Wednesday, November 11, 2015

මං මොනවද කියන්න ඕනි ?

ඕකට මහා ලොකු දැනුමක් නෑ .ඒත් මට ඕනි වුනා මිනිහ ගැන දැනගන්න .තිබුන එකම හොඳ විදිය තමයි ලිං ඉහින චාමරව අල්ල ගන්න එක .ශක්තිමත් බාහු යුගලයක් පිහිටලා තිබුනේ නිතරම කඹේ දිගේ ලිඳට බහින හින්ද වෙන්න ඇති .

“චාමර කොහොමද ?අරූ මොකද දැන් කරන්නේ ?දැන් පේන්නත් වැඩිය නෑනේ .ඉස්සර නම් හන්දියේ කඩේ ඉන්නවනේ ” මං ඕනෙවට එපාවට වගේ ඇහුවේ .

“නෑ මහත්තය ..කොහේ හරි හෙවනක ගංජා සුරුට්ටුවක් ගහනවා ඇති .එහෙම නැත්නම් පිට්ටනියේ බෝල ගහනවා ඇති .වෙන වැඩකුත් නැනේ .”ගත් කටටම කියපි .

මන් මිනිහ ගැන හිතන් ඉන්න ප්‍රතිරූපයට වඩා වෙනස් දෙයක් චාමර කියාගෙන එන්නේ .ඒත් මට හිතින් ඕනි ඒවා නෙමෙයි .මගේ හිතේ ඉස්සර හිටපු මගේ යාළුවගේ ඇත්තම ස්වභාවය වර්තමානයට යාවත්කාලීන කරගන්න .අවුරුදු ගණනක් තිස්සේ ඈත් වෙලා තිබුණු අපේ මිතුදම, කාලයත් සමාජ ආශ්‍රයත් සමග නොවෙනස්ව පැවතුනත් පුද්ගලයන් අතින් අපි වෙනස් වෙලා බව මං, මං තුලින්ම අවබෝධ කරගෙනයි තිබුනේ.

“ඒ කියන්නේ මිනිහ දැන් ටිකක් නාස්ති වෙලා වගේ නේද? ඕක ඔයා කියන තරමටම සවුත්තුද ?”

ගංජා කතාව ඇහුන ගමන් මට මතක් උනේ දැන් දැන් ගම්වලට බෝවෙලා තියෙන කසිප්පු ගැන එහෙනම් කවර කතාද වගේ .ඒවාට ඇබ්බැහි උන කිසිම කෙනෙක් කවදාවත් ඒවායින් ගලවගන්න බැරි උන .තහනම් උවත් ඇල පාරවල් අයිනේ පඳුරු අස්සේ ගෝඩා බැරල් එකක් දෙකක් දාගෙන පොලිසියත් සමග අන්න්‍යොන්ය සම්බන්දතාවකින්  කසිප්පු පෙරන ඉතාම සුළු පරිමාණ ව්‍යවසායකයෝ  අපේ ගමේ හිටියා .

“වලියක් ගියොත් අනිවා ඕකා එතන .හැබැයි ගහගන්න යන්නේ නෑ..ගහගන්න වුන් පැත්තකට කරනවා.රණ්ඩුව කොහොමහරි බේරනවා .හැබැයි ගහන්න ගත්තොත් අත පය කැඩෙන්න ගහලම යන්නේ .”

මට චාමරගේ කතාවෙන් ඉස්සර මගේ යාළුවගේ ඇත්තම ගතිගුණ පුළුටක් හරි ඉතුරු වෙලා තිබුන එකට සතුටක් දැනුන.චාමර කතාව නවත්තන්නේම නෑ .ඔහේ කියවනවා .හන්දියේ කඩෙන් රුපියල් 100 ක් දීල ගන්න කිව්වා සිගරැට් .පුදුම බීමක් බොන්නේ . මං දැනන් හිටිය සිගරැට් වලින් පෙනහළු පුච්චලා දානවා වගේම බරට බරේ හිතේ හිර කරන් ඉන්න සිතුවිලි එලියට දිය කරන බව .

“මහත්තයට මතකද නුවන් ??අහවල් ඉස්කෝලෙට ගියේ.මතකද ?”

“මොන නුවන්ද ?අර විශ්වවිද්‍යාලෙ ගියා එක්කෙනද ?”නුවන්ව මන් හොඳට දන්නවා.අපි එකට උසස් පෙළ පන්ති ගියේ .

“ඔව් ..ඔව් ..මිනිහ තමයි .”

“ඉතින් ?කොහොම උනත් එයා දැන් හොඳ කොම්පැනියක වැඩ කරනවා ඇති ..ඉස්සරත් හරි  දක්ෂයි ” වාහනේ වීදුරුව ඉස්සරහින්  පාරේ දර්ශනය මොහොතකට බොඳ උනේ නුවන්ගේ මූණ නිතැතින්ම මතකයට ආපු හින්ද .
“මිනිහ වවනවනේ !! ” චාමරගේ සිගරැට් දුමටද මන්ද මගේ ඔලුවත් කැරකෙන්න වගේ උනා .

“මොනවද ?” මේක මහා පුදුමයක්නේ .යස අගේට ඉගෙන ගත්ත කොල්ලට මොකද උනේ ??ඉතිරි ටික අහන්නම ඕනේ .

“නුවන් දැන් ගොවිතැන් කරනවා .රස්සාවක් කලා .අයින් උනා .ඊට පස්සේ තැන් කීපයකටම ගිහින් රස්සාවක් ඉල්ලගෙන .මහත්තය කියන්නේ ඕකගේ තියෙන සුදුසුකම් වලට රස්සාවල් නෑලු.අනේ මන්ද ඉතින් !!..සම්මුඛ පරීක්ෂනවලට ගියාම මෙයාට සුදුසුකම් වැඩිලු.තියෙන ඒවාට රස්සාවලුත් නෑලු .”


ඒ ගමන නම් මට සිහි කල්පනාව හොඳටම ආවා .

No comments:

Post a Comment

සරුංගලේ හැඩ කරන්න

  පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාද...