ටපලු පටිය අයින් කරන්න ඕනි .අනික තමයි
පොල්කට්ට සුද්ද කරන්න ඕනි .සමහර වෙලාවට වහල පලවුනු පොල් කටුත් තියෙනවා.ගඳ සුවඳ
බලන්න බැහැ ඒ වෙලාවට .සුද්ධ කරන ඕනි .
මතු සම්බන්ධයි .
Wednesday, November 11, 2015
මං මොනවද කියන්න ඕනි ?
ඕකට මහා ලොකු දැනුමක් නෑ .ඒත් මට ඕනි වුනා මිනිහ
ගැන දැනගන්න .තිබුන එකම හොඳ විදිය තමයි ලිං ඉහින චාමරව අල්ල ගන්න එක .ශක්තිමත් බාහු
යුගලයක් පිහිටලා තිබුනේ නිතරම කඹේ දිගේ ලිඳට බහින හින්ද වෙන්න ඇති .
“චාමර කොහොමද ?අරූ මොකද දැන් කරන්නේ ?දැන්
පේන්නත් වැඩිය නෑනේ .ඉස්සර නම් හන්දියේ කඩේ ඉන්නවනේ ” මං ඕනෙවට එපාවට වගේ ඇහුවේ .
“නෑ මහත්තය ..කොහේ හරි හෙවනක ගංජා සුරුට්ටුවක්
ගහනවා ඇති .එහෙම නැත්නම් පිට්ටනියේ බෝල ගහනවා ඇති .වෙන වැඩකුත් නැනේ .”ගත් කටටම
කියපි .
මන් මිනිහ ගැන හිතන් ඉන්න ප්‍රතිරූපයට වඩා වෙනස්
දෙයක් චාමර කියාගෙන එන්නේ .ඒත් මට හිතින් ඕනි ඒවා නෙමෙයි .මගේ හිතේ ඉස්සර හිටපු
මගේ යාළුවගේ ඇත්තම ස්වභාවය වර්තමානයට යාවත්කාලීන කරගන්න .අවුරුදු ගණනක් තිස්සේ ඈත්
වෙලා තිබුණු අපේ මිතුදම, කාලයත් සමාජ ආශ්‍රයත් සමග නොවෙනස්ව පැවතුනත් පුද්ගලයන්
අතින් අපි වෙනස් වෙලා බව මං, මං තුලින්ම අවබෝධ කරගෙනයි තිබුනේ.
“ඒ කියන්නේ මිනිහ දැන් ටිකක් නාස්ති වෙලා වගේ
නේද? ඕක ඔයා කියන තරමටම සවුත්තුද ?”
ගංජා කතාව ඇහුන ගමන් මට මතක් උනේ දැන් දැන්
ගම්වලට බෝවෙලා තියෙන කසිප්පු ගැන එහෙනම් කවර කතාද වගේ .ඒවාට ඇබ්බැහි උන කිසිම
කෙනෙක් කවදාවත් ඒවායින් ගලවගන්න බැරි උන .තහනම් උවත් ඇල පාරවල් අයිනේ පඳුරු අස්සේ
ගෝඩා බැරල් එකක් දෙකක් දාගෙන පොලිසියත් සමග අන්න්‍යොන්ය සම්බන්දතාවකින් කසිප්පු පෙරන ඉතාම සුළු පරිමාණ ව්‍යවසායකයෝ අපේ ගමේ හිටියා .
“වලියක් ගියොත් අනිවා ඕකා එතන .හැබැයි ගහගන්න
යන්නේ නෑ..ගහගන්න වුන් පැත්තකට කරනවා.රණ්ඩුව කොහොමහරි බේරනවා .හැබැයි ගහන්න
ගත්තොත් අත පය කැඩෙන්න ගහලම යන්නේ .”
මට චාමරගේ කතාවෙන් ඉස්සර මගේ යාළුවගේ ඇත්තම
ගතිගුණ පුළුටක් හරි ඉතුරු වෙලා තිබුන එකට සතුටක් දැනුන.චාමර කතාව නවත්තන්නේම නෑ
.ඔහේ කියවනවා .හන්දියේ කඩෙන් රුපියල් 100 ක් දීල ගන්න කිව්වා සිගරැට් .පුදුම බීමක්
බොන්නේ . මං දැනන් හිටිය සිගරැට් වලින් පෙනහළු පුච්චලා දානවා වගේම බරට බරේ හිතේ
හිර කරන් ඉන්න සිතුවිලි එලියට දිය කරන බව .
“මහත්තයට මතකද නුවන් ??අහවල් ඉස්කෝලෙට ගියේ.මතකද
?”
“මොන නුවන්ද ?අර විශ්වවිද්‍යාලෙ ගියා එක්කෙනද
?”නුවන්ව මන් හොඳට දන්නවා.අපි එකට උසස් පෙළ පන්ති ගියේ .
“ඔව් ..ඔව් ..මිනිහ තමයි .”
“ඉතින් ?කොහොම උනත් එයා දැන් හොඳ කොම්පැනියක වැඩ
කරනවා ඇති ..ඉස්සරත් හරි දක්ෂයි ” වාහනේ
වීදුරුව ඉස්සරහින් පාරේ දර්ශනය මොහොතකට
බොඳ උනේ නුවන්ගේ මූණ නිතැතින්ම මතකයට ආපු හින්ද .
“මිනිහ වවනවනේ !! ” චාමරගේ සිගරැට් දුමටද මන්ද
මගේ ඔලුවත් කැරකෙන්න වගේ උනා .
“මොනවද ?” මේක මහා පුදුමයක්නේ .යස අගේට ඉගෙන ගත්ත
කොල්ලට මොකද උනේ ??ඉතිරි ටික අහන්නම ඕනේ .
“නුවන් දැන් ගොවිතැන් කරනවා .රස්සාවක් කලා .අයින්
උනා .ඊට පස්සේ තැන් කීපයකටම ගිහින් රස්සාවක් ඉල්ලගෙන .මහත්තය කියන්නේ ඕකගේ තියෙන
සුදුසුකම් වලට රස්සාවල් නෑලු.අනේ මන්ද ඉතින් !!..සම්මුඛ පරීක්ෂනවලට ගියාම මෙයාට සුදුසුකම්
වැඩිලු.තියෙන ඒවාට රස්සාවලුත් නෑලු .”
ඒ ගමන නම් මට සිහි කල්පනාව හොඳටම ආවා .
Friday, October 30, 2015
රාළහාමි මාමා යන්න ගියා
මං රාළහාමි මාමාගේ මළගෙදර ගියේ හිනා වෙන්න නෙවෙයි
.මගේ යුතුකමක් තිබුන අවසන් ගමන් ගියා මාමාව බලන්න.මැද සාලේ මිනී පෙට්ටියක තනියෙන්
මාමා ඇස් දෙක තදින් පියාගෙන මොනවහරි තදින් කල්පනා කරනවා වගෙයි පෙන්නේ .ඒත් අපි
වෙනුවෙන් ගැහුණු හදවත විතරක් නතර වෙලා තිබුන හැමදාටම .මං බොහොම දුක්බරව ඉන්න
නැන්දත් එක්ක කතා කරලා එලියට ආවා .යන්තම් වැහි පොදක් වැටුන සැරෙන් සැරේ කට්ට කළු
අහසින් ..ඒත් ඕනෙවට එපාවට වගේ .
ගමේ දන්නා කියන හැමෝම රෑ ඇවිල්ල හිටියා.බොහෝ
කාලෙකින් දැක්ක කොල්ලෝ කුරුට්ටෝ රොත්තක් එක්ක මං මිදුලේ කොනේ වාඩි වෙලා හිටිය.උන්
කියන කතා වලට වෙලාව යනවා දැනෙන්නේත් නෑ .මන් ඉන්නේ මළගෙදරක කියල හැම වෙලාවේම මට
හිතාගන්න මහන්සි වෙන්න වුන .
“චූටි මහත්තය මල ගෙදර ආවද?”
“අනේ මහත්තයෝ හරි අපරාදයක් නේ වුනේ ?”බුලත් විටක්
නෙමේ විට තුන හතරක්ම කාලද කොහෙද කට පුරෝගෙන ආපු සෝමේ මං ලඟින්ම ඉඳ ගත්ත .මෙතන
සංසාරේ වගේ ඕපා දුප .කියවනවා කියවනවා ඉවරයක් නෑ .හැබැයි ඒකෙත් පොඩි තෘප්තියක්
තියෙන බව දැනෙන්න ගත්තම මටත් කට වහන් ඉන්න බැරි උනා .
මේ අතරේ වේගයෙන් ආපු මෝටර් බයිසිකලයක පිටි පස්සේ
කෙනා බයිසිකලෙන් පැන්න .කළුවරට ඇඳන් හිටපු සුදු කමිසය විතරයි පෙන්නේ .
“අහ්හ් අයියා “කළුවරේ එන මහා සෝන කිව්වා .මටත් පුදුම
හිතුනේ උගේ ඇඟට එලිය ටිකක් වැටුනමයි .තුන් කාලේ දුඹුරු පාට කලිසමක් ඇඳලා ..ඒකත්
ගෑනු අඳින ජීන්ස් කලිසමක් වගේ දනිස්සට වගේ .අත් දිගට දාල සුදු කමිසයක් ඇඳලා
.හැබැයි ඔලුවට දුඹුරු පාට තොප්පියකුත් දාල
.කවු බෝයි තොප්පි කියල අපි කියන්නේ .පාට පාට ආරුගම්බේ වගේ සෙරෙප්පු කටු දෙකකුත්
ගෙන.බලමු .තවත් හොඳයි බෙල්ලේ රිදී පාට දම් වැලකුත් දාල .සේරම ඇමරිකන් වුනාට රැවුල
වවල තිබ්බේ මක්කමේ අයගේ වගේ ..ගොරෝසුවට යට ටික විතරක් .
“ඉතින් ඉතින් මාව අඳුරන්න බැරිද “ ආයිත් මහසෝනා
.කොහේ අඳුරන්නද ?ඉන්න උන්ටත් ප්‍රශ්න වැලක් තියන බව මට උන්ගේ මූණු වලින්ම පෙනුන .
“රුචිර මල්ලි ..දැන් මතකයි ..කොහොමද මල ගෙදර
ආරංචි උනේ ?”මම කියුව .
බලනකොට මගේ පරණම යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් අනික් ගමේ.මට එක
පාරටම හිතුනේ මූට අසනීපයක්වත්ද කියල .අනික මූ රට ගියා වගක් නම් මන් දන්නේ නෑ .හවසත්
පහල කුඹුරේ නියරක් බැන්ද වග නම් කෙනෙක් කිව්වා .දැන් මළගෙදර ගොඩක් අයගේ ඇස් අපි
දිහා බව මගේ ඇස් කොනින් මට පේනවා .
“කොල්ලෙක් කිව්වේ අයියේ .දැන් ද ආවේ ?මන් ඇතුලට
ගිහින් එන්නම්කෝ ”මෙහෙම කියල තොප්පිය ගලවල කිහිල්ලේ තදකරගත්ත පොඩි නොවෙන විදියට .කොල්ල යනකොට මට මතක් වුනේ
අහස් යන්තරාවෙන් බැහැල එන අනාගත ගගනගාමියෙක්ව.
රැහැයියන්ගේ බෙරිහන් දීම වෙනද වගේ අඩු
නැතුවම.පොඩි උනාම ගඳ ගහන මැස්සෙක් දෙන්නෙක් ඇරෙන්න හිතේ දුක අස්සෙන් පොඩි නිස්කලංක
ගතියක් මට දැනුන කවදාවත් නැති විදියට .
“මට අයියේ මාර අවුල් ඕයි .ඇඩේන්න වගේ ”ගිහින් විනාඩි 5 කට පස්සේ ආපු මහසෝනා මල්ලි
කිව්වා .මට එක පාරටම කටට ආවේ “ඉතින් අඩපන්කෝ ” කියන්න .එත් එහෙම හොඳ නැනේ කියල
හිතුන.කොහොමත් ඌ හිත හොඳ එකා . ගමේ ඉන්න නැඩයෙක් වගේ පෙනුනට අයියල මල්ලිලාගේ හිතේ
ඉන්න මනුස්සය කවුද කියන්න මන් හොඳට දැනන් හිටිය .
“ඔව් මල්ලි ..මොනවා කරන්නද ?ඕක තමයි ජීවිතේ
.අපිටත් ඔච්ච්රනේ .ඉතින් ඉතින් මොකෝ මේ දවස් වල කරන්නේ ?” මං කතාව
වෙන පැත්තකට හැරෙව්වා .මාමාගේ වියෝවේ දුකත් එක්ක කතා කරන වචන ඉඳන් දුකින් බර වෙලා
වගේ මට දැනුනා .
“කුඹුරු වැඩ .අඳේ කරන්නේ .ඔතනින් පහල තියන යාය
.අයියත් ඉන්න හින්ද අමාරුවක් නෑ.එත් අවු කට්ටේ ඉන්න ගියාම තමා අමාරු එක දිගට ”
“තමන්ගේ දෙයක් කරන එක හොඳයි මල්ලි ..මන් හිතුවට
වැඩිය ඔයා හොඳයි දැන් .මහන්සි වුනාට කමක් නෑ.ඒවා ආපහු ලැබේවි .වැඩේ තියෙන්නේ දැන්
කීයෙන් කී දෙනාද ඕව කරන්න දන්නේ ?”
රුචිර මල්ලි ගැන මට ඇත්තටම සන්තෝස හිතුන .ඒත් මූ
ඉන්න විදියට නම් එක කියන්න බෑ .ඇමෙරිකාවේ මොන කුඹුරුද ?මිනිස්සු ජීවත් වෙන්න මගක්
නැතිව හොරකම් වල යෙදෙන කාලේ මෙයාල තමන්ට පුළුවන් දෑතේ රැකියාවක් කරනවා.ඒ සිතුවිල්ල
මගේ හිතේ හැමදාමත් තිබුන .
“අනේ ඔයා මොනවා කතා කරනවද අයියේ ?මගේ කෑල්ල දවසක්
අහනවා නියර කියන්නේ මොකද්ද කියල..ඔව් ඕයි . ”
මට නම් බකස් ගාල හිනා ගියා.හිනා ගියේ එක කට නෙවේ
.එකක් මහසෝනා මල්ලිට ලංකාවේ හෝ කැල්ලක්
සිටීමයි .අනික මිනිහ ඒක කිව්ව විදියට. නියර දන්නේ නැති කෙල්ලෙක් ලංකාවට අවේ කොහොමද
?මටත් මහා විකාර සිතුවිල්ලක් හිතට ආවා .
“ඉතින් තමුසේ මෙහෙම කරනවා ..වැලි ටිකක් අරගෙන බිම
දාල නියරක් වගේ හදනවා .ඊට පස්සේ ටැප් එකේ වතුර බටේ අරන් මැදින් වතුර පාරක් යවනවා
.ඊට පස්සේ කියල දෙනවා මේක තමයි කුඹුර..මේක තමයි වක්කඩ කියල.ඕනනම් ඉතින් අමුඩෙකුත්
ඇඳගෙනම වැඩේට බහින්න ”
හිටපු ඔක්කොටම හොඳටම හිනා මළගෙදරක ඉන්නේ කියලවත්
අමතක වෙන්න තරම් .එන්න එන්න කට්ටිය වැඩි වෙනවා .වැඩ ඇරිලා කොළඹ ඉඳන් එන කට්ටියත් ඇති .කීප දෙනෙකුටම වැස්සෙන්
පින්නෙන් ආරක්ෂා වෙන්න තමන්ගේ නම ගහපු ප්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්
කූඩාරම් වගයක් හිටවල තිබුන තමන්ගේ පක්ෂයේ පාටින්ම .ඒත් හැමොමවම වගේ ඇහැට නොපෙනෙන
කුඩා මදුරුවන් විශාල ගණනක් හැමෝටම හොරෙන් මිනිස් ලේ ටිකක් හොරකම් කරන් තිබුන .
Saturday, October 24, 2015
ජීවිතය සුන්දරද මෙතරම් ?
ජීවිතය දැනෙන විදියට අවබෝධයෙන් තේරුම් ගන්න
https://plus.google.com/+DilushaWijayagunarathna/posts/N8ivUfWU64z
https://plus.google.com/+DilushaWijayagunarathna/posts/N8ivUfWU64z
හදවතින්ම ආපු වචන ටිකක්
උණුසුම් උණු තාර පාරේ තැන තැන පුංචියට වැහි වතුර
එකතු වෙලා තිබුන .දහසකුත් මිනිස්සු ඒවා එහෙමම තියෙන්න ඇරිය මිසක් එහෙමත් නැතිනම් පාගල
තව ටිකක් මඩ කලා.එත් ඒවාට මන් බය උනා .උඩ දිලිසෙන්න පිහදලා තිබුන සපත්තුවේ වම්
අඩියට කාගෙවත් ඇස් මානයට නාවත් මහා පාරේ වැහි වතුර නම් මගේ කකුලේ දැවටෙන විට පිළිකුල්
සීතලක් ගෙනවා.තව ටිකයි තියෙන්නේ ..
හරියටම නුගේගොඩ දුම්රිය ස්ථානයේදී
ගොඩක් කාලෙකින් එක පන්තියේ හිටපු යාළුවෙක්ව හම්බ
උනා .අපේ ඇතින් නෑදෑයොත් වෙනවා .
එක එක දේවල් ගොඩක් කතා කලා .තාමත් කෝච්චිය නෑ
.සෙනග නම් පිරිලා .
“කොහෙද බන් දැන් උඹ වැඩ කරන්නේ ?”
“... එතන බන්.උඹ ඉතින් ඉස්සර තැනමනේ ..නේද ?”මගේ
යාළුවගේ නම දැහැමි .facebook එකෙන් කතා කලට මූණට මූණ හම්බ උනේ අවුරුදු 2 කින්
වගේ.
“ඔව් මචං ..දැන් ටිකක් කල් .වෙන තැනකට යන්නත් ඕනි
බන් ..මෙහෙ ටිකක් පඩි අඩුයි .එන්න එන්න වියදනුත් වැඩි වෙනවනේ බන් ..” මන් හිනා උනා
.
මම නම් ඇත්තමයි කිව්වේ.එදා මගේ පොකට්ටුවේ
තිබ්බෙත් රුපියල් 100 වගේ සන්තකේටම .අහස කහ පාට වීගෙන එනවා වෙනද වගේම ..මූණට හරි
කෙලින්ම පාත් වෙන හිරු එලිය මිනිස්සු ඔක්කොම ලෙඩ හැදිලා වගේ කහ පාට කරලා .දැහැමිට
හිටිය ආදරේ කරන ගැහැණු ළමයෙක්.මට එක පාරටම මතක් උනේ මිනිහ මගෙන් මොනවද අහන්න හදන
කොටමයි .
“ඉතින් කෝ උඹේ කෙල්ල ?”මන් ඇහුව .මොකද මමත් හොඳට
දන්නා කෙනෙක් .ගොඩක් පරණ සම්බන්දයක් ..අපේ යාලුවෝ ඔක්කොම වගේ දන්නව මේ දෙන්න ගැන .
“ඒක නතර උන මචං ”මගේ යාළුවා රේල් පාර දිහා බලන්
කිව්වා .
“ඒ මොකද බන් ?උඹලගේ ඔක්කොම හරි ගිහින්නේ තිබ්බේ
??නේද ??”මටත් හිතාගන්න බැරි උනා .පිටස්තර අපිට පේන්නත් ඒ දෙන්නගේ ආදරේ මහා විශාල
ශක්තියකින් බැඳිලා තිබුණා.එදා මට හිතුන මුන් දෙන්න හරිම වාසනාවන්තයි කියල .
“මන් ඒ
කෙල්ලට මගේ පනටත් වැඩිය ආදරේ කලා බන් ..එයාලගේ ගෙදරින් කැමති උනේ නෑ මේ සම්බන්දෙට.මං
දන්නේ නෑ ඇයි කියල ”
“ඊට පස්සේ ?”මුන් දෙන්න හිටියේ මොන දේ උනත් පැනල
හරි යන ගානට ..එච්චර ලෙන්ගතුකමකින් ..
“අන්තිමට එයටත් මාව එපා කිව්වා ..ගෙදරින් කැමති
නැති හන්ද ...තාමත් ඒ ආදරේ මතක් වෙනකොට පපුව රිදෙනවා මචං ”
ඒ කිව්වේ හදවතින්ම ආපු වචන ටිකක් කියන එක නම් මන්
දැනගත්ත .ඇස් ඉස්සරහ රේල් පාරවල් අතරේ කිසිවකට නොතැලුණු නමුත් තද සුලගකට අහු වෙලා
වගේ බිමට නැමුණු කොලපාට පඳුරු වැවිල තිබුන.කොලේක දෙකක දුම්රියෙන් විසි වුනු කළු
පාට තෙල් බින්දු දෙක තුනක් තිබුන අද උදේ තද වැස්සෙන් වත් හේදිලා ගියේ නැති .
Sunday, October 11, 2015
ඔබට ගොඩක් ස්තුතියි
ජීවිතේ වැදගත්ම අවුරුදු 3,4 ක් තිස්සේ ගත කරලා දැන් යන්නයි හදන්නේ .මාව රැකබලා ගත්තා .මාව ලස්සන කලා .මට වැදගත්කමක් ලබා දුන්නා.මේ හැමදේම දීල බැරි කාලේදී යන්නයි හදන්නේ.
සුදු පාට කමිසයේ අළුපාට ඉරි ඉරි .ඇඟට හරිම පහසුයි ,ඇන්දම කපු හින්ද.අත් දිගට දාල හොඳට මැදලා ඇ න්දම මම නම් "මහත්තයෙක් " වගේ නියමෙට පේනවා .මදිනකොට පොඩ්ඩක් රැලි දිග අරින්න දඟ උනාට වතුර ටිකක් ඇගේ දාල මදිනකොට බබා වගේ ඉන්නවා .මීට අවුරුදු කීපයකට කලින් දෙහිවල පැත්තේ කඩයකින් ගත්තේ .මට අද වගේ මතකයි.මගේ නෑදෑ වෙන නැන්ද කෙනෙකුත් හිටිය ගන්න වෙලාවේ.එයා තමයි තෝරලා දුන්නේ .කොහොම උනත් උපන්දින උත්සව ,සාද ,සම්මුඛ පරීක්ෂණ මේ මෑතක් වෙනකන් ආයතනයට ඇන්දෙත් ඒ කමිසයමයි .
වර්ගය "EMARALD" -15" TRIMFIT
කාලයක් අදිනකොට බොත්තම් ගැලවුනා.අයිත් තියල මැහුවා.තව සැරයක් බෙල්ලටම මැදීලා කොලරය ඉරුන.ඊට පස්සේ අම්මා කොලරය ගලවල අනික් පැත්ත තියල මැහුවා .පුදුම වාර ගණනක් මන් ඔයාව අදින්න ඇති .
ඊටත් පස්සේ මගේ අත් දිග වෙලා කමිසය කොට උනාම අදින්නම බැරි උන .අද මම ඔයාව හැමදාමත් හැම කමිසයක් අතරින් උඩින්ම තිබ්බ ඔයාව අලුමරියෙන් අයින් කරනවා .මගේ ජීවිතේ කුමන අන්දමකින් හෝ යම් කාලයකට මාව සතුටින් ඔයා තිබ්බ නිසා මං තාමත් මගේ කමිසයට ආදරෙයි .
එදා ඔයා විතරයි .තවත් කමිස ගන්න මට අරන් දෙන්න අම්මලාටවත් වත්කමක් තිබුනේ නෑ .එත් ඔයා දවස් 5 ම එහෙම නැතිනම් ඕනේ හැම දවසකම මන් ළඟ හිටිය .මට ඒක අමතක වෙන්නේ නෑ .
වර්ගය "EMARALD" -15" TRIMFIT
කාලයක් අදිනකොට බොත්තම් ගැලවුනා.අයිත් තියල මැහුවා.තව සැරයක් බෙල්ලටම මැදීලා කොලරය ඉරුන.ඊට පස්සේ අම්මා කොලරය ගලවල අනික් පැත්ත තියල මැහුවා .පුදුම වාර ගණනක් මන් ඔයාව අදින්න ඇති .
ඊටත් පස්සේ මගේ අත් දිග වෙලා කමිසය කොට උනාම අදින්නම බැරි උන .අද මම ඔයාව හැමදාමත් හැම කමිසයක් අතරින් උඩින්ම තිබ්බ ඔයාව අලුමරියෙන් අයින් කරනවා .මගේ ජීවිතේ කුමන අන්දමකින් හෝ යම් කාලයකට මාව සතුටින් ඔයා තිබ්බ නිසා මං තාමත් මගේ කමිසයට ආදරෙයි .
එදා ඔයා විතරයි .තවත් කමිස ගන්න මට අරන් දෙන්න අම්මලාටවත් වත්කමක් තිබුනේ නෑ .එත් ඔයා දවස් 5 ම එහෙම නැතිනම් ඕනේ හැම දවසකම මන් ළඟ හිටිය .මට ඒක අමතක වෙන්නේ නෑ .
Subscribe to:
Posts (Atom)
තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...
-
මිල්ටන් අංකල්. “Thimali Dad” මෙන්න මෙහෙමයි මගේ ෆෝන් එකේ මම දාගෙන හිටියේ. සුන්දර අහිංසක නිහඩ චරිතයක් ඉතාමත් කෙටි කලකදී මගේ තුළ වැළඳ...
-
වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේ...
-
මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති. සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...
